(තිලකරත්න දිසානායක)
මෙරටින් තුරන්ව පැවති ලාදුරු රෝගය යළි ව්‍යාප්ත වන තත්ත්වයක් පවතින බවත් මෙම වසරේ මුල් මාස තුන තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 42 දෙනෙකු වාර්තාවී ඇති බැවින් ජනතා අවධානය යොමු වියයුතු බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
නිසියාකාරයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව පවතින බැවින් රෝග ලක්ෂණ පවතින බවට සැකයක් ඇතොත් කඩිනමින් ප්‍රතිකාර පිනිස යොමුවිය යුතු බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සදහන් කළේය.
ලාදුරු රෝගියෙකු සමීපව දිගු කලක් ඇසුරු කිරීමෙන්, කෙළ බිදිති මාර්ගයෙන් රෝගය වැළඳීමේ හැකියාවක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව බවත් සිරුරෙහි යම් සැක සහිත කැළල් මතුවන තත්ත්වයක් පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කොට සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයෙහි පසුගිය වසරේදී ලාදුරු රෝගීන් 138 දෙනෙකු හමුවීම මත මෙම වසරේදී රෝගීන් හදුනා ගැනීමේ ක්‍රියාවලිය වැඩි කිරීමට පියවර ගෙන ඇති බවත් පසුගිය වසරේ හදුනාගත් ලාදුරු රෝගීන් අතර ළමයින් සියයට අටකට ආසන්න ප්‍රතිශතයක් පවතින බවත්ය.
රෝග ලක්ෂණ ඇතිවූ විගස නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ලාදුරු රෝගය නිට්ටාවට සුවකර ගැනීමේ හැකියාව පවතින බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය , සිරුරෙහි යම් සැක සහිත අවපැහැ ගැන්වූ ලප , කැළල් ඇතිවීම සහ එම කැළල් මත හිරි ගතියක් පැවතීම මෙන්ම අත් පා හිරි වැටීම මෙම රෝගයෙහි මූලික ලක්ෂණ බැවින් ප්‍රධාන රෝහල්වල සමේ රෝග සායනයකට යොමුව අඛණ්ඩව ප්‍රතිකාර ලබාගත යුතු බවත් පෙන්වා දෙනු ලැබුවාය.
සමෙහි සැක සහිත කැළල් සහිත තත්ත්වයන් සහ හිරි වැටීම් ඇතොත් එහි ඡායාරූප ගෙන 0754088604 යන අංකයට WhatsApp මගින් යොමු කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබාගැනීමට හැකිව ඇත.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පහ ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්