IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගායකයාට ගැහුවේ නෑ අවවාද කළා

බොරැල්ල වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගාවලියෙන් පසු පැවති සංගීත සන්දර්ශනයේදී තමා ගායක සමන් ද සිල්වාට පහර නොදුන් බව දකුණු පළාත් කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ මහතා කියයි.

සමන් ද සිල්වා වේදිකාවේ සිට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාට අපහාස වන අයුරින් කතා කළ බවත්  ඔහු කළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා බන්ධනාගාර නිලධරයකු අත පණිවුඩයක් යැවු බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු කියයි.

තමා ඇමැතිට අපහාස වන අයුරින් කිසිවක් නොකී බවත් දෙදෙනකුට පහර දුන් බවට පැමිණි ලැබී ඇති බවත් බොරැල්ල පොලීසිය කියයි.

ගායකයාගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු පසු වේදිකාවට නැඟ ඔහුට අවවාද කළ නමුත් පහර නොදුන් බවත් ඇමැති සඳහන් කරයි

තමාට සමන්ද සිල්වා පරුෂ වචනයෙන් බැන වැදුණු බවත් තමා ඒ බව කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කළ බවත් පවසයි.

 



අදහස් (0)

ගායකයාට ගැහුවේ නෑ අවවාද කළා

ජීවක Sunday, 01 December 2013 07:38 PM

කුසුම් පිංවත, බුදුන් වහන්සේට උන අපහාසය මොකක්ද රන්ජිත් පින්වතාගෙන්?(නදී)

:       0       0

ෂේන් Monday, 02 December 2013 03:33 PM

ගහපු තැනටම යන්න ලෑස්ති වෙන්න (නදී)

:       0       0

අනු Monday, 02 December 2013 09:18 AM

කඹුරුපිටිය පොලීසියට පැමිණිල්ල බාරගන්න පුලුවන්ද ? ඕක බොරැල්ල පොලීසිය ට අයත් කලාපයක් නේද ?එතකොට සමන් ද සිල්වා මහත්මයාට ගුටි කාලා කඹුරුපිටිය පොලීසියටත් යන්න වෙනවද ? (නදී)

:       0       0

පොරමොලා -බින්තැන්න Sunday, 01 December 2013 07:56 PM

ගැහුවේ නෑ නේ පැටියෝ...ගහන්න හැදුවටත් බය උනාද? (නදී)

:       0       0

එදිරිසංහ ඉන්දික Sunday, 01 December 2013 08:07 PM

ගායකයා වෙනත් පක්ෂයක සංවිධායකයෙක් නේද? (නදී)

:       0       0

කුසුම් Sunday, 01 December 2013 08:09 PM

ආ....! මා මේ දකින්නේ සප්නයක්ද මහ රජ තුමෙනි? නුගත් නරයින් සියලු දෙනා විදේශ ගතව සිටින මෙවන් උත්කර්ෂවත් සමයක, උගතුන් හා කුලවන්තයින් පමණක් අප භුමියේ වාසය කරන මෙවන් වකවානුවක, මෙය අප පුරෝහිත තුමා අපහසු තාවයකට පත් කිරීමට ඇටවූ උගුලක් විය නොහැකිද? සුපිරි ස්ටාර්ලා දුසිම් ගණනින් පරිපුර්ණ මේ පින්වත් පුරයකට පරණ සින්දු කාරයින් ගෙන් අපට කිනම් පලක් ද ස්වාමිනි? මේ සිරිලක් පුරේ, මේ මනරන් සමේ, උපදින්න මතු වාසනා....... (නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 01 December 2013 08:16 PM

සමහර කලාකාරයෝ කඩේ යනවා.....තවත් සමහර කලාකාරයෝ කොන්ත්‍රාත් කඩ දාගෙනම ඉන්නවා....බිස්නස් එකත් සරුයි......මෙතැන කලාකාරයින් කලාකරුවන්ගේ වැඩ කරන්නෙත් නෑ....දේශපාලඥයෝ තමන්ගේ වැඩ විතරක් බලාගන්නෙත් නෑ....(නදී)

:       0       0

දෙව්මිත් විතානගේ Sunday, 01 December 2013 08:18 PM

ඔය හරි රංජිත් මිනිස්සුන්ට තේරුම් කරන්න මොලයක් තියෙන්න ඕනේ. මමත් නියම බෞද්ධ යෙක්. මේ ගායකයාට සිල්වාට කරපු වැඩේ සම්පූරණ නින්දා සහගතයි. නීතියෙන් දඬුවම් කරන්න(නදී)

