IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගුරු සංගමේ විශාඛා දිසාපාමොක්ගේ හිත උණු කරයි

පන්තිය තුන් වැනි මහලේ පැවැත්වීම නිසා තුන් මාසයක් නිවසට වී සිටි දැරිය වෙනුවෙන් ඇය සිටින අටේ පන්තිය බිම් මහලට ගෙන එන බව කොළඹ විශාඛා විද්‍යාලයයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල මහත්මිය කියන්නීය.

එම පන්තිය තුන් වැනි මහලේ ඇති නිසා දරුවා වඩාගෙන ඉහළ මාළයට නැගීමට මවට නොහැකිවීම හා පන්තිය බිම්මහලට ගෙන ඒම ගැන කළ ඉල්ලීම් විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් එසැණ සහ ලංකාදීප පුවත්පත පසුගියදා වාර්තා කළේය.

දැරිය සිටින පන්තිය පහළ මාලයට ගෙනවිත් ඇයට අධ්‍යාපනය කරගෙන යෑමට අවස්ථාව දෙන්නේදැයි ලංකාදීප එදා විදුහල්පතිනියගෙන් විමසූ විට කීවේ එක දරුවකු වෙනුවෙන් එවැන්නක් කළ නොහැකි බවයි.  ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඕහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහලට ගත්තත් අයිටීවලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ යැයි ද එදා විදුහල්පතිනිය කීවාය.

ලංකාදීපයේ එම පුවත පළවීමෙන් පසු එම මව හා විද්‍යාලයීය ආදි ශිෂ්‍යා සංගමය සමඟ සාකච්ඡා කර දැරිය සිටින පන්තිය පහළට ගෙන ඒමටත්, වැසිකිලියට යෑමේ දී අවශ්‍ය පහසුකම් සැපයීමටත් තීරණය වූ බව විදුහල්පතිනි අවිරුප්පල මහත්මිය කීවාය.

ආබාධිතයන් සඳහා ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රේෂ්ඨාධිකරණ මාර්ගෝපදේශනයක් මීට පෙර නිකුත් කර ඇති නිසා දැරියට වූ අසාධාරණය වෙනුවෙන්   මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට ලංකා ගුරු සංගමය සහ සිවිල් සංවිධානය කිහිපයක් ද ඉදිරිපත් වී තිබිණි.  මාස තුනක් දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

දැරියගේ මව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ගොනු කළ පැමිණිල්ල ලබන 21 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.

 



අදහස් (0)

ගුරු සංගමේ විශාඛා දිසාපාමොක්ගේ හිත උණු කරයි

ෂෙල්ටන් Saturday, 11 April 2015 03:16 AM

ඔයාලට මතක ඇති 5 සමත් අත් දෙකම නැති, ඇවිදින්නට බැරි ගැහැණු දුවක් ගැන.දැන් එයා ඇහැළියගොඩ ජාතික පාසලේ 8 වසරේ. හැමදාම එයාගේ පන්තිය එකම තැන තියෙන්නේ. විදුහල්පතිතුමිය මොනතරම් කාරුණිකද කියලා බලන්න. ඒ ළමයා මොනතරම් සතුටින් සිටිනවද කියලා බලන්න. සියලුම වැඩ දෙපයින් කරන්නේ. මගේ දුවත් එම පන්තියේම ඉගෙනගන්නේ. අද පන්තියේ දක්ෂම ළමයෙක්. (නි)

:       0       0

මිතිර Saturday, 11 April 2015 03:23 AM

මෙයාගේ හැසිරීම බොරුවට මවාගත් ගාම්භීරකමක්. සමහරවිට මෙයාගේ පසුබිම ඒ අසරණ ආබාධිත ළමයාගේ පවුල් පසුබිමට වඩා අන්ත ඇති.මේ විදියට උඩඟුකමෙන් කටයුතු කරන බොහෝ දෙනා හීනමානය ඇති (නි)

:       0       1

නිලංග Saturday, 11 April 2015 03:34 AM

ගුණවත්කමින් තොර උගත්කමේ ප්‍රතිඵල තමයි. මෙයාගේ දරුවනුත් මේ ආරෙටම තමයි යන්නේ. (නි)

:       0       1

සරත් Friday, 10 April 2015 09:12 AM

අනිත් මින්ස්සු ගැන හිතන්න පුරුදු කරවන්න ඕනේ. ඉස්සර මිනිස්සුන්ට අනුන්ගේ දුක දැනුනා, එකට දැන් . " එයාගේ අමාරුවට අපි පලිද " වගේ තමයි හිතන්නේ ලංකාදීප හොඳ වැඩක් (ම)

:       0       0

දිලාන් Saturday, 11 April 2015 03:41 AM

මෙයාව හොඳ හමුදා පාසලකට. එතන ලොකු පුටුවට බොහොම ගැළපෙනවා. (නි)

:       0       0

සමන්ත Saturday, 11 April 2015 03:47 AM

මේ වගේ අයට හරියන්නේ මාන්කුලම් හමුදා කඳවුරේ හමුදා බැරැක්කයක් භාරව කටයුතු කරන්න. දැරිවියන් ඉගෙනගන්න පාසලක් නෙමෙයි. ඇයි ඉතින් ශාරීරික අපහසුතා තිබෙන උදවිය එක්ක මෙයාට කටයුතු කරන්න බැහැ කියලා මෙයාමනේ කියලා තියෙන්නේ. (නි)

:       0       0

උමේෂ් Saturday, 11 April 2015 03:51 AM

මේ නෝනා නුවර කෙනෙක් නේද ? ඒ පළාත හොල්ලාගෙන වෙන්න ඇති ඒ කාලයේ ඉන්න ඇත්තේ. එහෙ පාසල් වලදීත් ළමයින්ට මෙහෙම සළකන්න ඇති (නි)

:       0       0

සාරංග Saturday, 11 April 2015 03:54 AM

මෙහෙම අය මෙවන් වෘත්තීන් වලට ගැළපෙනවාද? (නි)

:       0       0

කෙවින් Friday, 10 April 2015 09:28 AM

ලංකාදීපයට පින්...අහිංසක නොදරුවාගේ ජීවිතේ ආලෝකවත් වෙනන් කියලා පතනවා (ම)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 04:00 AM

සුපිරි පාසල් තුළට ඇතුළුව ඇති දේශපාලනයට කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හෝ නිසි පිළිතුරු දියයුතුය (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 11 April 2015 07:42 PM

මෙහි දමා තිබෙන අදහස් මේ විදුහල්පතිට (විදුහල්පති කියන්න වටින්නේ නෙහෙ)දකින්න හෝ ලැබෙන්න සළසනවා නම් ජනතා විරෝධය කොහොමද කියලා තේරෙයි ...... (නි)

:       0       0

විජයබාහු Friday, 10 April 2015 09:39 AM

මේ වගේ විදුහල්පති වරු තියාගෙන වැඩක් නැ. ඕක ලංකාදීපයට හසු වුන නිසා හොඳයි. නැත්නම් පවු ඒ අසරණ ළමයා...(ම)

:       0       0

සත්‍යපාල Friday, 10 April 2015 09:43 AM

මේක කලින්ම කළා නම් කොච්චර ලස්සනද,එහෙනම් මෙච්චර බැනුම් අහන්න අපාස විදින්න ඕනා වෙන්නේ නැහැ ! (ම)

:       0       0

හිරාන් Sunday, 12 April 2015 12:32 PM

මම දැනට ඉන්නේ ජර්මනියේ. ඕක මෙහෙ උනානම් ඇය හිරේ. (බ)

:       0       0

කරු Friday, 10 April 2015 09:51 AM

දරුවෙකුගේ අධ්‍යාපනයේ වටිනාකම නොදන්න‍ා විදුහල්පතිනියෝ මොනවටද? මාස 3 ක් ගෙදර හිටපු දරුවට මොන තරම් මානසික පීඩනයක් දැනෙන්න ඇද්ද? (ම)

