IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගලගොඩඅත්තේ හිමි රෝහලේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

අධිකරණ ශාලාව තුළ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇතැයි කියන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි තවදුරටත් අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා බදාදා (24)  අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ බව තහවුරු කිරීම සඳහා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා අධිකරණය හමුවේ අද (31) වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.

හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ ශබ්ද නඟා කථාකර කලහකාරී ලෙස හැසීරීමෙන් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් අධිකරණයට අපහාසයක් සිදු කර  ඇතැයි චෝදනා ලැබ සිටියි.

නමුත් ඉකුත්වර මෙම නඩුව අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර එම හිමියන් අසනීපයෙන් පසුවන බව දැනුම් දෙන ලදී.

එම කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍ය වාර්තාවක් සමඟ විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එම අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි නීතීඥවරිය එකඟතාවය පළ කළාය.

ඒ අනුව ඥානසාර හිමියන් අද (31) අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබූ අතර නමුත් එම හිමියන් අධිකරණයට නොපැමිණි නිසා පෙත්සම ජුනි 12 වැනිදා කැඳවීමට දින නියම කළේය.

විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා පෙනී සිටියේය.
 .



අදහස් (19)

ගලගොඩඅත්තේ හිමි රෝහලේ

chaminda Wednesday, 31 May 2017 11:29 AM

ඔබවහන්සේට ඉක්මන් සුවය අපි ප්‍රර්ථනා කරනවා !!!

:       6540       11782

ගිහාන් අබේවර්ධනThursday, 01 June 2017 04:31 AM

උන්වහන්සේ සුවපත් වෙනවාට වඩා උන්වහන්සේගේ ජීවත් වෙනවට අකමැති අය අද අපරටේ බොහොමයි. මෙහෙම කලක්නේ රටට ගිහින් තියෙන්නේ...

:       1       0

සරත් Thursday, 01 June 2017 04:36 AM

බෞද්ධයා හතුරෙකුගේවත් වත් නිරෝගී සුවයට විරුද්ධ වූවේ නැත. එසේ නම් එසේ විරුද්ධ වූවන් ගැන මොහොතක් සිතා බලන්න.

:       0       0

mahinda R Wednesday, 31 May 2017 12:24 PM

අනේ මන්දා... කවුද ඇත්ත කියන්නේ කියලා මට නම් හිතාගන්නවත් බැහැ.. හාමුදුරුවනේ...!!!

:       141       221

රුවන් Wednesday, 31 May 2017 12:50 PM

මේ තරම් රටට විනාසයක් වුණු වෙලාවේ හාමුදුරුවරු පිණ්ඩපාතේ වැඩමවලා ලබාගත් දේ අසරණයන් වෙනුවෙන් දායක වුණ එක කොයිතරම් හොඳද?

:       124       91

රොඩ්නි Wednesday, 31 May 2017 12:53 PM

ලොකු අමාරුවක් සිදු වෙන්න ඇති ඉස්පිරිතාලේ යන්න... මුසාවාද වෙන්න බෑ නේද? .. හාමුදුරු කෙනෙක් නේ...

:       2234       828

sampath Wednesday, 31 May 2017 12:55 PM

පැවිදි අයට මෙහෙමනම් ගිහි අය ගැන මොන කතාද ?

:       42       191

arschloch Wednesday, 31 May 2017 01:14 PM

උසාවියට එන්න තියෙන බය හින්දාද හාමුදුරුවනේ අසනීප වුණේ.... ?

:       567       356

Lal Wednesday, 31 May 2017 01:25 PM

උන්වහන්සේ එසේ අසනීප වුණේ කුමක් නිසාද?

:       4       8

dias Wednesday, 31 May 2017 01:45 PM

අපේ හාමුදුරුවෝ වැඩඉන්නේ මොන ඉස්පිරිතාලෙද? ඔබවහන්සේට ඉක්මන් සුවය පතමි...

:       117       275

[email protected]Wednesday, 31 May 2017 02:34 PM

බය වෙන්න එපා හාමුදුරුවනේ... ! උන්වහන්සේට ඉක්මන් සුවය එනවා !

:       10       68

lusena Wednesday, 31 May 2017 02:42 PM

එතකොට ජාතිවාදී අදහස් පතුරුවන අය අත්අඩංගුවට ගන්න පොලිසියට උපදෙස් ලැබුණේ නැද්ද?

:       1       60

Lal Wednesday, 31 May 2017 03:35 PM

ජාතිය, ආගම බේරගන්න අන්තවාදීන් හා අන්තවාදී අදහස් දරන දේශපාලකයන්ට එරෙහිව එඞිතර හඞක් නගන ගරු ස්වාමීන්වහන්සේට නිරෝගි සුවපතමු.... !!!

:       620       1066

sarath Thursday, 01 June 2017 02:36 AM

මහා ප්‍රෝඩාවක් වෙන්නේ. අධිකරණය නියමකරනවා පෙනීසිටින ලෙසට, අසනීපව ප්‍රතිකාර ගන්නවා කියලා උසාවියට කියනවා. මොකක්ද ඇත්ත?

:       0       0

nimallalitha Thursday, 01 June 2017 02:50 AM

නැතිවෙන සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් සටන් කරන හිමියනි,.. ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා !!!

:       0       0

Madushanka Thursday, 01 June 2017 03:06 AM

රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න ඔබ වහන්සේට දීර්ඝායු වේවා...!!!

:       0       0

amila Thursday, 01 June 2017 04:13 AM

ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා!!!

:       0       0

niresh Thursday, 01 June 2017 10:08 AM

ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා ...!!! ඒවගේම අර අසරණ ආනන්ද වෙඩිසිංහ වගේ රටට කීර්තියක් ගෙනෙන මිනිස්සුත් නැතිවෙනවා.

:       0       0

Senarath Monday, 05 June 2017 04:08 AM

ඔබවහන්සේට ඉක්මන් සුවය සහ දිර්ඝායුෂ පතනවා. සමහර හාමුදුරුවන්ට සාපේක්ෂව ඔබවහන්සේ සඟරාජ තනතුරේ තියන්න ඕනේ....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 784 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 341 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 1170 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 4471 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 2128 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1148 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site