IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගල්ගමු උසාවිය නීතිවේදීන්ගෙන් පිරේ

රුපියල් කෝටියක කප්පම් ඉල්ලා දනිඳු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සිද්ධියේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීනට හිරිහැර කිරීම හෙළා දකිමින්  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු නීතිඥවරු 50 කට වැඩි පිරිසක් අද ගල්ගමුවට පැමිණ සිටියහ. එම සිද්ධියේ සැකකරුවනට ඇප ඉල්ලීම සඳහා පෙනී සිටි නීතිඥවරුන් සිව් දෙනකුගේ වාහනවලට මීට පෙර දිනකදී පහරදී අලාබ හානි සිදුකිරීම හෙළා දකින බවද නීතිඥවරු පැවසූහ. පැහැර ගැනීමට ලක්වූ දරුවාගේ පියාද නීතිඥවරුන්ට හිරිහැර කළැයි සැකපිට රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි.

නීතිඥවරුනට අවහිර කරමින් ඔවුන්ගේ වාහනවලට පහරදුන් බව කියන සැකකරුවෝ ගල්ගමු මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් අතර දනිඳුගේ පියාද වේ.

galgamuwa-sanjeewa-(1) galgamuwa-sanjeewa-(2) galgamuwa-sanjeewa-(3) galgamuwa-sanjeewa-(4) galgamuwa-sanjeewa-(5) main

galgamuwa-sanjeewa-(16) galgamuwa-sanjeewa-(18) galgamuwa-sanjeewa



අදහස් (0)

ගල්ගමු උසාවිය නීතිවේදීන්ගෙන් පිරේ

ආනන්ද Friday, 26 September 2014 01:57 PM

මේ අය කොහොමහරි සල්ලි හම්බකරන අයනේ ඉතින්. (නි)

:       0       0

සුමුදු Friday, 26 September 2014 02:11 PM

ලංකාවේ ඕනෑම අපරාධයක් කළාම මේ කලුකෝට් මහත්වරු ඉන්නවා නම් ඉතින් තවත් මොකට බයවෙන්නද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 September 2014 02:14 PM

මට නම් ඔය කලු කෝට්කාරයින්ව එදා ඉඳලම පෙන්නන්න බැහැ. බොරුව ඇත්ත කරන ඇත්ත බොරුව කරන අහිංසකයින්ගේ රීරිමාංශ හුරාගෙන කන අයට යන්න මම හිතන්නේ වෙනමම අපායක් ඇති යම ලෝකේ. (නි)

:       0       0

හර්ෂ Saturday, 27 September 2014 03:59 AM

එහෙම තමයි එකමුතු කම (දී)

:       0       0

මින්දද Saturday, 27 September 2014 04:20 AM

විවධ මත දරන මිනිස්සු අතර (දී)

:       0       0

සම්පත් Saturday, 27 September 2014 04:23 AM

ළමයාගේ දෙමාපියන් බලය අනිසි ලෙස තමන්ගේ අතට අරන් එහෙම නම් නඩු අහන්න ඕනේ නැහැ . මෙහෙම ගියොත් නීතියක් ඕනේ නැහැ කැලෑ නීතිය රජ කරාවි මේකේ අදහස් දාපු ගොඩක් දෙනා අවබෝදයක් නැතිව හැගීම් වලට වහල්වෙලා ඒවා ලියල තියෙන්නේ .නීතිඥයන්ට බොරු උගන්න් වනවා කියල කෙනෙක් ලියල තිබුණා .එක බොරුවක් .අපි නීතියේ දී විවස්ථාවේ ප්‍රතිපාදන ලෝකයේ වාගේම ලංකාවේ අධිකරණ තීරණ නීතියේ මුලදර්ම ඉතා හොදින් ඉගන ගන්නවා මොකක් හරි බොරුවක් කරලා නඩුව දිනන්න බැහැ.කොහොම වුණ ත් මේවා වැරදී පුර්වා දර්ශ රටට උසාවියේ තීන්දුවට අකමැති නම් එපීල් එකක් දන්නා ගොන් පර්ට් දන එක හොද නැහැ අපරාද කරු හදුනාගෙන අපරාදයේ තරමට දඩුවම දෙන්නේ නීතිඥයන්ට ව්‍යාවස්තාවන් හදන්න බැහැ .ඔය පහරදීපු අය පර්ලිමේන්තුවට බල කරන්න මේ වගේ අපරාද වලට සුදුසු දඩුවම් දීමට ව්‍යවස්ථාදයකයේ වගකීම ඉටුකරන්න කියල (අ)