:       0       0

නිරන් Monday, 02 December 2013 09:39 AM

ඇයි තමුන් ලොකු අප්පාද මේ ගායකයාගේ. මේ ගොල්ලන්ට දැන් තෙල් වැඩිවෙලා තියෙන්නෙ. (ස)

:       0       0

චමි Sunday, 01 December 2013 08:31 PM

හොද වෙලාවට ඇමති තුමාට කඹුරුපිටියට ගියාම කියපු දේවල් මතක් උනේ. ඒකනේ ඒ පොලිසියට පැමිනිල්ලක් දැම්මේ.(නදී)

:       0       0

දයා Sunday, 01 December 2013 08:32 PM

රටේ වැඩියෙන්ම වැරදි කරන අය, ඒ වගේම වැරදි කරලා නීතියෙන් ගැලවෙන්න හැකියාව තියෙන සහ බලය තියෙන අය උපදෙස් පමණක් දීම අපේ රටේ නොවන දෙයක්. දෙයියෝ දනී මම නොදනී. (නදී)

:       0       0

අජිත් Sunday, 01 December 2013 08:43 PM

මෙවැනි අයට ඡන්දය දුන් අය ඔළුව අතගාලා බැලුවා නම් හරි අන් තියෙනවද කියලා.(නදී)

:       0       0

අසංග Monday, 02 December 2013 09:48 AM

අවවාද කරන්න ඇමතිතුමා නඩුකාර තුමාද...?(නදී)

:       0       0

මිනිපෙ Monday, 02 December 2013 09:50 AM

අනේ.. බින්දු අයියා හරි හොදයි. එයා අවවාද කලා පමනයි. නදී)

:       0       0

තබුක් සිල්වා Sunday, 01 December 2013 08:54 PM

සමන් ද සිල්වා කෙලින් කතා කරන පුද්ගලයෙක්.(නදී)

:       0       0

රුවන් Thursday, 05 December 2013 12:56 PM

ඇති ගුටිකාලා බේරුනා.නැත්තම් සුදු වෑන් එකකින් අරන් ගියා නම් මොකද වෙන්නේ.මෙයාලා ඔක්කොම එක වගේ, එයාලා හිතන්නෙ එයාට ගිය රට කියලා. (ස)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 10:13 AM

දේසපාලුවන්ගේ හිතේ මේක ඒ අයට ගිය රටක් කියලා. (ස)

:       0       0

ප්‍රසාද් පීරිස් Monday, 02 December 2013 10:14 AM

දෑත් ශක්තිමත් කරන්න ගිහින් වෙච්ච දෙයක්. සමන් ගේ දෑත් ශක්තිමත් කොට මොන කෙහෙල් මලකටද මෙයාලගෙ දෑත් ශක්තිමත් කරන්න ගියෙ? අන්න ජිප්සිස් සුනීල් පෙරේරා වගේ තැන තියාගෙන සින්දුවෙන්ම දෙන්න ඕන ලජ්ජා නැති දේශපාලකයන්ට."වැලිකඩ හිර ගෙදෙරදී ඔබ ගුටි කෑවත් ඉන්දියාවේ එහෙම වෙන්නේ නෑ" (ස)

:       0       0

තබුක් සිල්වා Sunday, 01 December 2013 09:26 PM

රට දවසින් දවස පිරිහෙන්නේ සුදුසු කමක් නැති දේසපාලුවන් නිසයි. ඔය පළාත් සබා ක්‍රමය රටින් තුරන් කරන්න ඕනෙ. (ස)

:       0       0

ෂෙරිෆ් Sunday, 01 December 2013 09:29 PM

සමන්ද සිල්වා මහත්මයා සමාව අරගන්න එක නුවණට හුරුයි. දන්නවනේ අපේ වර්තමාන දෙසපාලකයන්ගේ හැටි. ආයේ ජිවිතේට සින්දුවක් කියන්න කට අරින්න ලැබෙන්නේ නැහැ. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 02 December 2013 10:26 AM

ගුරුතුමාගේ අවවාදය නම් හොඳයි. නමුත් කනට කොඳුරලා කිව්වා නම් කනට ගහන්නේ නැතුව. හනික මතක තබා ගන්න ගුරුතුමා ඔබතුමාගේ විදුහල්පතිතුමා වැදගත් පුද්ගලයෙක් මේ වගේ හැසිරීම් තුලින් එතුමාගේ නම්බුවටක් කැලල්ලක් වෙනවා. (ස)

