ගුරුතලාවේ මිස්කින් බාවා ෆවුසුල් ඉනායාට පදිංචි සහතිකයක් නිකුත් කිරීමට රුපියල් දස දහසක අල්ලසක් ගත්තැයි සැකපිට මොරගහතැන්න වැඩබලන ග්‍රාම නිලධාරී සෝමපාල මාපා බණ්ඩාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
මුලදී රුපියල් 4000ක් ඉල්ලා පසුව එය දස දහස දක්වා වැඩි කර ඇතැයි සැකකරු බන්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරත්නම් ට්‍රොට්ස්කි මහතා වෙත මුලින්ම ඉදිරිපත් කළ අල්ලස් කොමිසම කියා සිටියේය.
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රාමසේවක අල්ලස් දැලේ
ද සිල්වා බෙර්ලින් Wednesday, 10 April 2013 09:22 PM
මේ ග්‍රාම සේවකලගේ වැයික්කිය අවුරුදු 2 -2 ට මාරුකරන්න ඕනේ නැත්නම් හොර ජාවරම් වලට පුරුදුවෙනවා. නගරබද ග්‍රාම සේවකලා පිටිසර ගම්බද ජිවත්වන නුගත් දුප්පත් ජනතාව හුරන් කන්න පුරුදුවෙලා ඉන්නවා.(නදී)
ජයතිස්ස සෞදි Thursday, 11 April 2013 11:39 AM
අහිංසකගේ ප්‍රතිචාරය නිවැරදි දෙපැත්තම වැරදි. (ස)
සරත් Wednesday, 10 April 2013 10:17 PM
චීනටකොරටුවෙත් ඔය වගේ හාදයෙක් ඉන්නවා..(නදී)
සරත් Wednesday, 10 April 2013 04:26 PM
අලුත් අවුරුද්දට වියදමට වෙන්න ඇති. (ස)
නීල් Thursday, 11 April 2013 12:51 PM
මාත් ඔය ගමේ තමයි පදිංචි. අපි මිලදී ගත් ඉඩමක් ඔප්පු මාරු කරන්න 50, 000 ඉල්ලුවා. පස්සේ 5000 දීලා කරගන්න වුණා. (නි)
හිනායා Thursday, 11 April 2013 12:53 PM
හොර සහතිකයක් නම් පොලිසි යන්න වෙන්නෙත් අහිංසක මිනිස්සුන්ට (නි)
දයා අලහකෝන් Thursday, 11 April 2013 02:31 PM
මහා පරිමාණයෙන් දේශපාළුවන් පගා ගහන්නේ. ඕක නිකම් බුලත් විටක් වගෙයි.(නදී)
පිටිගල මිලානෝ Wednesday, 10 April 2013 07:18 PM
මෙය හලාල් ගනදෙනුවක් වෙන්න බැරිද? (නි)
මුතුකුඩ Wednesday, 10 April 2013 08:08 PM
පිටිගල මහත්තයෝ, ඒක හලාල් කිවුවාට සමහරු ඒක හරාම් කරලානේ. (නි)
සමුසුදීන් Wednesday, 10 April 2013 08:14 PM
පිටිගල සහ මුතුකුඩ මහත්තයෝ හලාල් හරාම් ගැන දැනගත්තට බොහොම ස්තුතියි. (නි)
පිටිගල මිලානෝ Wednesday, 10 April 2013 08:38 PM
සම්සුදීන් මහත්තයෝ මම කාලීන විහිළුවක් කළේ, ගණන් ගන්න එපා. (නි)
අහිංසක Thursday, 11 April 2013 11:15 AM
මේකේ නොපෙනෙන පැත්ත ගැන හිතන්න. ඇයි ඒ පුද්ගලයා 4000 ක පගාවක් දෙන්නේ නිකම් ගත හැකි සහතිකයට?. හොර පදිංචි සහතිකයක් උවමන නිසා නෙවිද? ග්‍රාම නිලධාරී 10000 ට ගණන වැඩි කලේ ඒ නිසාම නෙවිද? පගාව දීමත් ගැනීමත් දෙකම වරදක්. (ස)