:       0       0

මිලින්ද Saturday, 27 September 2014 04:50 AM

නීති වේදීන් යනු රටේ උසස් යැයි සැලකෙන ජන කොට්ටාශයක් (දී)

:       0       0

නලින් යහම්පත් Friday, 26 September 2014 03:30 PM

සමහරු මෙම කළු කෝට් ගහපු අයට කඩේ ගියාට , ඔවුන් ගැන දන්නේ එම රැකියව කරන අය සමග ඉන්නා අය පමණි , මමත් එසේ කෙනෙකි , එනිසා මෙම නීති වේදීන් අද කාලයේ ( අතීතයේ නොව ) සිටින්නේ ,තම මුදල් ඉපයීමේ පරමාර්ථය තුලම පමණි . සත්‍ය වසන් කොට බොරුව හරි ඔප්පු කර , තම සේවාදායකයා වෙනුවෙන් අහිංසකයන් සිරගෙට යවති , සිරගෙට යායුතු අය එලියට ගනිති , නඩුවක් කාලයක් ඇදගෙන යාමට පවා කටයුතු කරන්නේ මෙම නීති වේදින්ය , කලාතුරකින් මිනිස් ගති ගුණ ඇති කිහිප දෙනෙක් සිටියත් ඔවුන්ටද තැනක් නැත්තේ මොවුන් නිසාය. (ස)

:       0       0

ඉන්දික Friday, 26 September 2014 03:34 PM

මේකේ අදහස් දිහා බැලුවම හිතාගන්න පුළුවන් නේද මේ මහත්වරුන් ගැන ජනතාවගේ ප්‍රසාදේ.කොටුවේ උසාවිය ලඟින් කඩේට බඩු ගන්න යන මිනිහටත් අඬගහනවා නඩු අහන්න එන්න කියල.ලජ්ජා නැති ඇත්ත බොරු කරන, බොරුව ඇත්ත කරන ජාතියක්. (ස)

:       0       0

ඉනෝකා Friday, 26 September 2014 03:36 PM

මම නම් කීයටවත් අනුමත කරන්නේ නැහැ මෙවන් වැඩ (දී)

:       0       0

සුරංග Saturday, 27 September 2014 05:40 AM

දැන් දැන් නිතිය පිලිබඳ පැහැදීමක් නැහැ (දී)

:       0       0

අමාලි Friday, 26 September 2014 08:24 AM

මෙන්න නියම දරුදුක හදුනන තාත්තල. (දී)

:       0       0

ගංගා Friday, 26 September 2014 08:24 AM

තමන්ගේ අම්මට අසාදාරනයක් වුනත් මේගොල්ල සල්ලි වලට අපරාද කාරයින්ගේ පැත්තට කතා කරයි (නදී)

:       0       0

ජෝන් Friday, 26 September 2014 08:25 AM

සුදු වෑන් එකක යවන්නමයි තියෙන්නේ (නදී)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 26 September 2014 08:26 AM

සල්ලි ලැබෙනවා නම් තමන් බිහි කල මවට එරෙහිව උනත් පෙනී ඉන්න අයට තමයි නීතිඥවරු කියන්නේ. (නදී)

:       0       0

ධම්ම Friday, 26 September 2014 08:39 AM

මේ විරෝධතාවය අපි ද අනුමත කරමු. දරුවා පැහැරගත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම මෙයට අදාළ නොවේ. (ස)

:       0       0

ප්‍රියන්ක Friday, 26 September 2014 08:40 AM

මේගොල්ලන්ට වැඩ නැද්ද. නිකන් බොරු බයිලා නැතිව 50 දෙනා නඩු 50 කට ගන්න මුදල් අර ළමයට ගෙයක් හදාගන්න දෙන්නකෝ. පත්තරේට මුන දාගත්තම ඔක්කොම හරි. (ස)

:       0       0

චන්ද්‍රා Saturday, 27 September 2014 03:16 PM

මිලින්ද, එහෙම සැලකුවට සමහර අය ගේ වැඩනම් අන්තිම බාලයි නේද? (දී)

:       0       0

මහින්ද Friday, 26 September 2014 08:44 AM

කොහොමද පාරවල් ටික නියමෙටම තියෙනවා නේද? (ස)