:       0       0

රානේ Sunday, 01 December 2013 09:55 PM

කලාව ජනතාව වෙනුවෙනි. දේශ පාලකයෝ ජනතාව වෙනුවෙනි. එනිසා කලාව දේශපාලකයෝ වෙනුවෙනි. කලාකරුවෝ කලාව වෙනුවෙන් නොවීම කණගාටුවට කරුණකි.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 01 December 2013 09:58 PM

ප්‍රමුඛ, ඔබේ අදහසට මම 100% ක් ම එකගයි.(නදී)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 01 December 2013 10:02 PM

රජිත් ඉතාලි .ඔබ හරි.බුදු හාමුදුරුවෝ ජීවතුන් අතර හිටියා නම් මේ වෙනකොට අම්බානට අපේ දීසපාලුවන්ගේ ගුටි කාල.නීතියෙනුත් නිදහස් වෙලා ඉවරයි.දැක්කේ නේද හාමුදුරු කෙනෙක් කපල කොටලා මරපු පාපතරයෙක් මේ ළගදී නීතියෙන් නිදහස් වෙලා ලස්සනට ගෙදර ගිය හැටි. (ස)

:       0       0

අනු Monday, 02 December 2013 04:21 PM

නිරන් මම සමන් ද සිල්වාගේ ලොකු අප්පා නෙමේ ,නමුත් ඔහු මේ රටේ ඉන්න දක්ෂ කලාකරුවෙක්. නිරන් තමුන්ලා වගේ අය තමයි මේ වගේ ලජ්ජා නැති දේශපාලකයන්ට අත්පොඩි ගහලා බලය ලබාදෙන්නේ . (නදී)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 01 December 2013 10:04 PM

ලංකාවේ දේසපාලුවන් අතින් කහඉර මත දී හැප්පිලා මලත්, මරුන අසරණයා වැරදී.ඒ දේසප්‍රේමීන් පාරේ යනකොට පාර මාරු වීමට ගිය නිසා... (ස)

:       0       0

සුභාෂ් මාතර Monday, 02 December 2013 04:28 PM

සුවර් එකටම කට කැඩිච්ච කතාවක් කරන්න ඇති. දකුණේ අයට අසාධාරණයක් කොතැනදී උනත් පේන්න බෑනේ. (ස)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 01 December 2013 10:06 PM

රාධා, ඔබේ අදහස 100% ක් සත්‍යයි.ජෝන් ද සිල්වා රඟහල බිමට සමතලා කලත් මුනිවත රකින මේ කලාකරුවන් ගැන තවත් මොන කතාද? (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Monday, 02 December 2013 10:45 AM

ඔක්කොම කියෙව්වා. මෙයා බින්දුවටම බැහැලා........!!! (ස)

:       0       0

මාධවී Tuesday, 03 December 2013 08:53 AM

මෙයට උදැල්ලක් අතට දීලා මොනවා හරි වවන්න කියන්න ඕනේ. යනවා මෙතන අවවාද දෙන්න. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Monday, 02 December 2013 11:06 AM

මෙතැනදී සමන්ද සිල්වා මහත්මය නිවැරදියි කියල හිතෙනවා.මොකද දේශපාලුවෝ කියන්නේ අද චන්ඩි කොටසක්, (ස)

:       0       0

අජිත් Sunday, 01 December 2013 10:39 PM

මුන් ඔක්කොම කටුවැල් බටු පඳුරු වගේ.යන යන තැන පැටලෙනවා. (ස)

:       0       0

රෝහිත Sunday, 01 December 2013 10:50 PM

ගොවියෝ ටික ඒ අයගේ පලදාව විකුණගන්න බැරිව වහ බොනවා. මෙයා ගායකයන්ගේ වැඩ සහ බන්දනාගාරේ වැඩ වලට අත දානවා.(නදී)

:       0       0

කුසුම් Sunday, 01 December 2013 11:04 PM

අනේ! ජිවක උපාසක තැන මම දන්නෙම නැතිව පිං ගොඩ දෝරේ ගලලා . දැනුයි දැක්කේ, බලාගෙන ගියාම වරදවා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැහැ මළයෝ. (හැබැයි ඒ පිනත් මගේ නමින් කලින් අදහස දාපු එකාටම තමයි ඉතින් ) (නදී)

