මාධ්‍යවේදීන්ට යතුරු පැදි ලබාගැනීමට ණයක් ලබාදීම සඳහා අද පැවැති ආරම්භක උත්සවය පෙරවරු 8.45ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක පෙරවරු 10.45ටද මුදල් ඇමැති රවී කරුණානායක 11.20ට පමණ එහි අවුත් උත්සව සභාව ආරම්භ කළහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ගයන්ත චන්ද්‍රිකාගේ චරිතය රඟපායි : පෙ.ව.10.31
මාධ්‍යවේදීන් සඳහා යතුරු පැදි ලබාගැනීමට ණයක් ලබාදීම නිමිත්තෙන් එහි ආරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවිධානයෙන් අද (12) පෙරවරුවේ කොළඹ 7 ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් මේ මොහොත වනතුරුත් ප්‍රධාන ආරාධිතයන් කිසිවකු එහි පැමිණ නැතැයි මාධ්‍යවේදීහු චෝදනා කරති.
යතුරුපැදි ලබාගැනීමට පැමිණි පිරිසට දන්වා තිබුණේ අද පෙරවරු 9 ට එහි පැමිණ සිටින ලෙසයි. උත්සවය පෙරවරු 9.30ට ආරම්භ වන බව දන්වා තිබිණි. එහෙත් උත්සවය ආවරණය කරන මාධ්‍යවේදීන්හට කියා ඇත්තේ පෙරවරු 8.45ට පමණ පැමිණෙන ලෙසයි. ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ හා මුදල් ඇමැති රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කිරීමට නියමිත වුවත් පැය දෙකකට ආසන්න කාලයක් එහි රැඳී සිටින පිරිස ඇමැතිවරු ඇතුළු ආරාධිත පිරිස් බලාපොරොත්තුවෙන් සිටිති.
එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීහුද පැය ගණනක සිට එහි බලා සිටිති.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියද වෙලාවට වැඩ නොකළ කෙනකු බව එහි රස්තියාදු වෙමින් සිටි මාධ්‍යවේදියෝ කීහ.
ඡායාරූප - ගයාන් අමරසේකර
ඡායාරූප - ජනත් ද සිල්වා
විඩියෝ - ගයාන් අමරසේකර
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගයන්ත මාධ්‍යවේදීන්ට සයිකල් බෙදා දෙයි
කණිෂ්ක Friday, 13 May 2016 06:38 AM
මාධ්‍යවේදීන්ටත් තිබුණේ පරක්කු වෙනවා නම් නැගිටලා එන්නයි (නි)
නන්ද Friday, 13 May 2016 06:54 AM
විදේශිකයින් ගෙන්, විශේෂයෙන් පෙර-අපරදිග දියුණු රටවලින් අපට ආදර්ශයට ගතහැකි හොඳම දෙයක් තමයි, වෙලාවට වැඩ කිරීම.අපි ඒක කරන්නේ සිංහල අවුරුදු චාරිත්‍රවලදී පමණයි. විදේශිකයන්ගේ කැත සිරිත් නම් එහෙම පිටින්ම අපි අනුගමනය කරනවා.(හේ)
සුසන්ත Friday, 13 May 2016 07:01 AM
මේ මෝටර් සයිකල් වලින් මේ අයට දුන්න ලාභය කුමක්ද?(හේ)
නුවරඑළියේ වසන්ත Friday, 13 May 2016 07:14 AM
මේ ආණ්ඩුවේ අයටත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ඒ හැටි වෙලාවක් නැහැ වගේ. වාහන ගන්න, නිල නිවාස හදාගන්න වගේ වැඩ ගොඩක් ඒ අයට තියෙනවනේ. (නි)
සුදේශ් Friday, 13 May 2016 07:16 AM
එයාලා කවදාද හරි වෙලාවට ආවේ? (නි)
විජේසුන්දර Friday, 13 May 2016 07:33 AM
මදෑ ඒ වැඩේ එහෙමවත් කරන්න පුළුවන් වුණා. අනේ අම්මපා මෙහෙමත් දේශපාලකයෝ? (නි)
චානක Friday, 13 May 2016 07:36 AM
කොහොම හරි වැඩේ වුණානේ, ඒ ඇති කියලා දැන් සමහරුන්ට හිතෙනවා ඇති (නි)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 13 May 2016 07:36 AM
වේලාවට වැඩක් කරන්න බැරුව මහජනයා රස්තියාදු කරන ඇමතිවරු මේ යහපාලන රජයේත් ඉන්න බව පේනවා (නි)
සේනක Friday, 13 May 2016 05:09 PM
