IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ගම්මන්පිල ඇල්වතුර බිව්වෙත් නිවලා‘

 ජරාජීර්ණ වූ කැත දේශපාලනයට තිත තැබීමට නම් වත්මන් පාලනය වෙනස් කළ යුතු යැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියයි.

‘ජාතික හෙළ උරුමයේ ක්‍රියාකාරිකයන් පිරිසක් අද අරලිය ගහ මැදුරට ගොස් ජනාධිපති බැහැ දැක, දන්සල බුක්ති විඳ මාධ්‍ය හමුවක් පවැත්වූවා.

උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය හැරගියේ ඇයිදැයි අද වනතුරු අපි දන්නේ නෑ. අප දන්නා තරමින් ප්‍රතිපත්තිමය කරුණක් මත නොවෙයි පක්ෂය හැර ගියේ.

අපේ පක්ෂයේ අනිත් අයටත් වඩා එතුමාගේ නමටයි ඈඳිලා තිබුණේ ඇල්වතුරත් නිවලා බොනවා කියා. එතුමාට යම් ගැටළුවක් ඇති බව අපට සමග කිව්වේ නෑ. නික්ම යන්නට පෙර දින රාත්‍රියේදිත් අපි මුණ ගැහුණා. නමුත් ඔහු නික්ම යන බවක් හෝ ගැටළුවක් ඇති බවක් කිව්වේ නෑ.

තමන්ට හීලෑ නැති කෙනෙක් හීලා කර ගැනීම සඳහා වර්තමානයේ මුලින්ම පාවිච්චි කරන්නේ කැරට්. ප්‍රතිපාදන, වරදාන, වරප්‍රසාද පාවිච්චි කරනවා. එයින් බැරි වුණොත් පවුල්වල උදවිය හරහා බලපෑම් කරනවා. එහෙම ගොදුරු කර ගන්න බැරිවුණොත් වේවැල පෙන්වන්න බලනවා. බොරු චෝදනා පැමිණිලි හරහා කොහොමද කොටු කරන්නේ බලනවා. මෙය නැති කරන්න නම් මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.‘



අදහස් (0)

‘ගම්මන්පිල ඇල්වතුර බිව්වෙත් නිවලා‘

බන්දුලද සිල්වා අම්බලන්ගොඩ Wednesday, 17 December 2014 05:54 PM

ගම්මන්පිලගේ මුහුණ බැලුව පෙනෙන්නේ නැද්ද කාගේ හරි කරපිටින් ගොඩ යන්න බලන කෙනෙක් බව? (නදී)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 17 December 2014 05:56 PM

වෛරී දේශපාලනය කරන්නේ කව්ද කියල ලංකාවම දන්නවා. (නදී)

:       0       0

සොනාලි අල්විස් Thursday, 18 December 2014 05:14 AM

හෙළ උරුමය සිත්ගන්නා නමක් වගේම එහි ප්‍රතිපත්ති ගැනද ජනතා කැමැත්තක් තිබුණා. එහෙත් එහි ප්‍රධාන පෙළේ පුටුවක සිටි රතන හාමුදුරුවන් විසින් පුද්ගලිකව ඉදිරිපත් කළ කිසියම් අදහසක් පසුව එය එම පක්ෂයේ අදහසක් බවට පත්කරගෙන හෙළ උරුමය රජයෙන් ඉවත්වීම කණගාටුදායක සිදුවීමකි. නමුත් රතන හිමියන් සහ චම්පික මහතා විසින් හෙළ උරුමය ගෙනගොස් නතරවුයේ කොතනදැයි තේරුම්ගත් ගම්මන්පිල මහතා තම පක්ෂයට උරුම වූ ප්‍රතිපත්ති බිලිදෙන්නට සිදුවන බව දත් නිසා පුනරාගමනයක යෙදීම සහ අලුතින් පක්ෂයක් බිහිකිරීමට කටයුතු කිරීම රටට යහපතක් සිදුවනු දකින්නට කැමති මහජනතාවගේ ආශිර්වාදයට ලක්වන්නේය. නීති පන්සිල් රකින නිර්මාංශ ගම්මන්පිල මහතාගේ අවංකබව නිසා නිශාන්තලා කලබල වී ඇත්තේ කුමක් නිසාදැයි පැහැදිලිය. සියල්ල උපේක්ෂාවෙන් බලන්න. (නි)