:       0       0

අන්ස්ලම් Monday, 02 December 2013 11:14 AM

වහාම වැඩ තහනම් කරන්න තියෙන්නේ. පරික්ෂණ කරනකම්. සමන් ද සිල්වා කියන්නේ අපේ රටට ආඩම්බරයක්. (ස)

:       0       0

වික්‍රමසිංහ Monday, 02 December 2013 11:58 PM

අපි එය හොඳින් දනිමු (නි)

:       0       0

සරත් Sunday, 01 December 2013 11:37 PM

මෙයා වතුරත් නිවල බොන්නේ. අම්මපල්ලා මිනිස්සු කියන කතා. එයා විතරක් නෙමේ අපේ ඇමති මණ්ඩලේ ගොඩක් අය එහෙම තමා. සමහරු තමන්ම ගැට ගහගෙන අහිංසක ඇමතිලට මඩ ගහනවා. සමහර මේජර්ලා ඔලුව කුඩු කරගෙන ගහපු කෙනා අමතක වෙනවා. ඔයා ගායකයාටත් ඔය වගේ අවුලක් තමා.(නදී)

:       0       0

චින්තක Sunday, 01 December 2013 11:38 PM

දකුණු පළාත් කෘෂිකර්ම ඇමති බොරැල්ලේ බන්ධනාගාරේ කරන්නේ මොනවා ද ? ඒ මදිවට පැමිණිල්ල කඹුරුපිටියේ ? (නදී)

:       0       0

ඉන්දික Sunday, 01 December 2013 11:56 PM

ඇයි අවවාද දෙන්න මෙයා පොලිසියෙන්ද ? මෙයා විනිසුරුවෙක්ද?(නදී)

:       0       0

අමිල Monday, 02 December 2013 11:36 AM

කනේ හිටපු මදුරුවෙකුට ගැහුවේ .. ඇයි අවුල් ද? (ස)

:       0       0

නීල් Monday, 02 December 2013 05:23 PM

මට හිතෙන දේ මට මෙතන කියන්න බැහැ (නි)

:       0       0

උපාලි Monday, 02 December 2013 12:08 AM

ශිරානි අහනව වගේ මෙයාට ගායකයාව හදන්න කවුරුවත් බලය දීල තියෙනවද? සුදු රෙද්ද ඇඳගත්තහම මේ ගොල්ල හිතනවා තමන්ට ඕනෑම දෙයක් කරන්න දිව්‍යමය බලයක් ලැබෙනවා කියලා. නිහතමානී මිනිසෙකු වන ගජදීර ඇමතිතුමා ඔතන හිටියා නම් ඔය කියන කිසිදෙයක් ගණන් ගන්නේ නැති වෙයි. එතුමාගෙන් ලකුණු ටිකක් දාගන්න හිතෙන්න ඇති මෙයාට. (නදී)

:       0       0

වික්‍රමසිංහ Monday, 02 December 2013 12:10 AM

ගානකට සිටියොත් ඇගට ගුණය.(නදී)

:       0       0

බුවා Monday, 02 December 2013 12:36 AM

මෙයත් යු.එන්.පි . එකේ ඉදලා පැනපු කෙනෙක් නේද? (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 02 December 2013 12:38 AM

මස්කට්ට දිගේ ඇදිල යනවා සිතම පිරිලා.(නදී)

:       0       0

සිරි බිරිස් Monday, 02 December 2013 12:42 AM

අපි කන ළඟ ඇත ගෑවා විතරයි. කව්ද කියන්නේ අපි ගැහුවා කියලා. මට මතක තියෙන අතීතයත් උඹට මතක නෑ. ගුටි කෑවෙත් කලාවකට නේ. මතක නෑ.(නදී)

:       0       0

මනෝ Monday, 02 December 2013 12:48 AM

දෙයියෝ සාක්කි. මම ගැහුවේ පතෝල කරලකින් නේ. රිදුනේ නෑ නේද පැටියෝ. කරල පහට කැඩුනා .සොරි අනේ.(නදී)

:       0       0

අල්විස් Monday, 02 December 2013 12:03 PM

මොකද මල්ලි? විසඳගන්ටම බැරි ප්‍රශ්නයක් නම් විතරක් මට කියන්ට. (ස)

:       0       0

චාමික Monday, 02 December 2013 12:07 PM

ප්‍රමුඛ ඔබ හරි. කලාකාරයෝ නලාකාරයෝ වුනාම ඉතින් ගුටි කකා ඉන්න වේවි කියල හිතන්න තිබුනේ නලා කාරයෝ වෙන්න කලින්. (ස)

