IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරු සිත රිදවූ සිසුවා වැඳ සමාව ගනී

අනුරාධපුර නිවත්තක චේතිය විදුහල්පතිට පහරදුන් බව කියන 13 වසර ශිෂ්‍යයා විදුහල්පති හා ගුරු මණ්ඩලයට වැඳ සමාව ගත් නමුත් ඔහු පාසලෙන් අස් කළ බව විදුහල්පති කාර්යාලයය කියයි.

ඔහුගේ පියා වන ප්‍රා සභා මන්ත්‍රී සුනිල් පුෂ්පානන්ද මහතා පාසලට පැමිණ සමාව ගන්නා ලෙසට පුතාට කීවේය.

තම පුතා සම්බන්ධයෙන් පාසල ගන්නා තීරණයට එකඟ වන බව ද පුෂ්පානන්ද මහතා කියා සිටියේය.

එම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතය.

 



අදහස් (0)

ගුරු සිත රිදවූ සිසුවා වැඳ සමාව ගනී

හර්ෂන Wednesday, 19 June 2013 12:04 PM

තාත්තත් විදුහල්පතිතුමත් හරි දේ කරලා තියෙනවා.(නදී)

:       0       0

ඉන්දික බහ්රින් සිට Tuesday, 18 June 2013 06:06 PM

මේ ළමයාගේ තාත්තත් බය වෙන්න ඇති අර නවගත්තේගම සිද්ධියට වගේ වෙයි කියලා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 19 June 2013 05:15 AM

ඉස්සෙලා එක්කෙනාව රිමාන්ඩ් කළේ නැත්නම් ඊළග අය සමාව ගන්න එක කෙසේවෙතත් විදුහලට ඇවිත් විදුහල්පතිත් දණ ගස්සලා යාවි. මේ වැනි දේශපලකයන්ට සහ ඔවුන්ගේ පවුලේ අයටත් සාමාන්‍ය පුරවැසියන් වශයෙන් සලකා නිතිය ක්‍රියාත්මක කිරීමෙන් සහ විනය කඩකරන්නන් පක්ෂයෙන් නෙරපිමෙන් පක්ෂයේ ජනප්‍රියතාවය වැඩි වේවි (නි)

:       0       0

ලන්කා Tuesday, 18 June 2013 06:16 PM

ගමගේ,එතකොට අස් කිරීම මොන ගතියක්ද ?(නි)

:       0       0

ජ.හේරත් Tuesday, 18 June 2013 06:28 PM

අපි බුලත් හුරුළු දීල දණගහල වැදපු ගුරු පරපුරේ ගුරුවරුන්ට නේද මේ යන්තන් 8 පාස් දේශපාලකයින්ගේ දරුවෝ නින්දිත පිළිකුල් විදියට සලකන්නේ ? මෙහෙමවත් දඬුවමක් නුදුන්නොත් හෙට අනිද්දට මේ මොනව නොකරයිද? . විදුහල්පති තුමනි ඔබගේ තීන්දුව කාලෝචිතයි.(නදී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 18 June 2013 06:30 PM

පුතා කරපු දේට ප්‍රා සභා මන්ත්‍රී තාත්තා බයවෙන්න ඇති. දන්නවනේ කන්න වෙනවා කියලා.(නදී)

:       0       0

රවින්ද්‍ර Wednesday, 19 June 2013 08:09 AM

අනිවාර්යෙන්ම කොල්ලගේ තාත්තට මන්ත්‍රීකම නැති වෙයි කියල බය වෙන්නැති. (නදී)

:       0       0

ගමගේ Tuesday, 18 June 2013 06:58 PM

වැරැදි පුර්වාදර්සයක්, සමාව ගත් කෙනෙකුට සමාව දීලා නැහැ.(නදී)

:       0       0

ඉලන්ග Wednesday, 19 June 2013 08:25 AM

ඔහුට සමාව දුන් එක මහත්මා ගතියක් නමුත් ඔහුට විභාගය කරන්න දෙන්න (අ)

:       0       0

ප්‍රිය Wednesday, 19 June 2013 08:38 AM

ජනාධිපතිතුමා කළේ හොද වැඩක්. නැතිනම් හැමෝම බලය අරගෙන වැරදි කරනවා. කොහොම හරි බේරෙනවා. අනික් දවසේ වැරදි කරන්න බය වෙනවා. දෙවියෝ දීලත් බලනවා නොදීත් බලනවා කියන්නේ මේකට තමයි (නි)