:       0       0

රජින්ද Friday, 26 September 2014 08:50 AM

ලැජ්ජයි... අශෝබනයි... අපරාධකාරයින්ව බේරා ගන්න නීතිඥ සංගමයම ඇවිත්. මේ දරුවාගේ දෙමව්පියන්ගේ හිත් වල ඇවිලුණු ඒ ගින්නට මේ වගේ සුළු දේවල් වෙන්න පුළුවන්. ඒකට සමාවක් නොදී අපරාධකාරයින්ව රැකගෙන එකට එක කිරීම වෘත්තීය ගෞරවය කෙලෙසීමක්.! (නදී)

:       0       0

චින්තක Friday, 26 September 2014 04:02 PM

ආසිරි, නීති ක්‍රමය ගැන මිනිස්සු දන්නවා. නමුත් හැම කෙනෙක් ම කවුරු හෝ යහළුවෙක්, නෑයෙක් උසාවි ගිහිල්ල කළු කොට් කාරයෝ නඩු අද්දව අද්දව අවුරුදු ගණන් හුරන් කාපු අත්දැකීම ලබල තියෙන්නේ. ඒ නිසා සමස්ත ජනතාව මේ අයව දකින්නේ තමන් හුරන් කන අය හැටියට. එකේ වරදක් නැ. පැමිණිලි කරු උනත් එකයි විත්ති කරු උනත් එකයි සල්ලි ගෙවල ජීවිතේම විනාසයි. මේ මහා ලොකු නීති ගරුක අය මිනිස්සුන් ගෙන් හිතු හිතු ලෙස හුරලා ගන්න සල්ලි වලට කවද්ද අදායම් බදු ගෙවුවේ ? (දී)

:       0       0

චන්දන සුදේශ් Friday, 26 September 2014 04:07 PM

අනේ මන්ද (දී)

:       0       0

පවිත්‍ර Friday, 26 September 2014 08:57 AM

මතක තියා ගන්න නිතිදීයාගේ වගකීම නොදැන කතා කරන්න එපා (දී)

:       0       0

ලක්ෂාන් Friday, 26 September 2014 04:07 PM

මම නම් මේවාට අදහස් දාන්නේ නැහැ වැඩක් නැහැනේ මේ විකාර වැඩ (දී)

:       0       0

දිනේෂ් Friday, 26 September 2014 08:56 AM

ළමය පැහැරගත් එක හොඳද නරකද (දී)

:       0       0

වායෝ Friday, 26 September 2014 04:05 PM

මිනිස්සු දැන් දැන් හැසිරෙන්නේ සත්තු වගේ (දී)

:       0       0

වනවාසල Friday, 26 September 2014 04:05 PM

බන්දුල පෙරේරා සහතික අැත්ත. කලු කෝට්කාරයන් සල්ලි හොයන්නේ දෙපැත්ත කාලා. කියන්න ඕන අහිංසක මිනිසුන්ගෙන් සල්ලි ගරා ගෙන කන පිරිසක් කියලා. (ස)

:       0       0

රාමා Friday, 26 September 2014 08:59 AM

අද කලුකබාකාරයෝ සල්ලි වලට ඕන වැඩක් කරාවී. (ස)

:       0       0

ගංගා Friday, 26 September 2014 09:00 AM

සල්ලි වලට අම්ම වුනත් පාවා දෙයි. (ස)

:       0       0

සරත් Friday, 26 September 2014 08:58 AM

මෙයාලට ඉතින් උගන්නන්නෙම බොරු කියන්න නේ. ඉතින් කොහෙන් සල්ලි ලැබුනත් කමක් නැහැ .වරද පෙනී පෙනී උනත් මෙයාල වරදක් නැහැ කියයි. රටේ වැඩි පුරාම ඉන්න දේශපාලකයොත් නීතිය හදාරපු අය.එම නිසා දෙගොල්ලන්ගේම වැඩි වෙනසක් පෙනෙන්න ඇත්තෙම නැහැ.බොරුව,කපටි කම සියල කැටි වෙලා තියෙනවා. (ස)

:       0       0

රාම් Friday, 26 September 2014 08:59 AM

මෙයාලට ආරක්ෂාව දෙන්න නේ අපේ මහජන මුදලින් පඩි ගෙවන්නේ, සංගමේ සබාපති වැරදි වැඩක් කරලා ආරක්ෂාව ඉල්ලුවම රටේ මුදල් වලින් පඩි ගන්න පොලිසිය යන්න ඕන ආරක්ෂාව දෙන්න. (ස)

:       0       0

සුනිල් Friday, 26 September 2014 09:03 AM

ඕනෑම සැකකරුවකුට නීතිඥ සහය ලැබීමේ අයිතිය සහතික කල යුතුයි. (ස)

:       0       0

අසේල Friday, 26 September 2014 04:15 PM

මිනිස්සුන්ටත් වෙන වැඩ නැහැනේ (දී)

