IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගොයම රැක ගැනීමේ උත්සාහයක තරම

දැඩි පෑවිල්ල නිසා පීදෙන ගොයම පිළිස්සීයාමෙන් ආරක්ෂා කරගැනීමට ගොවීහු කළ හැකි සියලුම දේ කරමින් සිටිති. කූඹුරු මැද අඩි අට දහය තරමේ වළවල් කපා ලබා ගන්නා ජලය පීදෙන ගොයමට ඉසිමින් එය රැක ගන්නට අසීරු උත්සාහයක යෙදෙන ගොවීහුද දැක ගත හැකිය.
මීරිගම සහ වේයන්ගොඩ අයත් වන්නේ වියලි කලාපයට නොවේ. එහෙත් මීරිගම උතුවම්බෝගහවත්ත සිට වේයන්ගොඩ වඳුරව දක්වා කිලෝ මීටර් හතරක පමණ දුරට පැතිරී ඇති කුඹුරු යායේ අක්කර 200 කට වැඩි ප‍්‍රමාණයක කුඹුරු යායේ  ගොවීහු 300 ක් පමණ දෙනා මෙම තත්ත්වයට මුහුණ දී සිටිති. 
මෙම කුඹුරු යායේ මෙවැනි තත්ත්වයක් උද්ගතවූයේ ඉතිහාසයේ පළමු වතාවට බව ගොවීහු කියති. පීදුණු ගොයම රැක ගන්නට රුපියල් 4000 ක් බැගින් ගෙවා වතුර බවුසර  හය හතක් ගෙනැවිත් දැමුව ද එම උත්සාහය අසාර්ථකවීම නිසා අතහැර දමා ඇත.
විශාල හානියක් සිදුව ඇතත් කිසිම වගකිවයුත්තකු මෙතෙක් මේ ගැන සොයා නොබැලූ බව ගොවීහු පැවසූහ. දැන් ගොවිතැන රැක ගැනීමේ අවස්ථාව අහිමිව ගොස් ඇති බැවින් වගා හානිය බලා සුදුසු පියවරක් ගන්නා ලෙස ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

SAM_5776 SAM_5779 SAM_5781 SAM_5782 SAM_5786

 



අදහස් (0)

ගොයම රැක ගැනීමේ උත්සාහයක තරම

රොකී Sunday, 15 January 2017 01:39 PM

මෙතරම් දහදුක් විඳලා ගොයම රැකගන්නවා. මේ මිනිස්සුන්ගේ වී ටික කුණු කොල්ලෙට අරගෙන රටේ ලොකු ජාවාරම් කාර මෝල්ලු තුන්දෙනා ගොවියාට විතරක් නොවෙයි, පාරිභෝගිකයාටත් කෙලිනවා! මේ අහිංසක ගොවියන්වත් පාරිභෝගිකයන් වත් සූරාකන මෝල්ලුන්ගෙන් නිදහස් වීමට කාලය පැමිණ ඇත! (බ)

:       0       0

දහම් Sunday, 15 January 2017 01:49 PM

පාලකයෝ ධාර්මිකයි. කලට වැසි වසිනු ඇත. (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Sunday, 15 January 2017 01:51 PM

මේවා දැක්කම නියගලා මල් කන්න හිතෙනවා. මෙදා අලුත් අවුරුද්දට රජරට අපිට බත් කන්න වෙන්නේ නැහැ. කන්න වෙන්නේ පිදුරු තමයි, කෘෂිකර්ම ඇමතිලා දෙන්නේක්ම හිටියත් මෙලෝ රහක් නැහැ.කතාව විතරයි ..(බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 January 2017 09:05 AM

සෙන්සාන්.ඕන හිතන දේ ඉන්දියාවේ සිද්ධ වෙනවා. ඉන්දියන් ජාතිකයන් ගොවි තැන කරලා ඒ අස්වැන්න පිටරටවලටත් යවනවා.ඒ තුලින් විශාල විදේශ විනිමයක් ලබනවා.ගොවියට ගොවිතැනට අවශ්‍ය සියලුම දේ සපයනවා පමණක් නෙමෙයි රක්ෂනයකුත් නොමිලේ සපයනවා.අපේ රටේ ඇමති/මන්ත්‍රීලා 225 ක් ඉන්නවා.එ්ත් (බ)

