IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ගිලන් රථයට කණකොකෙක්

ඉන්දියා රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ‘සුව සැරිය‘නොමිලේ ගිලන් රථ සේවාවේ යෙදෙන කාර්ය මණ්ඩලයට සහ ගිලන් රථ වලට ආවරණයක් සහිත නිසි ස්ථානයක් බොහෝ පොලිස් ස්ථාන තුළ නොමැති බව සුව සැරිය සේවකයෝ චෝදනා කරති.

පොලිසි 170ක් පමණ ආවරණය වන පරිදි ගිලන් රථ 100ක් පමණ යොදවා තිබේ.පැය 12 මුර සේවා යටතේ හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරියෙකු සහ හදිසි ප්‍රථමාධාර පුහුණුව ලද රියදුරකු යොදවා ඇත.කාර්ය මණ්ඩලයේ සේවකයින්ට අහාර ගැනීමටවත් ස්ථානයක් නැති බව ද කියති.

නිසි ආවරණයක් නොමැති වීම නිසා ගිලන්රථ අව්වසෙහ වැස්සට අසුවී වෛද්‍ය උපකරණ වලට හානී සිදු වෙතැයි සේවකයෝ පවසති.

මේ පිළිබදව පොලිස්පති ඇතුළු බලධාරීන් දැනුවත් කළ බවත් මෙතෙක් විසදුමක් නොලැබුණ බවත් ඔවුහු කියති.

මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදීමට කටයුතු කරන බවත් අදාළ පහසුකම් සපයන ලෙස පොලිස් ස්ථාන වලට දැනුම් දී ඇති බවත් පූජිත විජේසුන්දර පොලිස්පතිවරයා පවසයි.

DSC03294 DSC03303



අදහස් (0)

ගිලන් රථයට කණකොකෙක්

දහම් Friday, 21 October 2016 11:18 AM

අැයි මේවා පොලිසි වලට දුන්නේ. පොලිසි වලට වෙන වැඩ කොයිතරම් තියෙනවද? මේවා දෙන්න තිබුනේ රෝහල් වලට. හදිසිම වෙලාවට ඩොක්ටස්ලත් ඉන්නවා. එහෙම නොකර විකාරයක් කරලා දැන් නාගන්නවා. හැම වැඩක්ම එහෙමයි. (නි)

:       0       0

පෙරේරා Friday, 21 October 2016 02:32 AM

ඇයි අපෙන් ගන්න ජරාව... අනේ මොකටද අපේ කට! (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 02:41 AM

මේවා කොහෙද තියෙන්නේ? මම නම් දැක්කේ නැහැ ගම් වල මේවා තියනවා. නගරෙට මොකටද මේවා? නගරේ වාහන ඕනෑතරම් තියෙනවා. එ්ත් ගම් වල පොඩි රෝහල් වලට නැහැ මේවා. ලෙඩ්ඩු මැරෙනවා. තරුණයෝ මැරෙනවා. නිකන් දෙනකොට ගන්නවා. හිතන්නේ නැහැ නඩත්තු කරන හැටි. (නි)

:       0       0

හේමාල් Friday, 21 October 2016 02:58 AM

මේ පොලිස් ස්ථාන වල ස්ථානාධිපතිවරුන්ට බැරිද ප්‍රදේශයේ දානපතීන්ගේ සහය අරගෙන මේකට විසඳුමක් දෙන්න. උවමනාවක් නැතිකම තමා ..... (නි)

:       0       0

ධම්ම Friday, 21 October 2016 03:07 AM

මේවා නවත්වන ආවරණ ඉන්දියාවෙන් ඇණවුම් කරන්න පුළුවන්. ඒවා සවිකරන්න ඉන්දියාවෙන් විශේෂ පුහුණුව ලද කාර්මිකයෝ ගෙන්වන්නත් පුළුවන්. අවශ්‍යම වු‍ණොත් මේවා පිරිසිදු කරන්න පුහුණු කම්කරුවොත් ඉන්දියාවෙන්ම ගෙන්වන්න පුළුවන්. ඇයි මේවා නොකරන්නේ. (නි)

:       0       0

සජීව Friday, 21 October 2016 03:43 AM

ඔවු දැන්ම මේවා නඩත්තු කරන්න ඉන්දියාවෙන්ම කට්ටිය ගෙනෙන්න වෙයි (නි)

:       0       0

ටානි Thursday, 20 October 2016 05:16 PM

අපේ අය කවදද වැඩක් හරියට කළේ? (නි)

:       0       0

දුමින්ද Friday, 21 October 2016 07:49 AM

සමහරු නිකන් ලැබුන දේ රැකගන්නේ නැතුව ඉන්දියන් කම්කරුවෝ ගැන කතා කරනවා. පහුගිය කාලේ අපේ රට ලෝකේ තිබුණු සමෘද්ධිමත්ම දේශයනේ (නි)

