IMG-LOGO

2025 ජනවාරි මස 13 වන සඳුදා


ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි

(වසන්ත චන්ද්‍රපාල, ෂේන් සෙනෙවිරත්න සහ එච්.ඒ.ඩී ඥාණසිරි)

ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග  පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.

පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකද නවාතැන් ගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම සිසුවියගේ කිසිදු විරෝධතාවයක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්‍ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවයක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.

කෙසේ නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස්‌ කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යාම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය.

 



අදහස් (7)

ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි

බකල ජයා ද කිඩ්නැපර් Monday, 13 January 2025 11:17 AM

සිසුවියගේ පවුලේ අයව මරාදමන බවට තර්ජනය කරල, ඇයව පාලනය කෙරුවද කියල බලන්න. පවුලේ අයට කරදරයක් වෙයි කියල බයට සමහර වින්දිතයින් මෙහෙම හැසිරෙනවා. ටෲ ක්‍රයිම් ස්ටෝරීස් වල මෙවැනි සිදුවීම් ඕනතරම් බලන්න පුළුවන්. ඇයගේ ජීවිතයට හානියක් වෙයි කියල කියන හැමදේටම එකඟ වුනා වෙන්නත් පුළුවන්. පරීක්ෂණක් කරල නිගමනයකට එන්න, උගත් පොලිස් මහත්වරුනී.

:       1       10

රම්බොඩ Monday, 13 January 2025 11:33 AM

පරිණත නොවූ සැළසුමක් වගේ. . පැනලා ගිහින් ජීවත් වෙන්නත් දෙමාපියන් ගෙන්ම සල්ලි ගන්නයි හදලා තියෙන්නේ. පේන විදිහට පිරිමියා අපතයෙක් වගේ. ඒ නිසා ගැහැනු ළමයගෙ අනාගතය දුක්ඛ දයෙක විය හැකියි. මේවා හොඳ පාඩම් තරුණ ගැහැණු දරුවන්ට. පරිස්සමෙන් තීරණ ගන්න ඕන. වැරදුණොත් ආයෙ හදාගන්න බැරිවෙනවා.

:       3       6

ජිල්බුMonday, 13 January 2025 01:43 PM

මොකක්ද මොකක්ද මේ වැරදුනොත් ආයෙ හදන්න බෑ කියන්නෙ? ගල් යුගේද තාම ඉන්නෙ?

:       0       0

Lalla Monday, 13 January 2025 12:23 PM

කෙල්ලගේ සැලැස්මක්... දෙමාපියන්ගෙන් කොල්ලකාල කොල්ල එක්ක යන්න ගහපු සැලසුම වෙන්න බැරිද ? දැන් බාගෙට වැඩිය කෙල්ලෝ දෙමාපියන්ට කොකා පෙන්නගෙන ඉන්නේ...

:       3       6

ජිල්බු Monday, 13 January 2025 01:45 PM

ෂර්ලොක් බොන්ඩ්, මේ ටිකට ඔක්කොම හොයාගත්ත නේද?

:       0       0

dasun Monday, 13 January 2025 01:11 PM

"මේ වගේ සිදුවීම්වලට නඩු අවසන් වන තෙක් ඇප ලබා ගත නොහැකි ලෙස නීති සංශෝධනය කල යුතුය."

:       3       7

ජිල්බු Monday, 13 January 2025 01:56 PM

දසුන් මටත් යෝජනාවක් තියෙනවා. "ඇප" වගේ ලඟින් යන වචනෙ ඒව ලාච්චුවෙ දාන්න යෝජනා කරනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කුම්බමේලා සමරන්න ඉන්දියාව සුදානම්
2025 ජනවාරි මස 13 13 0

ලොව වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගී වන කුම්බමේලා හින්දු ආගමික උත්සවය අද (13) ආරම්භ වෙයි. මිලියන 400 කට වැඩි හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 27 0

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක


අසාදු ලේඛන ඖෂධ චෝදනාව ගැන පරීක්‍ෂණයක් කරනවා
2025 ජනවාරි මස 13 239 0

අසාදු ලේඛණගත සමාගමකින් ඖෂධ ආනයනය කිරීමට සූදානම් වන්නේ යැයි එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාතංශයේ ලේකම්


ජනපති අද චීනයට
2025 ජනවාරි මස 13 298 2

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.


රන් මාල කැඩු හිටපු පී සී ඇතුලු තුනක් මාට්ටු
2025 ජනවාරි මස 13 315 0

මහ මග ගමන් ගන්නා ජනතාවගේ ගෙල බැද තිබූ රත්‍රන් මාල කැඩීමේ නිරතව සිටි හිටපු කොස්තාපල්වරයෙක් ඇතුළු තිදෙනකු කොල්ල කා විකුණා තිබූ රන් භාණ්ඩ සහ මුදල් තොගයක


ලොස් ඇන්ජලීස් ළැවි ගිනි 24 ක් බිලි ගනී
2025 ජනවාරි මස 13 356 0

ලොස් ඇන්ජලීස් ළැව් ගිනි තව දුරටත් දරුණු වෙමින් පවතින බවත්, මේවනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 24 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. ළැව් ගිනිවලට හසුවී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 166 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 538 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 286 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site