:       0       0

අනෝජා Friday, 10 April 2015 09:53 AM

මේක කියවන අය මොහොතකට හිතන්න මේ මගේ දරුවටයි උනේ කියලා. ඒ ඇති මේකෙ තියෙන සංවේදී කම තේරුම් ගන්න. (ස)

:       0       0

අමර Friday, 10 April 2015 09:54 AM

"‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද?" අනේ මෙහෙමත් විදුහල්පතිනියෝ. (ස)

:       0       0

චාරු Friday, 10 April 2015 09:55 AM

ඉස්සර මේ පාසලේ නියම වෘත්තීය ගරුත්වයක් ඇති, සංවේදී විදුහල්පතිනියන් සිටියා. ඊට පසුව පත් වුයේ දේශපාලන බලපුලුවන්කාරියන් . මෙන්න ප්‍රතිපල. ! (ස)

:       0       0

රොෂාන්ත Friday, 10 April 2015 09:59 AM

මේක ලංකාදිපයෙන් හෙලි කල නිසා හොඳයි. නැත්නම් කවුරුත් දන්නෙ නැතුවම යට යනවා. අහිංසක දරුවෙකුගේ ජීවිතය අඳුරු වෙනවා. විදුහල්පතිවරුන්ට පොතේ දැනුම දෙන්න කලින් මානුෂිකව හිතන්න පුරුදු කරවන්න වෙයි වගේ. (ස)

:       0       0

ශලිනි Friday, 10 April 2015 09:59 AM

අපි මේ පාසලේ සිටිය කාලයේ නම් මෙහෙම අමානුෂික දේවල් සිදු වුයේ නැහැ. එවකට සිටියේ දරුවන් ගැන සංවේදී ගුරු වෘත්තියේ ගෞරවය රැකපු විදුහල්පතිනියක්. දැන් ඉතින් මෙතන පරිපාලනය දේශපාලනයට යටවෙලානේ. (ස)

:       0       0

කනිෂ්ක Friday, 10 April 2015 10:01 AM

මේ සිද්දියේ දෙපැත්තටම සාදාරන හේතු තියෙනවා...නමුත් දරුවාගේ අනාගතය වැදගත්. (ස)

:       0       0

කමල් Friday, 10 April 2015 10:06 AM

වෙනත් ගුරුවරු දාලා ළමයාට හිරිහැර කරයිද? (ස)

:       0       0

සෑම් Friday, 10 April 2015 10:07 AM

මේ විදුහල්පතිනිය විශාකාවේ තියා පෙට්ටිකඩේ ඉස්කෝලේ විදුහල්පතිකමටවත් සුදුසු නැති බව තමාම ඔප්පු කරලා තියනවා. (ස)

:       0       0

අනිල් රවින්ද්‍ර Saturday, 11 April 2015 04:31 AM

නැද්ද ෆොටෝ එකක් එහෙම බලාගන්න? මෙහෙම අය මාරුකරන්න තියෙන්නේ කෙළින්ම ගෙදරට, පෙන්ෂනුත් නැතුවම. (නි)

:       0       0

ලතා Friday, 10 April 2015 10:21 AM

"දිසාපාමොක්" කියන නමට අගෞරව කරන්න එපා.මෙයාට සුදුසු නම පත්තරේ පල කරන්න බැරි නිසා ලියන්නේ නැහැ. (ම)

:       0       0

ගයනි Friday, 10 April 2015 10:28 AM

කාන්තාවක් හැටියට ලැජ්ජා විය යුතුයි. මෙවැනි විදුහල්පතිනියෝ. දරුවා මාස 3 ක් කොහොම හරි ගෙදර තිබ්බා පංතිය පහලට ගේන්නෙ නැතුව‍ (ම)

:       0       0

සංජය Saturday, 11 April 2015 04:51 AM

ආබාධිත දරුවෙකුට පිහිටවෙන්න බැරි මේ සමාජය මොකක්ද? බලය තියෙන එකා දුර්වලයින් පෙරළාගෙන පාගාගෙන යන සමාජයක් හරියට කැලයක ඉන්න සත්තු වගේ නෙමෙයිද? දරුවන්ට යහමඟ කියාදෙන විදුහලක ප්‍රධානියාගේ මේ ආකල්ප කෙසේ විග්‍රහ කරමුද? (නි)

:       0       0

සමන් Saturday, 11 April 2015 11:39 PM

මෙයත් කර්නල් කෙනෙක්ද? (නි)

:       0       0

සමන් Sunday, 12 April 2015 12:04 AM

මෙයාගෙ පසුබිම ගැනත් පොඩ්ඩක් දැනගන්න බැරිද? කාගෙ කවුද කියලා එහෙම. මෙයාව රූපවාහිනි පුවත්වල පෙන්වන්න වටිනවා ලැජ්ජා හිතෙන්න. (නි)

:       0       0

බිමල් Friday, 10 April 2015 11:29 AM

මම ඉන්න රටේ බහුතරයක් රැකියා වලට ආබාධිතයන්ට අවස්ථා ලැබෙනවා.බස් වල , උස්පහත් කළ හැකි ප්ලැට්ෆෝම් එකක් තිබෙනවා රෝද පුටු වලට. ගොඩනැගිලි වල සෝපාන සහ විශේෂ වැසිකිළි සෑම නගරයකම තිබෙනවා. රජයෙන් දීමනාවකුත් තිබෙනවා. තව කියන්න ගියොත් සමහර භුමි පුත්‍රයන් මට බනින්න ඉඩතිබෙනවා. (නි)

:       0       0

කීර්ති Friday, 10 April 2015 11:40 AM

මෙවැනි කාරණා වලදී විදුහල්පතිවරුන් මීට වඩා බොහෝ සංවේදීව සිතිය‍යුතුයි (නි)

:       0       0

දිසානායක Saturday, 11 April 2015 05:06 AM

ඇයගේ දරුවෙකුට මෙහෙම දෙයක් වුණා නම් තේරෙයි (නි)

:       0       0

කරුණාරත්න Friday, 10 April 2015 11:40 AM

ලංකාදීපයට තුති! (නි)

:       0       0

චම්පිකා Saturday, 11 April 2015 05:12 AM

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. අපේ පන්ති වල ආබාධිත ශිෂ්‍යාවක් සිටියා. ඇගේ අම්මා හැමදාම ඇයත් එක්ක උදේ සිට පාසලේ රැඳිලා ඉන්නවා. සිසුවියට වැසිකිළියට තනිවම යන්නත් බැහැ . අපිටත් වයස 8 ක් 9 ක් නිසා ඇයව වත්තන් කරගෙන යන්න අමාරුයි. එහෙත් මට තාම මතකයි අපේ පන්ති බාර කල්දේරා ගුරු මහත්මිය සහ කුසුමා වැලිකල විදුහල්පතිනිය ඒ සිසුවිය සමබන්ධයෙන් කටයුතු කළ කරුණාවන්ත විලාශය. මට තවම මතකයි ඇයව ඉන්‍ඳෙව්වේ ඒ කාලයේ ඉගෙනගන්න දස්කම් පෑ හොඳම සිසුවිය ළඟ. ඒ පාසලේම ගුරුවරියකගේ දියණිය වුණ ඒ යෙහෙළිය ඇයට ගණන් කියාදිදී උදව් කරනවා මට තවම මතකයි. අනේ අපේ ඒ සුන්දර පාසල් කාලය අද දරුවන්ට කොහෙද? (නි)

:       0       0

අනීසා Friday, 10 April 2015 11:46 AM

නිදහස් අධ්‍යාපනය බිහිකළ අය කරන වැඩ (අ)

