IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ගේල්ගේ වාර්තාගත ඉනිමෙන් (175*) බැංගලෝර් පිලට දැවැන්ත ජයක්

අයි. පී. එල්. තරගාවලියේ 31 වැනි තරගය ලෙස පූනේ වොරියර්ස් පිල සහ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල අතර අද (23 වැනිදා) පැවති තරගයේදී පූනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 130 ක දැවැන්ත ජයක් ලබාගැනීමට බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ කි‍්‍රස් ගේල්ගේ ශතකය සඳහා වැයවී තිබුනේ පන්දු 30 ක් පමණි. ඉන් නොනැවතුන ගේල් පන්දු 66 කදී නොදැවී ලකුණු 175 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 17 ක් සහ හතරේ පහර 13 ක් ද සමගිනි.

ගේල්ගේ පිත්තෙන් රැස්වුණ මෙම වේගවත් ලකුණු 175, මෙවර අයි. පී. එල්. තරගාවලියේදී වාර්තා වූ දෙවන ශතකය වන අතර එදා මෙදා තුර අයි. පී. එල්. ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වැඩිම ලකුණු ප‍්‍රමාණය ලෙස වාර්තා පොත් වලට එකතුවිය.

තවද විස්සයි/20 තරගයකදී කී‍්‍රඩකයෙකු ලබාගත් වැඩිම හයේ පහර සංඛාව සහ හතරේ පහර සංඛාවද මෙයයි.  

ගේල් (175) සහ ඩිල්ෂාන් (33) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 82 කදී ලකුණු 167 ක සම්බන්ධතාවය ගොඩනැගීමට සමත්වූහ.

17 වැනි  ඕවරයේ පිටියට පිවිසි ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 8 කට පමණක් මුහුණ දී වේගවත් ලකුණු 31 ක් රැස්කරමින් ගේල්ට අගනා සහයක් ලබාදුන්නේය. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හතරේ පහර 3 ක් ඇතුළත්විය.

බැංගලෝර්  රෝයල් චැලෙන්ජර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 කට 263
(කි‍්‍රස් ගේල් නොදැවී 175, තිලකරත්න ඩිල්ශාන් 33, විරාට් කෝලි 11, ඒ. බී. ඩිවිලියර්ස් 31, අශෝක් ඩින්දා 48/2)  

පූනේ වොරියර්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 කට 133
(එරොන් ෆින්ච් 18, යුවරාජ් සිං 16, ස්ටීවන් ස්මිත් 41, මිචෙල් මාර්ෂ් 25, මිතුන් මැනස් නොදැවී 11, කි‍්‍රස් ගේල් 5/2, රවී රාම්පාල් 21/2, ජාදේව් උන්කඞ් 38/2)

(**)



අදහස් (0)

ගේල්ගේ වාර්තාගත ඉනිමෙන් (175*) බැංගලෝර් පිලට දැවැන්ත ජයක්

වරුණ Tuesday, 23 April 2013 05:08 PM

මේ සැරේ නම් මෙයාලට ගැලවෙන්න බැහැ වගේ..!(නු)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 02:09 PM

මදුරංග, අපේ 11 දෙනා 2013 කොතනද ඉන්නේ කියලා බලන්න. ගේල්ගෙන් අපිට වැඩක් නැහැ. අපේ ජාති කණ්ඩායමේ ඊළඟ තරග වලදී මෙය හොඳට බලපාවි. අපිට අයගේ ක්‍රිකට් අමුතුවෙන්ම ගොඩ ගන්න ඕනෑ. සල්ලි මත්තෙම දුවන අපේ ක්‍රිකට් සහ ඊට අනුබල දීපු අයට මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 April 2013 02:17 PM

මදුරංග ස්තුතියි. ඇගේ සවියෙන් ගහන්නත් ක්‍රිකට් තාක්ෂණය ඕනෑ. අයි.පී.එල්. ගහන අය (20/20) තාක්ෂණයටම ගහන්නේ නැහැ. අයි.සි.සි. ගැන නෙමෙයි අයි.පී.එල්. ගැනයි මම මේ කියන්නේ. අපේ අයව කපලා ගේල් ගැන කියනවත් නෙමෙයි (නි)

:       0       0

යොහාන් Tuesday, 23 April 2013 05:51 PM

අපේ දෙන්නා බැංකුවේ ඉන්න එක හොඳයි , නැත්නම් අද ඇතිවෙන්නම කනවා. (නි)