:       0       0

මනුල Monday, 16 January 2017 09:05 AM

තව විල්පත්තුව කපමු ඉන් පසු ක්‍රෝටන් කොළ කන්න යෝජනා කරමු (බ)

:       0       0

සිල්වා Sunday, 15 January 2017 03:40 PM

මුළු පරිසර පද්ධතියම විනාශවෙලා තියෙන්නේ. ඉතින් කොහොමද වර්ෂාව ලැබෙන්නේ? තියෙන ගස් ටිකත් කපාදාපල්ලා. (නි)

:       0       0

ලලිත් Sunday, 15 January 2017 04:20 PM

පවු දෙවියනේ මේ අහිංසක මිනිස්සු! (නි)

:       0       0

මලික් Sunday, 15 January 2017 04:36 PM

තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති කෙනාය (නි)

:       0       0

චන්දන Sunday, 15 January 2017 04:48 PM

ගංවතුර අාවහම කිව්වා ජනතාවට පීඩාකරන ආණ්ඩුව නිසා සොබාදහමත් කම්පාවෙලා කියලා. දැන් කියන්න හදන්නේ අනිත් පැත්ත. මහින්දගේ කාලෙත් ගංවතුර නියඟ දෙකම තිබුනා. ඒවා ගැන කතා කරන්නවත් අපිට වෙලාවක් තිබුනේ නැහැ. අවදානය තිබුනේ යුද්ධය ගැන (නි)

:       0       0

සමන් Sunday, 15 January 2017 04:50 PM

ඇසළ කියන කතාවට මම සම්පුර්ණයෙන්ම එකඟයි. අපේ ලංකාවට ඔයවගේ කලක් ගියේ ඔය නරුම ගස්කපන දේශපාලන හොරු නිසා. ඒ පාපකර්මයට මුලුමහත් ජනතාවට වන්දි ගෙවන්න සිදුවෙයි. සොබාදර්මය දඬුවම් කරයි. ඔහොම පායලා පායලා එකපාරටම වැහැලා මුලු රටම ය‍ටකරයි. දේශපාලකයෝ නම් පිටරටට පැනලා යයි. ලංකාවේ ජීවත්වෙන ඔබලා අන්ත අසරණ වෙනවා. රට ගැන දුකයි. සල්ලි ජිවිතේ ඉසරට දාලා. සල්ලි වලට හැමදෙයක්ම කරන්න පුලුවන් කියන අය ඉන්නවා. එහෙම හිතලා වැඩ කරන අයට සොබාදර්මය විසින් නිසි වෙලාවට දඬුවම් දෙයි. (නි)

:       0       0

ප්‍රභාත් Monday, 16 January 2017 09:15 PM

ඇමතිවරු කීයක් හිටියත් ඔක්කොම එකයි. අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සමත් නැති බහුතරයකගෙන් මොනවා කරන්නද (නි)

:       0       0

මැගී Sunday, 15 January 2017 05:17 PM

මම මීරිගම. මීරිගම කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ සරුසාර පළාතක්. නමුත් කුමන හෝ අවාසනාවන්ත තත්වයක් උදාවෙලා තියනවා. දැන් තියෙන්නේ වියළි කලාපයේ ගොවීන් කරනවා වගේ පිරිත් සජ්ඣායනාවක් පවත්වලා දෙවියන්ට පින්දීලා ලොකු පින්කමක්වත් කරලා බලන්න. (නි)

:       0       0

අනුර ඉලංගකෝන් Sunday, 15 January 2017 07:29 PM

අදහස් පළකරන සමහරු ගැන නම් කළකිරෙනවා. මේ වගේ දේශගුණයකදී වතුර කොහෙන් දෙන්නද? මේවට අපි මිනිසුන් විදිහට මුහුණ දෙන්න වෙනවා (නි)

