IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘ගිරවු’ දඹුල්ල-මාතලේ බසයේ පා පුවරුවේ

‘ගිරවුන්ගෙන්’ තමන්  බේරා ගන්නැයි දඹුල්ල මාතලේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික  බස් රථ  කොන්දොස්තරවරු හා රියදුරෝ දඹුල්ල සහකාර පොලිස් අධිකාරී පී කේ ඥාණසේන මහතාගෙන්  ඉල්ලීමක් කළහ.

බස් රථ සේවකයින් 25 ක් පමණ දෙනා බ්‍රහස්පතින්දා (26) පස්වරුවේ දඹුල්ල පොලීසියට ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හා සහකාර පොලිස් අධිකාරීවරයා හමු වී මෙම ගිරව් ගැන හෙළිදරව් කළේය.

සහකාර පොලිස් අධිකාරීවරයා පැමිණි පිරිසගෙන් විමසා සිටියේ ගිරවුන්  කවුද යන්නයි.පෙරළා පිළිතුරු දුන් බස් කොන්දොස්තරවරයකු කීවේ ගිරවුන් යනු දුර ගමන්සේවා බස් රථවල දොරටුවේ එල්ලී මගීන් නංවා ගන්නා අත් උදව්කරුවන් බවයි. එක බස් රථයක මෙවැනි ගිරවුන් හතර දෙනකු සිටින බව ද ඔවුන් පැවසුහ.

ඔවුන් දුර ගමන් සේවා බස් රථවල සීමා සහිත නැවතුම් නොතකා  කෙටි දුර සේවා බස් රථවල ගමන් කරන මගීන්ද නංවා ගන්නා බවත් ඊට විරුද්ධ වෙද්දී මෙම පහර දීම සිදු වන බවත් ඔවුන් පැවසුහ. දිගින් දිගටම මෙම ගිරවු නැමැති බස් රථ සහයකයින් තමන්ට පහර දුන් බවත් මෙතෙක් ඔවුන්ට බයේ පැමිණිල්ලක් නොකළ බවත් ඔවුන් සහකාර පොලිස් අධිකාරීවරයා ඉදිරියේ කීහ.

සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ  මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය සමඟ සාකච්ඡාවක් පවත්වා මෙයට විසඳුමක් ලබා දීමටත් කාට හෝ පහර දීමක් සිදුවන්නේ නම් පොලීසියට පැමිණිලි කරන ලෙසත්ය.

 



අදහස් (0)

‘ගිරවු’ දඹුල්ල-මාතලේ බසයේ පා පුවරුවේ

අබේ Saturday, 28 June 2014 12:59 PM

ගිරව් වගේ තමයි ඒ මිනිස්සු හැසිරුනේ (දී)

:       0       0

සිරිමල් Saturday, 28 June 2014 01:42 PM

මේ වගේ මිනිස්සු අත්අඩංගුවට ගන්න ඕනේ (දී)

:       0       0

අබේරත්න Friday, 04 July 2014 03:48 AM

ඕවා පළාත් සභාවෙන් විසඳිය හැකි ප්‍රශ්න නේද? (නි)

:       0       0

නාලක Friday, 27 June 2014 06:49 PM

සහතික ඇත්ත (දී)

:       0       0

සමන්ති Friday, 27 June 2014 07:03 PM

මේවගේ අය බස් නැවතුම් වල ඉන්නවා ඔවුන් බසය ඇතුලේ මගීන්ට නියෝග දෙනවා .බසයේ කොන්දොස්තරවරු බලා ඉන්නවා . පොලිසියේ මහත්වරුත් බලාගෙන ඉන්නවා . (දී)

:       0       0

දොන් Friday, 27 June 2014 07:38 PM

ගිරවුන්ට මිනිසුන්ට පුලුවන්ද තව කෙනෙකුට ගහන්ඩ? ඒ සම්බන්දව ක්‍රියා මාර්ගයක් පොලිසියට ගන්ඩ බැරි මොකද? එ්කට තව අයගෙන් අවසර ගන්න ඕනද? එහෙම උනාම මිනිස්සු නීතිය අතටගන්න බව ආත්මාර්ථකාමී පාලකයන්ට තේරෙන්නේ නැද්ද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මේකද? (නදී)

:       0       0

පහන්දී Wednesday, 02 July 2014 11:21 AM

ඇත්ත රොහාන් , මමත් කොළඹ ඇවිත් යන ගමන් කළුතර යාලුවෙකුගේ ගෙදර යන්න කළුතර බස් එකකට නැග්ගා. එපා උනා අයියෝ ,ගියාම යාළුවගේ දුවයි පුතයි කියනවා කවදාවත් නගින්න එපාලු, දුර යන බස් එකක නගින්නලු (නදී)

:       0       0

තිලක් Friday, 27 June 2014 08:03 PM

ඇත්ත. ගිරව් ම තමයි . තව බස් නතර කරන හෝටල් ළඟත් මේ ගිරව් ඉන්නවා. නිදාගෙන බහින්නේ නැතිව ඉන්න මගීන්ට කන්න කතා කරනවා. (දී)

:       0       0

බිංදු Friday, 27 June 2014 08:15 PM

මරු නම ගිරවා (දී)

:       0       0

කුලරත්න Saturday, 28 June 2014 04:14 PM

ගිරව් නිසා දුර බස් කොටනවා (දී)

