IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6 ම වසා දමයි

( තිලකරත්න දිසානායක)
 
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් එහි  ශල්‍යාගාර 6 ම  අද (7) වසා දැමීමට සිදු වී තිබේ.

මේ හේතුවෙන් පොරොත්තු ලේඛනයට අනුව අද දිනයේ  සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන්  30 දෙනෙකුගේ පමණ ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත..
 
 වසර 20 ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය  පද්ධතිය වරින්වර  අක්‍රීයවීම මත මීට කෙටි කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම මත සාමාන්‍ය වායුසමීකරණ සවිකොට ඇති නමුත් මින් ආසාධිත තත්ත්වයන් ඇති වියහැකි බව ශල්‍යාගාර කාර්ය මණ්ඩලය පෙන්වා දුන් අතර මධ්‍යම වායු සමීකරණය පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසදුම් ලබා දීමෙන් මෙවන් තත්ත්වයක් උදාවී ඇති බවද පැවසූහ.

පවතින මෙම අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සදහා ඉතා අවශ්‍ය මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය. රෝහලෙහි පවතින අයහපත් තත්ත්වය සොයා බැලීම සඳහා  පසුගිය දිනෙක පළාත් ලේකම් වරයා,  පළාත් සෞඛ්‍ය ලේකම් වරයා ඇතුළු බලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති වරයා කීය . 

මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමයේ ගම්පහ ශාඛා උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසු අතර රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවය.

ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදුවු අපහසුතාවය පිළිබඳව රෝගීහු කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සදහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.

පවතින මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් සතියකට දින දෙකක්  රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80 ක් පමණ සිදු කෙරෙන බැවින් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය. 

ශල්‍යාගාර සියල්ල වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ , මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් සවිකරලීම සඳහා අදාල අංශ දැනුවත් කර  ඇති බවත් ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.



අදහස් (25)

ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6 ම වසා දමයි

දිමුත් Wednesday, 07 August 2019 11:23 AM

කෝ මහ ලොකු සුවපති?

:       136       194

Chandana F Wednesday, 07 August 2019 11:24 AM

කෝ සුවපති?

:       41       66

රජින්ද Wednesday, 07 August 2019 11:31 AM

අර ජනාධිපති වෙන්න ආසයි කියන දත් දොස්තර ඇමති කියන්නේ ඔහු විසින් ලංකාවේ සෞඛ්‍ය සේවාව ඉහළ දැම්මා කියලයි... මම හිතන්නේ. දිස්ත්‍රික් රෝහල් ගැන නෙවෙයි ඔය කියන්නේ, වෙන කොහේ හරි තියෙන රෝහල් ගැන වෙන්නැති...

:       223       255

dilan Wednesday, 07 August 2019 11:55 AM

එතකොට මේක කරවලා කොන්ත්‍රාත්කාරයගෙන් ගසාකාපු දේශපාලකයා කව්ද? එයාට අඩුමගානේ පිළිකාවක්වත් නැද්ද?

:       2       113

thushara Wednesday, 07 August 2019 12:00 PM

මන්ත්‍රීවරුන්ට ලක්ෂ 2 දීමනාව දෙන්න. පව් ඒ අසරණ මිනිස්සු. මේ වගේ රජයේ රෝහලකට එන්නේ සල්ලි තියෙන මිනිස්සු... එ්ක නිසා රජයේ රෝහල් ටික වහලා දැම්මත් කමක් නැහැ.. ඡන්දෙ දෙන බූරුවන්ට කියලා වැඩක් නැහැ. ඒ අයට මොලයක් නැහැ..

:       0       286

upali Wednesday, 07 August 2019 12:42 PM

ප්‍රධාන ප්‍රශ්නය මේවා ක්‍රමානුකූලව නඩත්තු නොකරන එකයි.

:       14       130

dilanWednesday, 07 August 2019 03:14 PM

කවුද නඩත්තු කරන්න ඕනෑ? අමාත්‍යාංශයම නේද? ඇයි මේ විදියට අසරණ මහජනයාගෙන් බලෙන් කපාගන්න බදු මුදල් නාස්ති කරන්නේ? තව කතාව නම් "ස්මාර්ට් හොස්පිටල්" හදන්න, හෙලිකොප්ටර් වලින් ලෙඩ්ඩු ඉස්පිරිතාලවලට ගේන්න.

