IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගිය මාසෙ රජයේ සේවක පඩි දුන්නේ පෝර විකුණලා

(අංජුල මහික වීරරත්න)

 දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවන ලද්දේ  යුරියා පොහොර අලෙවියෙන් ලත් මුදල්වලින් බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය යල කන්නයේ දී හා මෙවර මහ කන්නයේ දී යුරියා පොහොර හා අනෙකුත් පොහොර අලෙවි කිරීම මගින් රුපියල්  බිලියන 10.05ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් උපයා තිබෙන බව අමාත්‍යවරයා කීය.

එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත යොමු කරන ලද අතර පසුගිය දෙසැම්බර් මාසයේ දී රාජ්‍ය සේවකයින් සඳහා නියමිත වැටුප් ගෙවීම සඳහා එම මුදල්වලින් කොටසක් භාවිතා කිරීමට රජයට සිදු වූ බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ  කෘෂිකර්ම අමාත්‍යාංශයේ  දී පැවැති සාකච්ඡාවක දීය. 2023 වසර සදහා අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සිදු කරන කෘෂිකාර්මික ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙි බව කීය.



අදහස් (43)

ගිය මාසෙ රජයේ සේවක පඩි දුන්නේ පෝර විකුණලා

Sunil Wednesday, 11 January 2023 02:51 PM

කියන උජාරුව . එළබෙන මාස වල වැටුප් ගෙවන්න වෙන්නෙ රටම විකුනලා

:       2       96

senaWednesday, 11 January 2023 04:17 PM

රට විකුනන්න ඔන නැහැ හොරා කාපු සල්ලි නැවත ගෙනාවාම අවුරුදු ගානකට සැහෙනවා.

:       3       72

JagathSWednesday, 11 January 2023 07:33 PM

කියන උජාරුව නෙමේ මේක තමයි ලංකාවේ මිනිස්සු බහුතරයක් තවමත් තේරුම් අරන් නැති යථාර්තය. මුදල් නෑ. පින් පඩි දෙන්නේ අමාරුවෙන්. දේශපාලුවන් කොහොම හරි පඩි ගෙවිය යුතු නිසා වෙනත් දේවල්වලට යොදවන්න තිබෙන මුදල් හරි යොදවලා ප්‍රමාදවෙලා හරි පඩි ගෙවනවා. මිනිස්සුත් දැනගත යුතුයි... තමන් රටට බරක් නම් පින් පඩි ගන්වන්න නම් මේ තරම් කෙලවෙලා තියෙන අවස්ථාවේවත් පෞද්ගලික අංශයේ සැබෑ රැකියාවක් සොයාගන්න. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරද්දි බොරුවට මෙන්න රට විකුණනෝ කියලා කෑගහන්නේ නැතුව ඉන්න.

:       4       2

RasikaWednesday, 11 January 2023 09:47 PM

එතකොට නිදහස් උත්සවය ඉහලින්ම සමරන්න සල්ලි තියනවා.

:       0       9

Sas Wednesday, 11 January 2023 02:54 PM

ඡන්දය කල් දාන්න කියන කතා.

:       0       111

Dewa Wednesday, 11 January 2023 03:10 PM

මේ අය කිසිම ලැජ්ජවක් නැතිව මෙව මිඩියා වලට කියන හැටි. ලැජ්ජයි මහත්තයෝ

:       0       82

wedage Wednesday, 11 January 2023 03:17 PM

ඔයාලගෙ පඩි සහ පෙට්‍රොල් දීමනා ගත් කොහොමද කියල කියනවනම් තමයි හොඳ

:       0       79

NANDA Wednesday, 11 January 2023 03:43 PM

ඔයාලගේ ඇරියස් බිල් ටික ගෙවලා දාන්න. ලබන මාසේ පඩි ගෙවන්න පුළුවන් වෙයි..

:       0       71

Buddika Wednesday, 11 January 2023 03:47 PM

කට්ටියට හොරකම් කරපු සල්ලි අපහු දුන්න නම් පඩිත් වෙලාවට ගෙවල ආර්ථිකය නෝමල් කරගන්න තිබ්බ. සියළුම විදේශ නය ගෙවල දාන්නත් පුලුවන්.

