ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පතිවරයාට එරෙහිව ශිෂ්‍යභට කණ්ඩායම් මෙහෙයවමින් සිදු කරන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික ශිෂ්‍ය භට බලකායෙන් හා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
විදුහල්පතිවරයාට සුදුසු ආරක්ෂාවක් සපයා එම විදුහල්පතිවරයා යටතේම මෙම පාසල කඩිනමින් විවෘත කරන අමාත්‍යංශයට දැන්වූ බව ද ස්ටාලින් මහතා කීවේය.
පාසලේ ශිෂ්‍ය භට ඛණ්ඩයට සම්බන්ධ පිරිසක් පාසල් පරිපාලනය සම්බන්ධයෙන් බරපතල ව්‍යාකූලතාවක් ඇති කර ඇති බව ද, පාසලේ සරඹ සංදර්ශනය සම්බන්ධයෙන් දරුවකුට පහරදීම හරහා පොලීසියට සිදු කළ පැමිණිල්ල හා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ පරීක්ෂා කිරීම මෙම ගැටළුව ආසන්න හේතුව බව ද ස්ටාලින් මහතා සඳහන් කෙළ්ය.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාට හා ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සූරියකුමාර මහතාට ද පැමිණිලි කළ බවත්, අධ්‍යාපන ලේකම්වරයා යටතේ පාලනය වන ජාතික පාසලක් වන බණ්ඩාරනායක විදුහලේ මේ වන විට සිදු කර ඇති අලාභය සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීත්‍යානුකූල කි්‍රයාමාර්ගයක් ගන්නා ලෙස ලේකම්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.
මෙම විද්‍යාලයයේ හිටපු විදුහල්පති හිමි නමට හැර මෑතකදී පත්වූ බොහෝ විදුහල්පතිවරුන්ට මෙම ඉරණමම අත්වූ බව කී ස්ටාලින් මහතා එම තත්ත්වය නතර කර දැමිය යුතු බව ද අවධාරණය කළේය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්පහ ශිෂ්‍ය භට ඛණ්ඩයේ වැඩ හොයනු
බාහනු Monday, 03 March 2014 06:57 PM
දැන් තියෙන්නේ පාසලේ ළමයින් ට ම කර ගන්න කියල විදුහල්පති ට අයින් වෙන්න. දැන් මේ රටේ ළමයින් ට අධ්‍යාපනයක් අවශ්‍ය නැද්ද ? විෂය භාර ඇමතිතුමා කොහෙද? (අ)
රොකි Monday, 03 March 2014 07:44 PM
විදුහල්පති හැටියට හමුදා නිලධාරියෙක් පත් කොට ඕනෑම අවස්තාවකදී ඕනෑම කෙනෙකුට වෙඩි තැබීමට ඔහුට අවසර දීම සුදුසුය. (අ)
ආරියසේන Monday, 03 March 2014 09:00 PM
කාලයක් සිට එම පාසලේ විනය පිරිහී ඇත. සමහරවිට නමේ ප්‍රශ්නයක් ද ? (නදී)
සඳුනි Monday, 03 March 2014 09:28 PM
මමත් මේ නිව්ස් එක බැලුවා.ඒ නම් ළමයි නෙමෙයි මැරයෝ.වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. (අ)
සත්‍යයා Monday, 03 March 2014 09:31 PM
ගුරු පරම්පරාවත් ඉවරයි සිසු පරම්පරාවත් ? (නදී)
සිරිපාල Tuesday, 04 March 2014 09:46 AM
ස්ටර්ලින් කියන්නේ කව්ද ? ,සත්‍ය තත්වය එය කොහොමද දන්නේ , අනෙක එයා කව්ද අණ දෙන්න. ඇත්ත දන්නෝ දනිති (දී)