IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ග්‍රෑන්ඩ්පාස් සන් සුන්

කොළඹ ග්‍රෑන්ඩිපාස් හි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ මුස්ලිම් යාඥා කුටියක වීදුරු බිද දැමීමේ සිද්ධියෙන් පසුව යුධ හමුදාව, පොලිස් විශේෂ කර්‍ය බලකාය, කැරළි මර්ධන පොලිසිය, පොලිසිය එහි ආරක්ෂාව තර කර ඇත.

පෙර දින පැනවූ ඇදිරි නීතිය අද උදේ හතට අවසන් විය.

තුවල ලැබූ මුළු සංඛ්‍යාව අටකි.

ඇමති මර්වින් සිල්වා, අදිකරණ ඇමති රාවුෆ් හකීම්, නියෝජ්‍ය ඇමති ෆයිෂාල් මුස්තාපා යන මහත්වරු එහි ගියහ.

කොළඹ නගරාධිපති ඒ.ජේ.එම් මුසාමිල් මහතාද එහි ගිය නමුත් ඔහුට විරෝධය එල්ල කළ නිසා පොලිස් ආරක්ෂාව යටතේ ආපසු ඒමට සිදු විය.

ග්‍රෑන්ඩ්පාස් ගැටුම කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි  දෙපාර්ශවයක් අතර හටගත් බවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් සන් සුන්

රහීම් Sunday, 11 August 2013 10:53 AM

මෙවන් සිද්දීන් දිගින් දිගටම ලංකාවක් ඉතුරු වෙන්නේ නැහැ (දී)

:       0       0

ඉම්රාන් Sunday, 11 August 2013 10:54 AM

වෙලිවෙරිය සිද්ධිය වහන්ට කරන කුමන්ත්‍රණ වගේ තමයි පෙනෙන්නේ (දී)

:       0       0

හර්ෂණ Sunday, 11 August 2013 10:56 AM

වැලිවේරිය අමතක වීගෙන යනකොට තව එකක් (දී)

:       0       0

වීර Sunday, 11 August 2013 05:11 PM

ලක්ෂිත, ඔබ ඔබේ වැඩක් බලාගෙන ප්‍රංශයට වෙලා ඉන්න. මේක අපි ඉන්න රට. නුඹලාට රටක් ඕනේ නැති වුනාට අපේ මුතුන් මිත්තන් දිවි හිමියෙන් ආරක්ෂා කල රට,ජාතිය අන්‍යාගමිකයන්ට නුබ වගේ පාවා දෙන්න අපි සුදානම් නැහැ. සිංහල ජාතිය ආරක්ෂා කර ලැබෙන මරණයත් අපිට සිය දහස් වාරයක් උතුම්. (නදී)

:       0       0

ටිකි Sunday, 11 August 2013 05:15 PM

පිටබැද්දර ජයා, බල්ලාගේ වැඩේ බූරුවා කරලා වැලිවේරියේදී වුන දේ දැක්කනේ.(නදී)

:       0       0

මිල්හාන් Sunday, 11 August 2013 11:08 AM

අනේ මේ අහිංසක මිනිසුන්හට ආගම අදහගෙන ඉන්න දෙන්නේ නැද්ද (දී)

:       0       0

පොනිල් Sunday, 11 August 2013 05:24 PM

අපේ සංඝයා වහන්සේට පින් දෙන්න සිංහල රට බේරා ගන්න ඉදිරිපත් වුණාට (නි)

:       0       0

අමිල Sunday, 11 August 2013 11:13 AM

මේකේ ඇත්ත සිද්දිය මොකද උනේ කියල හොයන්නේ ඕනේ, පිට කට්ටිය ගැහුවද තමන්ගේම අය ගහ ගත්තාද කියල කව්ද දන්නේ, මොනවා උනත මේවා වැරදි වැඩ. මේ වගේම නැගෙනහිර පැත්තේ අපිටත් යන්නේ වෙලා තියෙන්නේ තොප්පි ගෙන. දුකයි හල්ලෝ (දී)

:       0       0

විමල් Sunday, 11 August 2013 11:13 AM

මෙම දේපල වලට වෙච්ච හානියේ වගකීම මෙය කල සංවිධානය බාර ගතයුතු අතර තරාතිරම නොබලා දැඩි දඩුවම් පමුණුවන්න.

