IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගුරුවරිය බඳින්න ගිය මනමාලයා හිරේ

වැල්ලම්පිටිය කොටිකාවත්තේ උපධිධාරී ගුරුවරියක විවාහ කරගෙන ඇමෙරිකාවේ පදිංචියට යන බව කියමින් ඇගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි මාරාවිල වලිමුණිගේ ගුණරත්න අබේරත්නට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමේ මහතා බරපතල වැඩ සහිත දෙවසරක සිර දඩුවම් නියම කලේය.

ගුරුවරියට රුපියල් ලක්ෂයක වන්දි ගෙවන ලෙසත්, වන්දි නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත හය මාසයක සිර දඩුවම් නියම කරන බවත් මහේස්ත්‍රාත් පැවසීය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී උපාධිධාරී ගුරුවරියගේ මව සිහිසුන්ව උසාවියේ ඇද වැටුණාය.

 



අදහස් (0)

ගුරුවරිය බඳින්න ගිය මනමාලයා හිරේ

රන්ජිත් Wednesday, 25 September 2013 09:06 AM

දැන් සමාජය දෙස බලන විට පෙනෙන්නේ බුද්ධිමත් කියන හැම කෙනෙක්ම කරන්නෙම මෝඩ වැඩ. සමාජය තුළ පුවතක් දෙකක් බලා තමන් එවැනි දේවල් නොකර ජීවිතය සකසා ගෙන මේ වැනි අයට අසු නොවී දෙමාපියන්ට බරක් නොවී යහපත් වැදගත් ජිවිතයක් ගත කිරීම මෙවැනි පුවතකින් ප්‍රතිපලයක් ලෙස ගතහැකි නම් වටී (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 24 September 2013 08:39 PM

ගුරිවරියගේ මව සිහිසුන් නැතුව වැටිලා තියෙන්නේ දුවට වුනුදේ ගැන හිතලා නෙවෙයි බෑනට අවුරුදු දෙකක සිරදඬුවම නියමකොරපු නිසයි. (නදී)

:       0       0

මිනිපෙ Wednesday, 25 September 2013 09:36 AM

රන්ජිත් අය්යේ, බුද්ධිමත් යන වචනයේ විරුද්ධ වචනය මොකක්ද?මෝඩයෝද ?එතකොට මෝඩයෝද නුවණක්කාර වැඩ කරන්නේ? මේ දෙකෙන් ඔබ වැටෙන්නේ මොන පිලටද ? (නි)

:       0       0

රුවන් Tuesday, 24 September 2013 03:28 PM

ලංකාවේ මෙහෙමත් මෝඩ කාන්තාවන් සිටීම කණගාටුදායකය.උගත් අයත් මෙහෙම රැවටෙනවා නම් අනෙක් කාන්තාවන් ගැන මොන කතාද?මේ පුද්ගලයා ලක්ෂ 10 දෙන එකක් නැහැ!! මාස 6නේ. හිරේ යයි (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 24 September 2013 03:28 PM

මම නම් හරිම කැමතියි මේ තීන්දුවට. මේ වගේ හොරුන් හින්දා අද කාලේ පිටරට ඉන්න ජීවත්වෙන ලංකාවේ උපන් හොඳ කෙනෙකුටවත් විවාහයක් කරගන්න විදියක් නැහැ. හැම කෙනාම බලන්නේ විශාල සැකයකින් (නි)

:       0       0

නීල් රණා Tuesday, 24 September 2013 03:33 PM

'මුණි' සම්ප්‍රදාය අනුගමනය කරන ඊට ගෑවුණු අය හරිම භයානකයි කියලා ටීචර්ලවත් දන්නේ නැත්නම් අඩුම ගානේ 'නම බලලයි ගන්න ඕනෑ'. (නි)

:       0       0

කමල් Tuesday, 24 September 2013 03:36 PM

වැරදිකරුට ලක්ෂ නවයක වාසියක්ද? (නි)

:       0       0

සරා Tuesday, 24 September 2013 03:39 PM

අවුරුදු දෙකයි මාස හයෙන් අපි දෙන්නා ඇමෙරිකාවේ යමු සුදෝ (නි)