:       0       0

දම්පල් Friday, 10 April 2015 12:05 PM

අමානුෂිකත්වය, වෙන කුමක්ද? (අ)

:       0       0

ධම්ම Saturday, 11 April 2015 05:42 AM

විදුහල්පතිනිය තනි මතයට මේ වෙනස්කිරීම මුලදීම කළා නම් අර ප්‍රශ්න වැල අහන්නේ මේ කෑගහන සංගම් සහ මේ ප්‍රතිචාර ලියන ජනතාවමයි. ඒක තමා අපේ මිනිසුන්ගේ හැටි. (නි)

:       0       0

සෑම් Friday, 10 April 2015 12:18 PM

අමාරුව දැනෙන්න පිටිසර පාසලකට මාරු කළ යුතුයි (අ)

:       0       0

ලලිත් Friday, 10 April 2015 12:23 PM

ලොකු ලොකු විදුහල් වල විදුහල්පතිලා විතරක් නෙමෙයි,සමහර ආයතන වල බෙල්ල හිරවෙන්න ටයිපටි බැඳගෙන ඉන්න අධ්‍යක්ෂක උත්තමයෝ එහෙමත් ලෝකයේ දියුණු සමාජයේ තිබෙන ක්‍රමවේදයන් මානව හිමිකම් ආදිය කිසිම දෙයක් දන්නේ නැහැ. වෙන එකක් තියා තනතුර ලැබුනහම හිතන්නේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන නීතිරීති සියල්ලම තමන්ගේ මතයට තමයි වැඩකරන්නේ කියලා.ඔය එක්කෙනෙකුට මතක හිටින්න දඬුවමක් දුන්නොත් විතරයි අනිත් අයත් තමන්ට තනතුරේ වැඩකරන්න රාජකාරිමය වශයෙන් ලැබී තිබෙන බලතල සිමාවන් ගැන හිතන්න පුරුදුවෙන්නේ. අපේ රටේ දඬුවම් දෙන්නේ වැරදි කළවිට විතරයි. නමුත් හරි දේ කිරීම පැහැර හැරීමටත් දඬුවම් දෙන ක්‍රමයක් ඇතිකළ යුතුයි. (නි)

:       0       0

තිස්ස Saturday, 11 April 2015 06:02 AM

මට ලොකු දුකක් දැනෙනවා ඒ නෝනාට දොස් කියනකොට (නි)

:       0       0

වික්‍රම Friday, 10 April 2015 12:41 PM

ඔබතුමිය හොඳ වෙලාවට ලංකාව වගේ නීතිය වල්වැදුනු රටක ඉපදුනේ. ඔය වැඩේ අපි ජීවත්වෙන ඕස්ට්‍රේලියාව වැනි රටක ආබාදිත කෙනෙකුට කළා නම් මුළු ජීවිත කාලයටම ළමයින් සමඟ වැඩකිරීමේ තහනමකුත් එක්ක , දේපල ඔක්කොම විකුණලා වන්දියකුත් ගෙවෙන්න වෙලා.අම්මපා! මේ වගේ කෙනෙක් කොහොමද මේ වගේ තැනක මුල් පුටුවට ආවේ? (නි)

:       0       0

නිල්මිණි Saturday, 11 April 2015 06:22 AM

අපේ රටේ මිනිස්සු තමුන්ගේත් අන් අයගෙත් අයිතිවාසිකම්, යුතුකම්, වගකීම් ගැන මීට වඩා දැනුවත් වෙන්න ඕනෑ. මෙතන මේ දරුවාට වූ අසාධාරණය ගැන පැහැදිලි සාක්ෂි තියෙද්දී, මේ විදුහල්පතිනිය ගැන විනය පරීක්ෂණයක්වත් තාම අධ්‍යාපන බලධාරීන් ආරම්භ කරලා නැහැ වගේ. ඇහුවොත් කියයි "අපිට තාම පැමිණිල්ලක් ලැබිලා නැහැ කියලා". වෙන්න ඕනෑ පැමිණිල්ල ලැබෙනතුරු ඉන්න එකද? වැරැද්ද දුටු වහාම අවශ්‍ය කටයුතු කර සමාජයට පුර්වාදර්ශයක් දෙන එකද? (නි)

:       0       0

ශාන් Saturday, 11 April 2015 06:38 AM

ඇයට ළමයි එක්ක වැඩකරන්න නම් බැහැ වගෙයි (නි)

:       0       0

හිමාලි Friday, 10 April 2015 12:58 PM

මේ වගේ ගති තිබෙන ගැහැණු කෙනෙක්ද මේ පාසලේ විදුහල්පතිකම කරන්නේ? කාන්තා පරපුරට පමණක් නෙමෙයි, ගුරු පරපුරටත් ලැජ්ජාවක්!! පොඩි දෙයටත් මහා ලොකුවට කුපිතවෙන මිනිස්සු මේ වගේ ගති ඇති අය ගැනයි තීරණ ගන්න ඕනෑ. ඒක බාල පරම්පරාවටත් දෙන හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

තුෂාර Friday, 10 April 2015 01:04 PM

අසරණ ළමයාට පිහිටක් වීම ගැන ලංකාද‍ීපයට තුති! (නි)

:       0       0

පෙරේරා Friday, 10 April 2015 01:10 PM

අපි රට බේරාගත්තේ අපමණ දුක්විඳලා. ආබාධිත අපේ කදුළු එයාලට තේරෙන්නේ නැහැ. මේ දරුවාට කළදේට කවදාහරි පටිසන් දෙනවා. (නි)

:       0       0

සත්‍යපාල Friday, 10 April 2015 01:13 PM

ලොකු පාසල්වල විදුහල්පතිවරු ලෙස ඉන්නේ ලොකු ලොකු තැන්වලට සම්බන්ධ උදවිය. ඒ හයිය අරගෙන මෙයාලා හැසිරෙන්නේ නීතියට උඩින්.මේ වගේ පාසල්වල ආදී සිසු සංගම් වලට බැරි ගැහැණියෙක් පිරිමියෙක් කරන්න පමණයි.අනිත් කාරණය රටේ මැති ඇමති උදවියගේ දරුවෝ ඉන්න නිසාත්,මොකුත්ම බැරි වුණත් එම දරුවෝ ශිෂ්‍ය නායක,බෑන්ඩ් කණ්ඩායම් නායක කරලා දෙගොල්ලෝ තම තමන්ට උදවු කරගන්නා නිසාත් මේ තැන්වල ඉතා අසාධාරණ දේවල් සිදුවෙනවා."වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව" පොඩි පොඩි අයගේ වැරදි පමණක් පෙන්වා මහාඋන් හංගන රටක "ලංකාදීපය" කොන්ද කෙළින් තබාගෙන මේවා හෙළිකිරීම ගැන මගේ උත්තමාචාරය ! (නි)

:       0       0

සුබා Friday, 10 April 2015 01:14 PM

මේ විදුහල්පතිට විනය පරීක්ෂණ පවත්වා දුර පළාතකට මාරුකරන්න ඕනෑ අනිත් මිනිසුන්ගේ දුක තේරෙන්න. ආදි ශිෂ්‍ය සංගමයටත් පින්සිදු වෙන්න ඕනෑ. දරුවාට හොඳින් ඉගෙනගන්න ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Saturday, 11 April 2015 07:45 AM

බක්මහ අකුණු වලින් ප්‍රවේශම් වන්න (නි)

:       0       0

ඉමාක් Friday, 10 April 2015 01:25 PM

කිසිම කමකට නැහැ. මේක යුරෝපයේ වුණා නම් මෙයා මේ තනතුරෙනුත් ඉවත්කරලා. නැවත පාසලකට එයාට යන්නත් බැහැ. හරිම පහත් වැඩක්. (නි)