:       0       0

ගමගේ Friday, 26 September 2014 04:17 PM

අපි වැඩකට ඇති දෙයක් ගැන කතා කරමුද (දී)

:       0       0

සදරාන Friday, 26 September 2014 09:11 AM

කුඩා දරුවා පැහැරගත්තු මහා මොලකරුට වෙන දේ මුළු රටේම ජනතව බලාගෙන ඉන්නවා . අපිට වැඩෙක් නෑ අනෙක් දේවල් වලින්. පොඩි දරුවෝ හොරකන් කරලා , මරන්න හදපු එවුන්ට උදව්කරන එක කොච්චර සර්වසදරානත්වයේ මුලධර්මයට එකඟද කියල බලන්න කියල දරුවෝ ඉන්න රටේ බෞද්ධ ඇතුළු සියලු ආගම අදහන සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතා බලයට සියලු දේ යටත් බව කවුරුත් දැනගන්න ඕන. (ස)

:       0       0

ගමගේ Friday, 26 September 2014 04:17 PM

පිටිගලගේ කතාව හරි (දී)

:       0       0

පිටිගල Friday, 26 September 2014 04:15 PM

සමහර නීතිඥ මහත්තුරු ඉන්නවා පැමිණිල්ලට පෙනී ඉන්නේ නැහැ. විත්තියට විතරයි, විත්ති කාරයා නිදහස් කරගන්න ක්‍රම සහ විධි එතුමා දන්නවා. ස්ත්‍රී දූෂණ නඩුවක් දෙන්න කැමැත්තෙන් උනා කියලා තර්ක විතර්ක, හරස් ප්‍රශ්න , අඩි හප්පාකරන බිය ගැන්වීම්, තර්ජන මගින් විත්ති කරු නිදහස් කර ගන්න පුළුවන් , ඒ ක තමයි නීතිය, ගාස්තුව ලක්ෂ කීපයක්........ අසරණ උන කාන්තාව පැමිණිලි කූඩුවේදී තවත් අසරණ වෙනවා, අහන ප්‍රසන වලින් ලජ්ජාවට පත් වෙනවා, එතකොට වචන පැටලෙනවා. ඒක තමයි එතකොට නීතිය බවට පත් වෙන්නේ. අන්තිමට අගතියට පත් උන පාර්ශවයට තියෙන්නේ දිවිනසා ගන්න විතරයි, ඇයි සමාජයට මුහුණ දීමේ අපහසුව? (දී)

:       0       0

තරංග Friday, 26 September 2014 09:11 AM

නීතිය බල්ලට ගිය රටේ නොමිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නන්ට මුදල් වෙනුවෙන් කල නොහැක්කක් නොමැත. (ස)

:       0       0

චන්දිම Friday, 26 September 2014 09:12 AM

ලෙඩා මලත් බඩ සුද්දයි. (ස)

:       0       0

සෑම් Friday, 26 September 2014 09:17 AM

නීතිඥයන් හට තමන්ගේ සේවා දායකයා වෙනුවෙන් පෙනී ඉන්න අයිතියක් තියන බව මම පිලිගන්නවා.ඔවුන්ට හිරිහැර කිරීම වරදක්. නමුත් ළමයෙකු පැහැරගෙන කප්පම් ගැනීමට උත්සාහ කරපු කෙනෙක් වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥ වරුන් සමාජයෙන් ගැරහුම් ලැබීම බලා පොරොත්තු විය යුතුයි. (ස)

:       0       0

අනුපම Friday, 26 September 2014 09:19 AM

ඔය විරෝධයට මම ත් එකඟයි. ඕක නීතීඥයින් ගේ බඩ ගෝස්තරය සඳහා නෙවෙයි කියල කියන්න නම්, මේ මහත්වරු දරුව පැහැර ගැනීමට එරෙහිව ත් විරෝධතාවක් කරල පෙන්වන්න බලන්න. මොකද කවුරු කරත් මෙතන පැහැර ගැනීමක් වෙලා තියෙනවනෙ, ඒකෙ සැකයක් නැහැනෙ. (ස)

:       0       0

රිචි බාලසුරිය Friday, 26 September 2014 04:55 PM

පිටිගල මහතාගේ කතාව දහස් වටිනවා , කිසි කෙනෙකු නොලියපු සත්‍ය සිද්දීන් එහි ගැබ්ව තිබෙනවා , ලංකාදීපයට අවශ්‍ය පිටිගල වෙනි අයගේ ප්‍රතිචාර , අපිට ඉගෙන ගන්නට සිහියට ගන්නට ගොඩක් දේවල් ඒවායේ තිබෙනවා . මෙවන් දෙයක් අපිට ලබා දීම ගෙන ලංකාදීපයට ගොඩාක් ස්තුතියි (දී)