:       0       0

තිලක් Sunday, 11 August 2013 11:19 AM

හමුදාවට ජයවේවා මට අතීතය දවස් තුනෙන් අමතක වෙනවා (දී)

:       0       0

තින්තක Sunday, 11 August 2013 11:21 AM

මෙවන් තත්වයක් හමුවේ රට ඉදිරියට ගියොත් ලංකාව ලොකු අදුරකට වැටෙනවා

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 11:39 AM

වැඩිහිටියන්ට ගරු කරනවා වගේ,අනෙක් හැම ජාතියක්ම​ සිංහලයටත් ගරු කරන්න ඉගෙන ගත්තොත් හොදයි.....,. එතකොට හැම ප්‍රශ්ණයක්ම ඉවරයිනේ (දී)

:       0       0

රාජපක්‍ෂ Sunday, 11 August 2013 05:43 PM

ඔය සමහර අයට පිටරට හිටියට රටේ ප්‍රශ්ණ පෙනෙන්නේ නැහැනේ.අනික අපි දැක්කා එයාලා පිටරටට වෙලා,මානව හිමිකම් කවුන්සීලේදි කරපු දේවල්,ඒක නිසා පරෙස්සෙමින් හොදේ (නි)

:       0       0

රජපක්‍ෂ Sunday, 11 August 2013 05:48 PM

සමන්, ඔයාගේ ඇත්ත නම දාලා අදහස් දානවද​? ඔයාගේ ඔය පුංචි උත්සාහය ගොඩාක් අහිංසක එකක් වගේ. (නි)

:       0       0

ගමේ කොල්ලෙක් Sunday, 11 August 2013 11:48 AM

සිංහල අපි සහජීවනයට කැමති වුණාට, බහුතරය එහෙම නැහැ (නි)

:       0       0

මර්වින් Sunday, 11 August 2013 11:54 AM

ආරක්ෂක ලේකම් තුමනි දැන් මේ බලන්හිටියා හොදටෝම ඇති. මේ සියලු ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරන්න. මේවා දවසෙන් දවස සිවිල් ජනතාවට හා රටේ සාමය පවත්වා ගෙන යාමට බලවත් තර්ජනයකි.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 11:56 AM

අළු යට ගිනි තියෙන්න බැරි කමක් නැහැ කොල්ලෝ.(නදී)

:       0       0

දනුෂ්ක Sunday, 11 August 2013 12:05 PM

කිසිම මාධ්‍යයක සත්‍ය නොමැති වීම දුකක්, මෙහි සත්‍ය සිදුවීම නම් අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමකට සහාය දැක්වු කොල්ලෝ ටිකකට තමයි පහර දීලා තියෙන්නේ.(නදී)

:       0       0

අමිළ කටුනායක Sunday, 11 August 2013 12:07 PM

දැන් ග්‍රෑන්ඩ්පාස් සන් සුන්. දැන් තියෙන්නේ බෝල් පාස්.(නදී)

:       0       0

ටිකි Sunday, 11 August 2013 06:13 PM

දනුෂ්ක,පිටබැද්දර ජයා, ආගම දහම රැකීමට කටයුතු කිරීමෙහි කිසිදු වරදක් නැත. ඒත් මොලේ පාවිචි කරලා මොලේ ගලවලා පැත්තකින් තියලා මිනිසුන්ට වැරදි ආකල්ප ඔබ්බන විදියේ මෝඩ වැඩ කරලා නෙවෙයි (නි)

:       0       0

ටිකි Sunday, 11 August 2013 06:17 PM

සමන්, ඔයා වරද්දාගෙන.. මම කිව්වේ නීති විරෝධී(අවසර නැති) එකක් නම් ඒක වැරදියි කියලා විතරයි. (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 11 August 2013 12:40 PM

සහජීවනයෙන් ජීවත් වෙනවානම් අපිත් කැමතියි. ඒත් දැන් වෙන්නේ එක නෙවෙයිනේ. කොච්චර කවුරු දැඟලුවත් මේක සිංහලයට තියෙන එකම රට. අපි ඒක රැකගන්න ඕනේ.(නදී)

:       0       0

පහන් Sunday, 11 August 2013 12:49 PM

සිංහලයාගේ මොළ හෝදලා තියෙන්නේ ලොක අය.(නදී)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 06:29 PM