:       0       0

මහේෂ් Saturday, 11 April 2015 08:03 AM

මට පෙනෙන්නේ මේ කාන්තාව ධම්මගේ සහ තිස්සගේ සහෝදරියක් වගේ. (නි)

:       0       0

සුසිල් Friday, 10 April 2015 01:27 PM

විදුහල්පතිනියට නිසි දඬුවම් දෙන්න. (නි)

:       0       0

රවිඳු Friday, 10 April 2015 01:27 PM

ඈ සෑම් මහත්තයෝ, මේ වගේ විදුහල්පතිනියක් පිටිසර පළාතකට මාරුකරන්න කියලද කියන්නේ? එතකොට ඒ ප්‍රදේශවල ඉන්න අහිංසක දරුවන්ට මොකද වෙන්නේ? අපේ රටේ මිනිසුන්ට දේශපාලන උණ තිබුනට මානුෂික උණ නැහැ, මේවා ගැන කටඇරලා කතා කරන්න. අන්න ඒකයි ප්‍රශ්නය? (නි)

:       0       0

ජෙනි Saturday, 11 April 2015 08:07 AM

ධම්ම මහතාගේ නමේ හැටියට කියන දේවල් අදහාගන්න බැහැ. (නි)

:       0       0

රත්නායක Friday, 10 April 2015 01:50 PM

පත්තරේට යනතුරුම නිකන් සිටි විදුහල්පතිනිය! ලංකාදීප පුවත්පතට ස්තුතියි! (නි)

:       0       0

සෙව්මිණි Saturday, 11 April 2015 08:21 AM

විශාඛා විද්‍යාලය නමින් බෞද්ධ වුණාට ආනන්දයේ වගේ නියම බෞද්ධ පසුබිමක් නැහැ කියලයි මම නම් කියන්නේ. පුහු අදහස් ඇති ලොකු ලොක්කන්ගේ දූලට විශේෂ සැළකිලි කරන ගුරුවරියෝ තමයි කවදත් බහුතරය හිටියේ. ළමයිනුත් අතර පුස්ස බින්දා වගේ ගතිගුණ ඇති අය ගොඩක් හිටියා. වැඩිපුරම උසස් කියා සැළකෙන සමාජයට අයත් නැති, එහෙත් ඊට ඇතුළු වන්නට දඟලන අය මේ පාසලේ සිටිනවා. මගේ නෑදෑයොත් ගියේ ඔය පාසලට. (නි)

:       0       0

සරසි Friday, 10 April 2015 01:52 PM

මේ දැරිය ආභාධිත තත්වයට පත් වෙලා තිබෙන්නේ හොඳින් ඉගෙනීමේ යෙදෙන අතරතුරේ. දැරියගේ කටයුතු වලට කාලය ගත වීම නිසා පියාගේ රැකියාවත් අහිමි වෙලා. විදුහල්පතිනිගේ කකුල් දෙක ළඟ වැඳ වැටිලා කිව්වලු පන්තිය පහලට ගෙන එන්න කියල. මේ විදුහල්පතිනිය එවිට කියල තියෙන්නේ මේ ළමයාගේ ඉරණමේ තියෙන්නේ 8 ශ්‍රේණියට විතරක් පාසල් යන්න විතරක් වෙන්නැති කියලාලු. කාන්තාවක් මෙහෙම කොහොම නපුරු වෙන්නද ? ඊටත් ගුරු වෘත්තියට සම්බන්ධ කෙනෙක්. (අ)

:       0       0

සචිත් Friday, 10 April 2015 01:59 PM

මේ ළමය ආයෙත් අපුවහම කරදර කරන්න පටන් ගනීද දන්නේ නෑ. එක ගැන හොද අවධානයෙන් ඉන්න වෙයි. දේශපාලුවන්ගේ පන්දමට පත්වීම් ගත්ත අය කරන්න දන්නේ ඕවගේ වැඩ විතරයි. (අ)

:       0       0

කමනි Friday, 10 April 2015 02:12 PM

විදුහල් පතිනියගේ දරුවෙකුට මෙහෙම වුණා නම් . හදවතක් නැති ගෑනියක්. (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 11 April 2015 08:36 AM

මගේ කිසිදු සම්බන්ධයක් මේ පාසල සමඟ නැතිවුණත් අධ්‍යාපනය අතින් මෙම පාසැල හොඳ ජනප්‍රිය පාසලක් බව නම් දනිමි. ප්‍රශ්නයක් ඇතිවෙනකොට එම ප්‍රශ්නයට ප්‍රායෝගිකව මුහුණදෙන අයටයි එහි බැරෑරුම්කම වැටහෙන්නේ. මෙසේ එක දැරියක් වෙනුවෙන් මුළු පන්තියම පහළට ගෙන එන සිද්ධියට විදුහල්පතිනිය වරදකරු කළ නොහැක. මෙවැනි දරුවන්ට තාවකාලික විසඳුම්වලින් පලක් වන්නේ නැත. මෙවැනි දරුවන් සෑම පන්තියකම සිටියානම් විදුහල්පතිනියට කළහැක්කේ කුමක්ද ? ඇය සිතන්නට ඇත්තේ එහෙමයි. දෙපැත්තම කැපෙන ස්වභාවයක් මෙහි පෙනෙන හෙයින් මෙවැනි ළමුන් ඇතුළත් කිරීමේදී ළමුන්ට අසාධාරණයක් නොවන ආකාරයෙන් යම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළයුතුයි. මාස තුනක කාලයක් ගතවනතුරුත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් නොවී සිටීම ඛේදජනකයි !!!! (නි)

:       0       0

අනුරාධ අබේකෝන් Friday, 10 April 2015 02:16 PM

මෙම විදුහල්පතිනියට එරෙහිව වහාම විනය පියවරක් ගත යුතුමයි .හැබැයි ඒක කරන්නේ නැහැ බලධාරීන් මොකද බලධාරීන් බයයි ජාතික පාසැල් විදුහල්පතින්ට ,මේ දරුවගේ දෙමාපියන් ජාතික පාසල් අධ්‍යක්ෂකට පැමිණිලි කලා ,මිනිහා කිව්වේ විදුහල්පනියත් සමග කතා කරගන්න කියලා කතාකරලා බැරි වුණ නිසානේ අමාත්‍යනසේට අවේ .ඒක නිසා මෙම දරුවා අපහසුතාවයට පත්කළ සියලු දෙනාට විරුද්දව තදබල විනය පියවරක් ගැනීම අනිවාර්යයි .හැබැයි ඒක කරන්නේ නැහැ .විශේෂයෙන් ලංකාදීපයට ප්‍රණාමය පුදකරණ අතරම මාධ්‍යයත් ජාතික පාසල් වලට බයයි .මොන විද්යුත් මාධ්‍යයේද මේ ගැන කතා කලේ (අ)

:       0       0

සුනිල් Saturday, 11 April 2015 08:41 AM

ලංකාදීප, ඔබට තුති අහිංසක දුප්පත් ආබාධිත මෙරටේ දියණියක වෙනුවෙන් කළ සටන සම්බන්ධයෙන්. ගුරුවර පදවි දරන හැමෝම මේ උත්තම ගුරු පදවියෙන් පුදන්න බැරි බවත් ඔබ මේ සමඟින් රටට පැහැදිලිකළා. වෙන දියුණු රටක නම් මේ වගේ ආබාධිත එක දරුවෙක් වෙනුවෙන් හැම දෙයක්ම වෙනස් කරනවා. (නි)

:       0       0

සුනිල් Saturday, 11 April 2015 08:50 AM

හරි ගුරුවරයෙක් නම් මේ වගේ අහිංසක ආබාධිත දරුවෙක් අයිටී වලට යන්න බැහැනේ නොකියා තමුන්ගේ අත්දෙකින් ඔසවාගෙන යනවා. කොහොමද ඉතින් තමුන්ගේ පාසලේ දරුවන්ට මිනිස්කම ගැන මෙයාලා කියාදෙන්නේ? (නි)

:       0       0

සචී වික්‍රමරත්න Friday, 10 April 2015 02:39 PM

මම ඉගෙනගත් පාසල නම් විශාකා විද්‍යාලය තරම් ලොකු පාසලක් නොවුනත් මම 10 වසරේ අධ්‍යාපනය ලබන කාලේ පන්තියේ ළමයෙක් හිටිය ශල්‍යකර්මයක් කෙරීම නිසා ඉහල මාලයට නගින්න අපහසු. අපේ විදුහල්පතිනිය හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගත්ත අපේ පන්තිය විතරක් පහලට ගෙන එන්න. මේ විදුහල්පතිනිය නම් ලේසියට වෙන්න ඇති මේ වැඩේ කරන්න බැහැ කියලා නිකන් ඉන්න ඇත්තේ. ලංකාදීපය මේ වැඩේට හවුල් වෙලා ලොකු පින්කමක් කරගත්තේ.

