IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගම්මන්පිලගෙන් වසන්තට අභියෝගයක්

(විනීතා එම් ගමගේ)
ත‍්‍රිකුණාමල තෙල් ටැංකි හා අක්කර 33000 ක් ඇමරිකාවට බදුදීමට තමන් කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් එසේ ඉදිරිපත් කළේ නම් එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා  දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාට අද භියෝග කළේය. 
දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ලෙස පෙනී සිටිමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් පිළිබඳ බොරු වැලක් ප‍්‍රකාශ කර ඇතැයි ද  ත‍්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ‍්‍රිත අක්කර 33,000ක් ඇමෙරිකාවට බදු දෙන්න අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බවට ඔහු තමන්ට චෝදනා කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.  
ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ජවිපෙ සටන් සගයා වන එක්සත් ජාතික පක්ෂය  2003 දී ඉන්දියාවට වසර 35කට බදු දී ඇති බැවින් එම ටැංකි නැවත තවත් රටකට බදු දීමේ හැකියාවක් නොමැති බව වසන්ත සමරසිංහ මහතාට නොතේරිමෙන් පෙනී යන්නේ 2003ට 35ක් එකතු කළ විට පිලිතුර 2038 බවත් අපි තවමත් ඉන්නේ 2021 බවත් එතුමා නොදන්නා බව යැයි ද ඔහු කීය.
ත‍්‍රිකුණාමල වරාය ඇමෙරිකාවට බදු දෙනවා නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ යුත්තේ වරාය ඇමති මිස බලශක්ති ඇමති නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයකු වන වසන්ත සමරසිංහ මහතා නොදැන සිටීම හාස්‍යජනක යැයි ද ඇමෙරිකාවට බදු දීමට තබා දේශීය අවශ්‍යතාවයකට භාවිතා කිරීමටවත් බලශක්ති අමාත්‍යාංශය සතුව ත‍්‍රිකුණාමලයේ අක්කර 33,000ක් නොමැති බවත් අක්කර 33,000ක් යනු ගම්මාන රාශියක් පුරා පැතිරෙන දැවැන්ත ඉඩමක් බවත් සමරසිංහ මහතාගේ සාමාන්‍ය දැනීම සඳහා දැනුම් දෙන බවද හෙතෙම සඳහන් කළේය. 
 

 



අදහස් (10)

ගම්මන්පිලගෙන් වසන්තට අභියෝගයක්

ලලිත් එම් Tuesday, 10 August 2021 05:20 PM

වැඩක් කරන්න බැරි ගෝතයින් වට පිට ඉන්න අපතයින්ට චැලෙන්ජ් කරකර හිටියාම රටම සරුසාර වේවි...!!!

:       11       92

Koka Tuesday, 10 August 2021 05:51 PM

අරගොල්ලෝ ඉන්දියාවට බදු දීපු හින්දා තමයි මේ ගොල්ලො චීනයට සින්නක්කර නොදුන්නේ... දැනුයි තේරෙන්නේ... !!!

:       13       77

BamunuarachchiTuesday, 10 August 2021 09:09 PM

හම්බන්තොට දුන්නේ කොහොමද?

:       71       78

aseWednesday, 11 August 2021 07:48 AM

දැන් ගන්නවා කීදේ සමඟ තවත් තවත් දෑ... ඕවා කියලද අපෙන් කතිරේ ගත්තේ...! මහත්තයෝ ප්‍රභාකරන් හරි සුමාන 2 යිනේ...

:       0       2

gamage Tuesday, 10 August 2021 05:59 PM

මෙයාව ආපහු පන්සලකට ගිහින් දාන්න කෙනෙක් නැද්ද?

:       13       186

fairoos Tuesday, 10 August 2021 06:43 PM

මෙතුමා විතරයි හැමදෙයක්ම දන්නේ... අනිත් අය මෝඩයෝ...

:       12       61

BamunuarachchiTuesday, 10 August 2021 09:08 PM

මෝඩයින් නොවෙයි හලෝ බොරුකාරයින්... ජෙප්පන් නේද ලැම්බෝගිනි පෙන්නන්න අලියාගේ වලිගේ එල්ලිලා එක්කගෙන ගියේ? මගදී ලැම්බෝගිනි එකේ සයිස් එක පෙන්නන්න ගිහිල්ලා වසන්තලා 35ට වැටුණා.

:       5       31

BamunuarachchiWednesday, 11 August 2021 08:18 AM

මෝඩයෝ නොවෙයි හලෝ අනික් අය බොරු කාරයෝ.

:       6       14

Vithana Wednesday, 11 August 2021 05:37 AM

චැලේන්ජ් නොකර නඩුවක් දාන්නකෝ අපහාස කලා කියලා. අද ඔබලාට රටේ කෑලි කෑලි විකුණාගෙන කනවා හැරෙන්න රට ගොඩ නගන උපායමාර්ග නෑ. එ කන්නෙත් ඔබලාම මිසක් රටේ ජනතාවට දෙන්නේ නෑ. ඔය ණය කන්ද ගැහුවෙත් ඔබලාගේම ආණ්ඩු තමයි කිසිම ආදායමක් එන්නෙ නැති වැඩ වලට බිලියන් ගණන් ණය අරන්. ඒ ණය ඒ වැඩවලට සම්පූර්ණයෙන් යෙදෙව්වෙත් නෑ පුලුවන් තරම් හොරකම් කරලා ඉතුරු ටික තමයි ණය ගත්තු වැඩේට යෙදෙව්වේ. දැන් ඒ ණය ගෙවන්න රටේ කෑලි කෑලි විකුණනවා. ඒවා හෙලි කරන අයට චැලේන්ජ් කරනවා.

:       11       8

කල්පනාWednesday, 11 August 2021 04:58 PM

අභියෝග කිරීමට වඩා තමා නිවැරැදි නම් අපහාසයට නඩුවක් දමන්නකෝ...! බොරුවට ගිරව වගේ කියවන්නේ නැතිව... එහෙම කළාම කවුරු කවුරුත් බොරු නොකියනු ඇත...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 07 18 0

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව


දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 1066 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 1189 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 3291 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 3951 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 876 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 41 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 436 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1367 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site