:       0       0

රම්සි Monday, 02 December 2013 12:07 PM

ලංකාවටම අර අහවල් ඇමති වගේ එක් කෙනෙක් හිටියම හොඳටම ඇති! (ස)

:       0       0

රම්සි Monday, 02 December 2013 12:15 PM

හි.... හි ............. මට නිකන් කිචි වගේ .! (ස)

:       0       0

පැංචි Monday, 02 December 2013 01:13 AM

සිංදුකාරයට ගහලා චන්ඩියෙක් වෙන්නද යන්නේ? (නදී)

:       0       0

සත්‍යා Monday, 02 December 2013 01:27 AM

අනේ රටකට ගිය කල. මිනිසුනේ හිතපල්ලා අපේ රටේ දේසපාලනය අපිව ගෙනියන්නේ කොහෙටද කියලා ...... (ස)

:       0       0

රණසින්ංහේ Monday, 02 December 2013 01:52 AM

දැන් මේ දේශපාලනයින්ට මොකද වෙලා තියෙන්නේ. මොවුන්ගේ මේ බලපුලුවන්කාරකම් නැවැත්තුවේ නැති නම් රටට ශාපයක් වෙනවා.(නදී)

:       0       0

එරංග Monday, 02 December 2013 12:54 PM

සමන් ද සිල්වා එහෙම කිව්වා නම් වැරදියි. ඇමතිතුමා පොඩ්ඩක් යු ටියුබ් ගිහින් බලන්න බලවත් රටවල්වල ජනදිපතිතුමන්ලා , ජෝකෙර්ල එක්ක එක වේදිකාවේ කතාකරන්නේ. ඔබතුමන්ලාට කරන්න හොඳයි කිව්වම නරකයි. (නදී)

:       0       0

කරාපිටිය ජයලත් Monday, 02 December 2013 02:17 AM

මේ මිනිස්සු ගැහුවත් කියන්නේ ගැහුවේ නැහැ කියලා. දෙනෝ දාහක් මැද ඔක්කොම වෙන්නේ. සාක්කියට මිනිස්සු එන්නත් බයයි. නිතිය කැළේ වැදිලා. දේශපාලන හොර තක්කඩි නිසා . අනේ අපේ රටට ගිය කලක්.(නදී)

:       0       0

චන්දන ගමගේ - මාතර Sunday, 01 December 2013 04:52 PM

ඇමති තුමා දන්නවනේ දේශපාලකයො සමාජයේ හැසිරෙන හැටි. ඉතින් දේශපාලකයෙක් ටිකක් ජනප්‍රිය කෙනෙකුට රවලා බැලුවත් ඇති ලෙඩක් වැටෙන්න. ඉතින් කවුරු හරි වැරදි දෙයක් කළොත් හොඳම දේ තමයි ඉල්ලං කන්නෙ නැතිව නීතියට වැඩේ බාර දෙන එක. දේශපාලකයොම තමයි තමන්ගේ ප්‍රතිරූපය විනාශ කරගෙන තියෙන්නෙ.(නදී)

:       0       0

මනෝ Sunday, 01 December 2013 04:54 PM

දෑත් ශක්තිමත් කරන්න ගියාට හොඳ වැඩේ (නදී)

:       0       0

දර්ශා Sunday, 01 December 2013 04:57 PM

කෘෂිනර්ම ඇමතී තුමා ගොවීන්ගේ ප්‍රශ්න සම්පූර්ණයෙන් විසදලා නේද තියෙන්නේ?බන්ධනාගාර වැඩවලට අත දාන්න ඉස්සෙල්ලා තමාගේ රාජකාරීය කරනු.(නදී)

:       0       0

ගජබා Sunday, 01 December 2013 05:01 PM

මේ අය ඇයි මේ වගේ මෝඩ වැඩ කරන්නේ? (නදී)

:       0       0

නිරංජලා Sunday, 01 December 2013 05:02 PM

අද ලංකාවේ බහුතරයක් කලාකරුවෝ තමන්ට සිතු පැතු සම්පත් ලබාදෙන සුරබි දෙනක් බවට දේශපාලකයන්ව පත් කරගෙන ඉන්නේ. හැබැයි මේ සම්පත් දුක් විදින ජනතාවට අයිති ඒවා කියා නිකමටවත් ඔවුන්ට හිතෙන්නේ නැහැ. මේ නිසා තමා කලාකරුවෝ මෙන්ම කලාකාරියෝ කිසිම හිරිකිතයක් නැතුව මේ අය වෙනුවෙන් කඩේ යන්නේ. (නදී)

