IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගම්මන්පිල අත්අඩංගුවට

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල අද (18) සිය පාගොඩ නිවසේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය පවසයි.

ඕස්ට්‍රේලියා ජාතිකයකුට අයිති සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සාදා රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් ප්‍රශ්න කිරීම සඳහා ගම්මන්පිල පොලිස් විශේෂ විමර්ශන ඒකකයට රැගෙන එනු ලැබූ බවත් පොලිස් ආරංචි කියයි.



අදහස් (0)

ගම්මන්පිල අත්අඩංගුවට

නඳුන් නිලංක ඩයස් Saturday, 18 June 2016 12:12 PM

කෙසේවෙතත් මේක දේශපාලන පළිගැනීමක් වගේ එකක් කියලා හොඳටම පෙනෙනවා මට නම්. (නි)

:       0       0

තිලක් - නුවර Saturday, 18 June 2016 12:13 PM

පහුගිය අය තමා අද වෙනසට වගකියන්න ඕනෑ. මුල්‍ය වංචාකාරයෝ, වධකාගාර වල කොල්ලෝ මරල කොමිසන් වලින් වැරදිකාරයෝ වුණ අය, නැව් ගිලපු අය, මව්බිම පාවාදුන් අය, ඩොලර් කෝටිගානක් පොත්වල තිබුන අය අද නිදහසේ ඉන්න එක තමා ලොකුම වරද. (නි)

:       0       0

උපුල් Saturday, 18 June 2016 12:21 PM

කරන කලට පවු මිහිරිය මී සේ... නේද? (නි)

:       0       0

සිල්වා Saturday, 18 June 2016 12:18 PM

මහින්ද මහත්තයත් එයි බලලා යන්න (නි)

:       0       0

දුමින්ද Sunday, 19 June 2016 07:16 AM

යහපාලනයට ද්‍රෝහීවීමේ ප්‍රතිළුල (ම)

:       0       0

ගාමිණි Sunday, 19 June 2016 07:15 AM

ඔබ තුමා සැලෙන්න එපා අපි ඔබතුමා සමඟයි (ම)

:       0       0

අසාද් Saturday, 18 June 2016 12:51 PM

ප්‍රියාන් පල ඇති රුක කිව්වේ ගම්මන්පිලටද?? (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 18 June 2016 01:23 PM

ප්‍රියාන්, අපෝ නැහැ. අපි නඩුකාරයෝ නොවෙයි. මේ උත්තමයා සුදනෙක් නම් ඔහොම පොලිසිය ඇවිල්ලා කුදලාගෙන යාවිද? (නි)

:       0       0

සෙනෙවි Saturday, 18 June 2016 01:48 PM

තම විරුද්ධවාදී දේශපාලනඥයින් සිරගතකර මර්දනය කිරීමට ඒකාධිපතියෙකු වූ සිංගප්පූරුවේ ලීක්වාන්යූ උපක්‍රමයක් යොදාගත්තා නේද? (නි)

:       0       0

නිම්මි Saturday, 18 June 2016 02:50 PM

අනේ මන්ද අපේ රටේ මිනිස්සුට අමු කැවිලද කියලා? තමුන්ගේ රට ජාතිය ගැන කතාකරන මිනිස්සු අද අපරාධකාරයෝ වෙලා. ඒවාට සතුටුවෙන මිනිස්සුත් ඉන්නවා. මේ අපේ රටද? අල්ලනවා නම් අපරාධකාරයෝ ඕනෑතරම් (නි)

:       0       0

නිල්මිණි Saturday, 18 June 2016 04:38 AM

කරුණාකරලා අර රුපියල් සීය දෙන්න අපේ (නි)

:       0       0

සෝමදාස Saturday, 18 June 2016 02:59 PM

අත්අඩංගුවට ගන්නට පෙර ආණ්ඩුවට එකතුවෙන්නනේ තිබුනේ. (නි)

:       0       0

සහන් Saturday, 18 June 2016 04:45 AM

කටින් බතල හිටවන අපේ දේශපාලකයෝ දැන්නම් එපාවෙලා (නි)

:       0       0

ජනනාත් Saturday, 18 June 2016 04:43 AM

ඇල් වතුරත් නිවලා බොන ගමන් ඕස්ට්‍රේලියා ජාතිකයට ගිනිවතුර දීලා. (නි)

