IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරුවරිය දණ ගැස්සුවාට තවත් උද්ඝෝෂණ

නවගත්තේගම විදුහලේ ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධියට විරෝධය පළ කරමින්   කොට්ටුකච්චිය හා පුත්තලමේ පාසල් ගුරුවරු අද (18) පාසල් ඉදිරිපිටදී උද්ඝෝෂණ  පැවැත්වුහ.

 උදෑසන  තේ විවේකයේදී ආනමඩුව මධ්‍ය විද්‍යාලය ,මහඋස්සාව රත්නපාල විද්‍යාලය,පුත්තලම ජාතික පාසල හා කොට්ටුකච්චිය නවෝද්‍යා  යන පාසල් ඉදිරි පිටදී මෙම උද්ඝෝෂණ පැවැත්විණි.

  පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරුවරුද පිළියන්දල ඔරලෝසු කණුව අසලදී  උද්ඝෝෂණය කළහ.

ගුරුවරියට හිංසා කළැයි කියන  මන්ත්‍රී ආනන්ද සරත් කුමාරගේ ක්‍රියා කලාපය  හෙළා දකිමින් මෙම උද්ඝෝෂණ සංවිධානය කැරිණි.

(ඡායාරූපය ඩී හේමලතා- පන්නල ජාතික පාසල අසල)

(ඡායාරූපය බිමල් ශ්‍යාමන් ජයසිංහ-පිළියන්දල)



අදහස් (0)

ගුරුවරිය දණ ගැස්සුවාට තවත් උද්ඝෝෂණ

සුරංග Tuesday, 18 June 2013 06:06 PM

සමහරු කියනවා දැන් ඇති කියාලා. එයාලා අරගොල්ලන්ගේ ලගම නෑදෑයෝ වගේ, මේවා තාවකාලික පිළිතුරු. රටේ මිනිස්සු සතුටු කරන්න. දිගටම සටන් කරමු. පාදඩ දේශපාලනය ඉවරකරන්න (නි)

:       0       0

සම්පත් Tuesday, 18 June 2013 06:36 PM

සුරංග, දරුවන්ගේ අධාපනය එක්ක සෙල්ලම් කරන්න එපා. මේකෙන් පාඩු වෙන්නේ ළමා අධාපනයට. තමන්ගේ ගුරුවරු හැමදාම පාරවල් අයිනේ කෑ ගසද්දී පොඩි උන්ගේ හිතේ ගුරු ගෞරවයක් ඉතුරු වේයිද? ඔයා හීන දකින්නේ මේක පිටින් 88/99 කාලයට රට හරවන්න. ජනතාව ඔය ලනු දැන් කන්නේ නැහැ. වැඩක් බලාගන්න.(නදී)

:       0       0

ජ.හේරත් Tuesday, 18 June 2013 06:37 PM

ඇත්තටම මේකට මුළු ගුරු සංහතියම පාරට බැහැලා විරෝදය පාන්න ඕනේ. නැත්නම් හෙට අනිද්දට කියයි අපිට කරේ යන්න ඕනේ ඔක්කොම ගුරාල ඉන්දගනියවූ බිම අපිට කරේ නගින්න කියලා.(නදී)

:       0       0

ලලිත් Tuesday, 18 June 2013 03:09 PM

වැඩක් නැහැ. රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම නිත්‍යානුකුල වරදක් වුනාට පක්ෂයෙන් ඉවත්කරන එක විතරයිනේ දඩුවමකට ලැබුණේ (නි)

:       0       0

කමල් Tuesday, 18 June 2013 03:10 PM

මගේ අදහස නම් ශ්‍රී ලංකාවේ ජනතාව වැරදි මවාගෙන උද්ඝෝශණය කරනවා කියලයි. නිකරුනේ ජනතා නියෝජිතයින්ට දොස් කීම පුරුද්දක් කරගෙන කියලයි. (නි)

:       0       0

අනුර Tuesday, 18 June 2013 03:16 PM

මෙවැනි අය හිරේ යනතෙක් මුළු රටේම මිනිසුන් උද්ඝෝෂණය කළයුතුයි (නි)

:       0       0

දය අලහාකෝන් Tuesday, 18 June 2013 03:21 PM

මේ වැඩේට සාදාරණ මිනිසුන්ගේ ඉහ වහා ගිය කෝපය තමයි තවමත් මේ පිටවන්නේ.(නදී)

:       0       0

ජයසිංහ Tuesday, 18 June 2013 03:29 PM

ගුරුවරු විනෝද වනවාද? මහින්ද මහතා මෙයට කදිම පිළිතුරක් දුන්න නේද මොකද උඩ පනින්නේ.(නදී)

:       0       0

දමිත් Wednesday, 19 June 2013 09:24 AM

උද්ගෝෂණ මොනවා කරන්නද? ඒ වෙලාවේම අරයට දෙකක් අනින්න ඔය ඉස්කෝලේ කව්රුවත්ම හිටියේ නැද්ද? පිරිමි ගුරුවරුයි 10 වසරෙන් ඉහල කොල්ලොයි කෙහෙද හිටියේ? (නි)

:       0       0

චින්තක Wednesday, 19 June 2013 09:31 AM

දැන් දැන් මේ උද්ඝෝෂණ එපාවේගන එන්නේ. මන්ත්‍රීවරයගේ ටිකට් එකත් කපලා. ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ. (නි)

