(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා ඇති සියළුම උදා ගම්මාන වල මෙතෙක් සින්නක්කර ඔප්පු නොලැබුණු 34,000කට හිමිකම් ඔප්පු දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පැවසීය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ කාලයේ සිට නිවාස අමාත්‍යවරුන් ආරම්භ කළ උදා ගම්මාන 1,255ක පවුල් 34,000ක හිමිකම් ඔප්පු ලබා දීම ලබන වසර මැද වනවිට අවසන් කරන බවයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතිවල ඉඩම්වල අයිතිය ඇත්තේ විවිධ ආයතන සතුව බවත් මේ වනවිට ඒ ඉඩම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම සිදු වෙමින් පවතින බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා මේ බව කීවෙි රන්දොර උරුමය නිවාස හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගම් උදාවලටත් සින්නක්කර ඔප්පු
විජිත් Monday, 15 July 2024 04:45 PM
ඡන්ද අල්ලස් !!! ඇයි මේ හදිස්සියේම? පහුගිය කාලෙම නිකම් පුටු රත්කර රත්කර, පිනට කකා ඉඳලා දැන් හදිස්සියේම... කෝල් කළාද? පසුගිය කාලේ තාවකාලිකව නවත්වපු පළාත් පාලන මැතිවරණයට පනවපු මැතිවරණ නීති රීති අවලංගු නැහැ. ඒ බව මැතිවරණ කොමිසම කිහිප වතාවක්ම දැනුම් දුන්නා. ඔය "මුට්ටි අල්ලන" කොන්ද පණනැති සට්ටැඹි නිලධාරින් ටිකක් ප්‍රවේසම් වුනේ නැත්නම් සමහරවිට කූඩුවට යන්නත් පුළුවන්.
Bamunuarachchi Monday, 15 July 2024 05:32 PM
බදියුදීන් රක්ෂිතය කපලා හම්බ සෙට් එකට බෙදපු ඉඩම් වලටත් සින්නක්කර ඔප්පු දෙනවද?
Prabha Monday, 15 July 2024 07:41 PM
දැන් තාත්තට ගේ උගසට තියලා කසිප්පු ගහන්න පුළුවන්
Oppu laabi modaya Tuesday, 16 July 2024 01:10 AM
ෂාාා. නියමයි අපි රනිල්ට තමයි ඡන්දේ දෙන්නේ