IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්

කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියකගේ වීසා ක්‍රෙඩිට් කාඩ් පත සොරාගෙන විවිධ ප්‍රදේශවලින්  රුපියල් 36000ක බඩු මිලදී ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ එම පාසලේ ගුරුවරියක හා ඇගේ සැමියා වරද පිළි ගැනීමෙන් පසු මාස 6 බැගින සිර දඬුවම් සහ රුපියල් 4500 බැගින දඩ ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. සිර දඬුවම් වසර පහකට අත්හිටුවන ලෙස ද නියෝග කෙරිණි.  මෙසේ දඬුවම් නියම වූයේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි නිර්මලී වෙත්තසිංහ සහ නිශ්ශංක ෆොන්සේකාටයි.



අදහස් (0)

ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්

චන්දි වික්‍ Thursday, 14 November 2013 12:49 PM

පොඩි දරුවන්ට උගන්වන ඔය වගේ හොර ගුරුවරුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

සමන් Thursday, 14 November 2013 12:51 PM

මේ අය ගුරු හොරු. (ස)

:       0       0

දසුන් Thursday, 14 November 2013 12:59 PM

ගුරු හොරු... (ස)

:       0       0

ලක්ෂාන් Thursday, 14 November 2013 01:04 PM

අනේ මන්දා ලංකාවට ගිය කලක්.අද කාලේ ගුරුවරු ළමන්ට කියල දෙන්නේ හොරකන් කරන හැටිද කොහෙද.....? (ස)

:       0       0

කුලවති Thursday, 14 November 2013 01:26 PM

හොඳ වැඩේ හොර ගුරුන්ට. (ස)

:       0       0

විපුල Thursday, 14 November 2013 01:36 PM

මෙතන වරද තියෙන්නේ පුද්ගලයාගේ මිස වෘත්තියේ නොවේ. නිවැරදි මිනිසුන් නිවැරදි වෘත්තින් වලට තෝරා ගැනීමේ යාන්ත්‍රණයක් තිබිය යුතුයි. ඇමතිගේ ලියුමට පුද්ගලයන් පත්කිරීමේ ක්‍රමයේ ඇති එක්තරා අතුරු ප්‍රතිපල තමයි මේවා. සියලුම රාජ්‍ය සේවයෙහි යෙදෙන වෘත්තියවේදීන්ගේ ආකල්ප වෙනස් කිරීමට සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

සජාන් Thursday, 14 November 2013 01:40 PM

දැන් දෙන්නටම එකටම හිරේට යන්නත් පුළුවන්. කොච්චර එකමුතුකමක්ද? (නි)

:       0       0

අජිත් Thursday, 14 November 2013 01:40 PM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු! ඉතින් කොහොමද ළමයින්ට උගන්වන්නේ? (නි)

:       0       0

ලියනගේ Thursday, 14 November 2013 01:46 PM

නරක ආදර්ශයක්. මේ වගේ හොරකම් මීට වැඩිය අනාගතයේදී වැඩි වෙයි. මිනිසුන් ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. ජීවන වියදම වැඩියි (නි)

:       0       0

සිල්වා Thursday, 14 November 2013 01:47 PM

රටේ බහුතරය කොහොමත් මහන්සි වෙලා උපයාගෙන කන්න පුරුදු වුණ අය නොවෙයි (නි)

:       0       0

රූපවතී Thursday, 14 November 2013 01:56 PM

හොඳ වෙලාවට මම මගේ දරුවාව ලංකාවෙන් පිටතට ගෙන ගියේ ...? අද හැමතැනම අහන්න දකින්න තියෙන්නේ මෙවැනි දේවල් නිසා ..අද කාලේ එවැනි ගුරුවරුන්ගෙන් දරුවොත් ලබන්නේ වැරදි ආදර්ශ ...?ඒ වගේ ප්‍රතිපල අදට වඩා මතුවට අපිට දැකිය හැකියි ...? (ස)

:       0       0

දොඩන්ගොඩ Thursday, 14 November 2013 01:57 PM

ගුරුවරුන් දැන් ගුරු හොරුන් වෙලා. මෙහෙම අයද අද පාසල් වල කුඩා දරුවන්ට ආදර්ශ දෙන්නේ ? (ස)

:       0       0

චින්තක Thursday, 14 November 2013 01:57 PM

කෝ මේ ස්ටර්ලින්, කොහෙද හැංගුනේ? (ස)

:       0       0

ධම්ම Thursday, 14 November 2013 02:01 PM

ඉස්කෝල ගුරුවරුත් දැන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා.ආඩම්බරයි! මට මතක් වෙනවා මා ගුරු සේවයේ හිටි කාලේ. පඩිය රුපියල් දෙසිය විස්සයි.අනේ ඉතින් අරපරිස්සමෙන් වියදම් කළා. (නි)

