IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගිලන් රියක් තිබුණා නම් ජිවිත 4 ක් ගොඩ

හදිසි අනතුරකදි හෝ වෙනත් රෝගාබාධයකදි  ඉක්මන් ප‍්‍රතිකාර  සඳහා රෝගීන් යොමු කළ හැකි ගිලන් රථ සේවාවක් මෙරට ක‍්‍රියාත්මක නොවීම ලොකු ප්‍රශ්නයක් බව ඉකුත් 29 වැනි දා බණ්ඩාරගම ත‍්‍රිරෝද ලොරි අනතුරින් සිව්දෙනෙකු මිය යෑමෙන් තහවුරු වන බව වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඉන්දියාවෙන් ගිලන් රථ ගෙන්විම පිළිබඳව විවිධ දේශපාලන කණ්ඩායම් හා ඇතැම් සෞඛ්‍ය  ඇතැම් සංගම් නඟන චෝදනා පදනම් විරහිත බවත් එම ගිලන් රථ සේවාව මේ රටේ ක‍්‍රියාත්මක කරවීමට  ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුපියල් කෝටි සියයක පරිත්‍යාගයක් ඇති බවත් ඒ අනුව මෙම ගිලන් රථ සේවාව සඳහා ඉන්දියානුවන් කිසිවෙකුත් නොයොදවන බවත් ඉන්දියාවෙන් ගෙන්වන පුහුණු කරන්නන් සිව්දෙනෙකු යටතේ ශ‍්‍රි ලාංකිකයින් 600 ගිලන් රථ සේවාව සඳහා යෙදවීමට නියමිත බවත් ජාත්‍යන්තර ප‍්‍රමිතින්ට අනුගත මෙම ගිලන් රථ සේවාවෙන්  ජාතීක ආරක්ෂාවට තර්ජනයක් එල්ල වෙතියි කියන කතාව ප්‍රලාපයක් බවත් ඔහු කීවේය.

DSC_1645

DSC_1628



අදහස් (0)

ගිලන් රියක් තිබුණා නම් ජිවිත 4 ක් ගොඩ

විජේ Tuesday, 01 March 2016 10:52 PM

මහජනයාගේ ජීවන තත්වය උසස් කරන්න මොනවාහරි කරන්න හදනකොට ආපස්සට අදින්න මොනතරම් කතා කරනවද? ඊයේ බණ්ඩාරගම දරුවෝ රෝහලට ගෙනිච්ච හැටි දුටුවද? අපි ඕනෑ කෙනෙක් මහපාරේදී අනතුරකට ලක්වෙන්න පුළුවන්. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 01 March 2016 11:07 PM

අර කතාවක් තිබෙනවානේ නිකන් ලැබෙනවා නම් හොරි වුණත් මොකද කස කසා ඉන්න කියලා. (නි)

:       0       0

පාටලී Tuesday, 01 March 2016 11:02 AM

අපිට වාසි දේවල් විතරක් කරන්න. (ර)

:       0       0

සුදේශ් Tuesday, 01 March 2016 11:14 AM

අපිට අඩු ගිලන් රථ සේවය විතරයි. සාත්තු සේවයේ අනිත් හැම දෙයක්ම සම්පුර්ණයි. බෙහෙත් ටිත පවා අඩුපාඩු නෑ. ෆාමසිවල තියෙනවනේ. කන්න ඕන කොට කබරගොයත් තලගොයා වෙනවා. (ර)

:       0       0

උපාලි Tuesday, 01 March 2016 11:08 AM

මේ කතාව ඇත්ත. පහුගිය මාසේ රෑ මැදියම හදිසි ලෙඩෙක් ගම්පහ රෝහලට ගෙනියන්න මට සිදුවුනා. කිසිම රෝහලකින් පිහිටක් නොවුන තැන පුද්ගලික කැබ් සේවයකින් වාහනයක් ගෙන්වාගෙන පැය 3 කට පස්සෙයි ලෙඩා රෝහල් ගත කරන්න වුනේ. මේ රටේ දහස් සංක්යාත ජනතාවක් මෙයට සමාන අවස්ථාවන්ට මුහුණ දීල ඇති. (ර)

:       0       0

භද්‍රානි Tuesday, 01 March 2016 11:20 AM

බලාගෙන ගියාම මෝඩි මහත්තයා දකුණු ඉන්දියානුවන්ටවත් නැති ආදරයක්නේ අපිට තියෙන්නේ? අනේ අපි නම් ඔය ඉන්දියානු ටොපි වලට රැවටෙන්නේ නැහැ. (ර)

:       0       0

කපිල Tuesday, 01 March 2016 11:17 AM

ඉතින් ලංකාවේ ඕනේ තරම් ආයෝජකයෝ ඇති මේ වගේ සේවාවකට. ඉන්දියාව ඕනේ නෑ. (ර)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 02 March 2016 02:20 AM

ගිහාන් කාංචන, ඔයාට අනුන්ගේ දේවල් එපා නම් ඉතින් කරත්තෙන් තමයි යන්න වෙන්නේ. ලංකාවට ඛනිජ තෙල් ඉඳලා ඉදිකට්ටත් එන්නේ අනුන්ගෙන්. අනුන්ගේ දේවල් එපා කියන්න කලින් තමුන්ගේ දෙයක් හදාගෙන ඉන්න ඕනෑ. (නි)

:       0       0

උපුල් Tuesday, 01 March 2016 11:48 AM

මේකේ සිංහලෙන් තියනවා පරිත්‍යාගයක් කියල. එකවත් දන්නේ නැති අයද ඉන්නේ. (ර)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:19 AM

