IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ග්‍රෙගරි වැවේ අමුත්තෙක්

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දැකිය හැකි අළු පැස්තුඩුවකු නුවර එළියේ ග්‍රෙගරි වැවට පැමණ සිටියි. එම විශේෂයේ පක්ෂියෙක් තෙත් කඳුකර පරිසරයක් සහිත නුවරඑළියෙන් මෑත කාලීනව වාර්තා වී නැතැයි පරිසරවේදීහු කියති.

මේ දිනවල සංචාරක පක්ෂීන් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බැවින් බොහෝ දෙනකු මේ පක්ෂියා විදෙස් රටක සිට පැමිණෙන්නට ඇතැයි සිතති. අළු පැස්තුඩුවා ශ්‍රී ලංකාව සිය වාසස්ථානය කැරගත් පක්ෂියෙකි. මෙරට වියළි කලාපයේ සෑම ස්ථානයක ම දක්නට ලැඛෙන අළු පැස්තුඩුවන් වියළි කලාපයේ විශාල ජලාශයන්හි රංචු වශයෙන් ගැවසෙන අතර කොළඹ බේරේ වැව,  අත්තිඩිය වැනි තෙත් කලාපීය ස්ථානවලද දක්නට ලැඛෙයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා කාම්බෝජය වැනි රටවල විශාල ව්‍යාප්තියක් දක්නට ලැඛෙන අළු පැස්තුඩුවා, පකිස්ථානය, ඉන්දුනීසියාව හා බංග්ලාදේශයේ ද දක්නට ලැබෙයි.   අළු පැස්තුඩුවා සෙන්ටිමීටර 125 ක් 150 ක් පමණ විශාලත්වයෙන් වැඩෙන සත්ත්වයෙකි. වැඩුණු සතකුගේ බර කිලෝ හතරක් හෝ හයක් පමණ වෙයි. අළු පැහැයට හුරු සුදු වර්ණයෙන් යුතු  අළු පැස්තුඩුවාගේ ගෙල අළු පැහැතිය. වල්ගය දුඹුරු පැහැතිය.

බිත්තර දමන සමයේ දී වඩාත් රංචු වශයෙන් ජීවත් වන මේ පක්ෂීන් අනෙක් කාලයේ වඩාත් වැඩි දුරකට ව්‍යාප්තව සිටින බව පරිසරවේදීන් පවසයි.

වියළි කලාපය වාස්සථාන කැරගෙන සිටින අළු පැස්තුඩුවන් නුවරඑළියට පැමිණීම සම්බන්ධයෙන් විමසූ විට ශ්‍රී ලංකා කුරුළු සංගමයේ සහ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ සාමාජික පක්ෂි විද්‍යාඥ හේමන්ත සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.

‘අළු පැස්තුඩුවන් ශ්‍රී ලංකාවට සංචාරක පක්ෂීන් නොවෙයි. ඔවුන් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වර්ෂය මුළුල්ලේම ජීවත්වන නේවාසික පක්ෂීන්. මේ පක්ෂියා විශාල දුරක් පියඹා යනවා. ඒ වගේම අහසේ ඉහළට යනවා. සාමාන්‍යයෙන් පසුගිය දිනවල දිවයිනේ නැගෙනහිර පළාතේ තිබූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කලබල වූ අළු පැස්තුඩුවෙක් ග්‍රෙගරි වැවට පැමිණියා විය හැකියි. මේ පක්ෂියාගේ ඉදිරි හැසිරීම් ගැන අවධානයෙන් සිටීම වැදගත් වනවා. ඇතැම් විට මේ සත්ත්වයා නැවත දින කිහිපයකින් වියළි කලාපයට යා හැකියි ‘

ශ්‍රී ලංකාවේ බහුල ව්‍යාප්තියක් දක්නට ඇතත් අළු පැස්තුඩුවා ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳ වී යාමේ තර්ජනයට ලක්වූ සත්ත්වයෙකි.

 



අදහස් (0)

ග්‍රෙගරි වැවේ අමුත්තෙක්

චින්තක Wednesday, 11 December 2013 07:45 PM

චෝගම් ගිය කෙනෙක් කියල මම නම් හිතන්නේ ,අපි නොදන්න පැසි තුඩුවො. (නදී)

:       0       0

සෝමා Thursday, 12 December 2013 05:07 AM

බුලත හදපු මහියංගනේ වැවෙත් මුන් ඉන්නව. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 11 December 2013 08:26 PM

මෙයාව හදාගන්න අමාරු නිසා මොන්ටෙරෝවකින් පැමිණ රාත්‍රී කාලයේ මෙහි අතරමන් කර ගියා වත්දෝ?(නදී)

:       0       0

උපාලි Thursday, 12 December 2013 08:17 AM

මෙය සම්පතක් කරගෙන මෙවන් සුන්දර දසුන් වැඩිකර ගැනීම සදහා මේ සත්තුන් මිනිස් යකුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ප්‍රාදේශීසිය බලධාරින්ගේ යුතුකමකි. ඒ යුතුකම හරියට කරයිද? (නි)

:       0       0

කළුපහන Thursday, 12 December 2013 08:34 AM

තනියෙන් තියන්න එපා ජෝඩු කරමු නුවරඑළියේත් බෝකරමු (ස)

:       0       0

ගමගේ Friday, 13 December 2013 05:45 PM

මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

Perera Wednesday, 11 December 2013 11:53 PM

මෙයාව කවුරුහරි බයිට් එකට ගනීවිද දන්නේ නැහැ නේද

:       0       0

මදු,ප්‍රංශය Wednesday, 11 December 2013 06:53 PM

තනියම මොකද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 11 December 2013 07:01 PM

මේ අර එසැණ වාර්තා වූ ග්‍රෙගරි වැව දැන්වීම් පුවරුව නිසා අතරමං වූ කෙනෙක්ද? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 13 December 2013 12:33 PM

ඔසිවල මේ කුරුල්ලා හැම ජලාශයකම ඉන්නවා. මෙයාගේ නම පෙලිකන්.මෙය කෑම හපන්නේ නැහැ හොටෙන් අල්ලලා ගිලිනවා. කෑම පහසුවෙන් ගිලින්න උගුර ලොකු වෙනවා. (නදී)

:       0       0

අසාන් Thursday, 12 December 2013 01:24 PM

මේ මිනිස්සු සත්තුන්ටත් අපහස කරල අදහස් දානවනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 54 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 315 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 51 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 405 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 336 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 853 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site