:       0       0

කාංචන Wednesday, 24 April 2013 02:40 PM

මදුරංග හරි , ගේල් අතපය විසිකරලා ගහන ගැහිල්ල හොද සැලැස්මකින් පන්දු යවන්නෙකුට ලේසියෙන් නවත්තන්න පුළුවන්. එත් 20\20 සැලැස්මක් ක්‍රියාත්මක කරන්න අමාරු තරග රටාවක්.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 24 April 2013 10:17 AM

මදුරංග, එහෙම නම් හැමකෙනාටම ලකුණු ගන්න බැරි ඇයි? දිල්ෂාන් 30කදී දැවී ගියේ කොහොමද? ජාතික කණ්ඩායමට තේරුණු පලියට දක්ෂයෝ වෙන්නෙ නැහැ. (නි)

:       0       0

නුවනි Wednesday, 24 April 2013 10:37 AM

ඇතිවෙන්නම කනවා මේ පාර නම්. (නි)

:       0       0

විරාජ් Wednesday, 24 April 2013 03:28 PM

මදුරංගගේ තර්කය හරි,ගේල් දක්ෂයෙක් කියල පිලිගන්නවා අපිත් ඕන තැනක. 20/20 තරගයක මුලින් ගහන කණ්ඩායමට පීඩනයක් නැතුව ලකුණු රැස් කරන්න පුළුවන්. ඕවරයක් දෙකක් සෙට් උනාම ෆෝම් එකට ගහන්න පුළුවන්. ක්‍රිකෙට් දන්නේ නැත්නම් කතා නොකර ඉන්න අසංක වගේ කට්ටිය. එත් අපේ සඟල සනත්ලා අරවින්දලා ඕන පිඩනයක සෙල්ලම් කරන්න පුළුවන්. ඕන නම් අයි පි එල් හරි 20/20 ඕන තරගයක් හරි ඕනෑම 50/50 තරගයක උනත් ගේල් ලකුණු ගත්ත අඩුයි දෙවැනි වර පහර දෙනකොට,මතකනේ ලංකාවේ තිබ්බ අවසාන එක, මතකද සුපර් ඕවරය මේ පාර තිබ්බ, ලකුණු 20 දාගන්න බැරි උන ගේල්ට,එක නිසා මේක සුපිරි ඉනිමක් කියන්න බැ,.(නදී)

:       0       0

කුරුවිට Tuesday, 23 April 2013 07:59 PM

අපේ කට්ටිය නොහිටපු එකමයි හොද. (නි)

:       0       0

ශාන්ත Tuesday, 23 April 2013 08:08 PM

හොද වැඩේ අපේ කට්ටියට. (නි)

:       0       0

සදුන් Wednesday, 24 April 2013 11:04 AM

පුරුවේ පිනකට මැතිව්ස් නායකයා නොවුණේ. (නි)

:       0       0

උදාර වඩුෙග් Wednesday, 24 April 2013 04:01 PM

මදුරංග 100%ක් හරි. නායකයෙක් වත් නෑති ටිම් එකකට කොහෙද ගේම් ප්ලෑන් එකක්. ඔහේ බොල් කරා. ලුක් වයිට්ට ඕවර් 4ටම ලකුණු 28. අනිත් අයට? ගෙල් මේ විදිහට චෙන්නායි,මුම්බායි වලටත් ගෑහුවොත් අන්න නියම වෑඩ්ඩා.(නදී)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 11:42 AM

නියම මනුස්සයෙක්නේ. ගේල්ට අපේ අයත් මනා සහයෝගයක් ලබා දුන්නා (නි)

:       0       0

අනුර Wednesday, 24 April 2013 12:11 PM

හොඳ වෙලාවට මෙතන හිටියේ නැත්තේ නැත්නම් ජයලලිතා පිස්සු වැටෙයි.(නදී)

:       0       0

නීල් Wednesday, 24 April 2013 05:03 PM

මදුරංග සහ උදාර, දක්ෂයට දක්ෂයි කියන්න පුරුදු වෙන්න. එහෙනම් ඉතින් අපේ අයටත් ගහන්න පුළුවන්නේ. මොකද අපේ අය සෙල්ලම් කරනකොට ජාත්‍යන්තර ක්‍රීඩකයෝ විතරද පන්දු යවන්නේ? (නි)

:       0       0

රොෂාන් Wednesday, 24 April 2013 12:39 PM

අපේ ලංකාවේ කොල්ලෙක් ගේල්ටත් වඩා හොදට සෙල්ලම් කරලා තියෙනවා http://www.espncricinfo.com/england/content/story/309582.html (නි)