:       0       0

සුනිල් Saturday, 18 June 2016 04:48 AM

අයියෝ මේ මොකද වුණේ? (නි)

:       0       0

පද්මිණී Saturday, 18 June 2016 04:45 AM

එකපාරටම අනිත් පැත්ත ගහද්දි මට නම් ඕක තේරුණා. ජනවාරි 8 ට ටික දවසකට කලින්. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 18 June 2016 04:45 AM

මුදලට යටවුණ නිසා උගත්කමින් රටට සේවයක් කරන්න තිබුන අවස්ථාව ගිලිහී ගියා. දැන් යහපත් පුරවැසියෙක් වෙන්නට පුළුවන්ද? (නි)

:       0       0

කමල් Saturday, 18 June 2016 04:51 AM

පළිගන්නවෝ අල්ලනවෝ කියලා කෑ ගැහුවේ මේකට තමා. මොකද පරණ අය කළේ මෙයාලට හොරකම් කරන්න දීලා එයාලගේ ෆයිල් පෙන්න පෙන්නා ඒ පැත්තේ තියාගත් එක. (නි)

:       0       0

දුමින්ද Saturday, 18 June 2016 04:57 AM

මම නම් කියන්නේ ඉක්මණින් නිදහස් වෙනවා (නි)

:       0       0

දිනේෂ් Saturday, 18 June 2016 05:00 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 18 June 2016 03:15 PM

අනිවාර්යෙන්ම දැඩි දඬුවම් කළයුතුමයි (නි)

:       0       0

දහම් Saturday, 18 June 2016 05:00 AM

යහපාලනය හරියට තිබුනා නම් මේ අය ගැන තීරණ ගන්නේ මීට කලින් (නි)

:       0       0

තිලක් Saturday, 18 June 2016 03:18 PM

මම ලංකාවට විත් පාවිච්චි කළ කාර් එකක් ගන්න හොයනකොට සුදු වතින් සැරසුන, අතේ පිරිත් නුල් සියයක් පමණ බැඳගත් කාර් එකෙත් බුදු පිළිම තියපු වැදගත් රැකියාවක් කරන මහත්මයෙක් හම්බ වුණා. කියපු සියලු කාරණා විශ්වාස කරලා මමත් කාර් එක ගත්තා. ගත් දවසේ ඉඳලම ගරාජයේ. ලක්ෂ ගානක් වියදම් කරලයි යන්තම් ගොඩගත්තේ. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Saturday, 18 June 2016 04:59 AM

මීළඟ පුවත ලෙස 'ලක්ෂ දහයක ශරීර අැප දෙකක් සහ දැඩි කොන්දේසි මත මුදාහරින ලදී' කියලා පළවුණත් මම නම් පුදුමවෙන්නේ නැහැ (නි)

:       0       0

සහන Saturday, 18 June 2016 05:03 AM

ජාතික නායකයෝ වෙන්න කතාව. නමුත් දැන් තමයි අපිට තේරෙන්නේ (නි)

:       0       0

තිවංක Saturday, 18 June 2016 05:07 AM

මොහොමෙඩ්, ඔයා හරි. අන්තිම ඕක තමයි. මේ රටේද අපේද දන්නේ නැහැ අවාසනාව. (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 18 June 2016 05:13 AM

තවම සැකකරුවෙක්නේ. ඒ නිසා කාවහරි ඇපයට තියලා එළියට දාන්න. අන්තිමට වෙන්නෙත් ඕකනේ. (නි)

:       0       0

ත‍රිඳු Saturday, 18 June 2016 05:20 AM

ශරීර අැප සහ දැඩි කොන්දේසි මත මුදාහරියි අන්තිමට. අල්ලපු හැම කෙනාටම වුණේ එහෙමනේ. අපි ඉතින් බලා ඉන්නවා (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 18 June 2016 03:49 PM

ප්‍රශාන්තගේ කතාව හරි. බෞද්ධයන්ගේ කරපිටින් බලයට විත් මුළු රටටම විනකරන දේශපාලුවන් එළවා මේ ක්‍රමයටත් තිත තබමු. පක්ෂ දේශපාලනයෙන් වාසි තිබෙන්නේ පක්ෂයේ බත්බැලයන්ට පමණක් නම්, ඇයි අපි ඔවුන්ට ඡන්දෙ දීලා දුක් විඳින්නේ? දේශපාලුවන්ට සුර සැප, අපේ (ජනතා)මුදලින්. අපට කවදත් අපා දුක්. (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Saturday, 18 June 2016 05:26 AM