:       0       66

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 January 2023 03:52 PM

රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න හෝ බැරි මට්ටමකට රට පත්කළේ පොහොට්ටු ආණ්ඩුව හා දූෂිත පවුල් පාලනය නොවේද ? ඔවුන් අයථා ලෙස ගත් රටේ ජනතාවට අයත් මුදල් නැවත ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ?

:       2       75

දියෝගබදුWednesday, 11 January 2023 04:50 PM

එහෙම වෙනවා කියලා දැනගෙන නෙවෙයිද? අපි අධ්‍යාපන සුදුසුකම් නැත්තෝ හැටියට හඳුනාගෙන සිටි (අපි එහෙම කිව්වාට පාර්ලිමේන්තුවේ සිටින සමහරක් දේශපාලුවන් එයට අඩු සුදුසුකම් ඇති බව පේනවා... එනිසා වරදකුත් නැහැ) ස්වයං රැකියා කරපු ඔහේලගේ මැතිවරණ සපෝටර්ලාට අඩු ආදායම් ලාභීන් කියලා ලක්ෂෙකට බහුකාර්‍ය සහායකයින් ලෙසට පත්කළේ...

:       2       27

ranjith Wednesday, 11 January 2023 03:52 PM

ඔහෙලට මෙ රට ගොඩගන්න බැරි බව තේරෙනව නේද දෙන්නවත් පුලුවන් කට්ටියකට රට‌ ‌ෙබරගන්න එදා දෙන්න තවත් රට විනාශ කරනෙ නැතුව

:       1       50

pakeer Wednesday, 11 January 2023 04:01 PM

ලබන මාසෙ පඩි ගෙවන්න වෙන්නෙ.. වෘ - - කෝ - විකුනල.

:       2       49

Hafeel Wednesday, 11 January 2023 04:10 PM

මෙච්චර අමාරුකම් මැද ඇයි එහම නම්, අදටත් බලය අල්ලන් ඉන්නේ? මේ ආණ්ඩුව පුන පුනා කිව්වත් විදේශ ගතවූ රටවිරුවන්ට විශ්වාස නොමැති නිසා ඔවුන් ඩොලර් එවන්නත් නැහැ, රටේ ජනතාවටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ, මේ ජනාධිපතිට යම් තරමක් හෝ ජනවරමක් නැති නිසා, IMFඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආධාර ලබන්නත් නැහැ චන්දය කල් දෙම්ම පලියට රටවිරුවන්ගේ සහ ඇතුළු IMF ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ගොඩ නගන්නත් බැහැ, රටේ ප්‍රශ්නය විසඳන්නත් බැහැ.

:       3       47

SamThursday, 12 January 2023 07:15 AM

"තොපිට පඩි දෙන්න සල්ලි නැති උනාට, අපේ වියදමට සල්ලි ඇති වෙන්න තියෙනවා භාණ්ඩාගාරයෙ. ඉතිං අපි මොකටද අයින් වෙන්නේ."

:       0       8

hafeesThursday, 12 January 2023 08:02 AM

ඔය කිවුවේ ගොන් කතාවක් .රට ඉන්න එවුන් ගෙවල් වලට සල්ලි එවන්නේ .........රජයට නෙමෙයි .ඒ සල්ලි ගෙවල් වලට ලැබුනේ නැත්නම් තමයි අවුල

:       4       1

Desh Wednesday, 11 January 2023 04:24 PM

කිසිම වැඩකට නැති පාර්ලිමේන්තුව උත්සව ශාලාවක් කරලා. මුන්දැලගේ පඩි නඩී දීමනා නවත්තලා ඊළග මාසේ රාජ්‍ය සේවයේ පඩි ගෙවන්න ගත්තනම් ඉවරයි

:       2       43

මහජනයා Wednesday, 11 January 2023 04:35 PM

මේ මාසේ ගෙවන්න ඉන්නේ වැඩිකළ උපයන විට අය කරන බද්දෙන්. එදා වේල තමයි ගැට ගහන්නේ. මේ රට වලේ පතුලටම ඔබල තමයි මොවුන් වෙන අතක් බල ගන්නේ. අනේ මෙහෙමත් පාලකයෝ ඉන්න රටක වසන්න උනානේ.