:       0       0

සම්පත් Tuesday, 18 June 2013 03:39 PM

දැන්නම් ඉතින් වැඩියි වගෙයි. වරදකරු රිමාන්ඩ්. ජනාධිපතිත් මැදිහත් වෙලා. මන්ත්‍රී ධූරයෙනුත් නෙරපා හැරලා. මුළු රටම සිද්ධිය හෙලා දැක්කා. ඉතින් මේ උද්ඝෝෂණය මොනවා ඉල්ලලද? (නි)

:       0       0

රත්නසිරි Tuesday, 18 June 2013 03:40 PM

රාජ උෂ්ණය.(නදී)

:       0       0

කුමාර Tuesday, 18 June 2013 03:51 PM

මේක අගය කළයුතු උදාහරනයක්. මෙකී නොකී සියළු කීකරු චන්ඩියන්ටත් නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       0       0

ඇසළ Tuesday, 18 June 2013 04:11 PM

මේ පලා බබාගේ අධ්‍යාපන සුදුසුකම් දාන්නකෝ පත්තරේට කාටත් බලාගන්න. මොකද පත් කරලා තිබිලා තියෙන්නේ පාසල් පරීක්ෂා කරන්න.(නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 18 June 2013 04:13 PM

මන්ත්‍රී කළේ සිසුන් ඉදිරියේ ගුරුතුමිය ප්‍රසිද්ධියේ නිරුවත් කළා වැනි වැඩකි. පිලියමක් නොකලොත් ඔහු එතනින් නවතින එකක් ද නැත.(නි)

:       0       0

පෙරේරා Tuesday, 18 June 2013 09:53 PM

සුරංග මහත්තයෝ, ගුරුවරු අතර පාදඩයෝ අවලම්මු, සල්ලි පෙරෙත්යෝ, කොටින්ම කිවොත් ගුරු හොරු නැද්ද? ඔක්කොම ඉන්නේ ළමයිට ආදරේ කරන ළමයින්ව යහමග කියා දෙන අයමද? දේශපාලනේ කරන්නන් අතරත් හොද අයත් නරක අයත් ඉන්නවා. ඔබ තුමාට ඕන දේ හොදට පැහැදිලියි. කල දුටුකල වල ඉහ ගන්න හැදුවට වලේ මාලු නැහැ මහත්තයෝ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 10:23 AM

මේ සිදුවීම් තව තව උග්‍ර වෙන්න උග්‍ර වෙන්න අපේ රටේ දරුවන්ගේ ළපටි මනස තව තවත් ව්‍යාකූළ වෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 18 June 2013 10:31 PM

මුළු ලංකාවේම ගුරුවරු විතරක් නෙමෙයි මොලයක් කියල දෙයක් තියෙන සමස්ත ජනතාවම පාරට බහින්න ඕනෑ. නැතිනම් දේශපාලකයෝ පාසල් ඉදිරිපිටම ගුරුතුමියන් නිරුවත් කරාවි. රට බල්ලටම ගිහින් කියලා මොනවට පැහැදිලි කරනවද?(නදී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 18 June 2013 10:36 PM

මන්ත්‍රී කරපු දේ හෙළා දකින අතර ගුරුවරුන්ද සාමකාමී ආදර්ශමත් විදියට මෙයට ප්‍රතිචාර දිය යුතුය. නැතිනම් මෙම දේවල් ළමයින්ද අනුගමනය කරති. වැරදී නොකරන්නන් නොමැත.ගුරුවරුන් ද වැරදි කරති. අපේ ලංකාදීප පුවත් පතේම අප කියවා තිබෙනවා ගුරුවරුන් පාසල් ළමයින් අපයෝජනය කිරීම් ගැන. (නි)

:       0       0

සරත් Tuesday, 18 June 2013 04:42 PM

උද්ගෝෂන යනු තවකාලික විසඳුම්ය.රටේ නීති ක්‍රියාත්ම වෙන ක්‍රමයේ අක්‍රමිකතාව ගැන හිතන්න.සමහරු ඔලුව කුඩු වෙනකල් ගුටිකාලා පස්සේ අමතකයි කියනවා.සමහරු තමාම ගහේ බැඳ ගත්තා කියනවා.මේ සුරංගනා සාක්කි පිටුපස ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා කවුරුත් හිතන්න,තමන්ගේ යුතුකම තමන් ඉටු කරන්න උත්සාහ කරන්න (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 11:26 PM

දැන් ඉතින් මේ වෙනුවෙන් ජනාදිපතිතුමා නිසි පියවර අරගන තියද්දීත් නිකම් පාරේ රස්තියාදුව. දරුවන්ට උගන්වන කාලයතුලද මේ? (නදී)

:       0       0

ඩයස් Tuesday, 18 June 2013 11:36 PM

නරකද ඔය මන්ත්‍රීවරයව මුළු ගමක් එකතුවෙලා ගුරුවරියගේ ඉස්සහර දන ගැසුවොත් අනේ නියමයි.(නදී)

:       0       0

සුරංග Tuesday, 18 June 2013 05:07 PM

මුළු ලංකාවේම ගුරුවරු පාරට බහින්න ඕනෑ(නි)

:       0       0

බණ්ඩාර Tuesday, 18 June 2013 05:41 PM

ඕක ඇති දෙන් රට පෙරලන්න.ගුරුවරු දැන් තවත් බය ඇරිලා දරුවන්ට තද නීති දමයි.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 2 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 125 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 337 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 157 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 4088 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 537 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37923 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25000 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 234 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site