:       0       0

සමන් Friday, 26 September 2014 09:19 AM

කළු පාට ඇදුම් අදින අය තමයි නියම මිනි කාක්කෝ. (ස)

:       0       0

චමින්ද Friday, 26 September 2014 09:24 AM

දරුවාගේ පියා ඉල්ලගෙන කෑවා.ඔන්න බලන්න සැකකරුවෝ ගොඩින්ම නිදහස් වෙනවා.එහෙම නැත්නම් දඬුවම ඉතා ලිහිල් එකක් වෙනවා.මොකද මම එහෙම කියන්නේ,සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට ආ නීතිවේදීන් පිරිස දැකලයි. (ස)

:       0       0

මිනිපෙ Friday, 26 September 2014 05:01 PM

ඕනෑම විත්තිකරුවෙකුට පෙනී සිටීමට මේ මහත්වරුන් බැදී සිටිනවා.උසාවියේ නිගමනයක් දෙනකම් ඕනෑම කෙනෙක් වැරදිකරුවෙක් නොවේ. (දී)

:       0       0

ගමගේ Friday, 26 September 2014 09:27 AM

මේ ගොල්ල හදන්නේ මහා පොලොව නුහුලන අපරාධයක් කල එවුන් බේරා ගන්න නේද? මේ ගොල්ලන්ගේ දරුවෙක් පැහැර ගත්තනම් කොහොමද හැසිරෙන්නේ? සල්ලි තන්හාව ඉහ වහ ගිය ජාතියක්. (ස)

:       0       0

ෆර්නෑන්ඩු Friday, 26 September 2014 09:29 AM

රටේ නීතිය නම් බල්ලට ගිහින්. එ්කයි මේ ඔක්කොම ප්‍රශ්න. අපරාධ කරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි. (ස)

:       0       0

උඩුමලගල ගමගේ Friday, 26 September 2014 09:38 AM

මේ වෙලාවට තමයි හිතෙන්නේ පොලීසියේ මහත්වරු ආයුධ පෙන්නවීම හොඳයි කියලා. සල්ලි පෙන්න්නුවාම ඕනෑම අපරාධ කාරයෙක් වෙනුවෙන් පෙනී සිටීමද නීති වේදියා කියන්නේ. (ස)

:       0       0

ලකී දොඩන්ගොඩ Friday, 26 September 2014 09:40 AM

නීති වේදීන් නඩු වලට පෙනී සිටීමට විරුද්ධව ඔවුන්ට ගැසිම හෙළා දකිමි , එහෙත් බහුතර නීති වේදීන් තම සාක්කුව මුදල් වලින් පුරවා ගැනිමට , අහිංසක මිනිසුන් රවටමින් නඩු කල් අරිමින් සහ යුක්තිය නොව සල්ලි මත කටයුතු කිරීමත් හෙළාදකිමි. (ස)

:       0       0

සාලිය Friday, 26 September 2014 05:31 PM

මිනිස්සු හැසිරෙන්න ඕනේ මිනිස්සු විදිහට ඒකයි මේ හැමදේකටම මුල (දී)

:       0       0

සිසිර කුමාර Saturday, 27 September 2014 05:01 PM

මේකන් විදවන්නේ පොඩි එකා (දී)

:       0       0

ප්‍රියංකර Friday, 26 September 2014 09:49 AM

මේ නීතිඥයින්ට බනින එපා (දී)

:       0       0

ප්‍රසන්න Friday, 26 September 2014 09:53 AM

මෙතන වරද කරලා තියෙන්නේ පහර දුන් මිනිස්සු (දී)

:       0       0

අමාලි Friday, 26 September 2014 06:37 PM

මේ අය ඇත්ත නැත්ත කරනවා. නැත්ත ඇත්ත කරනවා. සාමාන්‍ය මිනිසුන් නීතිය අතට ගන්න යනවා. රටේ නීතියක් කියලා දෙයක් තිබියදී‍,දරුවාගේ පැත්තේ අය ප්‍රශ්නය නීතියෙන් විසඳනතුරු නොසිට මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 26 September 2014 10:04 AM