:       0       31

wedage Wednesday, 11 January 2023 04:40 PM

රසායනික පොහොර විකුනල පඩිගෙවන්න පුලුවන් නම් පොහොර තහනම් කරපු රං‌‌ගෙ දැන් තේරෙනව් නේද?

:       1       33

අනුර Wednesday, 11 January 2023 04:45 PM

අපව ඒ තත්ත්වයට ඇද දැම්මේ කවුද කියනවා නම් තමයි හොඳ

:       0       34

fairoos Wednesday, 11 January 2023 04:48 PM

මෙ කාලකන්නි සෙට් එක තොලන්චිවෙලා යනකම් රටට කිසිම සෙතක් නැහැ.

:       0       32

දාස Wednesday, 11 January 2023 05:07 PM

මු මෙි කෙලින්නෙ ටොන් පච , මේ මුන්ගෙ අවසාන කාලය. මැතිවරනය තිබ්බොත් මුන් කපෝතියි. මේ ඔක්කොම නාඩගම් මැතිවරනෙ නවත්ත ගන්න

:       1       35

samasiri Wednesday, 11 January 2023 05:16 PM

ඔයා ගුණසිංහපුරේට ඇවිත් ඇග වික්කනම් සල්ලි ගන්න තිබ්බ.

:       0       35

චින්තක Wednesday, 11 January 2023 05:59 PM

දැන් ඔහේ කියන්නේ සතියකට පමණ පෙර ගොවීන්ට දෙනවා කියපු විදේශීය ආධාර මුදල් ගොවීන්ට ගෙවන්නේ නැහැ. ඒකත් රජයේ සේවකයින් සඳහා ගෙවනවා කියලද? එහෙම නැත්නම් තවමත් අපිට එම මුදල් නොගෙව්වේ ඇයි?

:       0       29

sampath Wednesday, 11 January 2023 06:03 PM

මෙහි ඇමැතිවරු අවුරුදු 2ක් කිසිම දීමනාවක් නැතිව වැඩකළොත් නරකද? පොඩි වෙනසකටත් එක්ක... අනෙක ඔය ලැබෙන ඒවා කාලා, බීලාවත් ඉවර කරන්න පුළුවන්ද? 

:       0       21

Perera Wednesday, 11 January 2023 06:09 PM

මොවුන්ව අල්ලලා හම ගහන්න ඕනෑ...

:       0       25

siri Wednesday, 11 January 2023 06:10 PM

ජනතාව පලකරලා තියෙන මේ අදහස් ටික බලන්න ලැජ්ජාවක් තිබේ නම් ඔයවගේ මොන්ටිසෝරි කතා කියන්න එපා. පාර්ලිමේන්තු නියෝජිතයෙක් ඔහොම ගොන් කතා කියනවා...

:       0       25

Muthu Wednesday, 11 January 2023 06:30 PM

මහබැංකු අධිපති නන්දලාල් ට කියන්න ඩොලර් එකට සත 4 ක් 5 ක් එකතු කරලා, ඒක ආයිම ඊළඟ දවසේ අඩු කරලා පොඩි ළමයි සෙල්ලන් කඩ වල කරන දේවල් කර කර ඉන්න කියලා. රටක කෘතීම විදේශ විනිමය අනුපාත එක්ක නැගිටපු කිසිම රටක් නෑ. අද ආයෝජකයෝ එන්නේ නැත්තේ වෙළඳපොල ආර්ථිකයක දුවන ප්‍රධානම දැති රෝද හිර කරලා නිසා.

:       1       26

senaWednesday, 11 January 2023 06:59 PM

අපරාදෙ කියන්න බැහැ... නන්දලාල් මහත්තයා දන්න දහම්ගැට දානවා... ආයෝජකයෝ එන්නේ නැත්තේ ඇමැතිලා 10%ක් ඉල්ලන නිසයි. අනික එයාලා දන්නවා මේ ආණ්ඩුවට මහජන සහයෝගයක් නැහැ කියලා...