:       0       0

ඉන්ද්‍රා Tuesday, 24 September 2013 03:42 PM

දස ලක්ෂය නැවත රැගෙන දෙන්න නීතියක් නැද්ද? (නි)

:       0       0

තිලක් Tuesday, 24 September 2013 10:35 PM

ඇමරිකාවට එන්න හදන්න එපා.මෙහෙ මිනිස්සු කරුමයක් ගෙවන්නේ. ඒක කියන්නේ නැහැ. ලංකාව වගේ තැනක් වෙන ලෝකේ නැහැ (නි)

:       0       0

සත්සරනි Tuesday, 24 September 2013 03:59 PM

අනේ වරුණ මේකට නම් ඔයාගේ අධි බුද්ධිමත් අදහස් එපා. (ස)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 04:00 PM

අරුණි වගේ මෝඩයන් වාගීශ්වර වගේ 'අන්ඩපාලයන්ගේ' වදන් වලට රැවටෙන්නෙත් මෙන්න මේ වගේ තමයි? (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 10:29 AM

ඇත්තටම ලක්ෂ දහයක් වංචා කරාම වන්දිය ලක්ෂයක් ද? (ස)

:       0       0

මිනිපෙ Tuesday, 24 September 2013 11:10 PM

ඇය උපාධිය ගන්න ඇගේ ජිවිත කාලෙන් කොටසක් වැය කරලා තියෙනවා. ඊට පස්සේ ලොකු අතු අල්ලනේ නැතිව,නිකමෙක් අල්ල ගන්නද කියන්නේ?ඇය පිටරටකට යන්නේ තම ජිවිතයේ මීලග ඉදිරි පියවරක් ලෙසය. අහලා නැද්ද බිස්නස් කරලා වැරදුනු අය ගැන. මේකත් ඇය විසින් කල ආයෝජනයක්. නමුත් ඒක වැරදුණා.එච්චරයි!(නදී)

:       0       0

දයා අලහකෝන් Tuesday, 24 September 2013 04:09 PM

ඇයි වන්දිය ලක්ෂ එකක්.ඉතුරු ලක්ෂ නවය පිනට ඇරියද?හරි නම් මේ පුද්ගලයා අවුරුදු නවයක හරි දඩුවමක් ලැබිය යුතුයි.අම්මා සිහිසුන් වුනේ දරු දුකට වඩා දෙයක් නැති නිසා. (ස)

:       0       0

සිරිපාල Tuesday, 24 September 2013 04:21 PM

බහුශ්‍රැත වරුණ උතුමානෙනි, මෙච්චර කල් අදහස් ප්‍රකාශ කර කර ඉදලා මුලු දවසෙම වෙන වැඩක් කරන්නේ නැතුව දැන් අනිත් මිනිස්සුන්ට මෝඩයා මෝඩයා කියලා චෝදනා කරන්න පටන් ගත්ත ද....?අනේ වරුන, අපි හැමෝම ඔයාගෙන් කාරුණිකව ආයාචනා කරන්නේ ඔයාගෙ මේ බුද්ධිමත් අදහස් ප්‍රකාශ කිරීම නවත්වත්තලා රටට වැඩක් වෙන වැඩක යෙදෙන්න රටට බරක් නොවී..... (නි)

:       0       0

ප්‍රභාත් Tuesday, 24 September 2013 04:22 PM

කෙල්ලකගේ පතිවතේ වටිනාකම, මිල කරන්න පුලුවන්ද? (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 04:22 PM

සත්සරනිලත් මේවා කියවලා හැදෙන්න බලන්න.අම්මලට බොරු කියලා කීයක් හරි කඩාගෙන කොල්ලොත් එක්ක ෆිල්ම් හෝල් ගානෙයි,නිදහසේ කතා කරන්න කියලා හෝටල් ගානෙයි යන්නේ නැතුව. නැත්තම් ඔයාටත් අන්තිමට උසාවියෙයි නවතින්න වෙන්නේ (නි)

:       0       0

දුමින්ද Tuesday, 24 September 2013 04:36 PM

අපි වගේ රත්තරන් කොල්ලෝ ඉදිද්දි ටීචර්ලා මොකට ඔයවගේ හොරුන්ට අහුවෙනවද? (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 04:38 PM

