ශ්රී ලාංකේය ගේය පද රචනා සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.
දිවයින පුරා විසිරී සිටින සියලුම ගේය පද රචක, රචිකාවන් එකට එක්කොට ඔවුන්ගේ සුබ සාධනය අරමුණු කරගනිමින් 2020 වසරේ ආරම්භ කරන ලද සංගමයේ සියලුම නිලධාරීන්ගේ ධුර කාලය අවසන් බැවින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ ඉදිරි වැඩපිළිවෙල ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ඒ අනුව සංගමය ආරම්භයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමග සමසභාපතිත්වය දැරූ නිලාර් එන්. කාසිම් නව සභාපති වශයෙන් ද, ලේකම්වරයා ලෙස ජෝජ් රොබ්සන් ද සිල්වා ද භාණ්ඩාගාරිකවරයා ලෙස බන්දුල නානායක්කාරවසම් ද නැවතත් තේරී පත්වූහ. කැලුම් ශ්‍රීමාල් , ආරාධනා ඒකනායක සහ චානක ජයසේකර පිළිවෙලින් උප සභාපති, උප ලේකම් සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා මෙහිදී තේරී පත්වූ අතර ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සංගමය ආරම්භ කිරීම සඳහා අනුප්‍රාණය දුන් ශිල්පියෙකි.
නව නිලවරණයේදී කාරක සභාව ලෙස උපාලි බණ්ඩාර වීරසේකර, රංජිත් රූපසිංහ,ශාන්ත ජයලත් තිසේරා,සුනිල් යෝගේන්ද්‍ර,බන්දුල ජයසිංහ,සමන් ප්‍රියදර්ශන,සම්පත් ප්‍රනාන්දුපුල්ලේ,දයානන්ද රත්නායක,උමා අසේනි, රසික ඩී. දුමින්ද,නෙලූකා සංජීවනී ප්‍රනාන්දු,සුගත් සෝමවීර සහ අසන්ති කරුණානායක තේරී පත්වූහ.
සංවිධායක කමිටුව සඳහා පත්වූයේ රෝහණ හෙට්ටිආරච්චි, ඉන්දික අප්පුරාළ, සහ අනුර දසනායක ය. මාධ්‍ය සම්බන්ධීකාරක ලෙස සුජිත් ප්‍රසංග ද ගිණුම් පරීක්‍ෂක ලෙස නලිනි කාංචනා මුණසිංහ ද තේරී පත්වූහ.
ගේය පද රචක නාමාවලියේ පළමු වෙළුම මෙහිදී ජනගත වූ අතර සාමාජිකයන්ගේ හැඳුනුම්පත නිකුත් කිරීමද, ජාතික කලාකරු හැඳුනුම්පත් සඳහා අවශ්‍ය අයැදුම්පත් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරිණි. දීප ව්‍යාප්ත ගේය පද රචකයන් සඳහා වූ වට්ටම් පතක් සහ එම ශිල්පීන්ගේ රෝගාබාධ හා මරණ සම්බන්ධව ක්‍රියාවට නැංවෙන සුබ සාධන වැඩපිළිවෙළක් ද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි.
ශ්‍රී ලාංකේය ගේය පද රචනා සංගමයේ අනුශාසක මණ්ඩලය ලෙස රඹුකන සිද්ධාර්ථ හිමියන් සමඟ ප්‍රවීණ මාධ්‍යවේදී ,ගී පද රචක තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ ගී පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ , ප්‍රවීණ මාධ්‍යවේදී සිරි කහවල යන මහත්වරුද ද කටයුතු කරති.
ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගේය පද රචනා සංගමයේ මුලසුන් පත් වෙති !