:       0       0

අමිත්‍ Monday, 16 January 2017 12:36 AM

වැඩිපුර ගොවියෝ කතිරය ගහපු කට්ටියම ආපු ගමන් පොහොර සහනාධාරයත් කැපුවා (නි)

:       0       0

සෙනරත් Monday, 16 January 2017 01:47 AM

වගාවන් විනාශ වෙනවා නම් කොස් කොළ, කෝප්ප කොළ වගේ දේවල් කන්න කියා එක්තරා ලොක්කෙක් රූපවාහිනියෙන් උපදෙස් දුන්නා නේද? (නි)

:       0       0

පැතුම් Monday, 16 January 2017 03:03 AM

හැමදේම දේශපාලන කෝණයෙන් බලන්න තරම් ලදබොළඳ සමාජක්. මෙහෙම රටක් කවදානම් සංවර්ධනය කරා යන්නද? පොදු ප්‍රශ්නවලට විසදුම් සෙවිය හැක්කේ රටක් හැටියට ජාතියක් හැටියට මිස දේශපාලන පක්ෂ බේදයකට නොවේ. (නි)

:       0       0

බණ්ඩාර Monday, 16 January 2017 03:01 AM

අනුර ඉලංගකෝන්, මේ වගේ දේශගුණය තියෙනවා, එනවා කියලා අපි සූදානම් වෙන්න ඕනෑ. මේවාට ආණ්ඩුවට කෙලින්ම වගකියන්න ඕනෑ. කැලේ කපන්නට උදවු දෙන ආණ්ඩුව ගැන කවර කතාද? වහින කාලෙට කොපමණ වතුර ගොඩක් අහකට යනවාද? කිසිවකු ඒවා රැකගන්න අඩුමතරමේ යෝජනාවක් ගේන්නේ නැහැ (නි)

:       0       0

කමල් Monday, 16 January 2017 03:11 AM

ඇමැතිවරු කීයක් හිටියත් ඔක්කොම එකයි. අඩුම තරමේ සාමාන්‍ය පෙළවත් සමත් නැති බහුතරයකගෙන් මොනවා කරන්නද (නි)

:       0       0

සෙන්සාන් Monday, 16 January 2017 03:19 AM

ස්වභාවධර්මය කාටවත් වෙනස් කළනොහැකි බව ඇත්ත. නමුත් කුමක් හෝ නිශ්චිත ක්‍රියාදාමයක් තිබියයුතු බව පෙනෙනවා.ගොවියා ජීවත් කරවන සහ ගොවිකම ආරක්ෂා වෙන විදයට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් රජයකට තිබිය යුතුයි. ඇමතිවරු පමණක් ජීවත්කරවන ඔවුන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙලවල් පමණක් තිබිලා හරියන්නේ නැහැ (නි)

:       0       0

දිලීප Monday, 16 January 2017 03:36 AM

කෘෂිකර්ම ඇමතිලා කිව්වා මතකද වී නිෂ්පාදනය වැඩි නිසා වී වගාවෙන් ඉවත්වෙලා විකල්ප වගාවලට යොමු වෙන්න කියලා. හැබැයි මේ වෙනකොට රටේ හාල් හිඟයක්. දැන් මොකද දන්නෙ නැහැ කියන්නෙ (නි)

:       0       0

සරත් Monday, 16 January 2017 04:20 AM

විල්පත්තු කැලා කපන්න දීලා,කඳුකරයේ ඇති වතුර ඇඳ ගත හැකි උස බිම් වල ඇති ගස් කපලා දාල ,ඒවායේ ගෙවල් හදන්න අවසර දීලා (ම)

:       0       0

ජයරත්න Monday, 16 January 2017 04:38 AM

රට කරන දේශපාලකයන්ගේ වාසනා මහිමය තමා (නි)

:       0       0

කිත්සිරි Monday, 16 January 2017 04:38 AM

හද කම්පාවෙනවා මේවා දකිනකොට (නි)