:       0       0

සේන Monday, 02 December 2013 03:10 AM

මහජන ඡන්දෙන් පත්වෙච්චි නුගත් මිනිස්සු හිතාගෙන ඉන්නේ උන් තමයි සර්ව බලධාරී දෙවිවරු, අනිත් අය නික්ම නිකන් වහල්ලු කියලයි. ඔතන වැරැද්ද ඔය දේශපාලකයින්ගේ ගතිගුණ සාරධර්ම නොබලා පක්ෂේයි පෞද්ගලික වාසියයි පමණක් සලකලා උන්ට ඡන්දෙ දෙන මිනිස්සුන්ගෙයි.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 05:19 PM

බන්ධනාගාරය ළඟම වුන නිසා දෙන්නාම එතනින්ම දක්කන්නනේ තිබුනේ? (නදී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 03 December 2013 05:39 AM

අනුන්ට අවවාද දෙන්න නම් හසල බුද්ධියක් අවශ්‍යයි නේද? (නි)

:       0       0

රාධා Sunday, 01 December 2013 05:19 PM

දැන් ලංකාවේ සංවේදී හදවතක් නැති බොහෝ කලාකාරයෝ,මෙන්ම නලා කාරයොත් දේශපාලකයන්ගේ ඔඩොක්කුවේ. සමහරු ප්‍රශස්ති ගයනවා. සමහරු ඉතිහාසය විකෘති කර ප්‍රබන්ධ කතා ගොතනවා. මේ සියල්ලම කරන්නේ ආත්ම ලාභය උදෙසා. ජෝන් ද සිල්වා රගහල බිමට සමතලා කලත් මුනි වත රකින මේ කලාකරුවන් ගැන තවත් මොන කතාද? පරාක්‍රම නිරිඇල්ල වැනි කලාවට සැබවින් ආදරය කරන අදීන කලාකරුවන් අතලොස්සක් ද නැතුවා නොවේ. (නදී)

:       0       0

ප්‍රියන්ත Monday, 02 December 2013 06:47 PM

මම දකින විදියට බින්දු මහතා ඉතාම හොද ගති ගුණ තිබෙන කෙනෙක්. (නි)

:       0       0

විමුක්ති. Sunday, 01 December 2013 05:30 PM

මෙයත් අර පසුගිය කලේ කඩේ ගිය ගොඩේ කෙනෙක්ද? ඒ කියන්නේ සංවේදී කලාකරුවෙක්ද? එහෙම නම් අපිට මොකුත් කියන්න බැහැ. නැතුව ස්වාදීන කෙනෙක් නම් පව්. (නදී)

:       0       0

කුමාර් Sunday, 01 December 2013 05:30 PM

මේ තමා ලංකාවේ අර රඟපෑම් කරන අය, (නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Tuesday, 03 December 2013 05:44 AM

සමහරුන්ට දකුණෙෘ්න්මාදය කියන පිස්සුව තදටම වැහිලා. ඔවුන් ලංකාවේ දිග පළලවත් දන්නවද දන්නේ නැහැ. (නි)

:       0       0

බිනර Monday, 02 December 2013 04:31 AM

මේ මොනව කියනවද? ගහල නැහැ අතගාල විතරයි.(නදී)

:       0       0

ප්‍රමුඛ Sunday, 01 December 2013 05:52 PM

මේ දේශපාලකයන් අහිංසක ජනයාට පහර දෙන විට ඔබ වැන්නවුන් ඔවුන්ගේ ගුණ වනමින් ඔවුන්ට ප්‍රසස්ති ගීත ගායනා කළා. එහෙත් අද ඔවුන් ඔබලාට පහර දෙන විට ඒ ජනයා සානුකම්පිතව මෙය හෙළ දකිනවා.. ඒ අතින් රජ බොජුන් සොයා යන නලා කරුවන්ට වඩා මානුෂීය ගුණයෙන් මේ අහිංසක ජනයා පොහොසත්ය.(නදී)

:       0       0

මෙරංචි Sunday, 01 December 2013 05:56 PM

ඒ කියන්නේ කතා කිරීමේ අයිතියක් නැත.(නදී)