:       0       0

අනිල් රෝහණ Wednesday, 17 December 2014 06:03 PM

ගඟේ ඉන්න කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. ගෙදර හිටපු හුණා චුක් චුක් චුක් ගාද්දි කිඹුලා කෑවට වඩා අමාරුයි රිදෙනවා කියන්නේ මේකට තමා මහත්තයෝ (නදී)

:       0       0

නන්දසේන Thursday, 18 December 2014 05:42 AM

අනේ මන්දා අපි කාගෙ පැත්තද ගන්නෙ කියලා (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 December 2014 06:53 PM

මමත් ඔයාලට ඡන්දෙ දාපු කෙනෙක්. අද මට ලජ්ජා හිතෙනවා ඔයාලව විශ්වාස කරපු එක ගැන. යහ පාලනය කියා කියා කොහොමද ඔයාල රනිල් , චන්ද්‍රිකා වගේ අයත් එක්ක ඉන්නේ ? අපිව පාවල දුන්න කියලයි මම නම් කියන්නේ. බොරු කරන්න එපා ආණ්ඩුවට පනින කට්ටිය නෙවි සල්ලි අරන් තියෙන්නේ මට පේන විදියට. ගම්මන්පිල නීතිඥයෙක් නේද ? (නදී)

:       0       0

උයන්ගොඩ Wednesday, 17 December 2014 08:09 PM

උදය ගම්මන්පිල මහතාටත් ප්‍රශ්න ඇති. ඔහු සෝවාන් වුණ කෙනෙක් නොවන නිසා ඔහුට දොස්කීමෙන් පලක් නැත (නි)

:       0       0

කොචාහිල් Wednesday, 17 December 2014 09:10 PM

අන්තිමට කොහොමහරි බෞද්ධයන්ට තිබුණු එකම පක්ෂයත් කැඩිලා ගියා. අපිට අසාධාරණයක් වෙනකොට දැන් ඉතින් කාටද කියන්නේ? (නි)

:       0       0

ආනන්ද Thursday, 18 December 2014 01:41 PM

රුපියල් සීය ගත්තේ මොකද දන්නවද? එතකොට පගා ගත්තාම ඒවා මහජනයා දීපු මුදල් කියල කියන්න පුලුවන්නේ (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 19 December 2014 03:09 AM

හිතන්න මිනිසුනේ. මේක තීරණාත්මක මොහොතක්. (නි)

:       0       0

සෙත්මි Wednesday, 17 December 2014 10:38 PM

කාවද? විශ්වාස කරන්න පුළුවන්.?(හේ)

:       0       0

සුරංග Wednesday, 17 December 2014 11:17 PM

අපෙන් ගත් රුපියල් සීය අපි දුන්නේ කන්නවත් දෙයක් ගන්නේ නැතුව. සියල්ලට පෙර අපගේ ණය ගෙවන්න බැරිද? (නි)

:       0       0

සරත් පියසේන Thursday, 18 December 2014 07:17 AM

තමන් නිර්දෝෂ නම් කිසිවක් වෙනස්කළ යුතුද? (නි)

:       0       0

නිමල් Thursday, 18 December 2014 12:29 AM

ඒක ඉතින් එයාගේ කැමැත්තනේ. අපි මොකටද කලබල වෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 18 December 2014 12:40 AM

ඔබතුමාලට ඔය කියපු දේවල් වලින් මොනවද ලැබුණේ? (නි)