ටිකි,අපිට ඕනෑ ජනතාව ඇත්ත දැනගන්නයි. (නි)

:       0       0

ටිකි Sunday, 11 August 2013 12:51 PM

දනුෂ්ක, එතකොට ඔයා කියන්නේ මේ පහර දීල තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට හරි අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අයත් ආයතනයකට කියලද?  අනවසර ඉන්දිකිරීමක් නම් ඒක වැරදයි තමයි. එය අදාළ ආයතන බලා ගත යුතුයි. එතනට හැමදුරුවරු ආවේ මොකද එතකොට. ඒත් මේ වගේ මෝඩ අදහස් දාන්න එපා.(නදී)

:       0       0

ටිකි Sunday, 11 August 2013 06:44 PM

ඔව් ඇත්ත ප්‍රචාරය කරන්න. මගේ මතය එය සිහි බුද්ධියෙන් මොලේ පාවිච්චි කරලා කරන්න ඕනෑ දෙයක් කියන එකයි. (නි)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 01:19 PM

ටිකි, ඔයා වගේ රදළයෝ ඉස්සරත් හිටියා. ඒකනේ අපි සුද්දටත් පැරදුනේ. දෙයක් නොදැන කතා කරන්න එපා. පත්තර එකකවත් සත්‍ය සඳහන් වෙන්නේ නැහැ. ඔය පින්තූරයේ තියෙන කොලපාට ගොඩනැගිල්ල ප්‍රජාශාලාවක් විදියටයි පවත්වාගෙන ගියේ. නමුත් දැන් එතන පල්ලියක් හදාගෙන ඒක ඉවත් කරන්න උසාවි නියෝගයකුත් ලැබිලා තියෙද්දි තමයි මොහුන් බලෙන් මෙය පවත්වාගෙන ගියේ. උසාවි නියෝගයක් කඩකරන්න තරම් බලයක් මොහුන්ට කොහෙන්ද?  ටිකි එකක් මතක තියාගන්න ග්‍රෑන්ඩ්පාස් වල ඒ සෙල්ලම් දාන්ඩ දෙන්නේ නැහැ. කොන්ද පණ තියාගන්න උත්සහගන්නවා දැන්වත්.(නදී)

:       0       0

හසන් Sunday, 11 August 2013 01:22 PM

අනේ මන්දා මේවා ගැන මට නම් තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 01:27 PM

ටිකි....එතනට හාමුදුරුවෝ ආවේ නැහැ හාමුදුරුවෝ වැඩියා.හරියට භාෂාව හසුරුවන්න ඉගෙන ගන්න පළමුව. (නි)

:       0       0

ටිකි Sunday, 11 August 2013 01:38 PM

දනුෂ්ක, ඔච්චර කේන්ති ගන්න දෙයක් මම කියල නැහැ මගේ මතය වුනේ "අනවසර ඉන්දිකිරීමක් නම් ඒක වැරදියි තමයි. එය අදාළ ආයතන බලා ගත යුතුයි. එතනට හැමදුරුවරු ආවේ මොකද එතකොට"... සාමාන්‍ය ජනයා නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දට පන අරන් වැඩක් නැහැ. රජයට කොන්ද පන තියෙන්න ඕන නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට කාටවත් ඇඟිල්ල දික් කරන්න බැහැ. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියොත් තමා ප්‍රශ්නේ.(නදී)

:       0       0

හ.ව. සංජීව-දෙවුන්දර Sunday, 11 August 2013 07:29 PM

ජාතියක් වසයෙන් සිංහල අය ගොඩක් දුර්වල වෙලා. සිංහල කෙනෙක් ජාතිය සිංහල කියලා කියනකොට අපේ අය කියන්නේ ජාතිවාදය අවුස්සනවා කියලා (නි)

:       0       0

නිසාද් Sunday, 11 August 2013 01:48 PM

කිසිමදෙයක් දන්නේ නැතුව බොරුවට අදහස් ලියන්න එපා. (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 11 August 2013 08:08 PM

අන්න තවත් එයාපොර්ට් එකක් හදල මල්ල පුරෝ ගන්න සැරසෙනවා. අපේ මෝඩයෝ කුලල් කා ගන්නවා. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 11 August 2013 02:22 PM