:       0       0

සමන්ති Friday, 10 April 2015 02:53 PM

"සුසැටබරණින් සැරසුණු විශාඛාව සඳලුතලයෙන් බිමට බසී" ‍ ලංකාදීපයට තුති! (නි)

:       0       0

අනුලා Friday, 10 April 2015 02:55 PM

විශාඛාව මා උගත් පාසලයි. මේ විස්තරය අසා මම කම්පනයට පත්වුණා. යමෙක් උපතින් හෝ පසුව ආබාධිත වීම නිසා ඔහුට හෝ ඇයට මානව හිමිකම් ලබානොදීම කෙතරම් අමානුෂිකද. බෞද්ධ විදුහලක් වන විශාඛාව දරුවන්ට දෙන ආදර්ශය මෙයද? මා වසන කැනඩාවේ ආබාධිත පුද්ගලයන්ට සමාජයේ සෑම තැනකදීම අතිවිශේෂ පහසුකම් ලැබේ. බස්රිය වල පවා ඔවුනට පහසුවෙන් නැඟීමට බැසීමට ඉඳගැනීමට පහසුකම් ඈත. (නි)

:       0       0

අනුර Saturday, 11 April 2015 09:30 AM

මෙයා කොහොම විශාකා විද්‍යාලයේ විදුහල්පති වුණාද?කිසිම මනුස්සකමක් නැති අයෙක්. පිටරටක වුණා නම් කෙළින්ම මෙයාව පහළට දානවා. (නි)

:       0       0

සමන්ති Friday, 10 April 2015 03:16 PM

මේ විදුහල්පතිතුමියට"හරි පුදුම ඉස්කෝලේ " ජපන් කතා පොතේ සිංහල පරිවර්තනය කියවන්න දෙන්න ඕනෑ කොහොමද ආබාධිත ළමයින්ට සළකන්නේ කියලා කියලාදෙන්න. (නි)

:       0       0

සත්‍යපාල Saturday, 11 April 2015 10:43 AM

කවුරු මොනවා කියලා කෑගැහුවත් තව ටික දිනකින් ආදි ශිෂ්‍යයාවන් එකතුවෙලා මෙයාව ගොඩින් බේරලා දානවා.මොකද මේවගේ සංගම්වල තනතුරු දරන්නේ රටේ ඉහළම උදවිය.මිනීමැරුමක් වුණත් පාසල වෙනුවෙන් කියලා ඒවා ගොඩින් බේරාගන්නවා.හැබැයි එයාලම ළමා අයිතිවාසිකම්, රටේ නීතිය වැනි දේශනා රටටත් දෙනවා.ඔය ලොකුයි කියන අයගේ හොඳ තිබෙන්නේ ලෝකෙට පෙනෙන්න විතරයි.මේක තමා සත්‍ය.අර ඈත දුර පළාත්වල අහිංසක ගම්වැසියන් හිතනවා කොළඹ ලොකු නෝනලා මහත්වරු උගත් , ඉංග්‍රීසි සුරු සුරු ගාලා කතාකරන,හරි බුද්ධිමත් අය කියලා. (නි)

:       0       0

අහිංසා Monday, 13 April 2015 08:28 AM

මම අධ්‍යාපනය ලැබුවේ රාජකීය විදුහලේ. අප විදුහලේ මෙවැනිම රෝගී තත්වයක සිසුවෙකු සිටියා. ඔහු සුද්දම්මික ආටිගල මහතාගේ සොහොයුරෙක්. ඔහු පාසල් පැමිණියේ රෝද පුටුවකින්. අප විදුහල්පතිතුමාත් ගුරුවරුත් ඔහුට කිසිම අඩුවක් කරේ නැහැ. අප අනෙක් පන්ති වෙනත් ගොඩනැගිල්ලක තිබුනත් ඔහු නිසා ඔහුගේ පන්තිය පහල තට්ටුවේ ඔහුට යාමට ඒමට පහසුවෙන අයුරින් ලබා දුන්නා. ඔහු ගුරුවරුන් භාවිතා කරන වැසිකිලිය පවා පාවිච්චි කිරීමට අවසර දුන්නා. ඔහු අද ජීවතුන් අතර නොමැත. ඔහු පාසල් නෑවිත් ගෙදර සිටින්නට ගියත් විදුහල්පතිතුමා සහ ගුරුවරුන් ඔහුව ඉල්ලා ඔහුට සියලු පහසුකම් සලසා දුන්නා. කිසිම අවස්ථාවක අප හෝ ගුරු මඩුල්ල හෝ විදුහල්පතිතුමා ඔහුව කොන්කරේ නොමැත. අප බිග් මැච් පවා ගියේ ඔහුව කර පින්නාගෙනය. බෞද්ධ පාසැලක් වෙලත් මෙවැනි විදුහල්පතිනියක් කළ ප්‍රකාශයන් සහ ගත් තීරණයන් ඉතා පිළිකුල් සහගතයි. මම මෙම ප්‍රවෘත්තිය දුටුවේ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ප්‍රකාශයකින් මුළු ලොව පුරාම ප්‍රකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයක් මගිනි. මෙය අප රට ජාතිය පමණක් නොව ආගමට පවා අගෞරවයකි. ශ්‍රී ලාංකිකයන් මිලේච්ඡ ජාතියක් බව නැවතත් මෙමගින් පෙන්නුම් කර ඇත.(නදී)

:       0       0

ප්‍රදීපා Saturday, 11 April 2015 10:47 AM

අනේ ඇත්තට මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

සමන් Monday, 13 April 2015 08:53 AM

ළමය හයි ෆයි සිසුවියක් නම් නඩුවක් දාලා කෝටි ගානක් ගන්නත් තිබුනා. ඉගෙනීම කරගෙන ගිහින් දොස්තර වරියක් වෙන්නත් තිබුනා. (නදී)

:       0       0

අසෝක Monday, 13 April 2015 08:56 AM

තම පාසලේ ළමුන් එම පාසලේ ගුරුවරුන්ගේ ටියුෂන් පන්තිවලට යැවීම තහනම් කල යුතුයි (නදී)

:       0       0

රෝහණ Friday, 10 April 2015 03:45 PM

මේ වගේ විදුහල්පතිවරුන් ගැන ලැජ්ජයි (නි)

:       0       0

ෆාතිමා Saturday, 11 April 2015 11:37 AM

මට මේක කියවනකොට දැනුනේ සැබවින්ම මගේ දරුවා කියල අපේ රටේ දරුවෙක්ට උදවූ කරපු ලංකාදිපයට මගේ ප්‍රනාමය පුද කරමි (බ) `

:       0       0

කින් බෙනට් Friday, 10 April 2015 03:45 PM

ඒ නෝනා කරලා තියෙන්නේ බාල්දිය ඉල්ලාගෙන ඇදගෙන නෑමක්නේ. ඒ දරුවා 7 පන්තිය වෙනතුරු ඔය පාසලේ හිටියා නම් 8 පන්තිය ඒ ළමයාව බිම තියලා ඇයි උඩට ගෙනිච්චේ? (නි)

