IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘ගුරු යකදුරාගේ අපුරු ප්‍රතිකාරයක්’

හොරොව්පතාන ප්‍රදේශයේ පාසල් උප ගුරුවරයකුගේ නිවසේ  වැඩට ගිය පාසල්  සිසුවියකගේ යටිපතුල් රත් වු යකඩයකින් පුළුස්සා  දැමීම නිසා  දැරිය අසරණ වී සිටි.

හොරොව්පතාන මොරකෑව සුව උදාන  ගම්මානයේ  ඒ රංජනී කුමාරී  (17)  එම සිසුවියයි.

සිසුවිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට  පෙනී  සිටිමෙන් පසුව ඇයගේ විදුහලේම ඉංග්‍රිසි විෂය ඉගැන්වු  ගුරුවරයකුගේ  නිවසට කැඳවාගෙන ගොස් ඇත්තේ ඔහු දරුවා බලා ගැනීමට යැයි පවසමිනි. ඇයට ඒ සඳහා දිනකට රුපියල් 500 බැගින් ද දෙන බව පවසා ඇත.

ටික දවසකින් දරුවා බලා ගැනීම අතහැර සිය නිවසට ආ සිසුවියට  ගුරුවරයාගේ බිරිය  තර්ජනය කරමින් පවසා ඇත්තේ දින තුනක් ඇතුළත කෙසේ හෝ  ඇය නිවසට ගෙන්වා ගන්නා බවයි.ගුරුවරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ද කරන අයෙකියි ද කියති.

දැරියගේ  මව පැවසුයේ  දින තුනක් යද්දී දැරියට  රෝගයක් වැළදුණු බවයි.

පසුව ඇප නුලක් දමා ගැනීමට  එම ගුරුවරයාගේ නිවසට ගිය පසු අයට යකෙකු වැසී ඇති බව පවසමින්  යකා එළවා දමන බව පවසා  පැමිණ සිටි පිරිස ඉවත් කර  යකඩ බටයක් රත්පැහැවන තුරු රත් කර  සිය දියණියගේ යටි පතුල් පුළුස්සා ඇත.

සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.

පසුව සිසුවිය හොරොව්පතාන රෝහලට  ද ඇතුළු කැර  අනුරාධපුර රෝහලට ඇතුළු කිරීමෙන් පසුව  මානසික රෝගියකු සේ සලකා මානසික  රෝගීන් සිටින වාට්ටුවකට ඇතුලත් කැරීමට සැරසෙද්දී ඇගේ මව්පියන් ඇය රෝහලෙන් රැගෙන ගොස්  මිහින්තලේ  සීප්පුකුලම ප්‍රදේශයේ ඥාතී නිවසකට තබාගෙන සිටී.

හොරොව්පතාන පොලීසියෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ සිද්ධියට අදාල ගුරුවරයා  නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාර්ගයෙන්  පොලිසියට භාර වී  අධිකරණයට ඉදිරිපත් කිරීමේ අනතුරුව  ඇප ලබා දී ඇති බවයි.

 



අදහස් (0)

‘ගුරු යකදුරාගේ අපුරු ප්‍රතිකාරයක්’

පිටිගල Wednesday, 26 February 2014 09:58 PM

මේවා දකිනකොට නීතිය ක්‍රියාත්මක කරන අයගෙයි තීන්දු තීරණ දෙන අයගෙයි තරම පේනවා. (දී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 26 February 2014 09:59 PM

නොදන්නා කමින් කරගන්න දේවල් ,මේ එකක් අපි දැක්කේ මෙවනිදෙවල් හැමදාම වගේ ලංකාවේ සිදුවෙනවා.(දී)

:       0       0

ගුණේ Wednesday, 26 February 2014 10:09 PM

මේ ගුරුවරයෙක්ද ?අසරණයන්ට හැකි පමණකින් පිහිටක්, උපකාරයක් කරනවා මිස මෙවන් තිරිසන් ක්‍රියා ගුරු පරපුරටම කල අවමානයක් නේද ?(දිල්)

:       0       0

වෙරන්ත්කා කුරේ Wednesday, 26 February 2014 10:09 PM

පරපුරට ලොකු කැළලක් (දී)