මේවා දුටුවිට පැහැදිලි වෙන්නේ කාන්තාවන් ලොකු අතුවල එල්ලෙන්න තියෙන කැමැත්ත සහ ඒ කැමැත්තෙන් මෝහයට පත්වෙලා දිරච්ච අතුවල එල්ලිලා අමාරුවේ වැටෙන විදියයි. (නි)

:       0       0

සිරිසේන Wednesday, 25 September 2013 05:14 PM

දඩුවම නම් මදි (නි)

:       0       0

වරුණ Tuesday, 24 September 2013 04:40 PM

සිරිපාල දොරේ කිව්වලු ඇයි සිරිපාලට කිචිද මම අදහස් දැම්මම?ඔයා ගිහිල්ලා වැඩක් බලාගන්න මගේ සල්ලි, මගේ බිල ඔයා ඕවා එකක්වත් ගෙවන්නේ නැහැනේ?අපි රට වෙනුවෙන් අපේ යුතුකම් කරලා තියෙන්නේ? (ස)

:       0       0

නිල්මිණි Tuesday, 24 September 2013 04:49 PM

ලාල් සුරන්ජිත්ට මොනවා හරි වෙලා වගේ මට පෙන්නේ,ඔහොම තමා (ස)

:       0       0

ටොනි Tuesday, 24 September 2013 04:50 PM

ගුරුවරයා ආපසු පාසල් යවන්න වෙයි උගන්වන්න නොවෙයි (අ)

:       0       0

සනත් ,වෙරෝනා Tuesday, 24 September 2013 04:57 PM

මේ පුද්ගලයාගේ නම පල කළා වගේ කුඩු කන්ටේනරය ගෙනා පුද්ගලයාගේ නමත් පළකරන්න (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 September 2013 05:00 PM

ටීචර් පව්. හිරෙන් එනකන් කවුද එයාව බලාගන්න ඉන්නේ? (නි)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 12:32 AM

ලක්ෂ දහයක වංචාවක් කලාම ලක්ෂයක්ද වන්දි ගෙවන්න ඕනේ.(නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 24 September 2013 05:00 PM

සිරිපාල ඔයා සම්පුර්ණයෙන් හරි. වරුණ දවසෙම අදහස් දම දමා කාලය කකා වැඩක් නොකර රටට බරක් වෙනවා. මොනවද වරුණ කරලා තියෙන යුතුකම්! (නි)

:       0       0

දිනේෂ් Tuesday, 24 September 2013 05:06 PM

නිල්මිණි, ඔයාට පෙනෙන්නේ සුරන්ජිත්ට මොනවා වෙලා වගේද? ඉතින් ඔයාට සුරන්ජිත්ට වෙන දේවල් හරියටම දැනෙනවා නම් එයාව කසාද බදින්නකෝ. (නි)

:       0       0

අර්ෂා Wednesday, 25 September 2013 11:46 AM

අඩුම තරමින් 100,000 කට අවුරුද්ද ගානේ ලක්ෂ 10 ට අවරුදු 10ක්වත් බර වැඩ සහිතව බන්ධනාගාර ගත කළ යුතුයි. (නි)

:       0       0

ඉදුනිල් Tuesday, 24 September 2013 05:33 PM

මිනිස්සු කාලා බලන්න බැහැනේ (නි)

:       0       0

ඉදුනිල් Tuesday, 24 September 2013 05:37 PM

ලංකාවේ නීතිය අපරාධකාරයෝ දිරිගන්වන බවයි මගේ හැගීම (නි)

:       0       0

හ.ව.සංජීව Tuesday, 24 September 2013 05:41 PM

ලංකාවේ අනිත් හොරු ටිකත් මේක ආදර්ශයට අරගෙන වැඩේට බහිවිද දන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Wednesday, 25 September 2013 04:06 AM

මේ ගුරුවරියගේ 'මෝඩකමට' හිනාවෙන අයගෙන් කවදාවත් මෝඩකම් නොකළ, රැවටීමකට අහුවෙලා නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. කෙනෙක් රැවටිලා කරදරයකට පත්වුනාම හිනාවෙන එක හරි ලේසියි. නමුත් 'දක්ෂ' වංචනිකයෙකුට රවටන්න බැරි කෙනෙක් නැහැ. මම මීට පෙරත් කිව්වා වගේ වික්ටර් ලුස්ටිග් කියන අති දක්ෂ වන්චනිකයට පුළුවන් වුනා පැරිසියේ අයිෆල් කුලුන දෙපාරක්ම පරණ යකඩවලට විකුනන්න. මහත්වරුනි, මොළයෙන් කරන්න බැරි දෙයක් නැහැ. අපි ඉතින් පුළුවන් තරම් පරිස්සම් වෙන එක තමයි කරන්න ඕන. (නදී)