ස්වාභාවික යුක්තිය පිලිබඳව ලොවම පිළිගත් මුල ධර්මයක් තමයි 'දෙපැත්තම අසනු' කියන්නේ. විනිසුරුවරයෙක් හෝ ඕනෑම තීන්දුවක් දෙන තැනැත්තෙක් මේ මුල ධර්මය පිළිපැදිය යුතුයි. ඒ වගේම ඕනෑම පුගලයෙකුට තමන්ම හෝ නීතිඥයන් මගින් කරුණු දැක්වීමට වෙනස් කල නොහැකි අයිතියක් තිබෙනවා. නීතිය අතට ගෙන, යුක්තියට හරස් කපපු මේ කට්ටියට විපාකත් ලැබෙයි. දැනටමත් ටිකක් ලැබිල. (දී)

:       0       0

අජිත් Friday, 26 September 2014 07:01 PM

ඔය කියන නීතිඥයෙක්ගේ දරුවෙකුට මෙහෙම වුණා නම්? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 26 September 2014 10:21 AM

කළු කෝට් මාෆියාව ,....මෙයාලට වෙනම අපායක් තියෙනවලු (නදී)

:       0       0

වාසනා Friday, 26 September 2014 07:44 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා? (නි)

:       0       0

සුමිත් බංඩාර දිසානායක Friday, 26 September 2014 10:28 AM

මේකයි රටේ තත්වය. දරුවෝ ඉන්න දෙමව්පියෝ එහෙම හැසිරෙන එක සාදාරනයි (නදී)

:       0       0

සමන් Friday, 26 September 2014 10:33 AM

අද රටේ සල්ලි, බලය තියනවා නම් ඕනේ බලු වැඩක් කරලා නීතියෙන් නිදහස් වෙන්න පුළුවන්. හේතුව ඕනෙම ඇත්තක් බොරුවක් කියල උසාවියේ තර්ක කරලා පෙන්නන පුළුවන් නීතිඥයන් අද සල්ලි වලට ගන්න පුළුවන්. එ්ක නිසා තමයි අද ජනතාව උසාවියට නොයා නිතිය අතට ගන්න හදන්නේ. (නදී)

:       0       0

අමිල Friday, 26 September 2014 08:43 PM

කල්පනා කරලා බලද්දී, අපේ නීතියෙන්ම තමයි පාතාලය බිහිවෙලා තියෙන්නේ (නි)

:       0       0

චාමික Friday, 26 September 2014 10:42 AM

නීතීඥයන්ගේ කාරිය විත්තිකරුවන් හා පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම. එම ඉල්ලීම් හෝ කරුණු දැක්වීම් පිළිගැනීම හෝ බැහැර කිරීම අධිකරණයේ කාරිය. තමුන්ගේ කාරිය නොකර, අනුන්ගේ කාරිය කරන්න ගියාම තමයි හිරේ වින්ගුවේ වැටෙන්න වුනේ. නීතියේ සාධාරණය ගැන මේ අයට විශ්වාස නැති කම තමයි මේකෙන් පෙන්නේ. (දී)

:       0       0

සෙනාධීර Friday, 26 September 2014 10:56 AM

මේකත් ජිනිවා ගෙනියන්න පුලුවන්ද බලනවා වගේ. (නදී)

:       0       0

සුනෙත් Friday, 26 September 2014 10:55 AM

මේ වගේ යක්කු ඉන්න නිසානේ මේ මහතුරුන්ට කියක් හරි හොයාගන පුළුවන්.. (දී)

:       0       0

සමන්ත Friday, 26 September 2014 09:03 PM

කලුකෝට් කට්ටිය ගැන ජනතා අප්‍රසාදය කොපමණද? අපි කලබල වියයුතු නැහැ. (නි)

:       0       0

නන්දිත Friday, 26 September 2014 11:03 AM

මනුස්සයෙක්ට ගහනවා කියන්නෙත් අපරාධයක් (දී)

:       0       0

ශානක Friday, 26 September 2014 11:12 AM

මේ මිනිස්සු හරි මම වරදක් දකින්නේ නැහැ (දී)

:       0       0

නයනජිත් Friday, 26 September 2014 11:20 AM

දරුවා උස්සපු එක හොදද (දී)

:       0       0

සේන Friday, 26 September 2014 11:22 AM

නීතිඥයන්ට විරුද්දවීම කොහොමත් අනුමත කරන්න අමාරුය, නමුත් මේ සිද්දවෙනදේ ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා. (දී)

:       0       0

මහේෂ්‍ Friday, 26 September 2014 11:03 PM

මට නම් මේ අය පෙන්නන්න බැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 12:29 AM