:       0       0

උපාලි Saturday, 11 April 2015 11:43 AM

මගේ පුතා ඉන්නේ 4 වසරේ එයාගේ පන්ති බාර ටීචර් ශිෂත්ව පන්තියක් දාලා අපේ ගෙදර ඉදලා කි.මී. 6 ක් විතර දුරයි.ගෙදර ඉදලා මීටර් 500 දුර පන්තියකට පුතාව ගිය අවුරුද්දේ ඉදලා වයිෆ් යවනවා ටීචර් පන්තියට යවන්නේ නැත්නම් ඉස්කෝලෙදි ළමයාගේ පොත් බලන්නේ හරියට ලකුණු දෙන්නේ නැහැ.දැන් ළමය මේ පන්ති දෙකටම යවනවා.මම අැහුවා පුතේ ටිචගේ පන්තිය හොදද කියල.අනේ ළමයා කිව්වා "අපෝ චික් ඉදින් විතරක් කියාලා.මේ අධ්‍යාපන ක්‍රමය පුංචි මනස විකෘති කරනවා.මගේ අදහස මේ අපරාධ රැල්ලට 50% වග කියන්න ඕන මේ අධ්‍යාපන ක්‍රමය.මම ලංකාදීපෙන් ඉල්ලන්නේ පුලුවන්නම් 5 වසර ගිය රජයෙන් කරන්න ගිය විදියට 7 වසරට ගෙනියන්ඩ හඬක් නගන්න.2016 මගේ පුතා ශිෂ්‍යත්ව විභාගේ කරන්නේ 2016 ඉදලා විභාගේ නැහැ කිව්වම මම හරියට සතුටු උනා.ජාතියේ අවාසනාවට ආයේම පටන් ගත්තා.මේ විභාගෙන් යාන්ත්‍රික ළමයි බිහිවෙන්නේ ස්වභාවික ළමයා අකාලේ මිය යනවා.රටේ අපරාධ ඉහල යනවා.හොද අදහසකින් පටන් ගත්ත මෝඩ වැඩක්. (බ)

:       0       0

කින් බෙනට් Friday, 10 April 2015 03:47 PM

අනේ ඉතින් බලන්නකෝ මේ ප්‍රශ්නෙදි එතුමියගේ සිතට ආ විසඳුම? මේ කියලා තියෙන්නේ එතුමියගේ කටින්මනේ? ‘මේ පාසලේ සම්ප්‍රදායක් තියෙනවා. එක ඇවිදින්න බැරි ළමයෙන් නිසා එහෙම කරන්න පුළුවන්ද? ඒ ළමයා ඇවිදින්න බැරිව නිකන් ඔහේ ඇවිත් කාලය නාස්ති කරනවා විතරයි. පන්තිය පහළට ගත්තත් අයිටී වලට එහෙම යන්න බැහැනේ ඒ ළමයට.‘ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Friday, 10 April 2015 04:00 PM

ඔබ දන්නවාද? මම ඉගෙනගන්න විදුහලේ ආබාධිත පුද්ගලයෙකුට විහිළු කළ විදුහල් සේවකයෙක් පොලිසියෙන් පැමිණ අත් මාංචු දමා ගිහින් හිරේට දැම්මා.එතරම් ප්‍රබලයි මේ ආබාධිතයන් වෙනුවෙන් ලොව සකසා තිබෙන රෙගුලාසි. ලංකාවටත් මෙය වලංගු වුවත් මේවා බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. මන්ද ඔහු බලවත් නම් වරදක් කර බේරෙන ක්‍රම තිබෙන නිසා.ලෝකයේම නම රැන්ඳූ ලංකාවේ උසස්ම බාලිකාවේ විදුහල්පති මේ කළ ක්‍රියාව නම් දොවපු කිරි ටිකට ගොම කලවම් කළසෙයක් දැනෙන්නේ (නි)

:       0       0

අසෝක Monday, 13 April 2015 09:24 AM

කර්නල්වරියක් නිසා ෆීල්ඩ් මාෂල්කමක්වත් ගන්න බලනවාද මන්දා? (නි)

:       0       0

සුදත් Monday, 13 April 2015 09:28 AM

තංගල්ල ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න සුදුසුකම් තිබෙනවා මට නම් පෙනෙන හැටියට (නි)

:       0       0

අජිත් Friday, 10 April 2015 04:41 PM

සම්ප්‍රදායක්, සිරිත්, නීති... මේ හැමදේම පවතින්නේ මනුෂ්‍ය වර්ගයාට යහපතක් සිදුකිරීමටයි (නි)

:       0       0

ප්‍රසාද් Friday, 10 April 2015 04:46 PM

අනේ දෙවියනේ මෙහෙම කතාකරන්න පුලුවන්ද? (නි)

:       0       0

පුබුදු Saturday, 11 April 2015 12:48 PM

ඔක්කොමල බනින්නේ එකම දෙයක් අරමුණු කරගෙනනේ. වෙනස් අදහසුත් අපට අවශ්‍යයි (බ)

:       0       0

සාලිය Friday, 10 April 2015 04:46 PM

වහාම ක්‍රියාත්මක වනපරිදි සේවය පිළිබඳ තීරණයක් ගතයුතුයි (නි)

:       0       0

සුජාතා Monday, 13 April 2015 09:33 AM

මෙතරම් හොඳ නමක් තියාගෙන සිටි පාසලට මේ තැන්තිතිය අසුචි පුරවලා ගලි බවුසරයක් මුදා හරිනතුරු ආදී සිසුවියෝ මොනවාද කළේ? වැඩේ නම් කැතයි. විශාඛා එකේ නම දේශීය වශයෙන් පමණක් නෙමෙයි විදේශීය වශයෙනුත් නැතිවෙලා. මම මේක දැක්කේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ප්‍රවෘත්ති වල. මගේ කිසිම ළමයෙක් ඔය පාසලට යවන්න නරකයි. ගැහැණුකමටත් ලැජ්ජයි (නි)

:       0       0

අසෝක Monday, 13 April 2015 09:34 AM

දේශපාලන බලය පෙන්නා ආ අය තනතුරු වලට පත්වුණාම ඔහොම තමයි (නි)

:       0       0

රූපවතී Friday, 10 April 2015 05:00 PM

පෙනෙනවා නේද ..? මාධ්‍යවේදියෙකුගෙන් සහ මේ ලංකාදීපයෙන් සිදුවන සේවාව?? මාධ්‍යවේදියා ඒ ප්‍රශ්නය සොයාගෙන ගියේ නැත්නම් ඒ දරුවා තාමත් ගෙදර. ඒතරම් උතුම් සේවාවක් කරන මාධ්‍යවේදියාට තමයි ගහලා, ඔලු පළලා, අමානුෂික විදියට පහරදෙන්නේ.තිරිසන් මිනිසුන් ඉන්න ලෝකයක් මේක. ඒ දරුවාට සාධාරණයක් ඉටුකර දෙන්න වෙහෙසුන මාධ්‍යවේදියාට ගොඩක් පින්....! (නි)

:       0       0

මයික් Monday, 13 April 2015 09:41 AM

ඔය පාසලට මෙම ළමයා ඉන්නතුරු විදුලි සෝපානයක් මගේ පුද්ගලික ධනයෙන් සාදාදීමට කැමතියි. හැබැයි ළමයා පාසලෙන් අස් වූ දිනක එම සෝපානය තවත් එවැනි ළමයකුගේම අවශ්‍යතාවය උදෙසා ගළවාගෙන යාමට කැමැත්තෙමි. කරුණාකර දුරකථන අංකයක් හෝ ලිපිනයක් එවන්න. අනේ අපොයි මෙහෙමත් විදුහල්පතිලා? (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Friday, 10 April 2015 06:03 PM