:       0       0

නදීරා Wednesday, 26 February 2014 10:25 PM

මගේ කෙනෙක්ට මෙහෙම කරානම් මම මෙහෙම බලාගෙන ඉන්නේ නැහැ (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 26 February 2014 10:26 PM

දුප්පතුන්ගේ ළමුන් වහල් සේවයට බදවා ගන්න ,උපක්‍රමයක් මේක හොද වෙලාවට මෙම ළමයා ඉන් ගැලවුනා මෙම ළමයා මානසික රෝගී වාට්ටුවට අතුලුකිරීමේ කුමන්ත්‍රණය හෙළි කරගෙන සහය දුන් හැමට නිසි දඩුවම් ලබා දීමට , අනාගත දුගී ළමා පරපුර ආරක්සා කරගැනීම වෙනුවෙන් කට යුතු කිරීම බලධාරීන්ගේ නෙත් යොමුවේවා !.(දී)

:       0       0

පද්මිණි Wednesday, 26 February 2014 10:31 PM

දුප්පත් කම, නුගත් කම එක්වුණු තැනක්. මේවට ඔය ටෙලිනාට්‍ය වල යකදුරු කලා කරුවොත් වග කියන්ට ඕන. (දී)

:       0       0

කැපිලා කාලිංග Wednesday, 26 February 2014 10:50 PM

මේවාට නිකම්ම දඬුවම් ලැබෙයි (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 26 February 2014 11:21 PM

කව්ද මේ නියෝජ්‍ය පොලිස්පති වරයා? මෙච්චර ලොකු මිනිසුන් ඉද්දී ඇයි මේ අහිංසක දරුවට මේ අපරාදය කලේ? අනෙක ඒ දරුවට අවුරුදු හතක්වත් ත් නැතිව වැඩට අරන් තියෙන්නේ. මේ ගුරු වරයෙක්ද-ගුරු හොරෙක්ද? මේ අපරාදයට උදව් කල හැමෝටම දඬුවන් දෙන්න ඕනේ. කෝ දැන් හැමදේටම උද්ගෝෂණය කරන අපේ මිනිසුන්.? (නදී)

:       0       0

ගුනේ Thursday, 27 February 2014 12:12 AM

සුව උදාන ගමේ නමටත් කැළලක් කල ඔය ගුරාට තවත් ගමේ ඉන්න දෙන්න එපා.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 27 February 2014 01:15 AM

මේ තීරය ට අදහස් ලියන උගත් ගුණගරුක භාවතුනේ! ලංකාවේ දිනෙන් දින වැඩිවෙන අපරාධ වල ස්වභාවය හා ඊට ජනතාව වශයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද කියා මීට වඩා බුද්ධිමත්ව සිතා අදහස් ලියන්න. එහෙම නැතිව "ඕකව අහුවුනොත් පට්ට ගහනවා" වගේ කියුම් කීමෙන් අපට මේ තත්වයට විසඳුම් සොයා ගන්න බැරිවෙනවා. තනි තනි විසඳුම් වෙනුවට රටක් හැටියට විසඳුම් සෙවීමට කාලය පැමිණ තියෙනවා.(නදී)

:       0       0

මිහිර Thursday, 27 February 2014 02:50 AM

පද්මිණි හරියටම හරි. තව එකක් එකතු කලොත් ඒ අවිද්‍යාව. විද්‍යා විෂයන් උගන්වන්න පටන් ගන්නේ ඒ කාලේදී 6 වසරේදී. මම ඒ කාලෙ සිටම මේ යකදුරෝ ගෙන සාස්තර ගැන ප්‍රශ්න කලා. 9 10 11 වසර වලට එනවිට කේන්දරය ඇතුළු ඔය විඥාන වාදී මත ඔක්කොම අතහැරිය.. දෙමව්පියන්ට ගුරුවරුන්න්ට වඩා වෙනස් විදියට අපි හිතන්න ඕන. (නදී)

