IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි

(ආරියරත්න  රණබාහු)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ  නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සතුව ඇතැයි කියන වාර්තාව දින තුනක් ඇතුළත ලබා දෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත  හේරත්  මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී ඉල්ලා සිටියේය

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට ප්‍රසිද්ධ කර නොමැති වාර්තා   ප්‍රසිද්ධ කිරීමට සතියක කාලයක් ලබා දෙන බවත්  එසේ නොවුවහොත් තමා ඒවා ප්‍රසිද්ධ කරන බවත්  ගම්මන්පිල මහතා පෙරේදා පැවති මධ්‍ය හමුවකදී කළ අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

අමාත්‍යවරයා එහිදී  කියා සිටියේ  රජයට ලබාදි ඇති වාර්තා  සම්බන්ධයෙන්   නිසි ආකාරයෙන්  කටයුතු කරන බවය

ඔහුට මෙම වාර්තා ලැබුණේ කෙසේදැයි පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරයා පැවසීය

ගම්මන්පිල  මහතා පාස්කු  ප්‍රහාරය මූලික කරගත් ආණ්ඩුවක්  බලයට පත් කිරීම කිරිම  සදහා වේදිකාවල නොයෙකුත්  දේ පවසමින්  ජනතාව මුලාකළ අයෙකු  බවත් එම ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයකු ලෙස කටයුතු කළ අයෙකු බැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා ළඟ තිබි අදාළ වාර්තා සොරකම් කරන්නට ඇතැයි සැක සිතෙන බවත්ය

කෙසේවෙතත් ඔහු ළඟ ඇතැයි කියන එම වාර්තා මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද  කි ඇමතිවරයා   මෙපමණ කාලයක් එම වාර්තා සඟවා තබා ගැනීම  බරපතළ වරදක් බවද අවධාරණය කළේය. 



අදහස් (2)

ගම්මන්පිල පාස්කු වාර්තා සොරකම් කළාදැයි සොයන්න යයි

යෝගා Tuesday, 15 October 2024 05:39 PM

ගම්මන්පිලගේ ප්‍රශ්නය වෙනම බලාගන්න. පිටු අතුරුදන් වගේ බොළඳ කෙප්ප ගහන්නේ නැතුව ඡන්දෙට කලින් පොරොන්දු වෙච්චි විදියට වාර්තාව මුළුමනින්ම ප්‍රසිද්ධ කරන්න...! 

:       13       30

Sampath Tuesday, 15 October 2024 06:22 PM

හරිනේ අමාරුව...

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 2 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 81 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 39 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 179 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


ජෛව සම්පත් රැස් කළ රුසියානු සිසුන් දෙන්නාට කෝටි 11 ක දඩයක්
2024 ඔක්තෝබර් මස 15 273 0

සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුල්වි මෙරටට ආවේනික ජෛව සම්පත් රැස් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි සිසුන්


දැදුරුඔය ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 15 123 0

දිවයිනට බළපා ඇති වැසි තත්වය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණ ඇති දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අද (15) දහවල් සිට විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු එම්.ජී


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1460 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site