:       0       0

නිරෝෂ් Thursday, 18 December 2014 07:42 AM

මාගේ පෞද්ගලික අදහස නම්, මේ පාලන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී කිව්වාට ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙනෙන්න ඇත්තේ නැත. අහිංසක සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙන එකම පිළිසරණ වන පොලිසිය හා උසාවිය දෙශපාලනීකරණය වී ඇත. එම නිසා ඔවුන්ට කිසිම පිළිසරණක් නැත. ගම්මන්පිල මහතාගේ වෙනස්වීම පිළිබඳව මට කිසිවක් අනුමාන කළ නොහැක. ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය තීරණයක් කිව්වත් ඔහු ඒ බව සාකච්ඡා කළබවක් කොතැනකවත් කියා නැත. හෙළ උරුමයට මතයක් හෝ ඉදිරිපත් නොකර ඔහු හිටිහැටියේ ඉවත් වී තිබේ. අප කරන සියල්ලේ හොඳ, නරක, එසේ කිරීමට හේතුව අපේ හිත දනී. ලෝකයටම බොරු කළත් කවදාවත් අපිට, අපේ හිතට බොරුකර පළා යා නොහැක. (නි)

:       0       0

ඉමාන් Thursday, 18 December 2014 01:13 AM

සමහරු තමන්ගේ තනතුරු වලින් අස්වෙලා තම මත පවසනවා. තවත් කොටසක් තමන්ගේ තනතුරු රැකගෙන අදහස් දක්වනවා. කවුරුන්ද ඇත්ත කියන්නේ ? (නි)

:       0       0

විමලදාස Friday, 19 December 2014 04:30 AM

1977 උනෙත් ඔය ටිකමයි. (නදී)

:       0       0

සමන්ති Wednesday, 17 December 2014 01:42 PM

ආර්ථික ගැටලුවක්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

දුමින්ද Thursday, 18 December 2014 01:54 AM

උදය පක්ෂය හැරගියාට කමක් නැහැ. රටේ මිනිස්සු හරි තීරණයක් ගනී. හරිම කළකිරීමක් තමයි අපිට ඇතිවෙන්නේ (නි)

:       0       0

ලාල් Wednesday, 17 December 2014 01:56 PM

සහතික ඇත්ත (නදී)

:       0       0

දුශාන් Thursday, 18 December 2014 08:13 AM

මම දැක්කා ගම්මන්පිල මහත්තයා මතට තිත තියන්න මල් වට්ටියකුත් අරන් පන්සල් යන පින්තුරයක් අන්තර්ජාලයේ. (බ)

:       0       0

මධුක Thursday, 18 December 2014 08:14 AM

මේක තමයි මහින්දගේ තියරිය. අනෙත් පක්ෂ වලින් කට්ටිය කඩලා අරන් ඔවුන් ලව්වා වෙන වෙනම පක්ෂ ඇති කරන එක. ඒක එයාගේ ගමනට සුබදායකයි. ශක්තිමත් ප්‍රධාන පක්ෂ තියෙනකොට ඒක එයාගේ ගමනට බාධාවක්. උදාහරණ වශයෙන් විමල් වීරවංශව වෙන් කර ජනතා විමුක්ති පෙරමුණ දෙකට කැඩීම, මුස්ලිම් කොන්ග්‍රසය දෙකට කැඩීම, වතු දෙමල පක්ෂ දෙකට කැඩීම, වමේ දේශපාලන පක්ෂ දෙකට කැඩීම, එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩීම, දැන් අලුතින්ම හෙළ උරුමය දෙකට කැඩීම පෙන්වා දෙන්න පුළුවන්. සල්ලි වලට වහ වැටෙන මිනිස්සු මේ උගුලේ වැටෙන එක නවත්වන්න බැහැ. ශක්තිමත් විපක්ෂයක් නැති කොට ජනතාව හැටියට අපි අසරණ වෙනවා, (බ)