:       0       0

ප්‍රියන්ත - ඕස්ට්‍රේලියා Thursday, 27 February 2014 06:30 PM

බාල වයස් කාර දැරියක සේවයේ යොදා ගැනීම, හිංසා කිරීම, උපක්‍රමික ලෙස ගැලවීමට උත්සහ කිරීම නිසා මොහුට සහ ඊට සම්බන් ද අය‍ට උපරිම දඬුවම් සහ දැරියට වන්දියක් ලබාදිය යුතුය. (අ)

:       0       0

චේ Thursday, 27 February 2014 05:38 AM

මෙම පුවත් පල කිරීම කල යුත්තේ ගුරුවරයාගේ නම සහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම සමග වන අතර දිගින් දිගටම මාද්‍ය මේවා සඟවා තැබීමෙන් මෙවෙනිදේ කරන්නන් තවතවත් ධය්ර්යමත්වේ.(නදී)

:       0       0

සෑම් Thursday, 27 February 2014 06:29 AM

මගේ නංගී කෙනෙකුට වුනානම්... ඕක පුච්චලා ඉවර කරනවා... හෙන ගසන්න කියල මම ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

බමුණු Thursday, 27 February 2014 06:37 AM

අපි පාසල් ගිය කාලයේ හිටියේ දෙවියෝ වගේ ගුරුවරු. අදටත් මම ඒ ගුරුවරු මතක් කරලා පින් දෙනවා . මගේ ඉංග්‍රීසි ගුරුතුමිය තමන් ගේ අතින් වියදම් කරලා පාසලේ ඉංග්‍රීසි නාට්‍යයේ දරුවන් ට ඇඳුම් මහල දුන්නේ, ඒ ළමයින්ට සල්ලි නැති නිසා. දැන් ගුරුවරු කියල ඉන්නේ දේශපාලන පත්වීම් ලබපු අයනේ . දරුවට ඉක්මන් සුවය පතමි..(නදී)

:       0       0

බුද්ධි Thursday, 27 February 2014 06:39 AM

ඔය ගුරාගේ ගුරුකම කවදාහරි තමන්ගේ දරුවාට තමා වදින්නේ. දෙමව්පියෝ ඇඹුල් කන කොට දරුවන් ගේ දත් හිරි වැටෙනවා කියන්නේ කට කහනවා ට නෙවේ.(නදී)

:       0       0

උපාලි Thursday, 27 February 2014 07:16 AM

ආදාරයක් කිරීමට බැංකු ගිනුමේ විස්තර එවන්න.(නදී)

:       0       0

බෙම්පි Thursday, 27 February 2014 07:30 AM

මේවා ගැන කතා කරලා වැඩක් නෑ. සාපේක්ෂව වැඩියෙන් බලය සල්ලි තියෙනවනම් නීතිය ඒවාට යට වෙනවා.(නදී)

:       0       0

සනත් Thursday, 27 February 2014 07:42 AM

(සිසුවියගේ සහෝදරයා වන ඒ විජය කුමාර එම සිද්ධිය ඇසින් දුටුවෙකි.) අනේ...මේ අයියලද?ලැජ්ජයි.පොල්ලක් අරන් අර මෝඩ යක් දෙස්සට පාඩමක් උගන්වන්න බැරි උනාද?නූගත් කම තමයි මුල.(නධී)

:       0       0

සේරම් Thursday, 27 February 2014 07:52 AM

පද්මිණි හරි .(නදී)

:       0       0

සමන් Thursday, 27 February 2014 08:28 AM

දිලාන්,නදීරා, රන්ජිත් එක කුසකින් බිහි නොවුනට මේත් අපේම නැගණියක් තමා.(නදී)

:       0       0

පාලිත මාලදිවයින Thursday, 27 February 2014 09:03 AM

ඔය ගුරාට මේවා පලදෙනවා.(නදී)

:       0       0

පද්මසිරි Thursday, 27 February 2014 09:05 AM

ආශියාවේ ආශ්චර්ය නෙමෙයි ලංකාවේ ආශ්චර්ය. රටේ නීතිය හා දඩුවම් අනුව තමයි මේ සේරම දේවල් සිදුවෙන්නේ. සිදුවීමට මුහුණ දුන්න අය නැතිවම අපරදකාරයා ඇප ලබල ගෙදරත් ගිහින්. ළමා අපචාර කාන්තා හිංසන සංගම්, දෙපාර්තමේන්තු මේවා කොහෙද තියෙන්නේ, (නදී)

