IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගුරුවරිය දණගැස්වූ දේශපාලනඥයාට ක්‍රීඩා උත්සවයේ මුල් තැන

ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අද සහභාගී වී ඇත්තේ එම විද්‍යාලයයේ ගුරුවරියක දණගැස්වීයැයි වැරදිකරු වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර බව ලංකා ගුරු සංගමය කියයි.

ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එම දේශපාලනඥයා ගෙන්වීම ගුරු සංහතියම දණ ගැස්වීමක් හා නිගා කිරීමක් බවයි.

මෙම ක්‍රීඩා උත්සවයට දේශපාලකයකු ලෙස සහභාගී වී ඇත්තේ ඔහු පමණක් බවත්, අවට පාසල්වල විදුහල්පතිවරුන් තිදෙනකු ද සහභාගී වූ නමුත් දේශපාලකයාගේ පැමිණීමත් සමග ඔවුන් පිටව ගොස් ඇති බවත් දැනගන්නට තිබේ.

දණ ගැස්වූ ගුරුවරිය සුසිලා හේරත් මහත්මිය ස්ථාන මාරු ලැබ වෙනත් පාසලක සේවය කරන්නීය.

ගුරුවරිය දණගැස්වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

ගුරුවරිය දණගැස්වූ දේශපාලනඥයාට ක්‍රීඩා උත්සවයේ මුල් තැන

තරංග Friday, 12 February 2016 02:51 AM

රොක්සි හරියටම හරි (නි)

:       0       0

මොහාන් Friday, 12 February 2016 07:05 AM

යහපාලනය කියන්නේ මේකද කියල සමහරු අහන්නේ හරියට මේකට ආරාධනා කළේ රනිල් මහත්තය වගේනේ. මේක මේ ඉස්කෝලේ විදුහල්පති කරපු වැඩක්. ෂුවර් එකටම පරණ ලොක්කගේ ගෝලයෙක් වෙන්න ඇති. (බ)

:       0       0

ජයසිරි Friday, 12 February 2016 03:49 AM

බන්දුල වරදකට වන්දි ගෙව්වා කියල වැරදෙන් නිදහස් වෙන්නේ නැහැ වරද හැමදාම මතක තියෙනවා (ම)

:       0       0

සේරම් පැරිස් Thursday, 11 February 2016 06:49 PM

යහපාලනයක මහිමය කියන්නේ මේවා තමා , අපි චන්දෙ දුන්නේ මේවාට (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 12 February 2016 04:10 AM

"ලෝකයේ සිදුවිය නොහැකි මෙවන් දෙයක් සිදුකිරීමට බලපා ඇත්තේ වෙනත් කාරණයකි. ". (ම)

:       0       0

සෙනරත් Friday, 12 February 2016 07:16 AM

තිලක්-ඩුබායි ලගේ ආණ්ඩුවට ජය වේවා. ! (ර)

:       0       0

බමුණු Thursday, 11 February 2016 07:56 PM

රට බලුමක්කට ගහින් (කෞ)

:       0       0

නිමල්රජපක්ෂ Thursday, 11 February 2016 08:05 PM

මෙතන මේ විදුහල් පති තුමා ගැන පොඩි සැකයක් මතු වෙනවා ,(කෞ)

:       0       0

ජයාත් Thursday, 11 February 2016 08:24 PM

කවුද දන්නෙ නැහැ එන්න කියන්න ඇත්තේ? (නි)

:       0       0

සමන්ති Thursday, 11 February 2016 09:09 PM

කවුද මේ? විදුහල්පති අපි ආසයි දැනගන්න.(කෞ)

:       0       0

ලාල් Thursday, 11 February 2016 09:23 PM

මේ කියන පාසලේ විදුහල්පතිවරයා මුල් වෙලා නේද ඔය කියන දේශපාලක උන්නහෙව උත්සවයේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වෙන්න ඇත්තේ .ඉතින් තමුන්ලගේ විරෝධය එල්ල විය යුත්තේ විදුහල්පතිවරයාට නේද ? (කෞ)

:       0       0

සුදත් Thursday, 11 February 2016 09:18 PM

අපි අපිටම කියා ගමු ........(කෞ)