:       0       0

චින්තක Saturday, 28 June 2014 05:01 PM

9/- ටිකට් එකේ රුපියලකට අඬන අයත් තාම ඉන්නවද ? මම දැක තිබෙනවා බොහෝ අය රුපියල ඉතුරු දුන්නත් එපා කියනවා. (දී)

:       0       0

රොහාන් Thursday, 03 July 2014 08:03 AM

අනේ ඇත්තද පහන්දී..? (නි)

:       0       0

ටිරෝන් Friday, 27 June 2014 12:46 PM

පොලිස් අදිකරිතුමනි රු. 9.00යෙ දුරට රු. 10ක් අරන් රුපියලට විදින අයගෙන් අපව බේරාදෙන්න. දුප්පත් මගියෙක් (දී)

:       0       0

හින්තා Friday, 27 June 2014 12:48 PM

ලස්සන හෙඩිමක්.(දී)

:       0       0

අබේ Saturday, 28 June 2014 04:39 AM

ඔය ඔක්කොම ගිරව් දේශපාලකයන්ගේ හෙන්චියලා පොලිසියට මොනවත් කරන්න බැහැ. (නදී)

:       0       0

කුමාර Friday, 27 June 2014 01:21 PM

අපේ පොදු ප්‍රවාහණ පද්ධතිය නම් අජූතයි. කවදා හැදෙයිද මන්දා. අන්තිමට ඒකෙත් දුක දුප්පත් මගී ජනතාවටම තමා. බස්වලට වෙනම අමාත්‍යාංශයකුත් තියනවා නේද. ඇත්තටම ඒක තියෙන්නෙ මොකටද කියන එක මට නම් ප්‍රශ්නයක්. (අ)

:       0       0

මනෝ Saturday, 28 June 2014 06:32 AM

දනුෂ්ක එ්ක ඇත්ත මමත් කොළඹ 100, 138 බස් වල නගින්නේ නැහැ. දුර බස්වල නගිනවා. නැත්නම් කිලෝමිටෙර් 6 ක් යන්න විනාඩි 50 ක් ගන්නවා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Saturday, 28 June 2014 07:52 AM

ගිරවුත් ඉන්නවද? මෙච්චර දවසක් පුද්ගලික බස්වල වැහුවේ "කාක්කෝ" එකියන්නේ "කප්පම් කපුටෝ". හැබැයි මේ කපුටන්ට සපෝර්ට් කරන පළාතේ දේශපාලන ලොක්කොත් ඉන්නවලු. ඒවගේ ලොක්කෝ මේ ගිරවුන්ටත් නැතිවෙන්න බැහැ ? (නදී)

:       0       0

ධනුෂ්ක Friday, 27 June 2014 01:55 PM

මේ ගොල්ලෝ කොට කොට යන නිසානේ දුර ගමන් බස් වලට මිනිස්සු නගින්නේ. කොටන්නේ නැතිව ගියානම් කිසි කරදරයක් නෑ කාටවත්. (අ)

:       0       0

සත්‍යයා Saturday, 28 June 2014 08:13 AM

"තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට. " පොලිසි ගියත් නෑ පිහිටක් අනේ අපට. (නදී)

:       0       0

මලී Saturday, 28 June 2014 08:33 AM

ධනුෂ්ක ඔබ බස් රථයකට අවම වේග සීමාවක් දාන්න ඕන. ගන්දර මාතර බසුත් යන්නෙ පැ කිමී 10ක විතර වේගෙන්. මේව ගැන හොයන්න කවුරුවත් නෑ. (ස)

:       0       0

රොහාන් Tuesday, 01 July 2014 04:38 AM

ඒ බස් විතරක් නෙමෙයි, මතුගම - කොළඹ, කලුතර - කොළඹ.... මම නම් නඟින්නේ නැහැ කවදාවත් (නි)

:       0       0

චමී Saturday, 28 June 2014 10:14 AM

138. 100 කොටන් නෑ. මනෝ එවගේ ගිහින් නෑ. 135. 141. 154ට නැග්ගොත්නම් ඉතින් ඉවරයි තමා(දී)

:       0       0

රොහාන් Friday, 04 July 2014 12:07 AM

කවුද මගේ නමින් අදහස් දාන්නේ? ඔව්, අලුත්ගම බස් නම් ටිකක් වේගයෙන් යනවා (නි)

:       0       0

අබේසිංහ Sunday, 29 June 2014 04:48 AM

සහතික ඇත්ත වෙලාවකට හිනාත් යනවා (දී)

:       0       0

කමල් Friday, 27 June 2014 04:24 PM

ඉබ්බන්ව ගිරවුන්ගෙන් බේරාදෙන්න කියලාද මේ කියන්නේ? අපිට ඕනෑ හාවා (නදී)

:       0       0

ටිරෝන් Friday, 27 June 2014 04:33 PM

කොට්ටේරුවෝ අපේ රුපියලටත් කොටනවා ඒ ගැනත් බැලුවනම් හොඳයි (දී)

:       0       0

පුර්නිමා Friday, 27 June 2014 04:46 PM

මේවාට නීතිමය පියවර ගන්න ඕනේ (දී)

:       0       0

ප්‍රසංග Saturday, 28 June 2014 12:55 PM

ඕක වනජීවී එකට අදාල ප්‍රශ්නයක්. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 505 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 631 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 385 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1347 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2181 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5195 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37554 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24752 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site