විසි වසරකට පෙර ත්‍රිකුණාමල කුමාරම්පුරම් ගම්මානයේ 24 දෙනකුට වෙඩි තබා ඝාතනය කළැයි අධි චෝදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරු හය දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදස් කිරීමට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පැවැති ජූරි සභාව අද තීරණය කළේය.
ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි.
උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.
විත්තිකාර හමුදා සාමාජිකයන් විසින් මරා දැමුණු බව කී 24 දෙනා අතර මව, පියා, දරුවන් සහ ඥාතීන්ද වූ බව නඩු විභාගයේදී කියැවිණි.
නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව ඉදිරිපත් කර තිබිණි.
නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම්මුන් 24 දෙනකු මැරීමේ නඩුවෙන් හමුදාව නිදහස්
සුගත් Wednesday, 27 July 2016 10:46 PM
දිලංක, මෙතන මහින්දවාදින් කියලා බේද ඇතිකරන්න එපා. මිනීමරපු මරාගෙන මැරෙන කොටින්ට ජනාධිපති සමාව දුන්නා නම් මේ නඩුවෙන් හමුදා සාමාජිකයින් නිදහස් වීම ගැන සන්තෝෂ වෙන්න. (නි)
විමල හිමි Thursday, 28 July 2016 08:00 AM
මෙහි ප්‍රශ්නයක් පැන නඟිනවා මට. ඒ මිනිසුන් මරණයට පත්කළේ කවුරුන්ද කියා (නි)
සුසිල් Thursday, 28 July 2016 12:03 AM
දිලන්ක, පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න අං එනවද කියලා (නි)
සුගත් Thursday, 28 July 2016 01:41 AM
රණවිරුවෝ නිදහස්වීම දිලංක වගේ අයට දුක්වීමට හේතුවක්. (නි)
ඉන්දු Thursday, 28 July 2016 01:58 AM
චෝදනා සියල්ල ඔප්පු වී තිබියදීත් ඔවුන් නිදහස් කරලද? එහෙම නැත්නම් මේවා බොරු චෝදනාද? (නි)
ලුම්බිණි Thursday, 28 July 2016 02:08 AM
මියගිය අය සාමාන්‍ය මිනිසුන් නම් කොහොමද හමුදාවේ අය නිදහස් වුණේ? මම මේ නොදන්නා නිසයි අහන්නේ
දිලංක Thursday, 28 July 2016 09:48 PM
සුගත්, සුසිල්, නැහැ මම මේ කියන්නේ දැන් අධිකරණය ස්වාධින නැහැ කියලා අඬන කෑගහන කට්ටිය මේ පිළිබඳ මුනිවත රැකීමයි (නි)
විපුල Thursday, 28 July 2016 03:42 AM
මෙය හොද තීරණයක්.(ම)
සජිත් Thursday, 28 July 2016 05:03 AM
පුදුමාකාර දුක් විඳගෙන ජීවත්වුණ මිනිස්සු (නි)
චන්න බුවනක Wednesday, 27 July 2016 02:36 PM
එතකොට කොටින් මරපු කුඩා දරුවන් හාමුදුරු වරුන් ඇතුළු ජනතාව . ඒ අය මරපු අය උසාවියට ගෙනෙන්නේ නැත්ද? (අ)
දිලංක Wednesday, 27 July 2016 03:37 PM
මේක මහින්ද වාදීන්ට හොද ආරංචියක් නෙමේ. දැක්කේ නැහැ වගේ යනවා. ඕක තමයි ඉතින් ඔවුන්ගේ දේශපාලනය (බ)
ශශී Friday, 29 July 2016 04:18 AM
ත්‍රස්තවාදියත් රණවිරුවත් සමානද? ත්‍රස්තවාද කල්ලියත් රජයත් එකක්ද? දැන් ඒ මිනිසුන්ව ඇත්තටම මැරුවේ කව්ද? (නි)
ලංකා Wednesday, 27 July 2016 03:43 PM
රණ විරුවෝ හිරේ දානවා කියල බොරු බේගල් ගහපු කට්ටිය මොකද දැන් කියන්නේ ? නඩු කියල සියලු චෝදනාවලින් නිදොස් වුණා (බ)
චන්දන ගමගේ Wednesday, 27 July 2016 03:53 PM
ත්‍රස්තවාදය විනාශ කරනකොට ත්‍රස්තවාදයත් එක්ක අහිංසක මිනිස්සුත් විනාශ වෙන්න පුලුවන් ඒකෙ සම්පූර්ණ වගකීම ත්‍රස්තවාදය අතේ. (බ)
ශ්‍රීලාල් Wednesday, 27 July 2016 04:40 PM
එතකොට ප්‍රභාකරන් ගම්මාන කීයක් සමූලඝාතනය කළාද? බෝම්බ තියලා කී දෙනෙක් මැරුවාද? සංඝරත්නයත් ඝාතනය කළා. ඒවාට කිසිම නඩුවක් තිබුනෙත් නැහැනේ. ඒවා ඇත්තටම සිදුවුණු දේවල්. (නි)
රංග Wednesday, 27 July 2016 08:13 PM
මේ චෝදනා යට ගහන්නේ නැතුව නීතිමය ප්‍රතිපාදන මගින් විසඳන්න ඕනෑ. එතකොට කාටවත් නැවත ප්‍රශ්න කරන්න බැහැ. කිසිකෙනෙකුත අතපොවන්නත් බැහැ (නි)