IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

(නිමල කොඩිතුවක්කු)

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(22) පෙරවරුවේ කථානායකවරයාට භාර දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ඉකුත් බදාදා (16) වනදා  ආරම්භ කෙරිණි.

ඒ සඳහා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පක්ෂ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන් සහ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 39  දෙනෙකු අද(21) වනවිට අත්සන් තැබූහ.

විශ්වාසභංග යෝජනාව සඳහා  ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

 

 



අදහස් (6)

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

Rata Perata Monday, 21 June 2021 12:37 PM

පේනවනේ මේ සංදර්ශන වල ප්‍රතිඵල... දැන් තෙල් මිල වැඩිකිරීම ගැන කිසි කතාවක් නෑ. හැමදාම ඕක තමයි රාජපක්ෂලා කරන්නේ. දැක්කනේ වරාය විකුණන්න ඕනෑ වුණාම හරක් මස් තහනම් කිව්වේ මහින්ද. දැන්වත් මේ මායාවන්ගෙන් මිදිලා සත්‍යය දකින්න උත්සාහ කරන්න.

:       2       86

fairoos Monday, 21 June 2021 02:02 PM

මේකෙන් බලාගන්න පුළුවන් අර සාගර ඇමැතිතුමාගේත්, අනිත් අයගේත් කෙරුවාවල්... පක්ෂව ඡන්දෙ දෙයිනේ...!!!

:       0       7

මුණසිංහ Monday, 21 June 2021 02:07 PM

අන්තිමට මේ 39 වත් ඡන්දෙ දෙයිද දන්නේ නැහැ. දැන් කතා කරන්නේ තෙල් මිල නෙවෙයි විශ්වාස භංගේ ගැන. මෙයාලත් ආණ්ඩුවට සපෝට්... අන්තිමේදි ගම්මන්පිල කියයි මම ගැන විශ්වාසය හොඳින්ම තහවුරු වුණා කියලා...

:       0       2

Galapara Monday, 21 June 2021 02:27 PM

මූනෙන්ම කට අැරියොත් කියන්නේ බොරු බේගල් කියලා පේනවා. විශ්වාස භංගයකින් හරි කමක් නැහැ ගෙදර යවලා දාන්න....

:       0       3

K Perera Monday, 21 June 2021 04:33 PM

ගම්මන්පිළ වගේ විකටයෝත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ..!!! 

:       0       1

pradeepa Monday, 21 June 2021 04:50 PM

උදය, විමල්ලාගේ කට විතරයි වැඩ නැහැ. මොකද වුණේ උදයට...? තෙල් දුන්නා මිල වැඩිකළා. ඕක කරන්න ඇමැතිවරු මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 179 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 566 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 274 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 966 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2032 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site