:       127       208

Prabha Wednesday, 07 August 2019 05:03 PM

නඩත්තුවට වෘත්තීය සුදුසුකම් ඇති සේවකයින් අවශ්‍යයි. අපේ කරුමෙට සියලුම ආයතන පුරවා ඇත්තේ ඒ ඒ ආණ්ඩුවල හෙන්චයියලා...

:       0       367

athuraThursday, 08 August 2019 04:01 AM

ප්‍රභා මහතා ඕක තමයි ඇත්තම කතාව...

:       0       144

silvaThursday, 08 August 2019 04:49 AM

හොඳ පුහුණුවක් තිබෙන අය පිට රටවල ගිහින්...

:       0       4

Hafeel Wednesday, 07 August 2019 02:45 PM

මෙවැනි විශාල බරපතල අඩුපාඩු තියෙද්දීද සිසුන්ට ටැබ් දෙන්නේ? හරියට රටට සේරම කළා වගේ මේ ආණ්ඩුවේ කතාවල්...

:       303       319

Saranapala Wednesday, 07 August 2019 03:01 PM

තව ලොකු දේශපාලුවෙක් එයාට ලොකු වාහනයක් ඉල්ලුවා. ප්‍රාදේශීය සභාවල වාහන ලැබුණේ නැති අයට වාහන දෙන්න කටයුතු කරනවා. අර තුෂාර කියනවා වගේ අයට ඔලුවක් නැහැනේ කලපනා කරලා ඡන්දය හොඳ කෙනෙකුට දෙන්න.

:       0       178

Shan Wednesday, 07 August 2019 03:36 PM

රාජිතට කියන්නකෝ. නැවක් විකුණලා දහලා දෙන්න කියලා..

:       1       110

Chanak los angeles Wednesday, 07 August 2019 03:42 PM

අත්‍යාවශ්‍ය දේ හදනවාට වැඩිය වටිනවනේ රජයේ මුදල් හොරකම් කරගෙන කෞතුකාගාර, සොහොන් ගෙවල් හදන එක...

:       66       206

Chinthaka Wednesday, 07 August 2019 05:17 PM

ගම්පහ ජනතාවම නේද සුවපතිගේ කටකාර පුතාවත් පාර්ලිමේන්තු යැව්වේ?

:       8       156

BamunuarachchiThursday, 08 August 2019 06:35 AM

ඔව් මොකක්ද ප්‍රශ්නය?

:       41       0

Chanak los angelesThursday, 08 August 2019 08:20 PM

වංගුවක් ගහලා හරි පුදුමයි..

:       0       0

BamunuarachchiFriday, 09 August 2019 03:36 AM

ආ ශල්‍යාගාර කියන ඒවා ලංකාවේ තිබෙනවාද? මම හිතුවේ සිංගප්පූරුවේ විතරයි තිබෙන්නේ කියලා..

:       1       0

විකුම් රංගන Wednesday, 07 August 2019 06:59 PM

කුමන ආකාරයකින් හෝ රෝහලතුළ පවතින සෞඛ්‍ය සේවය කඩාකප්පල් කරමින් රෝගීන් අපහසුවට පත් කරමින් ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම මේ වෙද මාෆියා සංවිධානයේ අරමුණයි. රෝහල තුළ සිදුවන නඩත්තු කටයුතු සඳහා රෝහල් අධ්‍යක්ෂකවරයා ඍජුව වගකිව යුතු වෙනවා. සමහරවිට, පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නිරතවන රෝහල් අධ්‍යක්ෂකවරයා රෝහල තුල සිටින කාල සීමාව, සීමා සහිත හෙයින් ඔහුට මේ පිළිබද යම් ක්‍රියාමාර්ගයක් කලින්ම ගැනීමට නොහැකි වන්න ඇති. මම මේ ඩොක්ටර් මාෆියා සංවිධානයෙන් අසන්නේ, ලොව කුමන රටකද එම රටේ සෞඛ්‍ය ඇමතිවරයා රෝහලක නඩත්තු කටයුතු ගැන පෞද්ගලිකව සොයාබලා කටයුතු කරන්නේ? සෞඛ්‍ය ඇමතිට දොස් පවරා පෞද්ගලික රෝහල තුළට රෝගීන් එක්කාසු කරමින් මුදල් ගැරීම මේ කුඨ සංවිධානයේ අරමුණයි. එය මේ රටේ මේ සංවිධානයට ආවඩන පල් මෝඩයින් වටහා ගත යුතුයි.