:       0       0

තිලක් ඩුබායි Thursday, 18 December 2014 08:15 AM

"මානුෂිය මෙහෙයුමක්" පාවල දෙනවා කියන්නේ "හෙන" ගහන අපරාධයක්. (බ)

:       0       0

ප්‍රබාත් ‍ Thursday, 18 December 2014 02:14 AM

නුඹ ගැන අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

විමුක්ති Wednesday, 17 December 2014 02:26 PM

මේ දවස් වල හරි ප්‍රශ්ණ (නදී)

:       0       0

පද්මිණී Wednesday, 17 December 2014 02:27 PM

දැන් ඔබ තුමන්ලා ආණ්ඩුවෙන් එලියට ඇවිල්ලා රනිල්, චන්ද්‍රිකා, අසාද් සාලි, මංගල වගේ අය එක්ක හිට ගත්තේ ප්‍රතිපත්තිමය කාරණාවකට වෙන්ට ඇති නේද ? (නදී)

:       0       0

අනුෂා Wednesday, 17 December 2014 02:34 PM

ලබන ඡන්දෙට නම් රුපියල් 100 කෑලි එකතු කරන්න ඕන වෙන එකක් නැති වේවී. (නදී)

:       0       0

ලාල් Thursday, 18 December 2014 02:50 AM

ජාතික හෙළ උරුමයටත් එහි සාමාජිකයින්ටත් අපට තිබෙන්නේ විශ්වාසයක් හා ගෞරවයක්. උදය ගම්මන්පිල වර්තමාන දේශපාලනයේ බිහිවුණ වෙනස්ම චරිතයක් වුණා. හරිම කැතයි. (නි)

:       0       0

නාවින්න Thursday, 18 December 2014 02:52 AM

ගම්මන්පිල මහතා හෙළ උරුමයෙන් ඉවත්වන බව කිවයුතු අයට දන්වා තමයි පැමිණෙන්න ඇති. (නි)

:       0       0

ආනන්ද Thursday, 18 December 2014 02:54 AM

ඔයා හරි පද්මිණි. රනිල් අගමැතිතුමාට ජයවේවා!! (නි)

:       0       0

මහනාම Wednesday, 17 December 2014 02:49 PM

ලැබුනු කෝටි ගානෙන් අර ගත්තු 100 ඒවා ටික දීලා හිටියා නම් ඉවරයිනේ (නදී)

:       0       0

ඇසිලින් Friday, 19 December 2014 10:15 AM

අනේ යන්න අනේ යන්න..... (නි)

:       0       0

අශෝක රලපනාව Wednesday, 17 December 2014 02:49 PM

ගම්මන්පිල මහත්තයට දුන්න අහංසක ඡන්දය මට එපා. ඒත් මගේ රුපියල් 100 ආපසු මට ඕනේ. නැත්නම් මම නඩු දානවා (නදී)

:       0       0

රණසිංහ Thursday, 18 December 2014 02:57 AM

ඔය කතාකරන මහත්තයලා ගැනත් අපිට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. කොහොමහරි අපුරුවට තිබුන පක්ෂය නැතිවුණා (නි)

:       0       0

අසංක Thursday, 18 December 2014 03:11 AM

යනවා එනවා... අපි තමා රැවටෙන්නේ (නි)

:       0       0

ගයාන් Wednesday, 17 December 2014 03:02 PM

ඔය කට්ටිය ගේ නායකයත් සිරිසේන මහත්තයත් ආවේ ඔහොම නේ (අ)

:       0       0

චරිත Wednesday, 17 December 2014 03:06 PM

ගම්මන්පිල ආපු කාපු ගියපු විදිහ නෙමෙයි වැදගත් ඔහු ගියේ ඇයි කියලා හිතලා බලන්න. අද ඔබලා ඉන්නේ කිසිම විදිහකට ගැලපෙන කට්ටියක් එක්ක නෙමෙයි.(හේ)

:       0       0

ස්ටැන්ලි Thursday, 18 December 2014 03:31 AM

මතට තිත තියන්න ගියාද දන්නේ නෑ!(හේ)