පිවිතුරු ඒක පුද්ගල දේශපාලන ප්‍රසංගය අද දින සිට රඟදැක්වීම නොවැළැක්විය හැකි හේතුවක් නිසා නවතා දමා ඇති නේද? රුපියල් සියයේ ටිකට්පත් වල මුදල් ගැන සළකා බලයි පස්සේ (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 18 June 2016 03:53 PM

පොඩ්ඩක් ඉවසලා ඉන්න මහත්තයෝ (නි)

:       0       0

රන්ජිත් Saturday, 18 June 2016 04:01 PM

මෙයාලගේ කතා ඇහුවහම අප්‍රසන්නයි (නි)

:       0       0

ආසිරි Saturday, 18 June 2016 05:29 AM

දැන්වත් ඇත්තට මුහුණ දෙන්න.(හේ)

:       0       0

අසංග Saturday, 18 June 2016 05:32 AM

දැන්වත් බොරු සෙල්ලන් දැම්ම ඇති. ඇත්තට මුහුණදෙන්න. (හේ)

:       0       0

චමිල Saturday, 18 June 2016 05:35 AM

සුදු රෙදි ඇදගෙන සාන්තුවරයා වගේ ඉඳගෙන කරන වැඩ.(හේ)

:       0       0

විමල් Saturday, 18 June 2016 05:35 AM

ඒක බොරුවක්.(හේ)

:       0       0

ලාල් Saturday, 18 June 2016 05:37 AM

මොහමඩ් රිස්වාන් මහතා හරියටම හරි . ඔබ කියූ දෙයින් එහාට මුකුත් වෙන්නේ නැහැ . (හේ)

:       0       0

විජේ Saturday, 18 June 2016 05:36 AM

අනේ දුර දක්නා නුවන තියෙන අහිංසක මනුස්සයා, හෙළ උරුමය පරිසිදු මදිනිසා පිවිතුරු හෙළ උරුමය පටන් ගත්තා, (හේ)

:       0       0

ලාල් Saturday, 18 June 2016 05:43 AM

මේ වගේම තව ටික දවසකින් වීරවංශවත් අත් අඩංගුවට අරගෙන දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළා කියලා කියාවි . ඊට පස්සේ නඩුව අවුරුද්ද්දකට විතර කල් යනවා . ඊට එහා කිසිම දෙයක් වෙන්නේ නැහැ . (හේ)

:       0       0

ඩිලාන් Saturday, 18 June 2016 05:28 PM

දැන්වත් පාඩුවේ ඉන්න බලන්න (නි)

:       0       0

උදාර Saturday, 18 June 2016 05:31 PM

දැන්ඉතින් ඇල්වතුරත් නිවලා බොන්න ලැබෙයි (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 18 June 2016 05:29 PM

දැන් ඉතින් කළ කළ දේ පළ පළ දේ තමා.... (නි)

:       0       0

ගමගේ Saturday, 18 June 2016 05:50 AM

මෙයාලා කියන්නේ මේවා පුද්ගලික ගනදෙනු කියලයි. ඒකාබද්ධ කණ්ඩායමේ සියලු හොරකම් මෙවන් ගනුදෙනු. හැබැයි රටට මේවා මහා වංචා (නි)

:       0       0

රොහාන් Saturday, 18 June 2016 05:56 AM

පොලිසියට ගෙනිහිල්ලා හොඳට සැළකුවාම ඔය ඔක්කොම එළියට ඒවි. අනේ අනේ පිවිතුරු මිනිසා අපවිත්‍ර වැඩනේ කරලා තියෙන්නේ. (නි)

:       0       0

කුරුවිට සුනිල් Saturday, 18 June 2016 05:54 AM

දේශපාලකයෝ දැන් පිපිරූ බැලුම් වැනිය. (නි)

:       0       0

තිලක් Saturday, 18 June 2016 05:55 AM

මේවට තම අපි කියන්නේ යහපාලනේ පළිගැනීම කියලා. ඉතාම පැහැදිලියි. පාඨලි චම්පිකට නැහැනේ මේ නීතිය (නි)