:       0       0

ගුණරත්න Thursday, 14 November 2013 06:54 PM

සංජීව, කරුණාකරලා කියන්න පුලුවන්ද ඔය සාධාරන වැටුප කීයක් විතර වෙන්න ඕනෑද කියලා. රුපියල් ලක්ෂයක්,දෙකක්,තුනක්,හතරක්,කෝටියක්? දැන් ඔය කියන විදියට නෝනගේ වැටුප 24000යි.මහත්තයා කීයක් ගන්නවද දන්නේ නැහැ.දෙන්නගෙම වැටුප එකතු කරලත් ඔය දෙන්නට ජීවත් වෙන්න හොරකම් කරන්න ඕනෑද.ඔතන තියෙන්නේ වැටුප් ප්‍රශ්නය නෙමෙයි, හොරකම.අවංක ගුරුවරියක් නම් කරන්න තිබුනේ කාර්ඩ් එක මුල්ගුරුතුමාට හරි අදාල බැංකුවට හරි දෙන්නයි. ඔය වගේ කෙනෙකුට රුපියල් කෝටියක් තිබුනත් හොරකම් කරනවා. (නි)

:       0       0

මාර්ක් Thursday, 14 November 2013 02:17 PM

අනේ රූපවති අක්කෙ, ඔයාගෙ දරුවෝ ගෙනිච්චෙ පිටතට කියන්නෙ කොහේටද? (නි)

:       0       0

ප්‍රිය Thursday, 14 November 2013 02:25 PM

මේවා පොඩි හොරකම්. මහා පරිමාණයේ හොරුන්ට මොකුත් නැහැ. මේකත් වරදක් තමයි. අපරාදේ! සුළු ගානක් නිසා ආත්මයම විනාශයි. ජෝඩුවම එක වගේ, අනේ මන්දා ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද මන්දා? (නි)

:       0       0

දර්ශන Thursday, 14 November 2013 07:20 PM

ඉහළම අයත් හොරකම්,මැරකම්,කුඩු බිස්නස් කරන රටේ මේක මොන හොරකමක්ද? (නි)

:       0       0

රාමා Thursday, 14 November 2013 02:49 PM

අයියෝ, රු 36000/ ක නේ බඩු අරන් තියෙන්නේ. ඔන්න ඕක ගෙවල දාන්න එකවුන්ට් නොම්මරේ එවන්නකෝ... (ස)

:       0       0

ගුණේ Thursday, 14 November 2013 02:52 PM

ළමයිනේ ඔන්න ටිචර් විසා ක්‍රෙඩික් එනවා. (ස)

:       0       0

රාමා Thursday, 14 November 2013 02:53 PM

රුපා, චන්දි, මඩුගල්ලේ, වන්නි තිලක්, ලන්ඩන් ඉන්දු සහ අපෙ හොඳ මිතුරු කැළක්. අදහස් ලියනවා නිරතුරු වටිනා යමක්. මගේ අදහසට දෙන්නකෝ පොඩිම ඉඩක්. (ස)

:       0       0

රූපවතී Friday, 15 November 2013 01:35 AM

ගුණරත්න, මටත් කියන්න තියෙන්නේ ඔයා කියපු ටිකමයි. හොරකම් කරලා හරි බලන්නේ තමන්ගේ මල්ල පුරෝගන්න. බොහොම හොදයි. රැකියාවෙනුත් පහකරලා දමන්නයි ඕනෑ.ගුරුවරයෙක් වුණාම මුලුරටටම ආදර්ශමත් වෙන්න ඕනෑ (නි)

:       0       0

චාමත් ඉතාලිය Friday, 15 November 2013 01:48 AM

ශිරානි,මේ වැරදි කරලා තියෙන දෙදෙනාට දීලා තිබෙන අවුරුදු 5හේ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ.යම් හෙයකින් ඒ අවුරුදු 5 ඇතුළත ඒ අය නැවත හොරකමක් කරලා අසු වුණොත් එදින සිට ඒ දඩුවම ක්‍රියාත්මක වෙනවා. (නි)

:       0       0

මගරි Thursday, 14 November 2013 03:12 PM

විපුල මේකටත් දේශපාලනය ගාවගෙන.ඔය දේශපාලකයෝ පත් කරන්නෙත් මහජනතාවම නේද ?.තව සමහරු කියනවා මේවා, පොඩි හොරකම් කියලා.ඔය තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් කරපු හොරකම. වැරදිලාවත් ඇමති කෙනෙක් එහෙම වුනොත් මෙවුන් කොහොම හොරකම් කරාවිද ? (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 15 November 2013 02:16 AM

ගුණරත්න,ඔයා සංජීවට දුන්න උත්තරය හරියටම හරි.ගුරුවරයෙකුට සොච්චම් පඩියක් ලැබුනා කියලා හොරකමේ යන්න අයිතියක් නැහැ. එහෙම නම් 20,000 අඩු පඩි ගන්න ඔක්කොම යයි හොරකමේ.... (නි)