:       0       0

ලංකා Wednesday, 17 December 2014 03:07 PM

වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහ ගන්නවා වගේ මෙයාලගේ කතා,ගම්මන්පිල හිටපු ඇමති තුමා ඕක ඇතුලට ගියාට පස්සේ දැක්කේ ඇතුලේ තියෙන ගිවිසුම් ටික,ඔබ තුමා ආයෙමත් අපු එක නම් උගත් තීරණයක් ,ජයවේවා.(හේ)

:       0       0

ධනුක Wednesday, 17 December 2014 03:09 PM

8 වෙනිදට ආඬි හත්දෙනාගේ කැඳ හැලියේ මුකුත්ම නෑ...හෙළ උරුමයටත් හුලන් ඡන්ද දායකයන්ටත් හුලන් තමයි.(හේ)

:       0       0

සසික Wednesday, 17 December 2014 03:19 PM

ගල් ලෙන දැන්වත් වහන්න. නැත්නම් ඔක්කොම ගිහින් තියේවි. (හේ)

:       0       0

පබා Thursday, 18 December 2014 10:20 AM

Rs. 100 = මන්ත්‍රී නම් Rs100000000 = මහ ඇමති ද? (නදී)

:       0       0

තිලක් Wednesday, 17 December 2014 03:35 PM

නිදහස් සන්දානයත් එක්ක ඔබතුමන්ලා මෙතෙක් කල් ඉන්නකන් ඔය දුක දැනුන් නැහැ නේද ? රනිල් මහත්මයා මොන දුකක් විදින්න ඇතිද? රනිල් මහත්මයා මීට පෙර කිව්වෙත් ඔය ටිකම තමයි.(හේ)

:       0       0

තරංග Wednesday, 17 December 2014 03:36 PM

මේ ඔක්කොම හොරු හැමදාම රවට්ටන්නේ අහිංසක අපි.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 18 December 2014 10:29 AM

ගම්මන්පිල මහත්තයට රුපියල් 100 දුන්න කියල කෙනෙක් කියනවා නම් එ්කේ තේරුම ඔහු පහු ගිය බස්නාහිර පළාත් සභා ඡන්දය තෙක් සන්ධානයේ ගමන් මගත් ජනාධිපති තුමාවත් පිළිගත් වගයි. එහෙම පිළිගත් කෙනෙක් මාස කීපයක් ඇතුලත සන්ධානය අත් හරින්න තරම් තද බල හේතුවක් අපිට නම් පේන්නේ නැහැ. ගම්මන් පිල මහත්තය කලේ තමන් ගත් 100 ට සාධාරණය ඉටු කිරීමක්. ඔයා මේ තීරුවේ 100 දුන්න කියන කියන කිසි කෙනෙක් එතුමාට 100 දීපු අය නෙමෙයි. එතුමාගේ තීරණය නිවැරිදි බව 9 වෙනිදට වැටහේවි. හෙළ උරුමය දැන් මිය ගිය පක්ෂයක්. 9න් පස්සේ පාන්ෂකුලය දෙන එක පමණයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

අරුණ Thursday, 18 December 2014 04:00 AM

හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියන කියමන මතක්වුණා මට (නි)

:       0       0

දිලිප් Thursday, 18 December 2014 04:03 AM

පන්සිල් රකින දැහැමි සමාජයකට ගම්මන්පිල මැතිතුමාට ආසිරි.!!!!! (නි)

:       0       0

සමන් Thursday, 18 December 2014 04:03 AM

අපි නම් දැනගෙන හිටියා එයා පනින බව. (නි)

:       0       0

ශිරෝමි Thursday, 18 December 2014 10:41 AM

නිරෝෂ් ගේ මතයට මාත් එකගයි. (ර)

:       0       0

සඳුනි Wednesday, 17 December 2014 04:17 PM

අනේ බලන්නකො පවුකාර දේශපාලනයේ හැටි.(හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 17 December 2014 04:24 PM