සම්පත්, ඔයා අපිට මෝඩ කතා කියන්න එපා. හොර වැඩකරන්න උගන්වන්නේ නැහැ. නමුත් එළියට ඇවිල්ලා කරන්නේ හොර වැඩ. අපිට ඔය බණ කියන්න එපා. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 12:31 AM

මෙහි තිබෙන අදහස් කියෙවුවහම කළු කෝට්කාරයින්ගේ පවුල් වල අයට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති (නි)

:       0       0

සිල්වා Friday, 26 September 2014 11:36 AM

ගහපු එකනම් මම අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 September 2014 12:31 AM

මිලින්ද, ඒ වෙන රටවල් වල. මෙහෙ තිබෙන සැළකිල්ල මෙහි ඇති අදහස් වලින් බලාගන්න. (නි)

:       0       0

අසාද් Friday, 26 September 2014 11:43 AM

පෙනෙනවා නේද කට්ටියගේ තරම? (නි)

:       0       0

අසාද් Friday, 26 September 2014 11:45 AM

බමුණු, ඔයා හරියටම හරි (නි)

:       0       0

පද්මිණි Friday, 26 September 2014 11:50 AM

අනේ! අපි නොදන්නා නීතිවේදීන්. දරුවාගේ අම්මා මම වුණා නම් මම අදත් ගහනවා (නි)

:       0       0

චන්දන Saturday, 27 September 2014 12:05 AM

සමහර නීතිවේදීන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 27 September 2014 12:12 AM

මේකේ අදහස් පමණක් නොවෙයි,අන්තර්ජාලය පුරා සොයා බලන්න නීතිඥයින් ගැන හොඳ කතාන්තර කොපමණ තිබෙනවද කියා. තිබෙන හැම කතාවක්ම ඔවුන් උපහාසයට ලක්කළ ඒවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 27 September 2014 12:15 AM

"ඕනෑම විත්තිකරුවෙකුට පෙනීසිටීමට මේ මහත්වරුන් බැඳී සිටිනවා. උසාවියේ නිගමනයක් දෙනකම් ඕනෑම කෙනෙක් වැරදිකරුවෙක් නොවේ" ඕක අපි නොදන්නා දෙයක් නොවේ. ප්‍රශ්නය වෙන්නේ අපි දන්නා විත්තිකාරයින් මේ අය නිසා නිවැරදිකාරයින් වෙන එකයි. (නි)

:       0       0

ආසිරි Friday, 26 September 2014 12:04 PM

රටක නීති ක්‍රමය පිළිබඳ මිනිසුන්ගේ පවතින දැනුවත්කම මෙහි පළකර ඇති බහුතරයක් අදහස් වලින් පෙනෙන අතර නීතිය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම වහාම කළ යුතු අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 27 September 2014 12:14 AM

"ඔවුන් ගැන දන්නේ එම රැකියව කරන අය සමඟ ඉන්නා අය පමණි. මමත් එහෙම කෙනෙකි" හරියට හරි. මමත් එහෙම කෙනෙකි (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Saturday, 27 September 2014 12:16 AM

ඕනෑම අපරාධකාරයෙකුට හෘද සාක්ෂියට එරෙහිව තමාගේ ගතමනාව සරිකර ගැනීමට ඇත්ත කණපිට හරවා නිදහස් කරගන්නා වූ අයද නීතිවේදීන් අතර ඇත . මම යුක්තිය සාධාරණය ඉටුකරන නීතිවේදීන්ට ආචාර කරමි. (නි)

:       0       0

චන්දන Friday, 26 September 2014 12:24 PM

සල්ලි වලට ඕන දෙයක් කරනවා කියලා කියන්නේ නීති වෘතිය ගැන මෙලොදෙයක් නොදන්නා මිනිස්සු (දී)

:       0       0

නුවන් Sunday, 28 September 2014 02:17 AM

ජයවේවා (දී)

:       0       0

නිමල් Friday, 26 September 2014 12:31 PM

මම නම් කියන්නේ මේ අය නැත්තම් රටේ අපරාධත් අඩුවෙනවා කියලයි (නි)

:       0       0

පුබුදු Friday, 26 September 2014 12:36 PM

මොවුන් තමයි වැරදි වැඩ නිවැරදි කරන්නේ (නි)

:       0       0

සමන් Saturday, 27 September 2014 02:09 AM

බුදු දහම අනුව බොරුවේ විපාක කල්ප ගණනක් අපායේ දුක්විදින පාප කාර්ම බව නීති වේදීන් දන්නේ නැහැ (දී)

