IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගල්ඔය අලි මරණ ගැන විමර්ශනයක් පෙත්සමකින් ඉල්ලයි

(මනෝප්‍රිය ගුණසේකර)

ගල්ඔය සහ රොටවැව ප්‍රදේශයේදී අලි දෙදෙනකු සහ පැටවුන් 4 දෙනකු දුම්රියක ගැටී මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට නියෝගයන් නිකුත් කරන්නැයි ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) ගොනු කළේය.

වනඅලි දුම්රියේ ගැටී මරණයට පත්විම වැළැක්වීම සඳහා අවශ්‍ය මාර්ග උපදේශන මාලාවක් සකස් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සහ වනජීවී අධ්‍යක්‍ෂජනරාල්වරයා ඇතුළු පිරිසන් නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජීවත්වන වන අලියා ආසියානු අලියාගේ උප විශේෂයක් බවත් එම අලියා ශ්‍රී ලංකාවට පමණක් ආවේණික සත්වයකු බවත් ලංකාවේ ජීවත්වන වන අලියා වඳවීමේ තර්ජනයට දැඩිව ලක්වී සිටින බවත් සඳහන් කරන පෙත්සම්කරු විවිධ හදිසි අනතුරු හේතූවෙන් අලි ගහනය ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද සඳහන් කර ඇත.

 



අදහස් (0)

ගල්ඔය අලි මරණ ගැන විමර්ශනයක් පෙත්සමකින් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site