:       0       0

නන්දලාල් Thursday, 11 February 2016 10:03 PM

ගුරුවරිය දණගැස්වූ දේශපාලනඥයාට ක්‍රීඩා උත්සවයේ මුල් තැන දෙන්න යෝජනා කරන්න ඇත්තේ දේශපාලනඥයාට කඩේ යන විදුහල්පති වෙන්න බැරිද? ඔහුගේ පැමිණීම වර්ජනය කරන්න ගුරුවරුන් එම විදුහලේ නොහිටීම පුදුමයට කරුණක් !!!(කෞ)

:       0       0

බන්දුල Thursday, 11 February 2016 10:47 PM

මොහු නඩුවෙන් වරදකරු වේ වන්දි ගෙව්වා. තවදුටරත් වරදකරුවෙක් නොවේ (කෞ)

:       0       0

රාජා Thursday, 11 February 2016 11:09 PM

දැන් ඒ හිටපු ආණ්ඩුවත් නැහැ. එතකොට කවුද මෙයාව ඔය වැඩේට ගෙන්වන්න මුල් වුනේ. මෙය ගුරු සංහතියටම නින්දාවක් තමයි.(කෞ)

:       0       0

ලියොන් Thursday, 11 February 2016 11:10 PM

මෙවැනි යට මුල්තැන දුන් අයව දණගස්සා බුවල්ලෙන් ගැසිය යතුය (කෞ)

:       0       0

පුලාරා Friday, 12 February 2016 12:03 AM

ගුරුවරුත් මාර හොද අය නොවෙයි. ඔය ගුරුවරියත් පුද්ගලික දේශපාලන කරුණක් වෙනුවෙන් මේ දේශපාලකයාගේ දරුවෙකුට අඩන්තේට්ටම් කල නිසයි මේ තත්වයට ඔහු පත් වුනේ. මා ඔහු කල දෙය නිවැරදි බව කියනවා නොව මේ පුවත හරහා තවත් කතා නොකරන දෙසකට යොමුවීමට උත්සාහයකි. (කෞ)

:       0       0

ජනහිත Friday, 12 February 2016 12:16 AM

ආයෙත් ඉතින් දනගස්සවයි කවුරුහරි. එතකොට ජෝසප්ට පුළුවන්නේ සටන් කරන්න . (කෞ)

:       0       0

ගිහාන් වික්‍රමසිංහ Friday, 12 February 2016 05:20 AM

කොන්ද පණ තිබෙන ගුරුවරු පමණයි මේ අවස්ථාව වර්ජනය කළේ. මේ විදුහල්පතිවරයාට මෙම හිටපු මන්ත්‍රීවරයා උත්සවයට ගෙන්වා නොගන්න තිබුණා. ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් සොයාබලා අමාත්‍යාංශය දැනුවත් කරන්න ක්‍රියාකරනවා නම් හොඳයි. (නි)

:       0       0

නිලූ හේරත් Friday, 12 February 2016 12:25 AM

වරදට සමාවදීම හොඳයි (කෞ) .

:       0       0

ගයාන් Friday, 12 February 2016 05:33 AM

අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

අතුකෝරළ Friday, 12 February 2016 08:29 AM

වාර්තා වන අන්දමට මේ ලෝකයේ සිදුවිය නොහැකි මෙවන් දෙයක් සිදුකිරීමට බලපා ඇත්තේ වෙනත් කාරණයකි. එනම් විදුහල්පති මැල්කම් පීටර්සන් ගේ බිරිඳ සහ ආනන්ද සරත් කුමාර අතර පවත්නා කුමනහෝ සම්බන්ධයක් නිසා බිරිඳගේ බලපෑම අනුව විදුහල්පතිවරයා ආනන්ද සරත් කුමාරව ප්‍රධාන අමුත්තා ලෙස සුදු හුණු ගල්වා කැඳවා ඇති බවයි....(බ)

:       0       0

සුසන්ත Friday, 12 February 2016 08:30 AM

ඉස්සර මේවටත් පලු යන්න බැන්නේ මහින්දට. හැබැයි දැන්නම් ඒ පක්ෂේ නායකයාටවත්, රටේ නායකයාටවත් කවුරුවත්ම මේවට දොසක් කියන්නේ නෑ - හරී සන්තෝසයි, යහපාලනයනේ ඉතින්! (බ)

:       0       0

දිනේෂ් Friday, 12 February 2016 12:56 AM

බන්දුල, මෙතන නීතියේ බලය පමණක් නෙවෙයි, ලෝක ධර්මයේ හොඳ නරකත් බලන්න ඕන තැනක්. සිසු දරුවන්ට මෙයින් දෙන ආදර්ශය කුමක්ද?(කෞ)

