(රංජන් කස්තුරි)
වටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ගුරු සංගම් ආරම්භ කළ රථ පෙළපාලිය හේතුවෙන් නුවර පාර, මීගමුව පාර, හයිලෙවල් පාර සහ ගාලු පාර ඇතුළු සෙසු මාර්ග වල දැඩි වාහන තදබයක් පවතින බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් කොළඹට එමින් සිට සිටි විශාල පිරිසක් දැඩි අපහසු තාවයට පත්ව සිටිති.
අද පෙරවරු 10.00 ආරම්භ කළ එම රථ පෙළපාළිය තවත් පැය දෙකකින් පමණ කොළඹට ළඟා වීමට නියමිතය.
මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින් සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව ද එම සමිති සන්ධානය සඳහන් කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
(කඩවත අධිවේගී මාර්ග පිවිසුම අසල් එක් විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළ අයුරු ඡායාරූප රාගම විශේෂ විමුක්ති එස් රුද්‍රිගු)
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු රථ පෙළපාළිය නිසා කොළඹ මාර්ග රැසක් හිර වෙයි
Rata Perata Wednesday, 04 August 2021 12:47 PM
අපේ සුබපැතුම්. අනෙකුත් සියලු රජයේ සේවකයන් එක්වන්න. අපේ රට වනසන පවුල් පාලනයෙන් සහ ඇමරිකානු පුරවැසියන්ගෙන් රට බේරාගැනීමට පෙරට එන්න.
Cisco Wednesday, 04 August 2021 01:06 PM
අපි පුද්කලික අංශයේ වැඩ කරල බදු ගෙවනවා .මේ අය කරන සේවයට පඩි ගෙවන්න. මේ අය ගෙදරට වෙලා නිකම් ඉන්න බැරිකමට පෙලපාලි යනවා. මොකද මේ අයට මේ දවස්වල යාම් ඊම් මග වියදමුත් නැහැනෙ. හොද වෙලාවට අපි ඉගෙනගත්තෙ ගුරු දෙවි වරැන්ගෙනි.
දොලේවත්තWednesday, 04 August 2021 01:44 PM
පුද්ගලික අංශය විතරක් නෙමෙයි හලෝ... මේ රටේ කම්කරුවා, ගොවියා හැමෝම බදුගෙවනවා..
CiscoWednesday, 04 August 2021 03:35 PM
මේක අහන්න හලෝ .හැම කෙනාමසීනි ඇටේ සිට හැම දෙයකටම බදු ගෙවනවා .නමුත් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගෙන් ,උපයනවිට තව බදු කියල අමතර අයක්රීමක් කරනවා . දන් නැත්තම් අහගන්න දන්නා කෙනෙකු ගෙන්
සෑම් Wednesday, 04 August 2021 01:06 PM
ගුරුවරුන්ට අපේ සහාය, සියළුම රජයේ සේවකයන් මෙයට සහාය දිය යුතුයි. ජය වේවා!
gayan Wednesday, 04 August 2021 01:09 PM
ඔක්කෝමලා ඇවිත් උද්ගෝෂණය කරන්න ,රටම කොරෝන වසංගතයට බිලි දී .පසුව ඇවිත් ආපසු කොරෝනා පාලනය කරේ නෑ කියා උද්ගෝෂණය කරන්න .
මානවඩු Wednesday, 04 August 2021 01:43 PM
දැන් තමයි හොඳටම ගුරුදෙවියන් මාර්ගගත වීම කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න පුළුවන්... දැන් ඉතින් ඉරහඳ දුන්නත් ආපහු රස්සාව කරන්න නායකත්වයකට කැමති නැහැ.
Lakshan Wednesday, 04 August 2021 01:45 PM
කලින් ආණ්ඩුවෙන් වැඩි කරපු පඩි වලින් ගත්ත වාහන වෙන්න ඇති නේ?
Viki Wednesday, 04 August 2021 01:46 PM
ඇමැතිවරු සැප විඳිනවා.. හොඳ වාහනවල යනවා. අපිට හැමදාම හිඟන්නො වගේ ඉන්න පුළුවන්ද? දුක් විඳිනවා නම් හැමෝම එකලෙසට කැපකිරීම් කරමු..
CiscoWednesday, 04 August 2021 02:32 PM
ඇමැතිලා හැමදාම සැප වින්දා. අපි තමයි සදා දුකේ හිටියේ. ඔය සොච්චමක් වැඩි කරත් ආයෙත් ඒක වැඩිවන බඩුමිලට ගෙවන්න වෙනවා. එමනිසා ආයෙත් බිංදුවටම තමයි වැටෙන්නේ..
කිරි පුතා Wednesday, 04 August 2021 02:15 PM
ඇත්තටම මේ මිනිසුන් මෙච්චම නරක ඇයි? උකුණු හිසක් තරම් මොළයක් නැද්ද රටේ පවතින තත්ත්වය තේරුම් ගන්න... මොවුන් නටන්නේ කාගේ පදයටද?
sharm warn Wednesday, 04 August 2021 03:04 PM
ගුරු විදුහල්පති සටනට ජය වේවා .රට මේ තරම් නරක තැනකට වැටෙනකල් කලගෙඩි නැටුවේ ,පැණි බෝතල් නාඩගම් නැටුවේ කවුද ? ගුරුවරුද ? රටේ අධ්‍යාපනය බින්දුවට බැහැලාලු කිය කිය සුපිරි වාහන ගෙන්වා ගන්න හදන්නේ විදුහල්පතිවරුද ?
SUNIL MILANO Wednesday, 04 August 2021 03:19 PM
මුදලට වහල් වී ගුරු වෘර්තියත් පාවා දෙන මේ ගුරු හොරුන්ට සාපවේවා
Rasika Wednesday, 04 August 2021 03:19 PM
සියලු දෙනාට සුභ කොරෝනාවක් පතමි. එකක් විදගත්තට ආරක්ෂාවක් නැතෝ.. කෑ ගහල විද ගත්තෙ පෙලපාලි යන්න වෙන්න ඇති
Demuni Uduwara Wednesday, 04 August 2021 03:48 PM
ප්‍රගතිශීලිත්වයට එදිරිව බියගුල්ලන්
fairoos Wednesday, 04 August 2021 03:51 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ .මෙච්චර වෙලත් ආණ්ඩුවට කඩේ යනවානේ ?
BamunuarachchiThursday, 05 August 2021 10:30 PM
ඔහේ කියන්නේ අපිටත් මේ ගොබ්බයො පස්සේ යන්න කියලද? අපේ ළමයි යන්නේ පුද්ගලික පාසල්වලට ඔලුව කෙලින් තියාගෙන රටේ ඉන්නවා. ඒ නිසා අපිටත් විනයක් තිබෙනවා. අපිට යන්න කියන්නේ නොමිලේ පොත්,විස්කෝතු,ඇඳුම් ඉල්ලන්න්ද.
Bamunuarachchi Wednesday, 04 August 2021 11:42 PM
කාලකන්නි.
Bamunuarachchi Thursday, 05 August 2021 10:31 PM
හලෝ හැමදේම පිනට පිනට ඉල්ලන්න එපා. අපි ඔහේලට පිනට කරන දේවල් මදිද. අධ්‍යාපනය , සෞඛ්‍ය ය , රැකියා සපයනවා පිනට අපේ බදුවලින්.