දිවංගත ප්‍රේමදාස ජනාධිපතිතුමා කාල කළමනාකරණය ඉතා ඉහළින්ම ක්‍රියාවේ යොදවපු ශ්‍රේෂ්ඨ නායකයෙක්. පාන්දර 4.00 ට අවදි වීම එතුමාගේ පුරුද්දක් කරගෙන තිබුනා. ලංකාවේ වෙලාවට වැඩකිරීම නම් මෙලෝ රහක් නැහැ. රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශය මේ අතින් ඉහළ අගයක් ගන්නවා. (නි)
බටගල Friday, 13 May 2016 07:57 AM
කලින් හිටපු කට්ටිය ලැප්ටොප් දෙනකොට කිව්වේ මාධ්‍ය සදාචාරය කෙළෙසනවා කියලා. දැන් බයිසිකල් බෙදනවා. බලනකොට ඔක්කොම එක බෝට්ටුවේද කියලා හිතෙනවා. මේකට උත්සව නැතුව දුන්නා නම් වටිනවා. එ්ත් කිසිම දේශපාලකයෙක් තමන්ට ලකුණු දාගන්න එක අත්හරින්නේ නැහැ. මේක ඉතින් ලංකාවනේ. (නි)
සෑම් Friday, 13 May 2016 08:01 AM
ලෝකයේ කිසිම රටක් මුදල් නොමැති කෙනෙකුට "ණයක්" වැනි දෙයක් ලබාදීමට උත්සව පවත්වන්නේ නැහැ. ලංකාව සදාකාලිකවම තුන්වන ලෝකයේ ඉන්නේ මේ වගේ වැඩ නිසයි (නි)
උපුල් Friday, 13 May 2016 05:23 PM
කොහොමහරි කමක් නැහැ, වැඩේ කළානේ (නි)
නිශාර්ඩ් ප්රීනා Friday, 13 May 2016 08:05 AM
වැඩ කරන වේලාවෙන් භාගයකටත් වඩා වැඩියෙන් නිකන් සිටීම සහ කාලය නිකරුනේ කා දැමීම අපේ රටේ වැඩි පිරිසකගේ ජාතික ලක්ෂණයක් වෙලානේ තියෙන්නේ. !(අ)
මහානාම Friday, 13 May 2016 08:10 AM
අපේ මිනිස්සු මොනදේකත් අඩුපාඩුවක් විතරයි බලන්නේ. මේ කරන දේ හොඳ දෙයක් නේද? මහින්ද මහත්තයත් මේ විදියට යතුරුපැදි ලබාදුන්නා. අඩුපාඩුම බලන්න පුරුදුවෙන්න එපා (නි)
අසංක Friday, 13 May 2016 09:44 AM
මමත් මාධ්‍යවේදියෙක්. අපිට ඕවා එපා. රාජ්‍ය මාධ්‍ය ආයතන වලට සමබරව වැඩ කර ගන්න අවස්ථාව දෙනවා නම් ඕවට වඩා ගොඩක් වටිනවා. (බ)
කමනි Friday, 13 May 2016 09:49 AM
මහානාම, මේ දීම් කරන්නේ මතු පරම්පාරවන් උගස් තියල කියලත් මතක තියාගන්න. (බ)
සත්‍යපාල Friday, 13 May 2016 09:51 AM
"ඔන්න අපි දැන් යතුරු පැදි ගන්න ණයක් දුන්නා. ණයක් කියුවට නිකම් වගේ තමයි.නිකම් දුන්නොත් පගාවක් දුන්න කියල අහුවෙනවා. ඒ නිසා ණයක් දීලා පසුව ඒ නය කපා හරිනවා. ඉතින් මින් පසු අපේ යහපාලන ආණ්ඩුවේ වැරදි වැඩිය ලියන්න එපා.ලියුවත් සැර බාලකරලා ලියන්න " කියන්ඩ ඇති නේද ? (අ)
සාගර Friday, 13 May 2016 10:07 AM
අපෝ ....! මේ ණයක් දෙන්නද මේ තරම් කෑ ගහලා තියෙන්නේ ,මම හිතුවේ මාධ්‍යවේදීන්ට තෑගි දෙන්න හදනවා කියලා . (හේ)
හිරාන් Friday, 13 May 2016 10:41 AM
හැබැයි මාධ්‍යවේදීන්ගේ කටවල් වහන්න නම් ඔය දේවල් වලට හැකියාවක් නැහැ (නි)
ඇන්ජලෝ Friday, 13 May 2016 10:55 AM
මේ වගේ දේවල් රජයෙන් ලබාගත්හම කොහොමද ස්වාධීනව කටයුතු කරන්නේ (බ)
මාලිංග Saturday, 14 May 2016 05:19 AM
කට්ට කාලා හරි මෙහෙම දෙන වෙලාවක අරන් නිශ්ශබ්දව ගියා නම් තමයි හොඳ.
ප්‍රසන්න Friday, 13 May 2016 05:40 AM
අඩුමගානේ තමන්ගෙන් වියදම්වුණ මුදලවත් නැවත ඉල්ලාගන්න බලන්න. (නි)
සුමිත්‍රා බස්නායක Friday, 13 May 2016 06:09 AM
ඇයි ඔහොම කාලය කා දමන්නේ? වෙන දවසක ඇමතිතුමාට එන්න කියලා ආපහු යන්නයි තියෙන්නේ. (නි)
නිල්මිණි Friday, 13 May 2016 06:13 AM
මේ අය ගැන නම් අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)
ලුම්බිණි Friday, 13 May 2016 06:20 AM
ඇමති තියා කවුරු වුණත් හරියට වෙලාවට වැඩක් කරන්න බැරි නම් තව මොනවා කියන්නද? (නි)
නිලංග Friday, 13 May 2016 06:31 AM
මදැයි වෙච්ච වැඩේ... (නි)