:       0       0

මධුරංග Wednesday, 24 April 2013 12:53 PM

චන්ද්‍රසිරි, ඔයාගේ තර්කය හරි. නමුත් ගේල් සෙල්ල්ම් කරන්නේ ඈගේ පතේ හයියෙන් මිසක් තාක්ෂණයෙන් නෙමෙයි. නමුත් ක්‍රිකට් කියන්නෙ ශක්තිය වාගෙම බුද්ධිය යොදවලා කරන ක්‍රිඩාවක්. ඒකයි මහේල,සංගා,ඩිල්ශාන් අයි.පි.එල් අසාර්ථක වුණත් අයි.සි.සි තරග වල ඉදිරියෙන් ඉන්නෙ. ක්‍රිස් ගේල් කොතනද ඉන්නෙ.? (නි)

:       0       0

අසංක Wednesday, 24 April 2013 01:08 PM

මදුරංග, මෝඩ තර්ක ගෙනෙන්න එපා. දන්නේ නැති දේවල් කියන්න එපා. (නි)

:       0       0

මධුරංග Wednesday, 24 April 2013 01:17 PM

අසංක, ඔයාට ඒක මෝඩ තර්කයක් වගේ පේන එක මට පුදුම නැහැ. ඔයාගෙ ක්‍රිකට් දැනුම මට තේරෙනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 24 April 2013 08:07 AM

හොද වෙලාවට මැතිව්ස් එළියේ හිටියේ. (නි)

:       0       0

චරිත් Thursday, 25 April 2013 01:39 PM

මොනවා වුණත් ගේල් ශක්තිමත්,දක්ෂ වගේම තාක්ෂණයෙන් පිරුණු ක්‍රීඩකයෙක්.දැන්වත් පූනේ වොරියස් කන්ඩායමේ නායකත්වයට ස්ටීවන් ස්මිත් දැම්මොත් හොඳයි නේද?මොකද යුවරාජ්ට බැරිවුණාට ගිය පාර ස්ටීවන් ස්මිත් නායකකම දරලා ජයග්‍රහණ අරන් දීලා තියෙනවා. (නි)

:       0       0

නිලන්ත Tuesday, 23 April 2013 04:33 PM

ලංකාවට ලැජ්ජා නොකර දැංවත් එන්න..!(නු)

:       0       0

ලාල් Tuesday, 23 April 2013 04:38 PM

අනේ හොඳයි... ඔහොම යමුකෝ... (ස)

:       0       0

සිල්වා Thursday, 25 April 2013 09:00 AM

මදුරංග, බලන්න පුනේ කණ්ඩායමේ හිටපු කට්ටිය ගැන. ඒ කණ්ඩායමේ කි දෙනෙක් ඉන්නවද කියලා. රටවල ජාතික කණ්ඩායම් වලට හිටපු කට්ටිය බෝල් කළේ නැති වුණාට යුවරාජ් සිංග් පුනේ කණ්ඩායමේ හිටියා. (නි)

:       0       0

සිරි Wednesday, 24 April 2013 09:22 AM

ක්‍රිස් ගයාලේ ගහන්න පටන්ගත්තම අනිත් අය නවත්වන්න ගොඩක් අමාරුයි.(නදී)

:       0       0

මධුරංග Wednesday, 24 April 2013 09:23 AM

කි‍්‍රස් ගේල් දක්ෂයි.ඒක ගැන විවාදයක් නැහැ. නමුත් ඹහු මේ ශතකය ලබා ගත්තේ ඉන්දියාවේ ජාතික කණ්ඩායමටවත් සෙල්ලම් නොකරපු පන්දු යවන්නන් ඉදිරියේ කියන එක අමතක කරන්න එපා. ජාතික කණ්ඩායම් කි‍්‍රඩා කරපු අයගෙන් හිටියේ අශෝක් ඩින්දා, ලුක් වයිට් විතරයි. මේකෙ ලකුණු පුවරුව දිහා ටිකක් බලන්න. එතකොට තේරේවි මේක මොන වගේ ශතකයක් ද කියලා. ඒත් අමතක කරන්න එපා සනත්,අෆ්රෙඩි ලබා ගත් ශතක ඒ වෙනකොට ලෝකෙම හිටපු දක්ෂ පන්දු යවන්නන් ඉදිරියේ ලබාගත් වේගවත් ශතක. කි‍්‍රස් ගේල් දිනක ඔහුගේ ජාතික කණ්ඩායමට මේ වගේ ශතකයක් ලබා ගත් දවසක අපිට ඈත්තටම සතුටක් ලබන්න පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 212 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 300 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 271 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 262 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 179 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38513 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site