:       0       0

රොහාන් Saturday, 18 June 2016 05:59 AM

ඔය ටික කරගන්න තමයි දැඟලුවේ (නි)

:       0       0

ගයන්ත Saturday, 18 June 2016 06:50 PM

රට වෙනුවෙන් කතාකරන දේශපාලන පක්ෂ නායකයන්ව ආණ්ඩුව මර්දනය කරන්නේ මෙහෙමද? (නි)

:       0       0

ප්‍රියන්ති Saturday, 18 June 2016 06:55 PM

වහාම දේශපාලන පළිගැනීම් නතර කරනු! (නි)

:       0       0

නාමල් Saturday, 18 June 2016 06:06 AM

මෙයා පහුගිය කාලේ කළ දේවල් වලට ඔහොම වෙලා මදි. (නි)

:       0       0

උපාලි Saturday, 18 June 2016 06:17 AM

වැඩියෙන්ම කෑ ගහන දේශපාලනඥයෝ ළඟ වැඩියෙන්ම කුණු තියෙනවා. හැබැයි, පිවිතුරු බව ඔප්පු කරන්න හොඳම වෙලාව. මොනවා කලත් දෙපැත්තම අහලානේ අධිකරණයක් තීන්දු දෙන්නේ.(හේ)

:       0       0

ජයසිංහ Saturday, 18 June 2016 06:20 AM

මිනිස්සුන්ට තාම නොතේරෙන දෙයක් තියෙනවා (හේ)

:       0       0

ජයතු Saturday, 18 June 2016 07:55 PM

මොහුට තිබෙන අවඥාසහගත සිනාහවෙන් බොහෝ දේ ජනතාවට ඉතාමත් පැහැදිලිව තේරුම්ගත හැකියි. (නි)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්ධන Saturday, 18 June 2016 06:22 AM

මේ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩ නිසා මිනිස්සුන්ට එපා වෙලා ඉන්න වෙලාවක මේ කරන්නේ මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන විකාර වැඩ? (හේ)

:       0       0

සරත් Saturday, 18 June 2016 06:23 AM

පිවිතුරු කියන නම දාගත්තේ ඕක තමා අනේ මෙහෙමත් දෙසපලුවෝ (හේ)

:       0       0

ශ්‍රීලාල් Saturday, 18 June 2016 06:26 AM

මේක යමපලනයනේ, නැතිනම් මේ හැමෝටම කලින් පරාජිතලා ගන්න ඕනේ???? (හේ)

:       0       0

කේෂල අමන්ද Saturday, 18 June 2016 06:32 AM

පුදුම දේවල් වෙන්නේ. මහත්තයාගේ දර්ශනය මොකක්ද දන්නේ නෑ. හිතුවා වැඩිය උඩ පනින කොට ඔහොම වෙයි කියලා.(හේ)

:       0       0

ජනක Saturday, 18 June 2016 09:05 PM

මට නම් මේ ඔක්කොම අදහස් වලින් මොහොමාඩ් රිස්වාන් පමණයි හරිම අදහස දාලා තියෙන්නේ. මම මොහම්මඩ් සමඟයි (නි)

:       0       0

රත්නසිරි Saturday, 18 June 2016 06:54 AM

ආණ්ඩුවේ තවත් සංදර්ශනයක් ලෙසයි මම නම් දකින්නේ (නි)

:       0       0

නාමල් Saturday, 18 June 2016 06:55 AM

අත්අඩංගුවට ගන්නවා. නිදහස් වෙනවා. අපි බලා ඉන්නවා (නි)

:       0       0

රජිත් Saturday, 18 June 2016 09:47 PM

මේ දා තිබෙන අදහස් වල සම්පිණ්ඩනය ගත්තහම මට නම් හැගෙන්නේ එක්කෝ මේ මිනිස්සු සිය දිවි නසාගන්ඩ ඕනෑ. නැත්නම් කොහේහරි වනගත වෙලා සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕනෑ (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 18 June 2016 06:52 AM

යහපාලනයේ ක්‍රමවේදය. මේක නිකම් වසංගත රෝගයක් වගෙයි. (නි)