අවම වැසිකිළි පහසුකම්වත් සපයා නැති තමිල්නාඩු ජනතාවත් අමතක කර අපිට ගිලන් රථ සේවයක් ලබාදීම ගැන සතුටු වෙමු (නි)

:       0       0

ස්මිත් Tuesday, 01 March 2016 12:03 PM

දී කිරට බළලුත් සාක්කි කිව්වලු. (ර)

:       0       0

මහින්ද සෞදි Tuesday, 01 March 2016 12:51 PM

උපුල් ලංකාවේ හැම දෙයම නිකන් දෙන අන්දමට කතා කලාට කිසිම දෙයක් නොමිලයේ දෙන්නේ නැහැ. (ර)

:       0       0

තිලක් Tuesday, 01 March 2016 12:52 PM

අනේ උපාලි අපට මුලින්ම රුපවාහිනී විකාශන පද්ධතියක් පරිත්‍යාග කලේ ජපානෙන්. ඒ පරිත්‍යාගයේ අරමුණ ජපන් රුපවාහිනී යන්ත්‍ර විකුණා ගැනීම. මේ කෝටි සීය පොඩි සන්තෝසමක් විතරයි. ඒකත් මුදලින් දෙන්නේ නැහැ. මොනවා හරි ඉන්දියන් යකඩ ගොඩක් දෙනවා ඇත්තේ. ඒවටත් අමතර කොටස් ගන්න වෙන්නේ ඉන්දියාවෙන්. (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 01 March 2016 01:04 PM

ගිලන් රථ ගෙන්වන්න. ප්‍රස්නයක් නැහැ. සේවයට ලංකාවේ අය පුහුණු කරලා ගන්න. ඉවරනේ. (ර)

:       0       0

චන්දා Tuesday, 01 March 2016 01:25 PM

අයි.ටි. ,තෙල්, රෝහල් විතරක් මොකෝ? ලංකාවේ ආණ්ඩු පාලනයත් ඉන්දියාවට දෙමු. (නි)

:       0       0

ඇසළ Tuesday, 01 March 2016 01:35 PM

ඔය දියවන්නාවට මාසෙකට යන වියදම ඇති ගිලන් රථ 200 ක් එකපාර ජපානෙන් ගෙන්වන්න. අපේ මිනිස්සු ඇති සේවකයන් වශයෙන් පුහුණු කරගන්න. ඉන්දියන් කුණු ගොඩවල් ගොඩ ගහන්නේ නැතුව, රටට ආදරේ නම් එක මාසෙක ඇමති මණ්ඩලේ වියදම වෙන්කරන්න මේ වැඩේට. (නි)

:       0       0

රුචිර Tuesday, 01 March 2016 01:40 PM

ලංකාවේ ආයෝජකයටත් නඩත්තු වියදම්, බදු සහන රජයෙන් දරනවා නම් ලංකාවේ ඕනෑතරම් ආයෝජනය කරන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා. ප්‍රශ්නය තියෙන්නේ ආණ්ඩුවෙන් ඔක්කොම මේ සහන දෙන්නේ ඉන්දියාවෙන් ආවොත් විතරනේ. කෝ දේශීය ව්‍යාපාරිකයා නංවන රජයේ වැඩපිළිවෙලක්? (නි)

:       0       0

විපුල Tuesday, 01 March 2016 02:00 PM

දැන් එතකොට ඉන්දියාවේ සෑම කුඩා නගරයකටම ගිලන් රථ සේවයක් තිබෙනවද? (නි)

:       0       0

චන්දා Tuesday, 01 March 2016 01:58 PM

මේකේ අදහස් දාන සමහරකගේ අදහස් කියවද්දී ප්‍රවණතා වටහාගැනීමේ හා ඒවායේ හොඳ නරක තහවුරු කරන්න කියන අදහස් (සාධනීය කරන ආකාරය) දෙස බලද්දී රටක් වශයෙන් රාජ්‍යයක් වශයෙන් අපි අපිටම කරගන්නා අනතුර, විපත, අයහාපත කුමක්දැයි, වෙන්නේ කෙසේදැයි වග තේරුම්කර දෙන්න යාම කුමටදැයි සිතේ. පැත්තක්ම ගිය දාට තේරෙයි සැමට යසට කරගත්තේ කුමක්දැයි කියා. (නි)

:       0       0

සේනක Tuesday, 01 March 2016 03:16 PM

මේ ගිලන් රථ සේවය ආරම්භ කරන්න අපිට ඉන්දියාව මුක්කු ගහන්න ඕනෑමද? අපේ කාර්යශූර සෞඛ්‍ය ඇමතිතුමා ඉන්නවනේ. එතුමා බොහොම ලස්සනට මේ වැඩේ කරාවි. (නි)

:       0       0

නිම්මි Tuesday, 01 March 2016 03:18 PM

කෝ අනේ මේ සෞඛ්‍ය ඇමති? එතුමාට බැරිද මේවා විසඳන්න? (නි)

:       0       0

චාමර Tuesday, 01 March 2016 05:02 PM

මෙතන අදහස් දමන බොහොමයක් අය හිතන්නේ හැමදේම අපේ රටට කරගන්න පුළුවන් කියලා. ලෝකයේ කිසිම රටක මෙහෙම සහනාධාර දෙන්නේ නැහැ. (නි)

:       0       0

රොෂාන් Tuesday, 01 March 2016 05:58 PM

අනේ තිලක් !!! (නි)

:       0       0

ගිහාන් කාංචන Tuesday, 01 March 2016 06:48 PM

අම්මපා අපි මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ? අපිට අනුන්ගේ දේවල් එපා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 162 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 178 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 76 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1253 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1513 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 128 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site