:       0       0

දමිත් Thursday, 27 February 2014 09:21 AM

ඔය මිනිහව අල්ලලා හමගහන්න ගමේ අයට කොන්දක් නැද්ද? (නධී)

:       0       0

ධම්ම Thursday, 27 February 2014 09:42 AM

කෝ ඔය කාන්තා හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ වචන ගැටගහන මන්ත්‍රී නෝනලා? (නදී)

:       0       0

නිශාන්ත Thursday, 27 February 2014 09:53 AM

තාම ගල්යුගයේ. මේ ගුරුවරයව යවන්න ඕනේ හිරේට. ළමයව යවන්නන ඕනේ ඉස්කෝලේ. තාම ඉගෙන ගෙන මදි. මේවා කරලා හරියනවද.(නදී)

:       0       0

පිටිගල Thursday, 27 February 2014 10:12 AM

රංජිත් මමත් හිතන්නේ ඔබ වගේමයි නීතිය කවදාවත් අපට පිහිට වෙන්නේ නැහැ ඒකේ තියෙන අඩු පාඩු නිසා. දැන් ඔය ළමයාගේ කකුල් දෙක දැක්කම වෙන සාක්කි මොකටද? (නදී)

:       0       0

සෝරත හිමි සියඹලාන්ඩුව Thursday, 27 February 2014 10:20 AM

සිදුවීම ගැන බෙහෙවින් කණගාටු වෙනවා. සල්ලිවලට නිවන් දකින්න උත්සහ කරපු මිනිස්සු ඉන්න මේ රටේ දෙවියන් පස්සේ යන එක සාමාන්‍ය දෙයක්. මේ වගේ අපරාද කරන අයට ඒ වේදනාව තේරන විදියේ දඩුවම් ප්‍රසිද්ධියේ ලබාදිය යුතුයි. වැඩක් කරනකොට බුද්ධියටත් ඉඩදෙන්න ඕනා.(නදී)

:       0       0

ෂපීක් Thursday, 27 February 2014 10:26 AM

අසරණ මිනුස්සුන්ගෙන් අයුතු ලෙස වැඩ අරන් හිංසාත් කරන මොවුන් ගුරුවරුන්ද?(නදී)

:       0       0

සේන Thursday, 27 February 2014 10:43 AM

මේ නූගත් පසුගාමීත්වයෙන් අපි කවදාද ගොඩ වෙන්නේ? (අ)

:       0       0

ජනක-කුබුකවත්ත Thursday, 27 February 2014 10:46 AM

ආරක්ෂක ඇමතිතුමනි කරුණ කර මෙවැනි දේවල් වලට උපරිම දඩුවම් දෙන්න .නැත්තම් අනාගතේ දී දුෂ්ඨ සමාජයක් බිහිවේවි .මෙවැනි දේවල් වලට පොලිසියෙන් සහය දුන්නේ කොහොමද (අ)

:       0       0

තරූ Thursday, 27 February 2014 10:51 AM

දුක තියෙන තැනටමයි දුක එන්නේ (අ)

:       0       0

පිටිගල Thursday, 27 February 2014 11:49 AM

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම ඇගේ මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ මොහුට නඩු පැවරිය හැකිය. (අ)

:       0       0

දයානන්ද කුවේට් Thursday, 27 February 2014 12:00 PM

මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නැගී සිටින්න. (අ)

:       0       0

චන්දි Thursday, 27 February 2014 12:32 PM

ඔව් තරූ, මේ දුප්පත් මිනිස්සු මොන තරම් දුකක් උහුලනවා ඇද්ද..? .පව් අසරණයෝ (අ)

:       0       0

ක්‍රිෂාන් ප්‍රනාන්දු Thursday, 27 February 2014 12:33 PM

අහිංසක මනුස්යටම තමා හැමදේම වෙන්නේ.(අ)