:       3       20

MuthuThursday, 12 January 2023 01:09 AM

ඔය 5% - 10% කොමිස් හැම ආසියා රටකම දෙනවා. ඒක එච්චර හැංගිච්ච දෙයක් නෙවෙයි. ඒ එක්ක අපි වටේ රටවල් නැගිටිනවා ඉතා වේගෙන්. මේ ගොල්ලෝ දහන් ගැට ගහල තමයි ආර්ථිකේ නැති කෙරුවේ. 1991 ඉන්දියාවේ අපේ වගේම ලොකු ආර්ථික අවපාතයක් ඇති උනා. මුදල් ඇමති හා මහා බැංකුව කරුණු 13 යුත් ක්‍රියා පිළිවෙලක් අනුගමනය කරා, ඒ ගොල්ලෝ ගොඩ ආවා. අපේ කරන්නේ ළමා සෙල්ලම් ගෙවල් ඇතුලේ කරන බොළඳ දේවල්.

:       0       2

Sarath Wednesday, 11 January 2023 07:35 PM

ඒ කියන්නේ ඡන්දය තියන්න බැරිද? එහෙනම් ලක්ෂ දෙකේ රක්ෂණය 500%කින් වැඩි කරගත්තේ මොකද?... නුඹලා බැරිබව අපි දන්නවා. ඒ නිසාමයි ඡන්දය තියලා එළවන්න ඕනේ...

:       0       2

sriyal Wednesday, 11 January 2023 08:13 PM

කරන්න බැරිනම් යන්න විකාර නැතිව...

:       0       1

chandima Wednesday, 11 January 2023 09:45 PM

එහෙම තියෙද්දිද චද තියන්න යන්නෙ?

:       0       0

Cyril Thursday, 12 January 2023 01:08 AM

අනිත් සැරේ පඩි ගෙවන්නේ උඹේ ගෑනි විකුනලාද?

:       0       4

බී. අමරසිංහ Thursday, 12 January 2023 03:14 AM

මැති ඇමතිලා ගෙවලා නැති ලයිට් බිල් වතුර බිල් ටික අය කරගෙන ඔය කතා කිව්වා නම් වටිනවා

:       0       3

banda Thursday, 12 January 2023 04:01 AM

ලක්ෂ ගණනක් රාජ්‍ය සේවයට පුරවලා මේක විනාශ කලේ කවුද යකෝ

:       0       2

මරිසිපාල Thursday, 12 January 2023 06:42 AM

උන්නැහේ ඔහේලට ලැජ්ජාවක් කියලා එකක් ඇත්තෙම නැද්ද තිබේනම් ඔහේල කරන අනවශ්‍ය සුබසාධන දීමනා අප්‍රසිද්ධියේ දීම නවතන්න උදාහරණය වාහනයක් (ත්‍රීවීලර් එකක් තියෙන කෙනෙකුටත් සමුර්ධි දීම) ඇතත් සමුර්ධි දීම තේ අක්කර දෙක තුනක් ඇති අයට /රබර් ඉඩම් හිමියන්ට සමුර්ධි දීම/රජයේ රැකියාවක් කරන පුතා සමග එක වහලයට එක බත් හැලියේ බත් කමින් ඡන්ද ලැයිස්තු දෙකක් ලියා සමුර්ධි ගැනීම .පදිංචි ගමෙන් දුර බැහැරව නාදුනන ප්‍රදේශයකදී සමුර්ධි දීමනා ගෙවා අනවශ්‍ය අයට ලබාදීම ආදී නාස්ති වලක්වා කටයුතු කරන්න ඒ අතර ඔහේලට මංත්‍රී වැටුපක් දෙන්නෙ ගෙදර ඉන්න නොවෙයි පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න එහෙම තියෙද්දී වාහන දෙනවා ඉන්ධන අසීමිතව දෙනවා දුරකථන පහසුකම් ලැබෙනවා අඩුවට කෑම ලැබෙනවා එතරම් පහසුකම් තියෙද්දි මොන කෙහෙල්මලකටද පාර්ලිමේන්තුව ගියාම පැමිණීමට දීමනා ගෙවන්නෙ ඒවා නවතන්න ඉදිකිරීම් වෙනුවෙන් ඇස්තමේන්තු කරන මුදල් වලින් කරන අනවශ්‍ය වෙන්කිරීම් නවතන්න මේවා තමයි රටේ මුදල් අහේනියට හේතු .

