IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ගම්මන්පිල, පිල්ලෙයන්ගේ නීතිඥයා වීම ගැන නලින්ද කතා කරයි

(ෂේන් සෙනෙවිරත්න)

පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.

අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පැවැති හිස තෙල් ගැල්වීමේ ජාතික මහෝත්සවයට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

ගම්මන්පිල මහතා මේ රටේ නඩු කතා කරනවා මීට පෙර ජනතාව දැක නැහැ. නමුත් පිල්ලයන් තම නීතිඥයා හැටියට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලව. ගම්මන්පිල බාරගෙන තිබෙන්නෙත් පිල්යන්ගේ නඩුව. මේවා නිකම්ම නිකම් දේශපාලන ඝාතන නොවේ. මේවා මහා ජාලයක් ඇතුලේ ක්‍රියාත්මක වී තිබෙන දේවල්. එම නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් පවතිනවා.

මේ වන විට අල්ලස් කොමිසම සක්‍රීය වී පසුගිය කාලයේ යටගොස් තිබූ ෆයිල් උඩට ගනිමින් තිබෙනවා. වැරදිකරුවන්ට නඩු පවරමින් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ඔවුන්ගේ කටයුතු ආරම්භ කරමින් නඩු පවරමින් අධිචෝදනා ගොනු කරමින් සිටිනවා. නීතිය පැත්තෙන් කළ යුතු සියලු දේවල් ඊට සම්බන්ධ ආයතන මගින් සිදුකරමින් පවතිනවා. රජය මඟින් සිදු කරනු ලබන්නේ ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි.

 



අදහස් (19)

ගම්මන්පිල, පිල්ලෙයන්ගේ නීතිඥයා වීම ගැන නලින්ද කතා කරයි

රම්බොඩ Wednesday, 16 April 2025 05:01 PM

කොටි ත්‍රස්තවාදය තුරන් කිරීම ගැන නම් ලොකු අමාරුවක් මෙයාලාට තියෙන වග කවුරුත් දන්නවා.

:       46       51

Suranga Premasiri Thursday, 17 April 2025 04:00 PM

එහෙම වෙන්න ඕනෑනේ... මොකද LTTE කියන්නේ උතුරේ ත්‍රස්තයෝ JVP කියන්නේ දකුණේ ත්‍රස්තයෝ (ගමේ භාෂාවෙන් කිව්වොත් එක වල්ලේ පොල්) දෙගොල්ලන්ම කලේ රට බෙදාගෙන කන්නද කියලා හිතෙනවා. ඉතින් බලාපොරොත්තු කඩවුණාම ඔහොම දේවල් කියැවෙනවා... ඇති. ඕකට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා...

:       3       1

Nandana Wednesday, 16 April 2025 05:41 PM

දොස්තර දන්න දෙයක් කතා කරන්න.

:       39       46

SL Wednesday, 16 April 2025 05:50 PM

මනුස්සයෝ, යුද්දේ කරපු අය දන්නවා. කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් රජයට කොයිතරම් සහායක් දුන්නාද කියලා. ඔබලා යුද්ද කරන කාලේ කැලේ රිංගලා ඉඳලා දැන් පොර ටෝක් දෙනවා. යකෝ FBI රිපෝට් එක බලන්න. ඔබලා හිතන් ඉන්නවා නම් සහරාන්ලා රාජපක්ෂලා වෙනුවෙන් මැරෙන්න සෑදී පැහැදී හිටියා කියලා... ඒ තියෙන ගොන් මොළවල තරම. දැන් කිසිම දෙයකින් සැනසෙන්නේ නැති කාදිනල්ව සනසන්න 21ක ට කලින් බිත්තරයක් දාන්නම ඕනේ හින්දා, ඔය කරන ගොන් විහිළුව නවත්තපල්ලා. තොපිට තියෙන ආර්ථික, සමාජීය ප්‍රශ්න ටික තේරෙනවා නම් මෙලහකට ඒවාට අත ගහලා. අමුඩ ගහගෙන වී මිල අඩු කරපියවූ, හාල් මිල අඩු කරපියවු කියපු අයට පිස්සු, නුඹලා විශ්වාස කරලා ඡන්දෙ දුන්නු අපිටත් පිස්සු...

:       49       51

රතේ Wednesday, 16 April 2025 06:30 PM

ගම්මන්පිල නියඟලා වැලක්. වැලයි මලයි (කථාවයි පෙනුමයි) ලස්සනයි. ඒත් උග්‍ර විසයි. එක සැරේම අඳුරගන්න අමාරුයි.

:       24       34

dds Wednesday, 16 April 2025 06:53 PM

ඇත්ත එලියට එනවාට බය කව්ද? ඒ අයට තමයි පහුගිය කාලේ වෙච්චි ඒවා හංගන්න අවශ්‍යවෙලා තියෙන්නේ...

:       12       44

සකියම Wednesday, 16 April 2025 06:53 PM

මම අහන්නේ, පිල්ලෙයාන් අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ, යුද්ධය වෙනුවෙන් දීපු සහයෝගය නිසාද? නැතිනම් ඉන් පසුව සිදුවූ කාරණයක් නිසාද? යුද්ධයේ ජයග්‍රාහී පාර්ශවයට සහයෝගය දුන් පලියට වෙනත් අක්‍රමිකතා/ දූෂණ/ මිනීමැරුම් සාධාරණීකරනය වෙන්නෙ නෑනේ. ඒවාට දඬුවම් අනිවාර්‍යයි. යුද්ධය ඉවර කළ පලියට මහින්දලා මේ රටට කළ විනාශය සාධාරණීකරණය කරන්න බෑ වගේම තමයි.

