IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම්පහ හොරු පොලිස් කටට වැටුනත් ලිස්සා යති

ගම්පහ ලීසිං සමාගමේ කොල්ලය සිදු කළ පිරිස  මීගමු වෙරළට ගොස් විනාඩි පහක් සිට එතැනින් මාරවිලට ගොස් ඇති අතර එහිදී කොල්ලකෑ භාණ්ඩ බෙදාගැනීමෙන් පසු පිරිස වෙන්වී ගොස් ඇතැයි පොලිසිය කියයි.

නෙළුවෙන් කුළියට ගත් වෑන්රිය දීම සඳහා නෙළුවට යද්දී නිදිමතක් අතිවී වෑන් රිය හිනිදුම නතර කර ඇති අතර අවේලාවේ නතර කර තිබූ වෑන් රිය දුටු   හිනිදුම පොලිසියේ පිරිසක් එම ස්ථානයට විත් පරීක්ෂා කර ඇත. වාහනයේ සිටි අය ගැන ප්‍රශ්න කරන්නට පෙර පොලිසිය සමෘද්ධි නියාමකයා දුටුවේය. ‘ආ  මේ සමෘද්ධි මහත්තයානේ‘ යනුවෙන් පොලිස් කොස්තාපල්වරයෙක් පවසා ඇති අතර වාහනය ගැන සැක නොසිතා ඔවුනට යන්නට ඉඩ ලබා දී ඇත.

එම අවස්ථාවේ වාහනය පරීක්ෂා කලේ නම් හොරබඩුවලින් කොටසක් අල්ලා ගැනීමට බොහෝ සෙයින් ඉඩ තිබිනැයි පොලිසිය කියයි.

 මේ අතර සැකකාර සමෘද්ධි සංවර්වර්ධන නිලධාරී අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර සිය නිවසට දීමට යැයි කියමින් මිතුරකුට දුන් රුපියල් 28,000ක මුදල ද මේ කොල්ලයේදී සැකකරු විසින් සොරා ගත් මුදලෙන් කොටසක් විය හැකි බව පොලිසිය කියයි.

සැකකරු ඉටි කවර දෙකකට මුදල් හා රන්භාණ්ඩ දමා ගන්නා අතර අනෙක් කොල්ලකරුවනට නොපෙනෙන පරිදි ඔහු එක ඉටි කවරයකට අත දමා එයින්  රන් හා මුදල් හොරෙන් සාක්කුවට දා ගන්නා අයුරු සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශනවල සටහන්ව ඇත.  සීසීටීවී කැමරාවේ සටහන් වී ඇති පරිදි  සැකකරු පස්වරු එකයි තිස්හයි තත්පර  තුනට ඉටි බෑගයට අත දමා යමක් ගෙන සිය සාක්කුවේ දමා ගනී.

සැකකරු ලබා දුන් රුපිල් 28,000 එලෙස සොරා ගන්නා මුදල් බවට පොලිසිය සැක කරයි.

බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුගේ උදව් උපකාර ඇතිව මේ කොල්ලය සැලසුම් කර ඇති බව මේ වන විට හෙළි වී ඇත. හබරාදූවේ පදිංචිකරුවකු බව කියන ප්‍රධාන සැකකරු තමාට හදුන්වා දුන්නේ බන්ධනාගාරයේ සිටින පුද්ගලයා  බව සමෘද්ධි නිලධාරයා කියා තිබේ. බන්ධනාගාරයේ සිටින පුද්ගලයා සමෘද්ධි නිලධාරී හදුනා ගත්තේ මීට පෙර කරාතේ පන්ති කරන අවදියේ බව කියති.

මේ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලයි.

ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී - 07747 8 46 46

ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 077 33 54 674



අදහස් (0)

ගම්පහ හොරු පොලිස් කටට වැටුනත් ලිස්සා යති

උපාලි Monday, 02 September 2013 05:28 AM

ඕනෑම අබිරහසක් අනාවරණය කරගෙන ඇත්තේ "සැකය" පාදක කරගෙනයි. මුල පටන් ගන්නේ එතනිනුයි. මේ සිද්ධියේදී සමෘද්ධි නිලධාරියා පොලිස් නිලධාරීන්ගේ සැකය ඉවත් කළ නිසා ඔවුන් බේරුනා. ඔවුන්ගේ වෙලාව හොඳයි, ටික දවසකටවත්. (නි)

:       0       0

බමුණු Monday, 02 September 2013 05:30 AM

මේක තමයි අපේ ආරක්ෂකයන්ට වැදිලා තිබෙන හෙණේ. අඳුනන කෙනෙක් දැක්කම පරික්ෂා කිරීමක් නැත. මෙයාලට සෞදි අරාබියාවේ ආරක්ෂක සේවයේ පුහුණුව ලබාදෙන්න ඕනෑ, එයාලා කොපමණ හැදුනුම්කමක් තිබුනත් නීතිය අකුරටම ක්‍රියා කරනවා. තම රටේ මිනිහටත් එකයි පිටරැටියටත් එකයි. (නි)

:       0       0

පද්මසිරි Monday, 02 September 2013 06:04 AM

ඒ අනුව බලද්දී හොර සමුර්ධි නිලධාරියා සහ අනෙක් හොරු මහන්සියට නිදාගන තියෙන්නේ සමුර්ධි නිලධාරියගේ ගම හෝ නිවසට ආසන්න ප්‍රදේශයක. පොලිසියේ නිලධාරීන්ට සක කරන්න තිබුන ඒ හේතුවම ඇති ඒ වෙලාවෙ ඔවුන් බුද්දිමත් උනානම්. (අ)

:       0       0

සරත්. Monday, 02 September 2013 08:53 AM

ආරක්ෂක නිලදාරීන් කවදා පාඩමක් ඉගෙනගනීවිද මන්දා. (දී)

:       0       0

යසවතී Monday, 02 September 2013 09:35 AM

පොලිස් කටේ ග්‍රීස් ඇතේ (දී)

:       0       0

චමල් Monday, 02 September 2013 10:49 AM

ගේ ළඟටම ඇවිල්ල නිදිමතට මග නිදා හන්නේ මොන මිනිහද . පොලිසිය කන්නේ මොනවද මන්ද ඕක තේරෙන්නේ නැති . (දී)

:       0       0

විජිත Monday, 02 September 2013 10:56 AM

පොලිසියේ අයම තමයි වැරැද්ද කර ගත්තේ (දී)

:       0       0

විජිත Monday, 02 September 2013 10:56 AM

අතට ගත්ත එක කටට දාගන්න පිනක් නැහැ කියන්නේ ඕවට තමයි (දී)

:       0       0

සෙනරත් Monday, 02 September 2013 12:39 PM

ඉතින් මෙයා මේ තරම් හොරකමක් කරලා තවමත් සමෘද්ධි නියාමක ද හලෝ. (ස)

:       0       0

සෙනරත් Monday, 02 September 2013 12:57 PM

ඔක්කොම හොරු බිහිවෙන්නේ බන්ධනගාරයෙන් සහ දේසපාලක සම්බන්ධකම් පවත්වන සමහර අයගෙන්,, මේකට නිසි පිළියම් යොදන්න ක්‍රියා කල යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 3995 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1514 2

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4363 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 407 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4137 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2362 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33927 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23956 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 471 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site