:       0       0

සිල්වා Thursday, 20 October 2016 06:26 PM

මේ විදිහට මේ හදිසි ගිලන් රථ පොලිසිවල නාස්තිවීමට නොදී මේ රටවල මෙන් පළාතක් අයිතිවෙන විදිහට ස්ථානගත කර, පොලිසිය, රථවාහන සේවය, ගිනි නිවන රථ සේවය තුන් සේවයම එකට සිටිනසේ යාකොට 119 දුරකතන අංකය දමා එක පාලන ස්ථානයක් දමන්න. එම පාලන ස්ථානය ඉතා ක්‍රියාශීලි වියයුතුයි. එවිට කාහටත් ප්‍රශ්න දොස් නැති ජනතාවට මහඟු සේවයක් විය හැකියි (නි)

:       0       0

උද්දික Friday, 21 October 2016 07:55 AM

110 (ගිනි නීවීමේ සේවා ), 119 (පොලීසිය) එ්කාබද්ධ කළා නම් මීටවඩා සේවාවක් කරන්න පුළුවන්. ඇයි එහෙම නොකරන්නේ (නි)

:       0       0

කමණි Friday, 21 October 2016 08:05 AM

මේකේ වැරැද්ද සම්පුර්ණයෙන්ම තියෙන්නේ ඉන්දීය රජයෙයි. ආධාරයක් දෙනවා නම් එ්ක හරියට දෙන්න දන්නේ නැද්ද? (නි)

:       0       0

රොකී Friday, 21 October 2016 08:15 AM

ගිලන් රථ ඒ ඒ ප්‍රදේශයේ, ප්‍රාදේශීය සභාපති රජතුමාට භාරදෙන්න. සේවකයන් ටිකට එතුමාගේ මාළිගාවේ ඉඳුම් හිටුම් සැපයුවාම හරිනේ. එවිට එතුමාට වාහන ටික හයර් කරන්න පුළුවන්. සේවකයන්ගෙන් ගෙදර වැඩපල ගන්න පුළුවන්. ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් හොඳ ගතමන්ට් එකක් ක්ලේම් කරන්නත් පුළුවන් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 21 October 2016 08:40 AM

ගිලන් රථ මොකට පොලීසි වලට දුන්නද? දැන් කොහොමද ස්වාධීනව කටයුතු කරන්නේ (නි)

:       0       0

අශිකා Thursday, 20 October 2016 09:52 PM

නොමිලේ දුන් සේවාවවත් හරිහැටි පිළිවෙලකට කරගන්න බැරි මහා පුදුම ජාතියක්නේ මේ සිංහලයෝ කියන්නේ. (නි)

:       0       0

කෝලිත Friday, 21 October 2016 08:46 AM

මෙච්චර කාලෙකට බෝක්කු කටක් වත් හදාගන්න බැරි වුන ආණ්ඩුවක් කොහොමද ඔය වැඩ කරන්නේ.....(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 20 October 2016 10:04 PM

අපේ අයට නොමිලේ දුන්නා නම් ඒකේ වටිනාකමක් නැහැ. මොනතරම් රෝහල්ගත කරන්න අසාධ්‍ය ලෙඩ්ඩු ගම් වල ඉන්නවද? ඇයි මේ ග්‍රාමසේවක මහතුන්ගේ කාරුණික උදව්වෙන්වත් එවැනි ලෙඩුන්ට පිහිට නොවන්නේ? (නි)

:       0       0

අබය Thursday, 20 October 2016 11:24 PM

අලියෙකුත් දීලා හෙණ්ඩුවක් ගන්න බැරිකම.... ලැජ්ජයි! (නි)

:       0       0

සමන් Friday, 21 October 2016 09:42 AM

සිල්වා, ගැටළුවක් දකින අන්දම දෙස බලා ඉගෙනගැනීමට හැකි නම් ඉමේෂ්ට ලොව දැකිය හැකිවේවි. මෙය ඉතා ප්‍රයෝජනවත් කර්තව්‍යයකි. (නි)

:       0       0

විපුල Friday, 21 October 2016 09:48 AM

මේවාට කාටත් බැනල වැඩක් නැහැ. වැඩේ කරන්න බාරගත් අය මේ ගැන හිතලා නැහැ (නි)

:       0       0

රොහාන් Friday, 21 October 2016 12:15 AM

මෙම ගිලන්රථ සේවය අපේ රටට‍ අලුත් දෙයක්. මෙම සේවයෙන් මහජනතාවට වන සේවය ගැන පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍යයෙන් රටම දැනුවත් කළොත් මෙම සේවයේ වටිනාකම කාට කාටත් තේරුම්යයි. (නි)

:       0       0

ජයාත් Friday, 21 October 2016 01:13 AM

මට තේරෙන විදියට පොලිසි වල මේවා ගාල්කරලා තියන්න ඉඩ පහසුකම් නැහැ. මේ රටේ මේවා තියන්න වෙන ඉඩක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 285 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 548 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 874 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1491 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 505 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 956 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site