IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ගිලන් භික්ෂු මධ්‍යස්ථාන විදුලිය ලැබේ

(කේ. බුද්ධික කුමාරසිරි)

මාස තුනක විදුලි බිල්පතක් ගෙවීමට නොහැකිවීම නිසාවෙන් ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි මාපිය අමිලසිරි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයෙහි විසන්ධි කර තිබූ විදුලි සම්බන්ධතාවය නැවත අද (08) යළි ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළ බව එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිලසිරි හිමියෝ පැවසූහ.

අදාල ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලි විසන්ධි කිරීම නිසාවෙන් ඇතිවූ අපහසුතා පිළිබදව අද (08) දින ලංකාදීප පුවත්පතේ පල වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීමෙන් යළි විදුලි සම්බන්ධතාවය ලැබුණු බවද උන් වහන්සේ පැවසූහ.

තවද දිවයිනේ විවිධ ප්‍රදේශවල පරිත්‍යාගශීලින් බොහෝ දෙනෙකු ද තමන්ට දුරකතන ඇමතුම් ලබා දී විදුලි බිල්පත ගෙවා දැමීමට කටයුතු කළ බවත් මේ වන විට හිග තිබූ විදුලි බිල මෙන් දෙගුණයකටත් වැඩි මුදලක් විදුලි බල මණ්ඩලය වෙත මුදල් ගෙවා ඇති බවද උන් වහන්සේ පැවසූහ.

 



අදහස් (8)

ගිලන් භික්ෂු මධ්‍යස්ථාන විදුලිය ලැබේ

රංබොඩ Friday, 08 December 2023 11:49 PM

නිළධාරීන් කොටසක් මහත් අකුසල රැසක් ගොඩගහ ගත්ත අතර ලංකාදීපය බොහෝ කුසල් රැස් කරගන්නා ලදි.

:       0       0

AB Saturday, 09 December 2023 04:50 AM

විදුලිය සම්බන්දව පමණක් නොව මෙවැනි ආයතන ( ගිලන් වූ භික්ෂූන් 68 දෙනෙකු වැඩ වාසය කරන )පවත්වාගෙන යාම පිලිබදව කිසිදු රජයක් හෝ බුද්ද සාසන ඇමතිවරයකු හෝ එම අමාත්‍යාංශයක් හෝ මෙතෙක් සොයා නොබැලු භික්ෂුන් මුහුණ දෙන්නාවූ ගැටළු පිලිබදව ගිහි පැවිදි සියලු දෙනාගේ අවධානය යොමුකර පුළුල් වැඩසටහනක් දියත්කල යුතුව ඇත. පාර්ලිමේන්තුවේ සිටිනා 225 දෙනාගෙන් කිසිවකු හෝ මේ පිලිබදව කිසිදු ප්‍රකාශයක් නොමැතිව සහ පිරිත් නුල් සියයක් පමණ දවටා ගෙන සිටිනා බවුද්ද ඇමතිවරුන්ද සිටිනවු පාර්ලිමේන්තුවේ සමාජ ගැටළු මගහරිමින් දේශපාලකයන්ගේ පුද්ගලික ගැටළු සදහා මුලිකත්වය ලබාදී කතා කිරීමට පමණක් සිදුවන පාර්ලිමේන්තුවේ සිදුවන අනවශ්‍ය වාද විවාද සියලු ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් තරයේ හෙළාදකිය යුතු වේ

:       0       0

vIMUKTHI Saturday, 09 December 2023 07:08 AM

හොඳ මිනිසුන් මේක කළේ ජනාධිපති කාර්යාලය නෙවෙයි..................... මතක තියාගන්න ජනාධිපති කාර්යාලය නෙවෙයි. බිල්පත ගෙවා විදුලිය සම්බන්ධ කර ඇත. රට පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති කාර්යාලයේ සහ ඉහළ රැකියාවක සිටින බොහෝ සතුන් වෙත ගොස් ඇත.... කිසිම මනුෂ්‍යත්වයක්....මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක..රටේ සිටින ජනතාව මෙම ව්‍යාපාරය ආරක්ෂා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි අනාගතය

:       0       0

Senaka Saturday, 09 December 2023 07:20 AM

එම උතුම් සත්ක්‍රියාවට දායක වූ ලංකාදීප මාධ්‍ය ආයතනයට හදපිරි ස්තූතිය.

:       0       0

බක්කමීගොල්ල Saturday, 09 December 2023 08:26 AM

ආගමට, දහමට මේ රජය කිසිම තැකීමක් කරන්නේ නෑ. මුදල්,... මුදල්... පස්සෙම යනවා.හැමදේම මුදල් නෙමෙයි. මේ රටේ ජනතාව විශේෂයෙන් තරුණ ප්‍රජාව දැන් අන්ත අසරණ වෙලා. රැකියාවක්, අදායමක් හොයාගන්න බැරුව. විවිධ අපරාධ වලට ඒ අය නිකන්ම පෙළම්බෙනවා මේ ආර්ථික තත්වය හමුවේ. පොඩි දරුවෝ පවා හොරකම් කරනවා, කුඩු බොනවා. මේවා ගැන කිසිම හැඟීමක් නෑ කිසිම පාලකයෙකුට, නිලධාරියෙකුට. කාටද මේවා කියන්නේ. අලුත් පොලිස්පතිවත් මේවට අවධානය යොමුවෙයි කියලා පොඩ් බලාපොරොත්තු වක් තියෙනවා. එයසත් කැපිපෙනෙනෙන දේවල් විතරක් කරයි ද කියන්න බෑ. රටට, ආගමට, දහමට, ජනතාවට ආදරයක් ඇති රජයක් තමයි රටේ ගෞරවනීය ජනතාවගේ බලාපොරොත්තුව හිඟාකන පිළිවෙතින් දුරස් උන... තෙරුවන් සරණයි සැමට.

:       0       0

Samson Saturday, 09 December 2023 08:30 AM

දායකයෝ, මිනිස්සු හිඟ බිල් ගෙවනවා, ජනධිපති ලේකම්ලා එකෙනුත් ලකුණු දාල ගොඅ යනවා. අනනුන්ගේ පානෙන් එලිය ලැබීම

:       0       0

Ruwan Saturday, 09 December 2023 09:48 AM

එහෙම විශේෂත්වයක් දක්වන්න ඕනෑ කමක් නෑනේ. අනිත් මිනිස්සු වගේ තමන් පාවිච්චි කරන විදුලියට අදාල බිල ගෙවන්න දැන ගන්න ඕනේ. ගෙවල්වලත් පොඩි දරුවන් රෝගීන් ඉද්දී විදුලිය විසන්ධි කරලා යනවා...

:       1       0

Shantha - Qatar Saturday, 09 December 2023 10:03 AM

දේශපාලුවෝ මොනතරම් කුලල් කා ගත්තත් මිනිස්සු ළඟ තාම අමනුස්සකම් තියෙනවා. ඒකයි අපේ රටේ මිනිස්සුන්ගේ වෙනස. ලංකාදීප පුවත්පතට අපේ ස්තුතිය...!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 357 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 930 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1404 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 190 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 783 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site