IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක්

(විනීතා එම් ගමගේ)
 
අධ්‍යාපන සමුපකාර සමිතිය අතුරු පාලක මණ්ඩලයක් මඟින් පාලනය කළ 2011 සිට 2015 දක්වා වු  කාලය තුළ සිදුවී ඇතැයි පෙනීයන රුපියල් කෝටි 5000 කට අධික මූල්‍ය හානි පිළිබඳව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේය.


වාර්ෂිකව රුපියල් කෝටි 2228 කට ආසන්න ආදායමක් ලැබිය යුතු නමුත් එම අතුරු පාලක මණ්ඩලය මඟින් පාලනය කළ කාලය තුළ ලැබී ඇත්තේ රුපියල් කෝටි 1317 ක මුදලක් පමණකැයි ද ජයසිංහ මහතා පැවසීය.


මෙම මුල්‍ය හානි සමස්ත සාමාජිකත්වය වන ලක්ෂ දෙකකට ආසන්න ගුරුවරුන් වෙත කරන ලද හානියක් සේ සළකා කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය. 

අතුරු පාලක මණ්ඩලය විසින් එහි පාලනය බාර ගැනීමට පෙර පාලනය කළ ලංකා ගුරු සේවා සංගමයේ පාලක මණ්ඩලය විසින් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට කුරුණෑගල ඉඩමක් මිලදී ගත් බවත් එය අධිවේගී මාර්ගයට අසු වූ බැවින් එම සංගමයට රුපියල් හාර කෝටි 25 ලක්ෂයක වන්දි  ලැබුණු බවත් පැවසූ ජයසිංහ මහතා එවැනි ලාභ ලැබූ ආයතනයක් අතුරු පාලක මණ්ඩලය විසින් විනාශ මුඛයට ගෙන ගොස් ඇතැයි ද සඳහන් කළේය. 

මේ අතර මහජන බැංකුවෙන් 13.2% ක පොලියට රුපියල් කෝටි 100 ක ණය මුදලක් ලබා ගෙන සාමාජිකත්වයට  14.7%  ක පොලියට ණය ලබා දුන් බවත් එයින් ද සමුපකාර ලාභයක් ලැබු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

මෙම ණය මුදල ලබා ගත්තේ කිසිදු ඇපයක් තබා නොවන නමුත් ඉඩම උකසට තබා එම ණය ලබාගෙන ඇතැයි අතුරු පාලක මණ්ඩලයේ සිටි සමහරු චෝදනා කරන බව ද ජයසිංහ මහතා කීය.

ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ මහජන පුස්තකාලයේ අද (30) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 



අදහස් (13)

ගුරු සමූපකාරයේ කෝටි 5000 ක මූල්‍ය හානියක්

sandy123 Sunday, 30 December 2018 12:50 PM

හුටා. හැමතැනම හොරකම්...

:       102       275

sandy123Sunday, 30 December 2018 03:45 PM

මෙතන ඩිස්ලයික් දාන අය හොරකමට අනුබල දෙනවද එහෙමත් නැතිනම් හොරකම හරියි කියනවද? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

:       161       297

එරික්Monday, 31 December 2018 04:11 AM

මේ වගේ මිනිස්සු හැම පක්ශයෙම ඉන්නවා. හැම දෙයක්ම තීරනය කරන්නේ හොද නරක මත නෙමේ. මහින්දද රනිල්ද ජේවීපීද කියන එක මත. රටේ පළවෙනි පුරවැසියාත් එහෙමනම් හින්දා මේ වගේ පුරවැසියො ඉන්න එක අරුමයක් නොවේ.

:       2       1394

BamunuarachchiMonday, 31 December 2018 01:37 PM

කම්මලේ බල්ලාට හෙනහඬ හඬක් නොවේ. බැංකු හොරකම් කරපු එජාපයින්ට අනික් හොරකම් හොරකම් නොවෙයි. එකයි ඩිස්ලයික් දාන්නේ. ඕවා සතේකට මායිම් කරන්න එපා. නිර්භයව අදහස් ලියන්න පහර ගැසිය යුතු තැන පහර ගහන්න.

:       8       76

senarath Sunday, 30 December 2018 02:36 PM

දැන් නම් ඡන්දයක් ලංවෙනවා කියලා හිතෙනවා. එ්කනේ මේ අලුත් කතාවක් කියන්න හදන්නේ. 2011 සිට 2015 අතරේ වූ සිදුවීමක් නම් දැන් 2019 ලබනකොට මතක් වෙන්නේ කොහොමද? ඔය මොන කතා කිව්වත් මිනිස්සු නැවත රැවටෙන්නේ නැහැ. කෝ රත්තරනින් හදපු පාරවල්, කෝ ලැම්බෝගිනි, කෝ දුෂණ නවත්තලා ඉතුරු කරපුවා. අඩුතරමේ එක පාරක් හැදුවද?