:       0       0

සචුරු Wednesday, 19 June 2013 01:21 PM

මම දැක්කා මේ මල්ලි වදිද්දි කවුරුත් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවෙ නැහැ. ඒ ගුරුවරු එයා දිහා බැලුවෙ මහා අපරාධකරුවෙක් විදිහට.ඒ ගුරුවරු කොච්චර වැරදි කරනවා ඇද්ද? තමන්ට නියමිත පීරියඩ් ටික හරියට උගන්වන්නෙ නැති ගුරුවරු කි දෙනෙක් එතන ඉන්න ඇද්ද? සමහර ගුරුවරු කරන දේවල් වලට මේ විදිහට ප්‍රතිචාර දක්වන එක සාධාරණයි. ගුරුවරුන්ගෙ වැරදි නිසා ජීවිත කලකන්නි වුනු කොච්චර ලමයි මේ රටේ ඇද්ද? එක එක අයගෙ ලමයට එක එක විදිහට සලනක ගුරුවරු කොච්චර ඉන්නවද? අවුරුද්දට තෑගි අරන් නොගියොත් ඒ ළමයට වෙනස්කම් කරන ගුරුවරු කොච්චර ඉන්නවද? ඒ මල්ලිගෙ තාත්තා කරපු දේ හරියටම හරි. නැත්නම් ඔය ගුරුවරු කරන්නෙ ඒ ළමයගෙන් පන්න පන්නා පළි ගන්න එක. අපි හැමෝම නිවැරදි නැහැ. එක වරදකට කෙනෙක්ව මහ අපරාධකාරයෙක්ව කරන්න එපා. මල්ලි මේ වරද හදාගෙන රටේ හොද මිනිහෙක් වෙලා පෙන්වාපන් (නි)

:       0       0

සඳනි Tuesday, 18 June 2013 07:25 PM

මන්ත්‍රීතුමා ආදර්ශවත්.නමුත් දරුවා අස්කරපු එක වැරදියි.ඒක පලිගනීමක්නේ.ගුරුවරයාට සිසුවා පුතෙක් වගේනේ. (අ)

:       0       0

කරීම් Wednesday, 19 June 2013 08:45 AM

අසස්පෙළ විභාගයට පෙනී සිටින්නට තහනමක් මේ දඬුවමින් පෙනවෙන්නේ නැහැ.නමුත් විශ්ව විද්‍යාලයට තේරුනොත් ලැබෙන "දඬුවම්" ගැන නම් දැන්ම හිතන්න පුලුවන්. අස්වීමේ සහතිකය සහ විදුහල්පතිගේ සහතිකය කොහොම වෙයිද ? (අ)

:       0       0

දමිත් Wednesday, 19 June 2013 09:17 AM

විදුහල්පති තුමාට ගහන්න තරම් මුරණ්ඩු අය ඉස්කෝලවල තියාගන්න හොඳ නැහැ. එහෙ අය තමා ලොකු වෙලා මේ රට කන්නේ. විදුහල්පතිතුමාට මගේ ආදර ප්‍රණාමය! (නි)

:       0       0

පාතිමා Tuesday, 18 June 2013 07:52 PM

ගුරිවරිය දන ගැස්සු කෙනාට දුන්න දඩුවමේ බලයෙන් තමයි මෙයත් සමාවගත්තේ.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 18 June 2013 08:20 PM

සමාව දීම දේව ගතියක් මිස මනුස්ස ගතියක් නෙවිනේ. ඒ නිසා ඔය කොල්ලව ඉස්කෝලෙන් අස්කරපු එක බොහොම හොඳ දෙයක්.(නදී)

:       0       0

ගාමිණි Wednesday, 19 June 2013 09:41 AM

ලබනපාර ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වෙන්න හොඳ සුදුසුකමක් ළමය ලබා ගත්ත කියල හිතමු. (අ)

:       0       0

අජිත් Tuesday, 18 June 2013 08:50 PM

කවුද කියන්නේ අස්කලා කියලා. අස්කර ගෙනයි ගිහින් තියෙන්නේ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 09:48 AM

ප්‍රාදේශීය දේශපාලුවෝ කොයි කවුරුත් අපේ ජනාධිපතිතුමාට බයයි (නි)

:       0       0

වසන්ත Tuesday, 18 June 2013 11:19 PM

මොනතරම් ඛේදජනක තත්ත්වයක්ද? (නි)

:       0       0

පද්මිණී Tuesday, 18 June 2013 11:23 PM

එම පාසලේම සිටීම ළමයාටම මානසික වදයක් වී ඉගෙනීම අත් හරින්ට පවා හිතේවි. දුරස් වීමෙන් සිදුවීම කාලයත් සමග අමතක වේවි.(නදී)

:       0       0

විපුල් දෝහා Tuesday, 18 June 2013 11:25 PM

ශාන සෞදි. මේ ළමයාග තාත්තා මීට කලින් ළමයව නියම විදියට හැදුවානම් මෙහෙම වෙන්නේ නැහැ නේද?. මට හිතෙන්නේ ඔයා මේ අයගේ නෑදෑයෙක්. මේ වගේ අයව දැන්ම පුනරුත්ථාපනය කරන්න ඕනේ.(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 18 June 2013 11:57 PM

හරිනේ. මම කිවුවේ එකත් එකටම අහවල් කෙනක්ගේ පුතෙක් වෙන්න ඇති කියලා.බයවෙන්න ඇති. අහවලාට වුන දේ වේවි කියලා. හොද චරිත සහතිකයක් දීලා අස් කරන්න තිබ්බේ.ගුරුවරුන්ට ගහනවා නම් දෙමව්පියන්ට ගහන එක මහා දෙයක් නොවේ. (නි)