ටිකි, බල්ලා වැඩේ හරියට නොකරන නිසානේ බුරුවා බැහැලා තියෙන්නේ. හැබැයි එක දෙයක් අපේ හාමුදුරුවරු මෙහෙමවත් නොකලොත් අපිටත් වෙන්නේ තායිලන්තෙට මියන්මාරේට බංග්ලාදේශයට උන දේ තමයි.(නදී)

:       0       0

චාමර Sunday, 11 August 2013 08:47 PM

දනුෂ්ක ජයවේවා! නියම කළු සිංහලයිනේ නුඹලා අපිට ආඩම්බරයක් අපේ ජාතිය, රට බේරගන්න ඉන්නේ ඔයාල විතරයි. මේක මියන් මරය උනාම අනිත් කට්ටියට තේරෙයි.(නදී)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 02:28 PM

වැනසෙන ජතියකට පණ දෙන්න හදන අපි ජතිවාදියෝ නම්, අපි අපේ ජතිය ගැන කතා කරනකොට අපිව ජාති වාදියො වගේ පේන ඕන එකෙකුට කියන්නේ සිංහලයා කවදාවත් පරාද උනේ නැහැ. අපේම උන් අපිව පරාද කලා මිසක.(නදී)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 02:38 PM

ඔතනට වැඩිය හාමුදුරුවෝ ගමේ පන්සලේ හමුදුරුවෝ,උන් වහන්සෙට ඒකට කතා කරන්න අයිතියක් නැත්නම් කාටද අයිතියක් තියෙන්නේ?කිසි දෙයක් නොදැන කතාකරන්න එපා ටිකි. (නි)

:       0       0

දනුෂ්ක​ Sunday, 11 August 2013 03:08 PM

දුරකථන ඇමතුම් දීලා අහල පහල අයව ගෙන්නුවට (මාලිගාවත්ත​,පංචිකාවත්ත​,මැල්වත්ත​,ආමර්වීදීය ) අපි භය උනේ නැහැ. ගින්දර කොල්ලෝ වගේ අපි සටන් කලා. අපේ කොල්ලන්ට ජය වේවා.(නදී)

:       0       0

රාජේශ් Sunday, 11 August 2013 08:05 AM

ඉවසුව ඇති.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 11 August 2013 08:09 AM

ඔන්න බලල මල්ලෙන් එලියට පැන්නා. මම නම් ඊයෙම කිව්වා මේක මුස්ලිම් කේස් එකක් කියලා. හැබැයි ලංකාදීපේ ඒක පල කලේ නැහැ මම තරහ නැහැ හොඳේ !(නදී)

:       0       0

සිංහ Sunday, 11 August 2013 08:40 AM

ඉවසුවා ඇති.(නදී)

:       0       0

සිංහ Sunday, 11 August 2013 08:41 AM

අපි අපේ රටේ ජාතිය වෙනුවෙන් නැගිටින්ඩ කාලය ඇවිත්.(නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 11 August 2013 08:42 AM

මෙන්න කන තැන.(නදී)

:       0       0

ලියනගේ Sunday, 11 August 2013 08:47 AM

සිංහලයිනි අවදිවව්...ශ්‍රි ලංකාව බේරා ගනිව්!(නදී)

:       0       0

සම්පත් Sunday, 11 August 2013 08:59 AM

වැඩේ නම් කැතයි. ලංකාවත් මියන්මාරයක් වෙයිද මෙහෙම ගියොත්.(නදී)

:       0       0

අසේල Sunday, 11 August 2013 09:07 AM

ලෝකේ හැම රටකම හැම ජාතියකම මිනිස්සු ඉන්නවා, සාමයෙන් සහ සතුටින්. ඔයාලා කාවදාවත් සාමයෙන් සතුටින් නිදහසේ ඉන්න හිතන අය නෙමේ. අවුරුදු 30 ක යුද්දෙන් කිසිම පාඩමක් ඉගෙන ගෙන හැදෙන අය නෙමේ.(නදී)

:       0       0

චන්දා Sunday, 11 August 2013 03:35 PM

දැන් දැන් උදේ පාන්දරට කොළඹ සෞදි අරාබිය වගේ තමයි. ජනාධිපති තුමත් අවදි වෙනවා ඇත්තේ පැති හතරෙන්ම ඇසෙන පල්ලි යාඥා ගීතිකා හඩින්. මම ඉන්නේ අල්ලපු වැටේ අරලිය මැදුරේ, ලංකාවට ගියාම.(නදී)

