IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගාලගෝට්ටි මැද මැතිසබේ දෙවරක් කල් තබයි

අද පාර්ලිමේන්තුවේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය මැද පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබීමට සිදු විය.

විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධිත පනත් කෙටුම්පත ඇතුළු පනත් දහයක් අද විවාදයට ගැනීමට නියමිතව තිබිණි.

 පාර්ලිමේන්තු විවාදය යන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග  මහතා පැවසුවේ විදුලිබිල වැඩි කිරීම ගැන ලබන මැයි නව වැනිදා විවාදයක් ලබා දීම ගැන ස්තුතිවන්ත වන බවයි. මැයි නව වැනිදා එම විවාදය ආරම්භ කරන තුරු විදුලි බිල වැඩි නොකර ලෙසත්, ඉන් පසුව ඒ ගැන ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටි නමුත් ඊඨ සුබවාදී ප්‍රතිචාරයක් නොලැබීම ගැන විරෝධය පළ කරන බව හෙතෙම කීය.

එම ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරු දැල්වූ ඉටිපන්දම් අතැතිව සභා ගැබට පැමිණ විරෝධය පළ කරන්නට වූහ.

  සභාවේ ඇතිවූ උණුසුම් එම තත්ත්වය මත මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මිනිත්තු පහකට සභාව කල් තබා නැගිට ගියේය.

මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක සහ සංධානයේ යොහාන් රත්වත්තේ මන්ත්‍රීවරුන් අතර දැඩි වාග් ප්‍රහාරයක් සහ ගුටි කෙළියක් ද සිදුවන්නට ගිය අතර වාසුදේව නානායක්කාර ඇතුළු අමැතිවරු ද, දයාසිරි ජයසේකර සහ අජිත් පෙරේරා මන්ත්‍රීවරු ද පිරිස් සභා මැදට පැණ දෙදෙනා දෙපසට කළහ.

සරත් කුමාර ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ අසුන් පෙලේ සිට ප්ලාස්ටික් වතුර බෝතලයකින් වතුර විසි කරමින් ඉදිරියට පැමිණි අතර ඒ මගින් විපක්ෂ මන්ත්‍රීවරු අත තිබූ ඉටිපන්දම් නිවීමට උත්සාහ ගත්තේය.

නැවත පස්වරු පහට පමණ නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාව ඇරැඹි අතර විරෝධයපාන විපක්ෂ මන්ත්‍රීන්ට සභාවෙන් ඉවත් වන ලෙස නියෝජ්‍ය කතානායකවරයා දැන්වීය. ඔවුන් සභාවෙන් ඉවත් නොවූ තැන විරෝධතා මැද පනත් දහයක් සම්මත කර ගැනිණි.

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති සහ විජිත හේරත් මහත්වරු විවාදයට තමනට අවස්ථාව නොලැබීම ගැන විරෝධය පෑහ.

සභාවේ දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවූ හෙයින් පස්වරු හතට අවසන් කිරීමට තිබූ සභා වාරය පස්වරු 5.10ට පමණ අවසන් කළ නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා මැයි මස නව වැනිදා පස්වරු 1 දක්වා සභාව කල් තැබීය.



අදහස් (0)

ගාලගෝට්ටි මැද මැතිසබේ දෙවරක් කල් තබයි

මුතුකුඩ Wednesday, 24 April 2013 08:19 PM

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කිවුවාලු. (නි)

:       0       0

මේනක Wednesday, 24 April 2013 08:58 PM

වැඩක් නැහැ. වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට කවුරු ගියත් වැඩක් නැහැ. (නි)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 24 April 2013 09:14 PM

ශ්‍රී ලාංකිකයෝ තමයි මොලය සහ හදවත නැතුව ඉපදෙන ලොව එකම අරුම පුදුම මිනිස්සු කොටස (නි)

:       0       0

නිස්සංක-දෝහා Wednesday, 24 April 2013 09:38 PM

ගාමිණී හරක් පැටියෝ. බොදුබල සේනාව දේසපාලනය කරන්නේ නැහැ. ඒකට අපහාස කරන්න එපා හොදේ.(නදී)

:       0       0

පාලිත Wednesday, 24 April 2013 10:08 PM

පාර්ලිමේන්තුවෙන් අපි කවදද හරවත් කතාවක් ඇහුවේ? (නි)