විදුහල්පති කෙනෙක් වෙන්න මොනතරම් කාරණා සම්පුර්ණ කරලා තියෙන්න ඕනෑද? මෙයින් පෙන්නුම් කරන්නේ මේ තැනැත්තිය මෙතන පත්වෙලා තියෙන්නේ ඒ තුළින් නොවන බවද? (නි)

:       0       0

සමන් Friday, 10 April 2015 07:06 PM

ඉස්සර ගුරුවරු වගේ නෙමෙයි දැන් ඉන්න අය (නි)

:       0       0

උදිත් Friday, 10 April 2015 07:44 PM

ලොකු තනතුරු දරන ගොඩක් අයට ඇත්තේ පාටකළ ලස්සන මුහුණක් පමණි (නි)

:       0       0

ලලිත් Friday, 10 April 2015 09:14 PM

මේ නොදරුවා ගැන කියා ඇති ප්‍රකාශය මේ කාන්තාවගේ තරම පෙන්වනවා. (නි)

:       0       0

කල්හාරි Friday, 10 April 2015 09:21 PM

විදුහල්පතිනියෝ වෙන්න ඕනෑ හිත උණුවන කරුණාවන්ත කට්ටිය. (නි)

:       0       0

තිලක් Friday, 10 April 2015 10:20 PM

මම ඉන්නේ ඇමෙරිකාවේ. මෙහෙ වුණා නම් විදුහල්පති හිරේ. (නි)

:       0       0

තුසල් Friday, 10 April 2015 11:50 PM

අපේ රට බෞද්ධ රටක් වුණාට කිසිම මනුස්සකමක් නැහැ,බොහොමයක් ඉහළ නිලතල දරන උදවිය ළඟ. ඒත් බලන්න බෞද්ධ නොවෙන ඔස්ට්‍රේලියාව වගේ බටහිර රටවල් ආබාධිත අයට කොච්චර ප්‍රමුඛත්වයක් සමාජය තුළ දී තිබෙනවද කියලා. මගේ යෝජනාව වන්නේ මේ කාරණය සම්බන්ධයෙන් රජය අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන්න ඕනෑ ඉතාම ඉක්මනින්. ඒ වගේම මේ විදුහල්පතිනියට අනිත් අය‍ට පාඩමක් වෙන විදියට විනයානුකූලව දඬුවම් කළයුතුමයි. (නි)

:       0       0

රකිත් Friday, 10 April 2015 11:56 PM

මේ සංස්කෘතිය නැතිකරන්න ඕනෑ. 'ලොකු,ජනප්‍රිය' පාසල් සංස්කෘතිය නැතිකරන්න ඕනෑ. (නි)

:       0       0

අවන්ත Saturday, 11 April 2015 12:48 AM

කොහොමද මන්දා මෙහෙම කතාකරලා තියෙන්නේ? (නි)

:       0       0

විකුම් Saturday, 11 April 2015 12:48 AM

අනේ ඇත්තටම මෙහෙමත් අය මේ තනතුරු වලට යනවාද? (නි)

:       0       0

බිමල් Saturday, 11 April 2015 12:48 AM

මම ජීවත්වන රටේ ආබාධිතයන්ට වෙනම පහසුකම් තිබෙනවා. කොටින්ම නගරයේ පොදු වැසිකිළි, සෝපාන, ගොඩනැගිලි වල ඇතුළුවීම් දොරටු, රෝහල් වල වැසිකිළි සහ බස් රථයේ රෝද පුටුවට ඇතුළුවීමේ පහසුකම් මේ කාන්තාවට පෙන්වන්න ඕනෑ. බොහොමයක් රැකියා වලට ඇබෑර්තුවේ විශේෂයෙන් සඳහන් වෙනවා ආබාධිතයන්ට ඉල්ලුම් කරන්න කියලා. (නි)

:       0       0

අතුල Saturday, 11 April 2015 12:55 AM

මොකද දැන් හදිස්සිය? තව ටිකක් ඉඳලාම ඕක කළා නම් නේද හොඳ? (නි)

:       0       0

නදීකා Saturday, 11 April 2015 12:56 AM

පුවත්පතෙන් සිදුවූ සේවය කෙතරම්ද? (නි)

:       0       0

නෙලුම් Saturday, 11 April 2015 12:56 AM

රකිත්, මෙතන ප්‍රශ්නය පාසල "ලොකු ජනප්‍රිය " වීම නෙමෙයි. මේ පාසලට ශිෂ්‍යත්වය සමත්වෙලා ඈත පිටිසර දක්ෂ දරුවන් ඇතුළත් වෙනවා. මෙහෙම කාන්තාවක් ගුරු වෘත්තියට සුදුසුද කියන එකයි ප්‍රශ්නය. එහෙම නැතුව ජනප්‍රිය පාසල් සංස්කෘතිය නැති කළ පළියට නුසුදුස්සන් මේ උතුම් වෘත්තියට පත්වීම වළක්වන්න බැහැ. මේ වගේ කෙනෙක් විශාඛාව නෙමෙයි අර දෙවියෙක් වගේ ගුරුතුමෙක් ගැන කියවුණ මහවිලච්චිය පාසලට පත්කළත් මේ ආනිසංසෙම තමයි. (නි)

:       0       0

චාන්දනී Saturday, 11 April 2015 01:03 AM

ආරංචි වුණා මේ දැරියගේ පියාට රැකියාවත් අහිමිවෙලා කියලා. ඉගෙනීමට දක්ෂ දරුවාව උස්සාගෙන එහෙ මෙහෙ යන වුණ නිසා. (නි)

:       0       0

කළ්‍යාණි Saturday, 11 April 2015 01:08 AM

මම නම් විදුහල්පතිතුමිය කියා ලියන්නවත් කැමති නැහැ. මෙයාගෙ සේවය ගැන තීරණයක් වහාම ගතයුතුයි. හිතක් පපුවක් නැති ගැහැණු අය කාන්තා අපිටත් නින්දාවක්. කතා කරලා තියෙන කැත පේනවනේ. මෙයාගෙ පැටිකිරිය මුල සිට සෙවිය යුතුයි. හරි මාර්ගයෙන් විදුහල්පති පුටුව දක්වා ආවාද නැද්ද කියන එක සොයාබැලිය යුතුයි (නි)

:       0       0

ලසිත Saturday, 11 April 2015 01:09 AM

පන්තිය පහළට ගෙනෙන එක මහා ලොකු දෙයක් නම් මෙයාගේ වපරිසය හිතාගන්න පුළුවන්නේ. අනේ මොකටද මෙහෙම අය ලොකු ලොකු පාසල් වල ඉහළ පුටු වලට පත්කරන්නේ? (නි)

:       0       0

පබෝදා Saturday, 11 April 2015 01:12 AM

තව මිනිසෙකුගේ හදවත තේරුම් ගන්න හුඟක් අයට බැහැ. තමන්ටම යමක් වුණාම තමයි ඒකෙ අමාරුව තේරෙන්නේ. මේ කියන විදුහල්පතිනියත් එහෙම කෙනෙක්. එහෙම අය විදුහල්පතිකමට නම් සුදුසු නැහැ. තිබෙන මානය නිසානේ මාස 3 ක් දරුවා පාසල් නාවත් මේකට එකඟවෙලා නැත්තේ. නැත්නම් මහා ලොකු දෙයක්ද දරුවෙකුගේ අනාගතය වෙනුවෙන් පන්තිය තිබෙන තැන වෙනස්කරන එක? (නි)

:       0       0

ජෙහාන් Saturday, 11 April 2015 01:13 AM

අපි ඉන්න රටක මෙහෙම වුණා නම් විදුහල්පති අද ඉන්නෙ පොලිස් කූඩුවේ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 15 April 2015 02:28 AM