:       0       0

බුද්ධි Friday, 26 September 2014 12:54 PM

මේ රටේ ප්‍රධාන වෘත්තීන් 4ක් තිබෙනවා වරලත් ගණකාධිකරන , නීතිය, වෛද්‍ය, ඉංජිනේරු... මේ කිසිම කෙනෙකුට සමාජයට අහිතකර ක්‍රියා වල නිරතවෙන්න බැහැ. මෙයාලා තමන්ගේ ලොකුකම් අහිංසක මිනිසුන්ට පෙන්නන්න යන්න ඕනෑ නැහැ. රටේ ජනතාව අහිංසක බව මතක තබා ගතයුතුයි. මේ අය සමාජයට සේවය මෙන්ම ආරක්ෂාව ලබාදීම කළ යුතුයි. (නි)

:       0       0

චිත්‍රා Saturday, 27 September 2014 02:47 AM

මේ අයට ගහන්න බූවලු තිබුනා නම් එකක් එවනවා මම (නි)

:       0       0

ටෝනි Friday, 26 September 2014 12:58 PM

මේක පුදුම වැඩක්නේ දැන් බලනකොට! (නි)

:       0       0

ඇන්ඩෲ Friday, 26 September 2014 01:02 PM

මෙයාලා මේ උත්සාහ කරන්නේ අද ගැන හිතලා නෙමෙයි. තමන්ගේ අනාගතය ගැන හිතලා. මොකද මෙයාලට වැඩි වැඩියෙන් ලැබෙන්නේ අපරාධකාරයින්ගෙන් මිසක් සාධාරණ මිනිසුන්ගෙන් නෙමෙයිනේ (නි)

:       0       0

සාලිය , මහව. Saturday, 27 September 2014 02:48 AM

නීතිවේදීන් කියන්නේ හෘද ශාක්ෂියක් නැති පිරිසක් කියන එක වෙනම දෙයක්. නමුත් අපරාධයකදී දෙපිරිසටම එක සමාන ලෙස අධිකරනයේ කරුණු දක්වන්න අවස්ථාව දෙන්න ඕනෑ. එතකොට තමයි නිවැරදිවම කවුද අපරාධකරු කියන එක ඔප්පු වෙන්නේ. එවිට මොන දඩුවමක් දුන්නත් කිසිවෙකුට මොනවත් කියන්න බැහැනේ. එහෙම නොවුණොත් මේ රටත් තලෙයිබාන්,අල්කයිඩා, අයි.එස්.අයි.එස්. ලා රජකරන තැනක් වගේ වේවි. (නි)

:       0       0

ජෙරාඩ් Friday, 26 September 2014 01:08 PM

ආසිරි, සුද්දන්ට පින්සිද්ධ වෙන්න ලංකාවේ නීතිය හරියට නීති පොත් වල තියනවා. ගැටලුව තියෙන්නේ නීතිය ක්‍රියාත්මක විමෙයි. සමහර නීතිඥ මහත්වරු බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න කරන පහත් වැඩ නිසයි වැඩිපුර එම තත්වය ඇතිවෙලා තියෙන්නේ. මෙතන මේ මිනිස්සු වැඩි දෙනා අදහස් දක්වලා තියෙන්නේ ඒක ගැන මිසක් ලංකාවේ පවතින නීති ක්‍රමය ගැන නෙමෙයි. (නි)

:       0       0

නිලන්ත Saturday, 27 September 2014 02:51 AM

මගේ අත්දැකීමේ හැටියට 99% ක් නීතිවේදීන් සල්ලි පසුපස දුවන නීතිය අවනීතිය කරවන ජාතියේ අය. නමුත් මම අනිත් 1% ට ගරු කරනවා . (නි)

:       0       0

රත්නායක Friday, 26 September 2014 01:20 PM

ගමගේ, ඔයාගේ කතාව හරි. මෙයාලගේ දරුවෙක් පැහැරගත්තා නම් මෙයාලා මොනවා කරයිද? නීතිවේදීන් ඕනෑම අපරාධකාරයෙක්ව නිදහස් කරන්න කටයුතු කරනවා සල්ලි වලට (නි)

:       0       0

ටෙනිසන් Saturday, 27 September 2014 03:06 AM

පිටිගලගේ කතාව නම් සහතික ඇත්ත.සමහර නීතීඥයින්ට හිතක් පපුවක් කියා දෙයක් ඇත්තෙම නැහැ. සමාජයට විනකරන, අනාගත පරපුරක් වනසන කුඩු වෙළෙන්දෝ බේරගන්න එකයි මිනීමරන අතර වෙනස මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 906 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 423 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 926 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3352 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 604 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 236 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site