:       0       0

ගජබා Thursday, 14 November 2013 03:33 PM

දැන් ඉතින් දෙන්නම උසාවියෙන් වැරදිකරුවන් වෙලා ඉවරයි. ඒ නිසා දෙන්නටම රස්සාව නැති වෙනවා. පොලිස් වාර්තා ගන්න ගියාම ඔය වැරැද්ද එකට දානවා. කිසිම අධි ආරක්‍ෂිත කලාප සඳහා ස්ථිර අවසර පත් නිකුත් කරන්නේ නැහැ (උදා: වරයා, ගුවන් තොටුපල). රැකියාවකට යන විට, පාස්පෝට් ගන්න විට ආදියේදී අර අන්තිමට අහන ප්‍රශ්නය "ඔබ උසාවියෙන් වැරදි කරු වී දඬුවන් ලබා තිබේද..?" කියන එකට උත්තර ලියන්න බැරි වෙනවා...!! ඉතින් හිරේ ගියාට හපන්..!! (ස)

:       0       0

ජෝන් Thursday, 14 November 2013 03:39 PM

ගමට ගිහින් කෝමද මුණ දෙන්නේ. (ස)

:       0       0

රුබට් Thursday, 14 November 2013 03:55 PM

ගජබා, ඔබ උසාවියකින් දඬුවම් ලබා ඇද්ද කියන ප්‍රශ්නෙට නැත කියලා ලිවුවා නම් ඉවරනේ. එහෙම නැත්නම් ලියන්න, මගේ නම රූපවතී, මම හිටියේ පිටරට, මෙහෙ උසාවි ගානේ ගියේ නැහැ කියලා. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 14 November 2013 03:55 PM

ගණන් ගන්න එපා. අද කාලේ ඕක බොහොම සුළු වරදක්. (නි)

:       0       0

සිරානි Thursday, 14 November 2013 03:57 PM

මොකක්ද මේ අත්හිටවු සිර දඩුවම කියන්නේ. වචනේ අර්ථයෙන් නම් තේරෙනවා සිර දඩුවම අත්හිට වු බව. එහි ස්වභාවය කුමක්ද?? (ස)

:       0       0

සනත් - කටාර් Thursday, 14 November 2013 04:12 PM

ඔය අදහස් දාන කට්ටිය මෝඩයෝ වගේ ගුරුවරියටම බනින්න එපා.මේකෙන් පේන්නේ රටේ ඇතිවෙලා තියන තත්වේ එක පැතිකඩක් විතරයි .කව්රුත් දන්නවා ගුරුවරුන්ගේ සොච්චම් පඩිය ගැන.මේවට විසදුම් දෙන්නේ කව්ද කියන එකයි ප්‍රශ්නේ.රටේ මහා කට්ටිය බිලියන ගණන් ගිලිද්දී අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට විසදුම් නැ.මාත් ගුරුවරයෙක් නිසා අපිට තේරෙනවා. බැරි තැන රස්සාවට ආයුබෝවන් කියල පිටරටකට ආවා.අනේ අපේ රටට වෙන දේ බැලුවම පුදුම වේදනාවක් දැනෙන්නේ. (ස)

:       0       0

සංජීව Thursday, 14 November 2013 04:23 PM

සනත්, ප්‍රශ්නය හරියට තේරුම් ගත් එක ගැන ඔබට මගේ උත්තමාචාරය. අද ගුරුවරුන්ගේ වැටුප කීයද? 24,000යි. ඔ.ටී., බටා, ගමන් වියදම් ඔයවගේ වෙන මුකුත්ම නැහැ. ඕකෙන් ගෙයක් හදන්න ලෝන් එකක් ගත්තොත් ඒකට 10,000 විතර කැපෙනවා. ඉතින් ඉතුරු 14,000යි. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ. ගුරුවරියට කවුරුත් බනින්න පුළුවන්, එහෙත් ඒ ගැටලුව හරියට තේරුම් ගන්න බැහැ. රටක අනාගතය හදන්නේ, ගුරුවරු. ඒ අය‍ට සාධාරන වැටුපක් දිය යුතුයි. එහෙම වුණොත් ගුරුවරුන්ගේ ගෞරවය රැකෙයි, නැත්නම් නිතරම මේ වගේ දේවල් අහන්න වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 162 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 85 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 126 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1082 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


රත්ගම පිරිසකට ඡන්දය අහිමි වෙයි
2024 සැප්තැම්බර් මස 21 1456 0

රත්ගම ආසනයේ මාදම්පා මධය විදයාලයේ පවත්වාගෙන ගිය චන්ද මධයස්ථානයට පැමිණි විශාල පිරිසකට සිය ඡන්ද පතිකාවේ හැදුනුම්පත් අංකය වැරදියට මුදණය කර තිබීම නිසා ඔව


දිගාමඩුල්ලේ සියයට 73 යි
2024 සැප්තැම්බර් මස 21 96 0

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සදහා පැවති ජන්ද විමසීමේ දී, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ජන්දදායකයින්ගෙන් 73.83 % ක් ජන්දය පාවිච්චි කර ඇති බව, තේරීම් භාර නිලධ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14608 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 202 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 105 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site