IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගයි ද අල්විස් අනුස්මරණ කි‍්‍රකට් තරගයේදීත් අර්ජුනගේ පිලට ලකුණු 10 ක ජයක්

අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායම සහ සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් එස්. එස්. සී. කී‍්‍රඩා සමාජය නියෝජන කළ පැරණි කී‍්‍රඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම අතර එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පසුගියදා පැවති ‘ගයි ද අල්විස්’ අනුස්මරණ කි‍්‍රකට් තරගයෙන් ලකුණු 10 ක ජයක් ලබාගැනීමට අර්ජුන රණතුංගේ නායකත්වයෙන් යුත් ආරාධිත කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට අර්ජුන රණතුංග තීරණය කළ අතර ඉනිම අරඹමින් රොමේෂ් කළුවිතාරණ සමගින් චමරි අතපත්තු පිටියට පිවිසියහ.
පන්දු 16 කදී හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 42 රැස්කිරීමෙන් අනතුරුව කළුවිතාරණ පිටියෙන් ඉවත්ව ගිය අතර චමරි සමගින් එක්වූ අර්ජුන පන්දු 25 කදී ලකුණු 32 ක් ලබා ගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුලත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් චමරි අතපත්තු ඉතා දීර්ග කාලයක් කඩුල්ලේ රැුදීසිටිමින් ලකුණු 29 ක් ලබා ගැනීමට සමත් වූ හෙයින් ආරාධිත කණ්ඩායම  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 157 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එස්. එස්. සී. කණ්ඩායමේ ආරම්භයම අසාර්ථක වූ අතර නුවන් සොයිසා පන්දු 10 කට පමණක් මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් ද සමගින් වේගවත් ලකුණු 32 ක් ලබාගත්තේය.

සිදත් වෙත්තමුනි පන්දු 23 කදී ලකුණු 30 රැුස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් අන්තර්ගත විය. සංජීව රණතුංග සහ නිසල් ප‍්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 25 ක් සහ 22 ක් රැස්කරමින් තම පිල ජයග‍්‍රහණය කරා රැගෙනයාමට උත්සහ කළද, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහගේ සහ මුරලිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඔවුන්ට පරාජය පිළිගැනීමට සිදුවිය.

1996 ලෝක ශූර කණ්ඩායමේ සමාජිකයන් වන සනත් ජයසූරිය, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, කුමාර් ධර්මසේන, චමින්ද වාස් සහ මාවන් අතපත්තු යන කී‍්‍රඩකයින්ට විවිධ හේතූන් මත මෙම තරගයට සහභාගීවීමට නොහැකිවුණ අතර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ, රවින්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන සහ ෂේන් ප‍්‍රනාන්දු සමගින් චමරි අතපත්තු සහ චමනි සෙනෙවිරත්ත යන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ ආරාධිත කණ්ඩායම නියෝජනය කළහ.

තරගය නැරඹීම සඳහා සශිකලා සිරිවර්ධන ප‍්‍රමුඛ කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් පැමිණ සිටි අතර එද මෙදා තුර ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් හිතවතා වන පර්සි අබේසේකර ද පැමිණ පැරණි කී‍්‍රඩකයන් දිරිගන්වනු දක්නට ලැබිණ.

ආරාධිත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී 156
(චමරි අතපත්තු 29, රොමේෂ් කළුවිතාරණ 42, අර්ජුන රණතුංග 32, උපුල් චන්දන 15, හෂාන් තිලකරත්න 13, සංජීව රණතුංග 15/2)

එස්. එස්. සී. කණ්ඩායම කඩුලූ 8 ක් දැවී 146
(සිදත් වෙත්තමුනි 30, නුවන් සොයිසා 32, සංජීව රණතුංග 25, නිසිල් ප‍්‍රනාන්දු 22, හේමන්ත වික‍්‍රමසිංහ 15, ප‍්‍රමොද්‍ය වික‍්‍රමසිංහ 35/3, මුත්තයියා මුරලිදරන් 15/2)

(ඡයාරූප - ශානුක අරවින්ද)

අර්ජුන රණතුංග පන්දුයවන්නන් ස්ථානගත කරමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

උපුල් චන්දන පන්දු යවමින්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

චමරි අතපත්තුගෙන් ස්වීප් පහරක්...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සිදත් වෙත්තමුනි පන්දුවට පහර දෙමින්...



අදහස් (0)

ගයි ද අල්විස් අනුස්මරණ කි‍්‍රකට් තරගයේදීත් අර්ජුනගේ පිලට ලකුණු 10 ක ජයක්

නිහාල් Thursday, 21 March 2013 10:39 AM

ජයවේවා....ජයවේවා....ජයවේවා.... (දී)

:       0       0

සංජීව Wednesday, 20 March 2013 09:43 PM

අර්ජුන කියන්නේ ක්‍රිකට් වල මම දැකපු වාසනාවන්තම ක්‍රීඩකයෙක්. (නි)

:       0       0

නිල්මිණි Wednesday, 20 March 2013 09:47 PM

හැබැයි මේක ඕනෑවට වැඩිය කරන්න එපා. කට්ටි‍යගේ අගේ අඩුවෙයි. (නි)

:       0       0

අමිල Wednesday, 20 March 2013 10:02 PM

මේ තරගයේ වීඩියෝ එක බලන්න දන්නා කෙනෙක් ඉන්නවානම් ලින්ක් එක දාන්නකෝ (දී)

:       0       0

අමිල Wednesday, 20 March 2013 09:56 PM

මේ තරගය වීඩියෝ වලින් බලන්න බැරිද? (නි)

:       0       0

චන්න Wednesday, 20 March 2013 11:37 PM

19මට 96 ලෝක කුසලානය මතක් උනා (දී)

:       0       0

ගාමිණී Thursday, 21 March 2013 02:20 AM

එදත් සුරයෝ අදත් සුරයෝ හෙටත් සුරයෝ ලෝක සුරයෝ (නි)

:       0       0

චින්තක Thursday, 21 March 2013 02:12 PM

හොද වැඩක් (දී)

:       0       0

සුනිල් Thursday, 21 March 2013 07:18 AM

කරු, ඔබ දිගු කලකට පසු දකින්නට ලැබීම සතුටක්. (නි)

:       0       0

වරුණ Thursday, 21 March 2013 07:29 AM

ඔහුට අපේ උපහාරය (දී)

:       0       0

වරුණ Thursday, 21 March 2013 07:33 AM

අර්ජුන අයියේ සුභපතනවා ඔබට (දී)

:       0       0

වජිර Thursday, 21 March 2013 09:05 AM

සන්තෝසයි (දී)

:       0       0

වරුනි Thursday, 21 March 2013 09:14 AM

නියමයි අර්ජන අයියේ (දී)

:       0       0

තිලකා Thursday, 21 March 2013 04:25 PM

අර්ජුනට අමුතුවෙන් ක්‍රිකට් ගහන්න උගන්නන්න ඕනේ නැහැ (දී)

:       0       0

අෂ්රෆ් Wednesday, 20 March 2013 08:14 PM

ඉතා හොද තරගයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 273 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 901 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 47 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1758 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6272 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1841 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site