(ගයාන් සූරියආරච්චි)
ගොයම් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුලියට ගොයම් කපන දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමකින් පසු ගැටුමකින් අට දෙනකු තුවාල ලබා පුල්මුඩේ සහ ශ්‍රීපුර රෝහල්වලට ඇතුළත් කර ඇතැයි පුල්මුඩේ පොලිසිය පවසයි.
තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ පදවිය ශ්‍රීපුර පදිංචි සිවු දෙනකු සහ පුල්මඩේ පදිංචි සිවු දෙනකු බව පොලිසිය පවසයි.
පුල්මුඩේ ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සදහා පදවිය ශ්‍රී පුර ප්‍රදේශයෙන් පිරිසක් පුල්මුඩේ ප්‍රදේශයට පැමිණ සිටියදී එම ප්‍රදේශයේ පිරිසක් ද ගොයම් කැපීමේ යන්ත්‍ර යොදාගෙන කුලියට ගොයම් කැපීමේ නිතරව සිට ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය වූ දින රාත්‍රියේ ශ්‍රීපුර ප්‍රදේශයේ සිට පැමිණ සිටි පුද්ගලයකු ඔවුන් ගොයම් කපන කුඹුරේ ගොයම් කැපූ බව කියමින් පුල්මුඩේ පදිංචිකරුවකුට පහරදී ඇති බව පොලිසිය පවසයි.
පසුව පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීම සදහා පහර දුන් බව කියන පුද්ගලයා තාවකාලිකව පදිංචිව සිටින 10 කණුව, මීගස්වැව ප්‍රදේශයේ නිවෙසට ගිය අවස්ථාවේදී පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයාගේ කණ්ඩායමේ පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරීන් විමර්ශන කටයුතු කරමින් සිටියදී දෙපිරිස එකිනෙකාට පහර දී ඇති බවත් පසුව පොලිසිය මැදිහත්වී එම ගැටුම සමථයකට පත්කළ බවත් පොලිසිය පවසයි.
එහිදී තුවාල ලැබූ දෙපිරිසේ 8 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගොයම් කයිය අටක් රෝහලට යවයි