:       2458       2112

priyaMonday, 31 December 2018 06:21 AM

ගුරු සේවක සමූපකාර සමිතියේ පාලන බලය ලඟදි වෙනස් උනේ. 2015 ට කලින් පාලන බලයේ සිටි මහින්ද ජයසිංහ පාර්ශවය නැවතත් පාලන බලයට පත්වීමත් එක්ක තමයි, මේ හෙලිදරව්ව එන්නෙ. නැතුව රටේ ආණ්ඩු වෙනස් වන විදියටම නෙවෙයි

:       0       0

සමන්Monday, 31 December 2018 07:14 AM

මුන්නැහේ කලබල වෙන්න ඇත්තේ මේ ගොල්ලන්ගේ කාලෙදීත් මිතුරන් අතර බෙදාහදා ගත්තා කියලා මාධ්‍යවල පලවූ නිසා විය හැකියි.

:       0       0

HarMonday, 31 December 2018 01:30 PM

ඔඩිට් එකක් කරලා කම්ප්ලීට් වෙන්න කල්යනවා... විශේෂයෙන් forensic audit එකක්...

:       0       10

prabash Monday, 31 December 2018 07:57 AM

එයාලත් හොරු, මෙයාලත් හොරු... කවුරුත් හොරුන් ගැන කතා කරලා අමතක කරනවා. අපි හොරුන්ට බැනල නරක් කරගෙන හදවත් රෝග හදාගන්නවා. හොරුන් ගෙන් පිරුණු රට හොරුන්ට ජය වේවා...!!!

:       0       0

Bamunuarachchi Monday, 31 December 2018 02:02 PM

එරික් මහතා අපි මෙතන කතා කොරන්නේ දේශපාලකයින් හා ඔවුන් කොතනකින් හෝ සම්බන්ධවී කෙරෙන රටේ හොඳ හෝ රටට අහිතකරයි කියා පලවෙන ප්‍රවෘත්ති ගැනයි. බොහොම සුළුවෙන් මිනීමැරුමක් ගැන ප්‍රවෘත්තියක් දැක්කත් අදහස් පලවෙන්නේ නැතිතරම්ය. විශ්වවිද්‍යාල උද්ඝෝෂණයක කෙළවර දේශපාලනය තිබේ. අලුත් ව්‍යවස්ථාව සිංහල රටට අහිතකර බව පෙනේ එම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වුවමනා කාටද? සංශෝධනයෙන් කෙලින්ම වාසි ලබන්නෝ කවුරුන්ද කියා දන්නාවිට නායකයින්ගේ නම් නොකියා අදහස් දක්වන්න පුළුවන්ද? බැංකු කොල්ලයේ නායකයා ඇතුළු පාතාලයින් අල්ලයි කියා ප්‍රවෘත්තිය පළවුණාට, කීවාට වැඩක් තිබෙනවාද අඩු වශයෙන් ඒ අන්ගේ නමවත් අපි දන්නේ නැතිනම්. ඒ නිසයි ජෙප්පෝ ගැන කියන්නේ.

:       0       0

Bamunuarachchi Monday, 31 December 2018 02:07 PM

එරික් දෙවෙනි ලෝක යුද්ධයේ හොඳ නරක කතා කරන්න පුලුවන්ද හිට්ලර් ගැන කතා නොකර? දෙවෙනි ලෝක යුද්ධයෙන් සිදුවූ එක හොඳක් තමයි ඇමරිකාව සීග්‍රයෙන් දියුණුවීම. නැතිනම් ඇමරිකාව තවමත් හරක් බලනවා.

:       0       0

Rnajan Perera Tuesday, 01 January 2019 06:12 AM

ගොඩක් ලාංකිකයන්ට අංක පිළිබඳව ගැටළු තිබෙනවා.

:       0       0

BamunuarachchiThursday, 03 January 2019 01:06 AM

ඒ නිසානේ ඇමතියෙක් යෝජනා කලේ ඕ ලෙවල් විභාගයට අංක ගණිතයය අනිවාර්ය නොකලාට කමක් නැහැකියාලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 124 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 131 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 771 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


දළදා වඳින්න හෙට සහ අනිද්දා එන්න එපා
2025 අප්‍රේල් මස 23 820 0

දළදා වන්දනාව සඳහා හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුළ මහනුවර දළදා මාලිගාවට පැමිණීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානයේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටි.


සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
2025 අප්‍රේල් මස 23 457 0

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස


ඩෑන් ප්‍රියසාද් ඝාතනය ගැන පැතිකඩ 3කින් විමර්ශන
2025 අප්‍රේල් මස 23 1036 1

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම කොළොන්නාව නගර සභා අපේක්ෂයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීමට පෙර ඉකුත් (20) දා ඇතිව තිබූ ආරවුලක් මත ත්‍රි රෝද රථයකට ම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 649 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 330 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 477 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site