දැන් බයවෙන්න දෙයක් නේ. (හේ)

:       0       0

සමන් Thursday, 18 December 2014 04:10 AM

එයා ගියේ ඇයි කියලත් අපි දන්නවා (නි)

:       0       0

සමරේ-ගාල්ල Thursday, 18 December 2014 10:04 PM

ගම්මන්පිලට ලබන ඡන්දයේදී සිදුවන දේ ඉර හඳ වගේ විශ්වාසයි. (නි)

:       0       0

කමනි Thursday, 18 December 2014 04:12 AM

"ගම්මන්පිල" කියන්නේ පිලෙන් පිලට ගමන් කරන එකටද මන්දා. අහිංසක ජනතාවගෙන් රුපියල් සීය බැගිනුත් ගත්තනේ.නේද? (නි)

:       0       0

සුනිල් Wednesday, 17 December 2014 04:29 PM

දැන් බලපුවම හෙළ උරුමේත් වෛරී දේශපාලන මගට වැටිලා වගේ. අරහෙන් චම්පක මහතා පුපුරනවා මෙහෙන් මෙයා.(අ)

:       0       0

සමිඳු සහන් Thursday, 18 December 2014 04:23 AM

ඇල්වතුරත් නිවලා බොනවා යැයි ගම්මන්පිල මහතාට උපහාසයට හෝ අපහාසයට කියනවා නම් මම ඒ ගැන සතුටු වෙනවා. ඉන් එතුමාගේ පිවිතුරු බව සහ පිළිවෙල ගම්‍ය වන බවයි මා දකින්නේ. හෙළ උරුමය හරහා දේශපාලනයට පිවිසි ගම්මන්පිල මහතා දේශීය හා ජ්‍යාත්‍යන්තර දේශපාලනය ගැන පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකාවේ දේශපාලනය ගතානුගතිකබවෙන් මුදවා මහජනයාට නව දර්ශනයක් දෙමින් නිවැරදි මාවතකට ගෙන යා හැකි ප්‍රබුද්ධ ගණයේ දේශපාලනඥයකු බව අවිවාදයෙන් පිළිගත යුතුයැයි සිතමි. (නි)

:       0       0

යසලාල් Thursday, 18 December 2014 04:24 AM

මෙතන ගොඩක් අදහස් සම්පූර්ණ ඇත්ත (නි)

:       0       0

රෙජි Thursday, 18 December 2014 04:35 AM

නිශාන්ත මහත්තයෝ, ලැජ්ජා වෙන්න ඕනෑ කාලය දැන් ඉවරයි. කරුකාකර ගම්මන්පිල මහතාගේ අලුත් පක්ෂයට එන්න. ඒක නින්දාවට කරුණක් නොවෙයි. දේශපාලන භූමියේ මිතුරන් හෝ සතුරන් නැහැ. සියල්ලෝම කරන්නේ රැකියාවක් පමණයි. (නි)

:       0       0

පාලිත Wednesday, 17 December 2014 04:59 PM

දැන් ඇල්වතුරත් තව කූල්කරලා බොන්න (නි)

:       0       0

ජයලාල් Thursday, 18 December 2014 04:54 AM

ගම්මන්පිල මහත්තයා ගිහිල්ලා තියෙන්නේ රට සුරකින ලද නායකයා ළඟටයි. එතුමා ළඟ යම් යම් වැරදි තිබුනත් නිවැරදි පිලට ඇවිල්ලා තියෙනවා. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 18 December 2014 05:08 AM

කළගුණ සළකන අය ජාතික හෙළ උරුමය පක්ෂයට කළගුණ සළකන හැටි තමයි මේ. කවදාහරි අහිංසක අපිටත් ඔය ටිකම තමයි. හරිම කැතයි. පවුකාර වෛරී දේශපාලනයට රටේ මිනිස්සු හරි තීරණයක් ගනී. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 543 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 423 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 522 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 708 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1005 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site