:       0       0

එරන්ද Saturday, 18 June 2016 07:00 AM

අර අපෙන් ගත් රුපියල් 100 දෙන්නේ කවදාද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Saturday, 18 June 2016 07:00 AM

මහින්දට ඔළුව උස්සන්න බැරිවුණේ මේ වගේ මිනිස්සු හින්දයි (නි)

:       0       0

ශාරිකා Saturday, 18 June 2016 07:06 AM

කළ කළ දේ පළ පළ දේ... (නි)

:       0       0

ආනන්ද Saturday, 18 June 2016 10:54 PM

පිවිතුරු හෙළ උරුමය අපවිත්‍රවෙයිද? (නි)

:       0       0

ඉන්දු Saturday, 18 June 2016 07:22 AM

මේ හොර වැඩ කළ කට්ටිය හැකි ඉක්මනින් අල්ලලා සේරම හිරකරලා යහපාලනයට ඇපකැපවී සිටින මහත්වරු ඉක්මනට රටේ සංවර්ධනයට අත තිබ්බොත් නරකද. (නි)

:       0       0

නිහාල් Saturday, 18 June 2016 07:24 AM

තවම සැකකරුවෙක් පමණයිනේ. චෝදනා ඔප්පුවෙලා වැරදිකරුවෙක් වුණදාට අපේ අදහස් ප්‍රකාශ කරමු. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Saturday, 18 June 2016 07:25 AM

මෙයා සුදෝසුදු ඇඳුමෙන් සැරසිලා, දත් ටික පෙන්නාගෙන, යහපාලන රජය පතුරු ගහනකොට අපට තේරුණා මෙයාගෙත් හංගන්න දේවල් තියෙන නිසා එහෙම කරනවා කියලා. පක්ෂයේ නම නම් "පිවිතුරු හෙළ උරුමය". එකේ කිසිම "පිවිතුරු" කමක් නැහැ. (නි)

:       0       0

රනිල් Monday, 20 June 2016 01:30 AM

මේකේ අදහස් දක්වා තියන ඒවා දැක්කහම තේරෙනවා ගොඩක් අය මේ ගැන හරියට කිසිදෙයක් දන්නේ නැතුව කතා කරන්නේ කියලා. පැමිණිලිකාරයා අවුරුදු ගණනක් නිහඩව ඉඳලා දැන් නඩු දාන්නේ මොකද? හොඳින් හිතලා බලන්න. (නි)

:       0       0

චන්දන Saturday, 18 June 2016 07:25 AM

සාධාරනය ඉටුවේවා! (නි)

:       0       0

හිමාල් Saturday, 18 June 2016 07:30 AM

අත් අඩංගුවට ගත්තා කියලා වැරදිකරු වෙන්නෙවත් ඇප මත නිදහස් කළා කියලා නිවැරදිකරු වෙන්නේවත් නැහැ. ඒක තීරණය කරන්නෙ අධිකරණය. වියයුත්තේ නීතිය ක්‍රියාත්මක වීම. (නි)

:       0       0

විජේසුන්දර Saturday, 18 June 2016 07:31 AM

මදැයි එයාට වෙච්ච දේ! (නි)

:       0       0

තිලකසිරි Sunday, 19 June 2016 01:48 AM

වැරැද්දක් කළොත් දඬුවමක් කවදා හෝ විඳින්නම වෙනවා (නි)

:       0       0

ජගත් ලියනගේ Saturday, 18 June 2016 08:03 AM

එයාගේ වැඩ කොහොමද කියලා පාසල් යන කාලේ ඉඳලා අපි දන්නවා (නි)

:       0       0

තිස්ස Sunday, 19 June 2016 01:45 AM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

සම්මික Saturday, 18 June 2016 08:08 AM

උදය ගම්මන්පිල කියන්නේ හොරෙකු නොවේ. ඔහු මත්පැන්, මස්මාළු නොකන දෑහැමි අයෙකි. මේකේ ලියන අය භාගයක්ම හොරා කියලා ලියන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන අයට. (නි)

:       0       0

අතුල Saturday, 18 June 2016 08:24 AM

අයියෝ දැන් ඉතින් කාගේ පිහිටක්ද? (නි)