:       0       0

මෝහමෙඩ් Sunday, 11 August 2013 09:14 AM

මෝඩ මිනිසුනේ අපේ පොඩි රටේ හැමෝම එකට ජීවත් වෙන්න බලමු. ඒ හැරෙන්නට තව තවත් ප්‍රශ්න එපා අපිට. රට විනාශ කරන සංවිධානවලට රැවටෙන්න එපා.(නදී)

:       0       0

නිමන්ත Sunday, 11 August 2013 09:16 AM

ඒ කියන්නේ මේක පෞද්ගලික කොන්තරයක්ද

:       0       0

නිලේෂ් Sunday, 11 August 2013 09:24 AM

කාටවත් තේරෙන්නේ නැත්තේ මොකද මේක සංවිදනාත්මක වැඩක්. මේවා පිටිපස්සේ ඉන්නේ සල්ලිවලට වැඩ කරන අය. ප්‍රතිචාර දාන අයත් එහෙමයි. මොකද දාන ප්‍රතිචාර වලින් මිනිස්සු කුලප්පු කරන්න ලේසියි. අපි හැමෝම එකා වගේ ඉන්න ඕනි.(නදී)

:       0       0

මරික්කාර් Sunday, 11 August 2013 09:30 AM

තම තමන්ගේ ආගමේ නාමයෙන් චන්ඩි පාට් දාන මැරයන් ඉන්නතුරු සාමය සහජීවනය ගැන කතා තිරීම බොරු වැඩක්. මුලින්ම සියළුම ආගමික අන්තවාදීන් හදුනාගෙන තරාතිරම නොබලා නීතිය අනුව කටයුතු කළ යුතුයි.(නදී)

:       0       0

රියාස් Sunday, 11 August 2013 03:42 PM

මම ඉගෙන ගත්තේ සිංහල ඉස්කෝලේ, අපි කෑවේ බීමේ එකට. අපි රණ්ඩුවකට ගියත් බැලුවේ නැහැ මොන ජාතියද කියලා. අපි හැමෝ හිටියේ එකාවගේ. ප්‍රශ්නයක් වැටුනත් මොන ජාතියක් වත් ඉස්සරට එන්නේ නැහැ. අපිට අපි උවමනායි. රට අනිත් රටවල් වගේ නැහැ මේක ශ්‍රේෂ්ඨ ලංකා.(නදී)

:       0       0

චන්දන Sunday, 11 August 2013 09:37 AM

ගොත්‍ර වාදීන් නොවී ශ්‍රී ලාංකිකයන් ලෙස හැමෝම වැඩ කරමු. (නදී)

:       0       0

මෝරලා Sunday, 11 August 2013 09:39 AM

උඩ අදහස් පළකර ඇති අයත් ඕකට සම්බන්දකමක් තියෙනවා වගේ.(නදී)

:       0       0

සේනක Sunday, 11 August 2013 09:44 AM

මේවා ඉදිරි පරම්පර වලට නරාක ආදර්ශ.

:       0       0

ශාන් Sunday, 11 August 2013 09:44 AM

මෝඩ මිනිසුනේ රට විනාශ කරන සංවිධානවලට රැවටිලා රට නැවතත් ආ පස්සට ගිනියන්න එපා.(නදී)

:       0       0

සුදේශ් Sunday, 11 August 2013 09:53 AM

රට කන අන්තවාදී පිරිස් කල මේ ක්‍රියාව පිළිබඳව සිංහලයෙක් හැටියට මම මුස්ලිම් සහෝදරයන්ගෙන් සමාව ඉල්ලා සිටිමි.(දී)

:       0       0

ශාන්ත ලාල් Sunday, 11 August 2013 09:55 AM

හරියට හරි මරික්කාර්. අපේ රටේ කව්රුත් ජීවත් වෙන්න ඕනේ. මේක මැද පෙර දිග නෙමෙයි.(නදී)

:       0       0

අමිළ Sunday, 11 August 2013 09:56 AM

83 මතකයි නේද ? අන්තවාදී පිරිස් වලින් රට බේරා ගනිමු. හැම ජාතියකටම ආගමකටම මේ රටේ සමාන තැනක් තිබිය යුතු බව අමතක කරන්න එපා.(නදී)

:       0       0

බණ්ඩාර Sunday, 11 August 2013 10:10 AM

ඔන්න ඹන්න කට්ටිය නාගන්න යන්නේ...........