:       0       0

මාල් Friday, 12 February 2016 12:58 AM

යහපාලන නායකතුමනි මෙය ඉතා ඉක්මනින් සොයා බලන්න ! ඔබතුමා ඉදිරිපත්වී මෙවැනි උද්දච්ච පුද්ගලයන් පාසල් වලට නොගෙන ආ යුතුයි ?(කෞ)

:       0       0

චමල්කා Friday, 12 February 2016 07:25 PM

අනේ මෙහෙමත් විහිළු වැඩ? (නි)

:       0       0

ජනහිත Friday, 12 February 2016 12:58 AM

නිලූ හේරත්ඉන්නේ ඒ අයගේ ගෙවල් කිට්ටුවද?සමාව දුන්නට කමක් නැහැ. ආය මොකක් හරි කලබැගෑනියක් වුනොත් කවුුද ඉද්දරහට එන්නේ? (කෞ)

:       0       0

ජයවික්‍රම Friday, 12 February 2016 01:01 AM

දෙපාර්ශවයටම ලැජ්ජා නැතිකම තමයි මෙයින් පෙන්නුම කරන්නෙ. (නි)

:       0       0

උදය Friday, 12 February 2016 01:00 AM

මාල්, බලාගෙන ඉන්න ඕවා කරනතුරු. දැන්වත් ඔය නින්දෙන් නැගිටින්න. (නි)

:       0       0

කරුණාපාල Friday, 12 February 2016 08:49 AM

දේශපාලන කතා මෙතන ලියන්න එපා. මේක තමයි ලාංකික සමාජයේ සැබෑ යතාර්ථය. (ර)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 12 February 2016 01:51 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

රොක්සි Friday, 12 February 2016 02:00 AM

මේ ක්‍රියාව පාසලේ දරුවන්ටත් ගුරු මණ්ඩලයටත් මුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් කළ අවමානයක් ලෙසටයි මම නම් දකින්නේ. ආරාධනා කරන්න මුල් වූ බලධාරියා විලිලැජ්ජා නැති කෙනෙක් වියයුතුයි. ඔහුට හෝ ඇයට සුදුසු දඬුවම් ලබා දියයුතුයි. (නි)

:       0       0

අමා Friday, 12 February 2016 05:56 AM

මේවට බලපාන්නේ වෙනත් කරුණු නොවෙයි තිලක් වගේ අයගේ කතා. (ර)

:       0       0

නලින් යහම්පත් Friday, 12 February 2016 09:39 AM

මඩු වලිගය ඉල්ලගෙන අපි අපිටම තලා ගමු , අපි කරපු මෝඩ කම් වලට , අපි ආණ්ඩු වෙනස් කලේ මේවා වෙන්න නොවේ. (ර)

:       0       0

චන්න බුවනක Friday, 12 February 2016 09:46 AM

වන්දි ගෙවූ පමණින් තමුන්ගේ හෘද සාක්ෂියට නිදහසක් නොලැබේ. (ර)

:       0       0

යසපාල Friday, 12 February 2016 02:18 AM

දේශපාලකයෝ පාසල් වලට නොගෙන්වනවා නම් ඉවරයිනේ. (නි)

:       0       0

කින් බෙනට් Friday, 12 February 2016 06:08 AM

ප්‍රධාන ආරාධිත අමුත්තාට ආරාධනා කරන්නේ පාසලේ විදුහල්පති නේද? (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 12 February 2016 06:06 AM

යහ පාලනය කියන්නේ මේක. (ර)

:       0       0

පෙරේරා Friday, 12 February 2016 06:07 AM

ගුරුවරු වගේද මේ වැදගත් නායකයින්. (ර)

:       0       0

බණ්ඩාර රුසියාව Friday, 12 February 2016 02:17 PM

රට බල්ලට ගිහින්. බල්ලා රටගිහින්. (කෞ)

:       0       0

කරුණාපාල Friday, 12 February 2016 10:41 AM

ලංකාවනේ ඒ ගැන අහංනත් දෙයක්ද?(හේ)

:       0       0

ඉෂාර Friday, 12 February 2016 02:44 AM

අයියෝ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 36 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 102 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 192 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 699 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 529 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 355 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site