:       0       0

නීල් රණා Tuesday, 18 June 2013 05:13 PM

සමාවගත් දරුවා පාසලෙන් ඉවත් කිරීම තුලින් සමස්තයක් ලෙස ලංකාවේ බොහෝ ගුරුවරුන් සතු ළමුන්ගෙන් ද්වේශ සහගත පළිගැනීමේ චේතනාව හා එම ක්‍රියාදාමය ප්‍රායෝගිකව සනාථ වෙනවා නේද?(නි)

:       0       0

දමයන්ති Tuesday, 18 June 2013 05:21 PM

විදුහල්පති තුමාට ස්තුතියි සමාව දුන්නට. ළමයාට විභාගය ලියන්න දෙන්න.(නදී)

:       0       0

මහින්ද-ඩුබායි Tuesday, 18 June 2013 05:21 PM

ඔහෝ ! හොඳ ආරම්භයක් වගේම පොඩි ඡන්දයකට සුදුසුකම් සපුරලා තියෙන්නේ අගේට.(නදී)

:       0       0

ගමගේ Wednesday, 19 June 2013 12:19 AM

ලංකා, ඒක ඉන්න ළමයින්ට ආදර්ශයක් දෙන්න කළයුතු වැඩක්. නැත්තන් හෙට තවත් සිසුවෙක් ගහලා පහුවෙන්දාට තාත්ත එවයි "සමාවෙන්න" කියාගෙන. තේරුණාද? (නි)

:       0       0

උපාලි Tuesday, 18 June 2013 05:24 PM

පුෂ්පානන්ද මහතා නියම මහත්මයකි.(නදී)

:       0       0

සංජු Tuesday, 18 June 2013 05:30 PM

කොල්ලට ප්‍රසීද්ද වෙන්න ඕනෑ වෙලා ඇති.දැන් රැල්ල ඒ වගේ යන එකක්. (නි)

:       0       0

ලලිත් Wednesday, 19 June 2013 01:42 AM

වන්දිභට්ටයෝ මන්ත්‍රී තුමා කල වැඩේ පුම්බන්න හැදුවට එතුමා ආනමඩුවේ වෙච්ච වැඩේට ආණ්ඩුව ගත්ත පියවර දැකල දෙලෝ රත්වෙලා තමයි කොල්ලත් එක්ක ඉස්කෝලෙට ගිහින් තියෙන්නේ. අනික අර නඩුකාරයාගේ වාහනෙටත් ගල් ගහලා ඇප පිටනේ ඉන්නේ. (නදී)

:       0       0

රනිල් Tuesday, 18 June 2013 05:45 PM

ඔව්ව ඉතින්. එකාගේ තාත්තත් ප්‍රා.සබා, මන්ත්‍රී කෙනෙක්නෙ(නි)

:       0       0

ශාන සෞදි Tuesday, 18 June 2013 05:45 PM

ජනපතිතුමා මන්ත්‍රී සරත්ට ලබා දුන් දඩුවම තුලින් ලබාගත්තේ මුළු මහත් දේශපාලකයන්ම හොද ආදර්ශයක්. එම නිසා මන්ත්‍රී සුනිල් මහතා හොද අවබෝධයක් ඇතුව කටයුතු කර ඇති බව පේනවා. හොද ආදර්ශයක් තම දරුවන් හොද පුරවැසියන් කිරීම මෙන්ම දෙමාපියන් රටේ හොද පුරවැසියන් ලෙස ජීවත්වීමට කටයුතු කිරිම. කිසිදු සිසුවෙකුට හෝ දෙමාපියන්ට හෝ පාසලේ ගුරු මණ්ඩලයට හෝ විදුහල්පතිතුමාට බලපෑම් කිරීමට දඩුවම් කිරීමට හෝ අපහාස කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එමෙන්ම තමන්ගේ පෞද්ගලික හේතුන් මත සිසුනට හිරිහැර කිරීමට හා අපහසුතාවට පත් වන ආකාරයේ ක්‍රියාවන් ගුරුවරුද නොකළ යුතුය (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 18 June 2013 05:45 PM

වැඩේ දුරදිග යන්න කලින් මෙහෙම නුවණක්කාරව ක්‍රියා කළ එක හොදයි(නි)

:       0       0

ගමගේ Tuesday, 18 June 2013 05:54 PM

මෙතැනදී ප්‍රා. සභාවේ සුනිල් මහත්තයා නම් ආදර්ශවත් වැඩක් කරලා තියනවා. සමාව ඉල්ලන්න පුතාව ඉස්කෝලෙට එවීමෙන්. ඒත් කොල්ලා ගහන්න ඇත්තේ නම් තාත්තාගේ හයිය අරන් තමා. වැරදී කිරීම මනුස්ස ගතියක්. සමාව දීම දේව ගතියලු කියනවනේ??? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2546 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 435 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1739 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5105 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3417 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3770 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site