:       0       0

ප්‍රසන්න Sunday, 11 August 2013 10:12 AM

මේවා තමයි ජාතික ප්‍රශ්න (දී)

:       0       0

ගමගේ Sunday, 11 August 2013 10:13 AM

මේවා නිසා ලංකාව ජාත්‍යන්තරය හමුවේ සරණ වෙනවා (දී)

:       0       0

ශාන් Sunday, 11 August 2013 10:21 AM

ඔව් අපි විතරක් සිංහල අපිට තියන එකම රට සමව බෙදලා දෙමු. එතකොට පන්සලත් එක්කම පල්ලියත් තියෙයි. පන්සලේ පිරිත් කියනකොට පල්ලියේ යාඥා කරයි . අන්න ඒකටයි සහජීවනය කියන්නේ

:       0       0

ජවුෆාර් Sunday, 11 August 2013 10:23 AM

පුංචි රටේ හැම ජාතියමෙකමුතුව ඉන්න ඕනේ අපි කව්රුත් මෙරෙනකොට මොනවත් අරන් යන්නේ නැහැ (දී)

:       0       0

ෆාතිමා Sunday, 11 August 2013 10:25 AM

මේ වගේ අපරාද කරන්න එපා මුස්ලිම් මිනිස්සුන්ට..

:       0       0

නාෆික් Sunday, 11 August 2013 10:25 AM

මෙවන් වැඩ කරන මිනිස්සුන්ට නීතියේ උපරිම දඩුවම දෙන්න ඕනේ (දී)

:       0       0

දර්ශන Sunday, 11 August 2013 10:30 AM

මොකද මේ මිනිස්සුන්ට සමගියෙන් වැඩ කරන්න බැරි (දී)

:       0       0

තිලක් Sunday, 11 August 2013 10:33 AM

යුද්ද කරන්නේ නැතුව ඉන්නම බැරිද මේ මිනිස්සුන්ට (දී)

:       0       0

චමින්ද ජයනාත් Sunday, 11 August 2013 10:33 AM

ලෝකයෙ දියුණු රටවල ඕනම ගොඩනැගිල්ලක් ඉදිකරන්ඩ රජයේ විශේෂ අවසරයන් ගත යුතුයි. නමුත් ලංකාවේ ඕන කෙනෙක්‍ට ඕනැම තැනක කිසිදු සැලකිල්ලකින් තොරව ගොඩ නැගිලි ඉදිකරන්ඩ පුලුවන්. වශේෂයෙන් ආගමික ස්ථාන වැනි දේ ඉදිකිරීමේදි රජයෙ යම් නියාමනයක් තිබිය යුතුයි. මෙකෙද මේ විදිහට ගියොත් සාමය සමගිය පතුරන ආගම්ම තමා අපේ රටේ මීලග අවුල ඇති කරන්නෙ. ඒක නිසා රජය දැන්වත් මෙවැනි ආගමික ස්ථාන ඇති කරද්දි නිසි ක්‍රියාපටිපාටියක් රජය හදුන්වා දිය යුතුයි. (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 11 August 2013 10:35 AM

මේවගේ වෙලාවට ජනතාව ඔලුවෙන් වැඩ කරන්න ඕනේ (දී)

:       0       0

මොහමඩ් රිෆ්කි Sunday, 11 August 2013 10:35 AM

කුමන ආගමක වුවත් ආගමික අන්තවාදීන් ලෝක සාමයට ප්‍රශ්නයක් ..

:       0       0

ලක්ෂිත ප්‍රංශය Sunday, 11 August 2013 04:28 PM

පිටබැද්දර මෝඩයෙක්. රට කනවා මේ අය.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 11 August 2013 10:43 AM

මේවා කාගේ උවමනාවට කරන දේවල්ද (දී)

:       0       0

මොහමඩ් රිෆ්කි Sunday, 11 August 2013 10:45 AM

කුමන ආගමක වුනත් අන්තවාදීන් පිළිලයකි.. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 9482 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 4891 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 6814 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4613 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1144 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1968 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36480 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24193 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 527 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 227 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site