ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිර්ණායකයන්ට පටහැනිව එම සේවයට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අහෝසි කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මැයි 15 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියෝග කරමින් නොතිසි නිකුත් කළේය.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III වන වගන්තියට පත්වීම් ලබාදෙන නිර්ණායකයන්ට පටහැනිව රාජකාරි ආවරණය කළ නිලධාරීන් එම පන්තියට පත්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුරු සංගමයේ පෙත්සමට ඉඩ
හේරත් Thursday, 18 April 2013 06:38 PM
මෙන්න තවත් කණු. අර පාකිස්තානේ කණු තුන වගේමයි. (නදී)
සමරෝත් Wednesday, 17 April 2013 11:57 PM
ගුරුවරුන්ටත් ජීවත් විය හැකි පඩියක් ඉල්ලා රීට් බැරිනම් බීට් ආඥාවක් හරි නිකුත් කළොත් නරක ද? (නි)
නිස්සංක මහනුවර Thursday, 18 April 2013 07:59 AM
අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ආකාර දෙකක් තිබෙනවා සාමාන්‍ය සහ විශේෂ කියලා. විශේෂ සේවක ගණයට සුදුසුකම් ලෙස අදාල විෂය පිලිබදව විශේෂ උපාධිය හෝ අදාල විෂය සහිතව සාමාන්‍ය උපාධිය හෝ සහිත වසර 5 කට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරයෙක් විම සහ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයෙන් සමත්වීම තිබිය යුතුයි. මෙම සේවක ගණයෙන් සෑම කලාප කාර්යාලයකම නිලදාරීන් 16 දෙනකු බැගින් සිටිය යුතුයි. නමුත් මුළු ලංකාවේම පුරප්පාඩු 700 කට වඩා තියනවා. මේවට විභාගය සමතුන් නොගෙන උපාධියක්වත් නොමැති දේශපාලන ඇම්බට්ටයින් ටිකක් රිංගවන්න දෙනවද? විභාගය සමතුන් එම පුරප්පාඩු වලට පත්කරනවද ? කොන්ද පණ ඇති ගුරුභවතුනි, එක්ව නැගීසිට විභාග සමත් සුදුස්සන් අධ්‍යාපන තනතුරු වලට බදවා ගැනීමට කටයුතු කරමු . (නි)
පෙරේරා Thursday, 18 April 2013 11:13 AM
දැන් එතකොට අධිකරණයද පාර්ලිමේන්තුවද උත්තරීතර? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)