:       0       0

ප්‍රශාන්ත Saturday, 18 June 2016 08:21 AM

කාලෙකට පස්සේ අහපු වටිනාම ප්‍රවෘත්තියක්. මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත චරිතය විනාශ කරන, බුද්ධ දර්ශනය තම දේශපාලනය වෙනුවෙන් විනාශ කරන, මහජනතාව බූරුවෝ කියලා හිතාගෙන ඉන්න, බෞද්ධයන්ගේ කරපිටින් විත් ඔවුන්ටම විනකරන මේ දේශපාලනය හමාර කළයුතුයි. (නි)

:       0       0

සුගත් Monday, 20 June 2016 04:08 AM

ගම්මන්පිලට ඇප දෙන්න දැන් රුපියල් සීය සීය එකතු කරයිද? හොර පාස්පෝර්ට් හැදුව අයත් ඇතුළට දාන්න. අපිට ඕනෑ යහපත් සමාජයක් මිස හොරු නොවෙයි. (නි)

:       0       0

ධම්ම Saturday, 18 June 2016 08:31 AM

මේක තමයි යහපාලන කසාය. දැන් ඉතින් බීලා එන්නකෝ මල්ලී. (නි)

:       0       0

චමින්ද Saturday, 18 June 2016 08:32 AM

මේ ආණ්ඩුවට නම් හොඳක් වෙන්න එපා දෙවියනේ! (නි)

:       0       0

ලෙස්ලි Saturday, 18 June 2016 08:38 AM

මෙපමණ කලක් කළ ඒවා දැන් තමා එළියට එන්නේ. නැවත වරක් බලය ආවා නම් කල්ලමරේ! කතාව දන්නවනේ, කිසිත් නොකළ ගානට අනික් අය‍ට ගරහන්නේ. දැන් පිවිතුරුකම ලෝකෙම දැනගත්තා (නි)

:       0       0

ටී. සිල්වා Saturday, 18 June 2016 08:46 AM

මදැයි පිවිතුරුබවේ අරුම කිය කියා ඇවිද්දා? (නි)

:       0       0

තිලක් - නුවර Saturday, 18 June 2016 08:44 AM

කට්ටියටම බොහොම සන්තෝෂයි වගේ කාරණයට. මොකද්ද ඇත්ත කියලා කවදා හෝ එළිවෙයි. එතකොට වනාන්තර විනාශ කරන එක, වෙනම රටක් ඉල්ලන එක, බුදු දහම විනාශ කරන එක, මහ බැංකුවේ සිද්ධවූ ඒවා යහපාලනයද? (නි)

:       0       0

විමල් Saturday, 18 June 2016 08:45 AM

හෙල්මට් නැහැ කියල පොලිසිය අල්ලනවා , ඉරි කැපුවා කියලා අල්ලනවා. මේකනම් නරකම ආණ්ඩුවක්. පළිගන්නවා. (නි)

:       0       0

චමින්ද Saturday, 18 June 2016 08:57 AM

අපි ඔබතුමාගේ සහයට ඉන්නවා (නි)

:       0       0

සමන් Saturday, 18 June 2016 09:14 AM

මේ ආණ්ඩුව හරිම හොඳයි. සහජීවනය උතුරා යනවා (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 18 June 2016 09:20 AM

මෙතන ඉන්න කට්ටිය නඩුත් අහලා හිරෙත් දාලා ඉවරයි. පල ඇති රුකටයි පහර වදින්නේ. (නි)

:       0       0

සමන් Saturday, 18 June 2016 10:19 AM

මස් මාලු නොකන අය ලෝකයේ හොඳම අයද? කුපාඩි යොත් ඉන්නවා මස් මාලු නොකන (ම)

:       0       0

ගාමිණී Saturday, 18 June 2016 10:26 AM

සැලෙන්න එපා අපි ඔබතුමා සමඟයි මේවාට පිළිතුරු දෙන්න කාලයක් එනවා (ම)

:       0       0

කමල් Saturday, 18 June 2016 11:32 AM

ඔබතුමාට තෙරුවන් සරණ වේවා පාපී සිත් ඇති පාලකයෝ දුරු වේවා (ම)

:       0       0

කමල් Saturday, 18 June 2016 11:38 AM

වසර 18 පැරණි නඩුවක්. හොඳයි නේද සහජීවනය යහපාලනේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 590 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1709 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1146 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 2106 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site