:       0       0

ක්‍රිෂාන්ත බංඩාරර Thursday, 27 February 2014 01:04 PM

දෙයියනේ මේක පුදුම රටක්නෙ. මේ කෙල්ලට ඇවිදගන්නවත් බෑ, වැරදි කරපු එකාව ගෙදර යවලා... ෂෝක් නීතිය. අම්මපල්ල පුදුමම රටක් මේක.(නදී)

:       0       0

ශිරාන් Thursday, 27 February 2014 01:21 PM

හොරොව්පතාන පොලීසියෙ ඉන්න 90% ක්ම හොරු.(නදී)

:       0       0

ඉෂාර රුවන්ත Thursday, 27 February 2014 01:40 PM

මේවා විසදන්න පොලිසියට කොන්ද පණ නැද්ද මන්දා .පව් අසරණ මිනිස්සු.(නදී)

:       0       0

සේරම් Thursday, 27 February 2014 02:05 PM

හැකියාව තිබෙන කෙනෙක් ළමයව කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ඒකකයට යොමුකරවන්න. ඒ වගේම ආරක්ෂක ලේකම් තුමාට මෙය අවධානයට යොමුකරවන්න. ලොකුම පිනක් වේවි.(නදී)

:       0       0

අසංක Wednesday, 26 February 2014 08:11 PM

අපේ රටේ ඉන්න අසරණ මිනිසුන්ව තව තවත් පාගල දාන්න හදනවා.ඒවාට ලංකාවේ පොලිසියත් අනුබල දෙනවා.(අ)

:       0       0

කනිෂ්ක Wednesday, 26 February 2014 08:39 PM

මේවා තමා සහගහන ආපරාධ (දී)

:       0       0

සුමිත්‍ර Wednesday, 26 February 2014 08:43 PM

මේ අම්මගෙ මූ‍ණෙ තියෙනව සැබෑ මව් සෙනෙහස.. බලන්න ඒ අම්ම බලන් ඉන්න හැටියට කටුක ජීවිතය.. ඊලගට අර වගේ කපටි මිනිස්සුන්ට අහුවෙලා පිඩා විඳපු බව.. දුප්පත්කමෙන් බැටකෑ ජිවිතය මනාව පෙන්වනව.. මේ වගේ මව්වරුන්ටත් අර වගේ අසරණ දරුවන්ටත් නීතියේ පිළිසරන දෙන්න ඕන නිවැරදිව(දිල්)

:       0       0

සමන්ති Wednesday, 26 February 2014 08:54 PM

සිතේ බය නිසා ඇතිවූ රෝගීතත්වයකි .ප්‍රතිකාර සඳහා ගුරුවරයාගේ ගෙදරට යාමෙන් බයකර දෙකකුල් පිලිස්සීම ඔහුගේ තිබුණු ක්‍රෝධය පිටකර ගැනීමකි . ගුරුවරයා යයි කියනු ලබන අමනුස්සයාට නීතියෙන් දඬුවම් ලබාදිය යුතුයි (දිල්).

:       0       0

චමී Wednesday, 26 February 2014 08:58 PM

නැති බැරි දුප්පත් මිනිස්සුන්ව බිල්ලට ගන්න මේ වගේ පාපතරයින්ට හොදක් සිද්ද වෙන්න නැ(දිල්)

:       0       0

දක්ෂින Thursday, 27 February 2014 03:23 PM

මම නම් හමගහනවා.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 26 February 2014 09:23 PM

අපේ රටේ මොන අමානුෂික සිදුවිමකටවත් හරි දඩුවමක් ලබා දෙන්න විදිහක් නැත්තේ ඉහල නිලදාරීන් පගාවට හෝ ඇදුරුම් කමට නිතිය අමතක කරනවා.මේවා කාට කියන්නද?ගොලුවත රකිනවා හැරෙන්න.(දී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 26 February 2014 09:30 PM

අපේ රටේ පොඩ්ඩක් ඇති හැකි අය දුප්පතුන්ට තිරිසන් විදිහට සලකන්නේ,(දී)

:       0       0

කුමාරසිරි Thursday, 27 February 2014 03:43 PM

පව් ඔය ගුරාට නිසි දඩුවම් ලබාදෙන්න . දුප්පත් මිසිස්සුන්ටම තමයි හැම දුකක්ම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1344 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1718 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5568 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1474 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5868 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5456 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site