:       0       0

ෆයිසාල් Thursday, 25 April 2013 12:05 AM

අනිවාර්යෙන්ම යම් වෙනසක් ඇති කළ යුතු කාලය පැමිණ ඇත. (නි)

:       0       0

ඩේවිඩ් Thursday, 25 April 2013 11:57 AM

පාරට බැහැලා ගුටි ගහගත්තේ නැද්ද? (නි)

:       0       0

දේවින්ද බ්‍රෙෂියා Thursday, 25 April 2013 03:07 AM

දැල්වුණ ඉටි පහන් වලට වතුර ගසා නිවා දමා විදුලි බිල වැඩි වීමේ ප්‍රශ්නය විසදන්නට සිතන පාර්ලිමේන්තුවට සුභ අනාගතයක්! (නි)

:       0       0

කිර්ති Thursday, 25 April 2013 03:59 AM

ඉතාම කණගාටුදායක තත්වය වන්නේ රටේ ප්‍රශ්න තේරුම් ගෙන රට පාලනය කරන්නට නොහැකි රාජ්‍ය නායකයෝ පත්විමියි. වර්තමාන අය කරන හොද සහ නරක දෙකටම චන්දිරිකා මැතිනිය වග කිය යුතුමයි. අද චන්ද්‍රික මැතිනිය නමින් අමතන ඇය එදා අති ගරු ජනදිපති තුමියි. අනාගත ශ්‍රී ලාංකිකයෝ කිසිවෙකුටත් ගැති නොවන්නුන් වේවා. අන්ත වාදී අදහස් මේ තුල නැත, තිරිසන්නුන්මෙන් ක්‍රියා කරන දේසපාලන වාසිය සදහා එහෙම සිතන්නෝ වෙත්ද ඒවාටද නිසි පිළිතුරු ලැබෙනවා නියතයි.(නදී)

:       0       0

අචිනි Wednesday, 24 April 2013 07:23 PM

දැන් ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරලා තමයි. නියම ආශ්චර්යය, මහත්තයෝ. ජයවේවා! (නි)

:       0       0

සෝමපාල Wednesday, 24 April 2013 07:29 PM

පිස්සු තද වෙලා.(නදී)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 07:35 PM

මේක බොදු බල සේනාවේ වැඩක් වෙන්න බැරිද? (නදී)

:       0       0

රාජිත-දෝහා Wednesday, 24 April 2013 07:48 PM

මේ දේශපාලකයන්ට ඇත්ත පෙනෙන්නේ නැහැ. මේ විදිහට හැමදේකම මිල වැඩිවෙන්න වැඩිවෙන්න මිනිස්සු දුප්පත් වෙලා හොරකම් මැරකම් වැඩි වෙන එකයි වෙන්නේ.මේ හැමදෙයත් එක්කම තව හිර ගෙවල් ටිකකුත් හදන්න වෙයි. (නි)

:       0       0

ඩිල්ශානි Thursday, 25 April 2013 09:07 AM

එක කට්ටියක් ඉටිපන්දම් පත්තු කරගෙන එනවා. අනිත් කට්ටිය වතුර ගහනවා. ඕවා කරන්න පාර්ලිමේන්තුවක් ඕනද? (නි)

:       0       0

බන්දුල Thursday, 25 April 2013 02:03 PM

පාර්ලිමේන්තුවේ ඉන්න සමහර උදවියට වඩා හොඳ විනයක් තියනවා අපේ ගෙවල්වල හදන සුරතල් සතුන් ළගත්. (නි)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 07:59 PM

ජනතාව නොමරා ලේ උරා බොන එක නම් දේශපාලඥයෝ නවත්වලා නැහැ වගේ. (නි)

:       0       0

සිසිර Wednesday, 24 April 2013 08:02 PM

මොකද මේ කඩිමුඩියේ පනත් සම්මත කරගන්නේ? එයාලට පනතක් කියන්නේ බොහොම සෙල්ලම් දෙයක්. නියම ආශ්චර්යය (නි)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 08:05 PM

රටේ ඇවිලෙන ගින්න වතුර ගහලා නිවන්න ලැබෙන්නේ නැහැ. අනික ඔයාලා ඔහොම පනත් සම්මත කරගෙන එන්නකෝ ගමට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 633 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 801 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 492 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 985 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1813 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 438 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 909 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site