:       17       42

හසක Wednesday, 16 April 2025 07:27 PM

ගම්මන්පිල වගේම මෙතැන සමහර අයත් කලබල වෙලා. මේ අත්අඩංගුවට පත්වෙලා ඉන්නේ පැහැරගෙන ගිහින්, අතුරුදහන් කිරීමක් සම්බන්ධව නේද...? ගම්මන්පිල බයවෙලා ඉන්නේ පාස්කු කුමන්ත්‍රණකාරයෝ එළිවෙන එක ගැන. මේක වෙන එකක්. උසාවියට වැරැදිකාරයෙක් විදිහට විතරක් ගිහින් තියෙන මෙයාලු මුරලිදරන්ගේ නීතිඥයා.

:       25       31

කෞෂිThursday, 17 April 2025 08:14 AM

අර සමහර අයට උපන්දින දෙකක් තියෙනව වගේ, මේ අයට නම් තුන හතරක් තියෙන හින්දා නම වැරැදුණා නේද?

:       2       5

රුවන් Wednesday, 16 April 2025 07:37 PM

පොලිස්සියේ 600ක් මරලා පටන් ගත්තු පිල්ලෙයාන් දැන් සමහරුන්ට ජාතික විරයෙක්ලු... පැත්ත හැරෙන්න කලින් සිංහල මිනිස්සු දහස් ගාණක් මැරුවාට සමාව දෙන්න පුළුවන්ද?

:       22       38

Upul Thursday, 17 April 2025 02:26 AM

මරනවා බලන් හිටියද? දැන් ඕවා අතීත කතා...

:       4       1

RanduThursday, 17 April 2025 07:21 PM

බේරිල පැනගත්තු දෙතුන් දෙනෙක් තාම ජීවත්වෙනවා. බලන් ඉන්න අවශ්‍ය නැහැ, අත්දැකීම තියෙන අය තමයි කියන්නේ.

:       1       3

pjThursday, 17 April 2025 04:43 AM

ඕවා මොනවාද..? තමන්ට විරුද්ධ වූ දසදහස් ගණනක් කුරීරු ලෙස ඝාතනය කළ මිනීමරු රැළකට රටම බාරදුන් බුද්ධිමතුන් හැට අට ලක්ෂයක්ම යහතින් ඉන්නේ තවමත්...!

:       4       1

Upul Thursday, 17 April 2025 02:24 AM

ජෙප්පෝ වයිරය විතරයි දන්නේ. මෙයා කියන්නේ පිල්ලෙයාන් කළා කියලා... ගම්මන්පිළ අනුබල දුන්නා වගේ කතාවක්. මොවුන්ගේ උගත්කම සමාජ වෛරය. අනේ මන්දා... මේ රටට මොන කරුමයක්ද මේ ජෙප්පෝ...!

:       4       1

nodanna Thursday, 17 April 2025 02:47 AM

කතන්දරේ හරියට තේරුම් ගත්තට පස්සේ 'හින්දු ආගමික පිල්ලියාන්' විසින් 'කොටි පල්ලිය' විනාශ කරන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටික කළා. ඒ කාලේ, සමස්ථ මහා වැඩ වර්ජන කැඳවලා, අයවැය පරද්දලා, ආණ්ඩුව ඇද වට්ටන්න උත්සාහ කළ 'කොටි පල්ලියේ දේශපාලන නඩයට', පිල්ලියාන්ව විනාශ කරන්න වුවමනාවක් තියෙන බව පැහැදිලියි. මේ සිද්ධ වෙන්නේ ඒකයි. මේ රටේ දේශපාලනය හසුරුවන්නට උත්සාහ කරන බෞද්ධ විරෝධී බලවේගවල ක්‍රියාකාරකම් තාමත් නොතේරෙන (කියලා දුන්නත් නොතේරෙන) බුද්ධි හීනයින් ගැන මොනවා කරන්නද?

:       4       1

himal Thursday, 17 April 2025 09:23 AM

යම් චූදිතයෙකු වෙනුවෙන් යම් නීතිඥයෙක් පෙනී ඉන්නවා කියන්නේ ඒ නීතිඥයා කරන්නේ වරදක්ද නැත්නම් තමන්ගේ වෘත්තියද?

:       7       1

Deepal Nirosh Thursday, 17 April 2025 09:39 AM

මෙතැන ගැටළුව පිල්ලෙයාන්වත් ගම්මන්පිලවත් නලින්දවත් මහමොළකරුවෙකුවත් නොවෙයි. එයාලා තම දේශපාලන දිවිය ගැටගහගෙන ඉන්න මොනවා හරි කියනවා කරනවා. හැබැයි ඉතින් මෙහෙම හරි එක්කෙනෙක් දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන ජාත්‍යන්තර වික්‍රමයක් නො පෑවොත් ඔය අයවැය වලින් කාට කාටත් දීපු සහන පඩි වැඩිවීම් තාවකාලිකව අත්දිටුවන්න වේවි. 2028 වෙන්න තව අවුරුදු තුනයි. වැඩිය නැහැ...

:       5       1

Rasika Thursday, 17 April 2025 12:40 PM

නලින්ද ඔය වගේම ඉන්සියුලින් නැති එක ගැනත් කියන්න. පිල්ලෙයාන් පිට දාලා ඒවා වහන්න එපා.

:       12       5

ගුණරත්න Thursday, 17 April 2025 01:15 PM

රටේ ප්‍රශ්න අනන්තවත් තියෙනවා, අත්‍යාවශ්‍ය ජීවිතාරක්ෂක ඔසු 3ක් හිඟයි, ඉන්සියුලීන් හිඟයි, එත් සුව ඇමතියා තමාට අදාළ නැති පිල්ලෙයාන් ගැන කතා කරනවා.

:       11       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1106 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 851 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 351 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1064 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1100 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 680 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 67 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site