:       53       17

hemaFriday, 09 August 2019 02:23 AM

තප්පුලන්නට පෙර හොයාබලන්න. මේ වායු සමීකරණ පද්ධතිය අවුරුදු 30ක් පමණ පරණයි.. නව AC එ්කකයක් වසර ගණනාවක සිට සවිකල යුතුව තිබුණත් රෝහලට මුදල් අනුමත වී නෑ.. රෝහල් අධ්‍යක්ෂකලාට පුද්ගලික වෛද්‍ය සේවය තහනම් බව ඔබ නොදන්නේද? පැමිණිලිකරුට පහර දීමෙන් ප්‍රශ්නය නොවිසඳේ.

:       0       0

විකුම් රංගන Friday, 09 August 2019 08:23 PM

ලංකාවේ දොස්චොරාලා රාජකාරිය කරන්නේ නීතියට එකඟවද? රාජකාරියට පැමිණීම හා පිටවීමේ ක්‍රමවේදය ගැන සෞඛ්‍ය ඇමතිතුමා යෝජනා කළාම එතුමාට විරුද්ධව මඩ ප්‍රහාර එල්ල කරන එකද කළ යුත්තේ? හවස්වරුවේ රෝහලතුළ රැදී සිටින්නේ කීයෙන් කී දෙනාද? මෙවන් දොස්තරලා ගැන අපිට අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. ලෝකයේ සිටින වෛද්‍යවරුන්ට නිගා කරන කොන් දොස්තරලා තමයි ලංකාවේ ඉන්නේ. ඔහෙට රිදුනට, එ්ක තමයි තිත්ත, ඇත්ත. මෙතන පහරමින්, කුලියට උඩු බුරන්නේ නැතිව ඉන්න හලෝ...

:       1       0

බද්රානි Thursday, 08 August 2019 03:34 AM

වායුසමීකරණ පද්ධති හොඳින් ක්‍රියාකරන රජයේ රෝහල්වලත් ශල්‍ය කර්ම සිදුවෙන්නේ ඔහොම තමයි. ලංකාවේ දූෂිතම රාජ්‍ය නිලධාරීන් සිටින්නේ රජයේ රෝහල් තුළ බව මේ රටේ ජනතාව අවබෝධ කරගෙන හමාරයි. මේ මාෆියාවට යටවී සිටි "කොන්ද පණ නැති" සෞඛ්‍ය ඇමතිවරයා හැර අන් සියලුම සෞඛ්‍ය ඇමතිවරු සමග ගැටුම් ඇතිකරගෙන තමන්ගේ රාජකාරිය පැහැර හරිමින් ඔවුන්ගේ මාෆියාව ක්‍රියාත්මක කිරීම මේ මාෆියා කල්ලියේ ස්වභාවයයි.

:       23       199

niluFriday, 09 August 2019 02:31 AM

හැමදාම වගේ ඇරියස් කවර් කරනවා වගේ සුවපතිට කඩේ යමුකෝ..

:       0       0

JAYATH Thursday, 08 August 2019 04:13 AM

රජයේ රෝහල්වල තියන වායු සමන පද්ධති (සමීකරණ එහෙම නෙවි හොඳද...) සහ ලිෆ්ට් නඩත්තු කරන්නේ විදුලිබල මණ්ඩලයෙන්... රාජ්‍ය අංශයේ තියන අකාර්යක්ෂමතාවය මේ හැමදේටම බලපානවා. අනික දියවන්නාවේ ලිෆ්ට් අලුතින් සවිකරන්න තියන උනන්දුව මේවට කොහොමත් නැහැ.

:       4       50

shafeek Thursday, 08 August 2019 04:17 AM

බොහොම කණගාටුදායක තත්වයක්...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අප්‍රේල් 26 ජාතික ශෝක දිනයක් කරයි
2025 අප්‍රේල් මස 24 46 0

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කෙරෙන අප්‍රේල් 26 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.


අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 546 2

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 379 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 429 2

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 346 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 1112 9

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 708 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 351 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 499 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site