IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරුගේ සිහිකර ලන්ඩනයේ පින්කම්

බෞද්ධ විද්වතකු, ගත් කතුවරයකු, කීර්තිමත් සිවිල් සේවකයකු හා තානාපතිවරයකු ද වූ අභාවප්‍රාප්ත ආචාර්ය ආනන්ද ඩව්ලිව්. පී. ගුරුගේ සිහිපත්කර පින් පැමිණවීමේ පින්කම් ලන්ඩන් බෞද්ධ විහාරයේ සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ගුරුගේ මහතා දීර්ඝ කාලයක් තිස්සේ මෙම විහාරස්ථාන දෙකෙහිම වැඩ කටයුතු සඳහා නිරන්තරයෙන් සහභාගී විය.

පින්කම් සඳහා ඒ මහතාගේ ඥාතීන් වන ලන්ඩන් නුවර පදිංචි මිල්ටන්, බෙනට් සහ පත්මා හෙට්ටිගොඩ සමඟ ඒ මහතා සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරු කාලයේ සිට සමීප ඇසුරක් පැවැත්වූ ආචාර්ය සුභද්‍රා සිරිවර්ධන, හිටපු මහා කොමසාරිස් චන්ද්‍රා මොනරාවල සහ හිත මිත්‍රාදීහු බොහෝ පිරිසක් සහභාගී වුහ.

ලන්ඩන් බෞද්ධ විහාරයේ පිංකම විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් සහ විහාරවාසී මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සීලවිමල නාහිමියන් " ලන්ඩන් බෞද්ධ විහාරයේ සියලුම ආගමික වැඩකටයුතු සඳහා බොහෝ කාලයක සිට සහයෝගය දැක්වූ ගුරුගේ මහතාගේ හදිසි අභාවය විහාරස්ථානයට පමණක් නොව ශ්‍රී ලංකාවේත් ලෝකයේ වෙනත් රටවලත් බොහෝ දෙනෙකුට සිදුවූ අති විශාල පාඩුවක්" බවය.

සැප්තැම්බර් 21 වැනි දින  ලන්ඩන් නුවරදී පැවැත්වෙන අනගාරික ධර්මපාල ගුණ සමරු උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ආරාධනා කර තිබුණේ ගුරුගේ මහතාට බව සිහිපත්කළ නාහිමියෝ බෞද්ධ ඳර්ශනය පිළිබඳ විශාරද දැනුමක් හිමිකරගෙන සිටි ජගත් කීර්තියට පත් විද්වතෙකු වූ ගුරුගේ මහතාගේ වියෝවෙන් සිදුවූ හිදැස පිරවීම පහසු නොවන බවද අවධාරණය කළේය.

කින්ස්බරි සද්ධාතිස්ස විහාරස්ථානයේ පැවති පිංකමට විහාරාධිපති අග්ගමහා පණ්ඩිත  ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නය සහභාගී වුහ. 

ගුරුගේ මහතා විහාරස්ථානය සමඟ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සමීප ඇසුර අගේ කළ  පියදස්සි හිමියෝ ගුරුගේ මහතා සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තායිලන්තයේ බැංකොක් බෞද්ධ විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධතාවයක් ඇතිකිරීම සඳහා මුලිකව ක්‍රියාකළ බවද සඳහන් කළහ.

" සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි ඇතුළු භාෂා කිහිපයක ප්‍රවීණත්වය හිමිකරගෙන සිටි ආචාර්ය ගුරුගේ අතින් සිදුවූ විශිෂ්ට ක්‍රියා අතරින් චීන බසින් ලියා ඇති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි බසට පෙරැළීම ප්‍රධාන වන බව ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද හිමියෝ කීහ.

 

 



අදහස් (0)

ගුරුගේ සිහිකර ලන්ඩනයේ පින්කම්

සංජය ප්‍රනාන්දු Tuesday, 12 August 2014 03:43 AM

ඔහු ජාත්‍යන්තරයේ බැබලුනු ශ්‍රේෂ්ටතම බෞද්ධයාය. ශ්‍රී ලංකාව බෞද්ධ ලෝකයට ගෙනගිය මහාචාර්ය මලලසේකරට පසු බිහිවූ එකම බෞද්ධයාය. එම අඩුව පුරවන්නට කෙනෙක් නැත. ශ්‍රී ලංකාවේ බෞද්ධ සංවිදාන ඔහු වෙනුවෙන් මොනවද කලේ? (නදී) ලජ්ජි! ලජ්ජි!

:       0       0

චානුක ප්‍රේමතිලක Monday, 11 August 2014 12:37 PM

ගරු රුහුණුපුත්‍ර ආනන්ද මැතිඳුනි ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. ඔබතුමාගේ අතිවිශිෂ්ට ඉංග්‍රීසි පරිවර්ථනයක් වන මහාවංශයේ ඉංග්‍රීසි පරිවර්තන ග්‍රන්ථය අදටත් මා කියවමි. (නදී)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 12:53 AM

මොහු සුගතියක ඉපදේවා කියා පතමු. (නි)

:       0       0

දුලනි Monday, 18 August 2014 01:17 AM

ඔබට අජරාමර නිවන් සුව අත්වේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 4 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1795 0

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2199 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2915 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1283 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 275 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24963 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site