අතීතයේ විශාඛාව ආලෝකමත් කල අසිරිමත් විදුහල්පතිනියන් ඉදිරියේ මෙවැනි අය ගැන අනාගතයේ කුමක් ලියා තබන්නද? (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 15 April 2015 02:32 AM

මයික් මහතාණනි, ඔබ නියම දානපතියෙක්!! ධනපතියන් දානපතියන් වන්නේ කලාතුරකිනි. කරුණාකර විදුහල්පතිනිය හා සමඟ කතිකා කරගන්න (නි)

:       0       0

සමුදිනී Saturday, 11 April 2015 01:16 AM

හිතක් පුපුවක් නැති මානයෙන් ඉදිමුණු අය රටට පිළිලයක්. මහා ලොකුවට යනවා එනවා. පරිපාලනය ගැන කතා කරනවා. පන්තියක් පහළට ගේන්න බැහැ. ඒකට මාස 3 ක් යනව‍ා තීරණ ගන්න. මෙයා අනික් දේවල් ගැන තීරණ ගන්නේ කොහොමද ඔහොම? ලංකාදීපයට පින් දරුවාගේ අනාගතය අඳුරු නොවෙන්න කටයුතු කළාට. (නි)

:       0       0

ගිහාන් Saturday, 11 April 2015 01:26 AM

මේ කාන්තාවට පහුගිය කාලයේ කර්නල් පට්ටමකුත් ලැබුනානේ. හිතාගෙන ඇත්තේ හමුදාවේ වැඩකරන්නේ කියලා. ඒ නිසානේ ආබාධිත දරුවාට මේ පාසල හරි යන්නේ නැහැ කිව්වේ.. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 15 April 2015 02:47 AM

අයි ටී කරන්න කකුල් ඕනැද ? පී ටී කරන්න නම් කමක් නැහැ.? ශිෂ්‍ය භට බලකායේ කර්නල් තනතුරක් වෙන්න ඇති. (නදී)

:       0       0

ජයනි Saturday, 11 April 2015 01:30 AM

මෙතන පාසලේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ. ඒ වගේ වැදගත් තැනකට මේ වගේ වෘත්තීය ගරුත්වය කෙළෙසන කෙනෙක් පත්වුණේ කොහොමද කියලා සොයන්න ඕනෑ. කට්ටිය කිව්වත් වගේ පසුගිය කාලයේ රජයේ තනතුරු වලට පත්කළේ සුදුස්සන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. (නි)

:       0       0

ජයනි Saturday, 11 April 2015 01:30 AM

මෙතන පාසලේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ. ඒ වගේ වැදගත් තැනකට මේ වගේ වෘත්තීය ගරුත්වය කෙළෙසන කෙනෙක් පත්වුණේ කොහොමද කියලා සොයන්න ඕනෑ. කට්ටිය කිව්වත් වගේ පසුගිය කාලයේ රජයේ තනතුරු වලට පත්කළේ සුදුස්සන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. (නි)

:       0       0

කපිල Saturday, 11 April 2015 01:33 AM

පුවත්පතින් සිදුවූ මෙහෙය කොපමණද? (නි)

:       0       0

භානු Saturday, 11 April 2015 01:33 AM

මගේ නෝනා මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. එයා කියන්නේ මෙහෙම අමානුෂික පරිපාලනයක් ඇගේ පාසල් සමයේ නම් තිබුනේ නැහැ කියලා. ඇත්තටම මේවා දේශපාලනය අධ්‍යාපනයට සම්බන්ධ වීමේ ප්‍රතිඵල තමයි. (නි)

:       0       0

රණතුංග Saturday, 11 April 2015 01:36 AM

මේ වගේ විදුහල්පතිනියන් ගැන අදාළ අංශ දැනුවත් කළයුතුය. (නි)

:       0       0

ලසිත් Saturday, 11 April 2015 01:39 AM

මේ නෝනාට දරුවෝ ඉන්නවද දන්නේ නැහැ. මම කැමතියි ඒ අය ඉන්න තැන්වල ලොක්කා වෙලා පත්වෙන්න. එතකොට මට පුළුවන් මෙයාට යසට තේරුම්කරලා දෙන්න, කළ වැරැද්දේ ආදීනව! (නි)

:       0       0

දිලේක Saturday, 11 April 2015 01:48 AM

මම නම් හිතන්නෙ නැහැ විදුහල්පතිකම් කළාට පොතක් පත්තරයක්වත් බලනවා ඇති කියලා. මානව දයාවක් නැතිවුණත් අඩුගානේ පොතක් පත්තරයක්වත් බලන පුරුද්දක් තිබුනා නම් සහ පොඩි හරි මොළයක් තිබුනා නම් ඔය වගේ මෝඩ වැඩක් කරන්නේ නැහැ. අහිංසක නොදරුවන්ගේ අනාගතය බාරදීමට මේ අය සුදුසු නැත. අද මේක. හෙට දිනයේ මීට නොදෙවෙනි වැඩක් කළ හැක. (නි)

:       0       0

මේනක Saturday, 11 April 2015 01:48 AM

මගේ අක්කා ගුරුවරියක්. අනතුරකින් ආබාධිත වුණ දරුවෙකුට අවුරුද්දක් ගෙදරට ගිහින් නොමිලේ ගණිතය කියලා දුන්නා. එයා අපේ පවුලෙන්ම කරුණාවන්තම කෙනා. හරියට හිත උණුවෙනවා. එයාගේ ලොකු පුතා කිසිම පාඩමක් කරගන්නේ නැතුව ක්‍රීඩාවේ යෙදිලා හිටියේ. එහෙත් ගණිත අංශයෙන් උසස් පෙළ ඉහළින්ම පාස්වෙලා දැන් සරසවියේ. මේක ලිව්වේ තමන්ගේ කරුණාවේ ප්‍රතිඵල තමන්ගේ දරුවන්ටත් ලැබෙන බව කියන්න අවශ්‍ය නිසා. අදටත් අක්කා කියන්නේ අර කකුල කැඩුන දරුවාට නොමිලේ ඉගැන්වූ පිනෙන් පුතා ඉහළින් සමත් වුණා කියලා. (නි)

:       0       0

කෙවින් Saturday, 11 April 2015 01:52 AM

මෙයා කොහොමද රෙදි ඇඳගෙන දරුවන්ට ඔවදන් දෙන්නේ පාසලේදී? (නි)

:       0       0

තිස්ස Saturday, 11 April 2015 01:53 AM

මානයෙන් උදම් වූ ගැහැණු. රටට විනයක්. දරුවන්ට හෙණයක්. (නි)

:       0       0

රනිල් Saturday, 11 April 2015 01:53 AM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ජිලෝ Saturday, 11 April 2015 01:53 AM

මේ වැදගත් පාසලම ගඳගැස්සුවා. (නි)

:       0       0

ජයලාල් Saturday, 11 April 2015 02:16 AM

කට්ටිය මාත් එක්ක තරහාවෙන්න එපා මෙහෙම ලියනවට. මම බොහෝ වෙලාවට දකින දෙයක් තමයි මේ කන්ද උඩරට පැත්තේ පවුල් වල සමහර බවලතුන් හරිම තද ගති තිබෙන උදවිය. පවුල් පාලනය තනිකර ඒගොල්ලන්ගේ කැමැත්තට. ඒගොල්ලන්ගේ පවුල් වල පිරිමිත් ඒගොල්ලන්ට යටයි. මේ නෝනාගේත් ඔය ආරෙට වගේ ඇවිත් තිබෙන්නේ ඔන්න ඔය ගතිය කියලයි මට හිතෙන්නේ. අනුන්ගේ දුකේදී හිත නැමෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 133 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 133 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 715 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 491 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3159 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1747 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site