:       0       0

සමරසේකර Monday, 02 December 2013 05:53 AM

සතිපට්ඨානය ඔලුවේ උඩ තියා ගන්න තරම් වටිනා දෙයක් තමයි. වචන පාවිචිචි කරනකොට ඒවා පරිස්සමින් යොදන්න සැලකිලිමත් උනොත් හොඳයි.මට හැඟෙන අන්දමට ඔබ සතිපට්ඨානය කියන වචනය පමණක් දන්නා අයෙක් විතරයි. (නදී)

:       0       0

ශිරාණි Sunday, 01 December 2013 05:57 PM

අවවාද දෙන්න මෙයා ගායකයාගේ අප්පච්චිද ? (නදී)

:       0       0

චන්දන Monday, 02 December 2013 05:53 AM

අදත් ලොවේ බොහෝ දෙනෙක් සුරූපී කියලා, හැබැවටම රැවටෙන්නේ විරූපී අය දැකලා, දුටු පමණින් විරුපී යයි අහක නොබලලා, ඇසුරින් ඇය හදුනාගනු කව්රුද කියලා.එහෙම කිව්ව ගායකයාට බැරි උනා මේ අය හරියට හදුනා ගන්න. (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:02 PM

දැන් ඇමති තුමා බයිලා කියනවා. පව්.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Thursday, 05 December 2013 01:24 AM

මට නම් ගහන්න බැහැ කාටවත්. ඒකට ඕස්ට්‍රේලියාවට එන්න වෙනවා! (නි)

:       0       0

සරත් පර්ත් Sunday, 01 December 2013 06:13 PM

ජාතික ඇඳුම ඇඳගත් පාදඩයින් හැම තැනම ඉන්නවනේ.(නදී)

:       0       0

චානක. Monday, 02 December 2013 01:59 PM

මෙයා කියන්නෙ බොරු, සාමාන්‍ය කෙනෙක් කොහොමද ලංකාවේ දෙසපාලුවෙකුට පරුෂ වචනයෙන් මුණටම බනින්නේ? (ස)

:       0       0

මගලී පර්නෑන්ඩු Sunday, 01 December 2013 06:18 PM

තනියම ගහගන්න ඇති අනේ. තමන් තමාට ගහගන්න රටනේ (නදී)

:       0       0

රකිත් Monday, 02 December 2013 06:45 AM

දැන් තමයි තේරෙන්නේ කඩේ යන අයට වෙන දේවල්.(නදී)

:       0       0

අමිල කටුනායක Monday, 02 December 2013 06:48 AM

නමටම ගැලපෙන වැඩේ. (නදී)

:       0       0

රාක්ෂි Monday, 02 December 2013 07:04 AM

බලෙත් එක්ක මේ දේශපාලුවන්ට වෙලා තියෙන දෙයක්. ප්‍රශ්න මෙච්චර තියෙද්දී ඇමති තුමා බයිලා කියන්න ගියාට හොඳ වැඩේ හිනාවුණා එක. විෂ පොහොර දාලා මුළු රටේම පස් වල ආසනික්. වී වතුරේ වැවෙන නිසා වැඩියෙන් හාල් වල තියෙන්නේ. අනිත් හැම දේම විෂ තියෙනවා. මිනිස්සු ලෙඩ වෙලා අඩු වයසින් මැරෙන කොට ජනගහනය අඩුවෙනවා. අප්‍රිකාවේ ආසියාවේ ජනගහනය අඩු කරන එක බටහිර එක වැඩ සටහනක්. කොච්චර මුදලක් මේවට වෙන් වෙලාද ? මේවයි ඇමැතිතුමාල කරන්න ඕනේ. රටේ පස් ටික, වතුර ටික පිරිසිදු කිරීම, පිරිසිදු ගොවිතැන් ක්‍රම කියාදීම , ඒවාට උදවු දීම, මිනිස්සු රැකගැනීම, මේ සේරම පැත්තක තියල මොනවද මේ කරන්නේ? වේදිකාවට නැගල ගායකයෙකුට තර්ජන දාන එක? ඒක පහත්, බියගුළු ක්‍රියාවක් නේද? (නදී)

:       0       0

ලුම්බිණි Monday, 02 December 2013 07:22 AM

මෙය දේශපාලකයන් තවත් තමන්ගේ මැර කම ප්‍රදර්ශනය කිරීමක් පමණි. (නදී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 01 December 2013 06:34 PM