:       0       0

මලිත් Tuesday, 24 September 2013 05:51 PM

සම්පත්, ඔබේ අදහස සියයට සියයක් නිවැරදියි. මෙවැනි කාන්තාවන් ඕනෑතරම් සිටිනවා. (නි)

:       0       0

චමත් Saturday, 28 September 2013 09:20 AM

ලංකාවේ ඇති නීති රීති ඉතාමත් ලිහිල් බවය මාගේ අදහස.ඒ නිසා තමඊ අපේ අය වැරදි කිරීමට බියක් නොදක්වන්නේ. තිලක් කියපු කතාවනම් හරියට හරි.ඇමෙරිකාව සුරපුරයක් නොවේ. අපේ අය ගොඩක් එහි ජීවත් වන්නේ හොරෙනි. රැකියාවල් දෙක තුන දිනකට කරයි. දිනකට සමහරවිට නිදාගන්නේ පැය ගනනකි. කට්ටිය එකතුවී.චමරියක් සාදා ගෙන ජීවත් වෙති. ඔවුන් ලංකාවට ඒමට සිතන්නේවත් නැත. අවොත් ආපසු යැවිලි නැත. ඇමරිකාවේ ජීවත් වන මාගේ මිතුරන් මේ පිලිබදව මා සමග කතාබහ කර. ඇත. මෙම තැනැත්තා ඇමෙරිකානු පුරවැසියෙකු නොවන්නේ නම් සිරදඩුවම අවසාන වුවාට පසු ඔහුට ආපසු එහි යාමට වීසා ලැබෙයි කියා සිතිය නොහැක. (දී)

:       0       0

ගමගේ Tuesday, 24 September 2013 06:04 PM

පිටරට යන්න මේනියාව තියෙන කෙනෙකුට ලේසිම ක්‍රමයක් තමා රට වීසා තියෙන කෙනෙක්ව බැඳලා යන එක. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. එහෙම ගිය හුඟක් ගැහැනු අනාතයි. එක්කෝ ලංකාවේ නැත්තම් ගිය රටේ. කල්පනා කරලා වැඩ කරන්න. බොරුවලට අහු වෙන්න එපා. (නි)

:       0       0

ලාල් Wednesday, 25 September 2013 12:54 PM

අපේ මිනිසුන්ට පිස්සුද බොරුවට මරා ගන්නේ. (ස)

:       0       0

සුදු Wednesday, 25 September 2013 06:07 AM

හැම ප්‍රශ්නෙකම දෙපැත්තක් තියෙනවා. ඇත්තටම වුණ දේ කවුරුත් දන්නේ නැහැ. මම ඔය කතාව පුද්ගලිවකම දන්නවා.ඔය කෙල්ලගෙන් ගැළවුණ එක ඔය මිනිහගේ වාසනාව.මිනිහ කෙල්ල වෙනුවෙන් මොනතරම් වියදම් කළාද? මිනිහා මොකටද ලක්ෂ 10ක් වංචා කරන්නේ, ඒක සුළු ගානක් නේ (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Tuesday, 24 September 2013 06:25 PM

ඔවු නිල්මිණි, මට නම් වුණේ හැමතැනටම කෝල් කර කර මම ගැන අහන්න පටන් ගත් එක පමණි. ඒකෙන් යම් අපහසු තත්වයකට පත්වෙනවා නේද? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 24 September 2013 06:36 PM

"පුදන කොටම කාපි යකා" කියන්නේ ඕකට තමා. (නි)

:       0       0

අබ්දුල් Wednesday, 25 September 2013 01:35 PM

වංචා කලේ රුපියල් ලක්ෂ දහයක් ඒ වුනාට, වන්දිය රුපියල් ලක්ෂයක්, මට එහෙම වැරදිලාද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 141 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1224 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1515 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 181 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1121 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1233 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26241 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23473 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site