:       0       0

රුවන් Monday, 16 January 2017 05:05 AM

බණ්ඩාර, දැනගෙන කඩේ යන්න. කැලේ කපන්න නීතියෙන් ඉඩදුන්නේ හිටපු ආණ්ඩුව. නොදන්නවා නම් දෑන්වත් දැනගන්න. අනවසර පදිංචියට පමණක් නෙවෙයි ඇමතියෝ හෝටල් හදන්නත් කැලෑ කපලා තියෙන්නේ පහුගිය කාලේ (නි)

:       0       0

තිළිණ Monday, 16 January 2017 05:40 AM

කාට ඡන්දය දුන්නත් මේ දේවල් වලින් අන්තිමට මුළුමහත් රටවැසියන්ටම විඳවන්න වෙනවා (නි)

:       0       0

තිලකසිරි Monday, 16 January 2017 06:26 AM

රුපියල් කෝටි ගණනක් වියදම් කරලා ලෝකයේ ලොකුම නත්තල් ගස හැදුවා මදිද?මේවා අපේ ඇස් දෙකින් දකිනකොට දුකයි, ලැජ්ජයි, ඇඩෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 January 2017 06:31 AM

කොළඹ බද්දට අරගෙන තිබෙන කෘෂිකර්ම ගොඩනැගිල්ලම රුපියල් කෝටි ගණනක්. හරියට සුපිරි හෝටලයක් වගේ. ලැජ්ජයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 January 2017 06:30 AM

සමන්,ඇසළ, ඔබ දෙපළගේ අදහස් 100 % සත්‍යයි. (නි)

:       0       0

චින්තක Sunday, 15 January 2017 11:58 AM

ඇමතියෝ කීදෙනෙක් ඉන්නවද එක එක ලේබල් ගහගත්ත.එකෙක් නෑ මේ අහිංසකයන්ගේ දුක බලන්න.(බ)

:       0       0

ඇසළ Sunday, 15 January 2017 12:12 PM

විල්පත්තුව තවත් කප පළල එතකොට වැස්ස කෙසේ වෙතත් වැහි නැති හෙන පාත්වෙයි රටටම. මුන්ට අවශ්‍ය රටම අරාබිය වගේ කාන්තාරයක් කරන්න. (බ)

:       0       0

සමීර Sunday, 15 January 2017 12:33 PM

වනාන්තර විනාශයට එරෙහිව කිසිම රජයකට නී‍ත්‍යානුකූලව පියවර ගත නොහැකිවීම ඉතා කණගාටුදායකයි. මුළු රටටම එහි විපාක ලැබෙමින් පවතී. වන විනාශයද නොකඩවා සිදුවේ. මෙයට සම්පුර්ණ වගකීම සියලු දේශපාලන නායකයන් බාරගත යුතුයි. (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 15 January 2017 12:50 PM

මොකටද කරදර වෙන්නේ. යහපාලනය කියන විදියට ඔය ඕනෑතරම් ක්‍රෝටන්, කොස් කොළ තියෙන්නේ. (නි)

:       0       0

දම්මික Sunday, 15 January 2017 01:16 PM

මහා මුහුදේ ගිළුනු තම පැටවා බේරා ගැනීමට කුරුළු මවක් තම පිහාටු වලින් මුහුද හිස් කිරීමට තැත් කළාක් මෙන් තම සියලු දේ කැපකර ඉදිරි වසරේ තම ආහාරය සදහා වන අස්වැන්න බේරා ගැනීමට වෙර දරන ගොවි මහතකුගේ උත්සාහය හරිම සංවේදී ජනකයි. මෙය කිසිසේත්ම පල සහිත ක්‍රියාවක් නොවේ. මේ රටේ පාලකයන් ජනතාවගේ මෙවන් දුක් කම් කටොලු නොදැක්ක සේ තමුන්ගේ සැප සම්පත් වෙනුවෙන් දුප්පත් ජනතාව සුරා කෑම කවදා නතර වේද.? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 14 59 0

ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .


බඳින තුවක්කුවට දෙදරු පියා බිලි
2024 ඔක්තෝබර් මස 14 204 0

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්
2024 ඔක්තෝබර් මස 14 1374 0

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි


අතහැර දැමු තවත් රියක් නුවරඑළියෙන් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 14 1769 3

ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.


පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 1912 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 258 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 361 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 435 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1385 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site