ගායකයන්ට විතරක් නෙමේ බුදු හාමුදුරුවෝ හිටියානම් ඒත් දේශපාලුවන්ගෙන් නම් බේරෙන්න ලැබෙන්නේ නැහැ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 December 2013 02:37 PM

බින්දුවක් ලැබෙන වැඩක් තමා කරලා තියෙන්නේ, අනික මදිනේ දුර මෙය ගිහින් තියෙන පැමිණිල්ලක් දාන්න බොරැල්ලේ ඉඳල, අනික ඉතින් මෙයාට කවුද බලයක් දුන්නේ රටම ආදරය කරන ගායෙකකුට අවවාද කරන්න ? වරද කලානම් ඒකට තමා පොලිසිය තියෙන්නේ, මහත්තයෝ කකුළුවා දගලන්නේ වතුර රත් වෙනකම් විතරයි හොඳේ ! (ස)

:       0       0

කුමාර Monday, 02 December 2013 07:27 AM

කඹුරුපිටිය පොලීසියට පැමිණිලි කරේ ඩෝප් හිදුනෙ ඒ හරියෙදිද දන්නේ නෑ. අනික සින්දු කියන්න ගියානම් සින්දු කියලා එන්නේ නැතිව අනුන්ගේ වත්තේ මායිම් හොයන්න ගියාම මේවා වෙන බව ගායකයොත් දැනගන්න ඕනා. මෙහෙම දේශපාලකයෝ හැසිරෙනවා. ඒ අයටම නැවත ඡන්දෙ දීලා පත්කර ගන්නවා.(නදී)

:       0       0

කුසුම් Sunday, 01 December 2013 06:48 PM

රන්ජිත් අපි ඔබේ ආගමට නිගරු නොකරන නිසා අෂ්ට ලෝක දාතුවේදී නොසැලෙන බුදුන් වහන්සේට අපහාස නොකරන මෙන් ඉල්ලා සිටිමි .(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 06:54 PM

රූකාන්තව මතක් කළා නම් ගහන්න එන්නේ නැහැ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 02 December 2013 08:01 AM

සමන් ද සිල්වා මහත්මයා නිහතමානි කලාකරුවෙක්. ඔහු රටේ ජනතාවගේ රසික හදවත් වල මනාපය ලබාගත් සැබෑ ගායකයෙක්. දේශපාලකයින් මෙන් චණ්ඩිකමින්,තර්ජනයෙන් වංචාවෙන් මනාප අරන් එතැනට ආපු කෙනෙක් නොවෙයි .ඔහුටත් පහර දුන්න නම් බින්දු මහත්තයෝ ඉදිරියේදී ඔහෙටත් බින්දුව හම්බ වෙයි.(නදී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 01 December 2013 07:00 PM

කුසුම් මමත් බෞද්ධ ඒත් ඔයාගේ තේරුම් ගැනීම ගැන මම කණගාටු වෙනවා. ඔයා සති ඵට්ටනේ ඔලුව උඩ තියන් ඉන්නේ (නදී)

:       0       0

උපුල් Sunday, 01 December 2013 07:01 PM

බල්ලෝ දේශපාලනයට ඇවිත් වගේ (නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 01 December 2013 07:12 PM

දැන් මගලීත් බයිලා කියනවා. බයිලා කාරයොත් එක්ක බැරි වැඩ කරන්න යනවට මේවා වෙන්නත් ඕනා.(නදී)

:       0       0

ලලින් Sunday, 01 December 2013 07:33 PM

දේශපාලකයන්ට පුලුවන්ද තමන්ට ඕනේ විදියට අනික් අයට අවවාද දෙන්න? ඔක්කොටම ඉස්සෙල්ලා තමන් හැදිලා ඉන්න ඕනේ.(නදී)

:       0       0

ජයා Sunday, 01 December 2013 07:34 PM

මුණ දිහා බලපුවහ නම් මීට වැඩිය අහිංසක කෙනෙක් කිසිම පළාත් සභාවක නැහැ වගේ පෙනෙන්නේ. (නදී)

:       0       0

සත්‍යයා Monday, 02 December 2013 09:04 AM

" සමහරු ඉතිහාසය විකෘති කර ප්‍රබන්ධ කතා ගොතනවා.." ඉහත සදහන් වැකිය ලිව්වාට රාධා ඔබට මගෙන් මල් මිටක්. එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් ගැන හිතලයි මම එහෙම කිව්වේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 844 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 751 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1022 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1213 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site