:       0       4

Sam Thursday, 12 January 2023 07:10 AM

කාලකන්නි හැත්ත හොරාකාල, නූගත් ඥාතීන්ට යාළුවන්ට ආයතන වල උසස් පත්වීම් දීලා ලජ්ජා නැතිව මෙහෙම කතාත් කියනවා. මුන්ගේ පරම්පරාවට හෙන ගහනවා රටට කළ විනාශයට .

:       0       5

Rukmal Thursday, 12 January 2023 08:18 AM

මේ පාර තොපි විකුණලා සල්ලි හොයනවා, පර හැත්ත

:       0       3

Eka digata Thursday, 12 January 2023 08:27 AM

ඔයාලගෙ පඩි සහ පෙට්‍රොල් දීමනා ගත්තේ කොහොමද කියල කියනවනම් තමයි හොඳ. කට්ටියට හොරකම් කරපු සල්ලි ආපහු දුන්නා නම් පඩිත් වෙලාවට ගෙවලා ආර්ථිකය නෝමල් කරගන්න තිබ්බා . සියළුම විදේශ ණය ගෙවල දාන්නත් පුලුවන්. රජයේ සේවකයන්ට පඩි ගෙවාගන්න හෝ බැරි මට්ටමකට රට පත්කළේ පොහොට්ටු ආණ්ඩුව හා දූෂිත පවුල් පාලනය නොවේද ? ඔවුන් අයථා ලෙස ගත් රටේ ජනතාවට අයත් මුදල් නැවත ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ? මෙච්චර අමාරුකම් මැද ඇයි එහම නම්, අදටත් බලය අල්ලන් ඉන්නේ? මේ ආණ්ඩුව පුන පුනා කිව්වත් විදේශ ගතවූ රටවිරුවන්ට විශ්වාස නොමැති නිසා ඔවුන් ඩොලර් එවන්නත් නැහැ, රටේ ජනතාවටත් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ, මේ ජනාධිපතිට යම් තරමක් හෝ ජනවරමක් නැති නිසා, IMFඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ආධාර ලබන්නත් නැහැ චන්දය කල් දෙම්ම පලියට රටවිරුවන්ගේ සහ ඇතුළු IMF ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය ගොඩ නගන්නත් බැහැ, රටේ ප්‍රශ්නය විසඳන්නත් බැහැ. කිසිම වැඩකට නැති පාර්ලිමේන්තුව උත්සව ශාලාවක් කරලා. මුන්දැලගේ පඩි නඩී දීමනා නවත්තලා ඊළග මාසේ රාජ්‍ය සේවයේ පඩි ගෙවන්න ගත්තනම් ඉවරයි මේ මාසේ ගෙවන්න ඉන්නේ වැඩිකළ උපයන විට අය කරන බද්දෙන්. එදා වේල තමයි ගැට ගහන්නේ.

:       0       3

sharm warn Thursday, 12 January 2023 09:03 AM

මුන් ලැජ්ජා නැති කුපාඩි රැලක් කියලා කියද්දී අපිට කිවුවේ අපි ජෙප්පෝ කියලා..ජනතාවනි දැන්වත් ඇත්ත පිලි අරගෙන නිවැරදි මිනිස්සු පාර්ලිමෙතුවට යවන්න

:       0       5

මයුර Thursday, 12 January 2023 01:01 PM

ඔය හොර නඩේ පඩි ගත්තේ මොකක් විකුනලාද??

:       0       3

dhamneth Thursday, 12 January 2023 04:39 PM

කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් යම්කිසි සේවයක් කළා කියලා පේන්නේ නැහැ. අඩු තරමින් සත්ව ආහාර වශයෙන් රටට අවශ්‍ය බඩඉරිඟු ටිකවත් වගාකරවන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 110 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 922 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3659 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 965 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1403 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1121 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 510 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2037 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site