IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගිලන් රියෙන් ගෙනා හිටපු තානාපති යළි රිමාන්ඩ්

මුදල් අවභාවිත කිරීමේ චෝදනා  මත රිමාන්ඩ් බාරයේ සිටින ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 27 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

සැකකරු අසනීප තත්ත්වයෙන් සිටින බව කියමින් පසුගිය නඩු වාරයේ අධිකරණය ඉදිරියට ගෙන ආවේ නැත. අධිකරණ නියෝග මත ඔහු අද ගිලන් රියෙන් අධිකරණ භූමියට රැගෙන එනු ලැබීය. මහේස්ත්‍රාත්වරිය ගිලන් රියට ගොස් සැකකරු පරීක්ෂා කිරීමෙන් පසු රිමාන්ඩ් දිගු කරන ලෙස නියෝග කළාය.

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර  තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී රාජ්‍ය  මුදල්  අවභාවිතා  කළැයි වික්‍රමසූරිය මහතාට එරෙහිව චෝදනා නඟා තිබේ.



අදහස් (0)

ගිලන් රියෙන් ගෙනා හිටපු තානාපති යළි රිමාන්ඩ්

ටෙනිසන් Saturday, 14 January 2017 02:01 AM

හොඳ වැඩේ. මෙයාලට හැමදාම ලෙඩ (නි)

:       0       0

දොන් Saturday, 14 January 2017 03:44 AM

දෙවියනේ! ලෙඩක් නැති කෙනෙක් ඇත්තෙම නැද්‍ද? (නි)

:       0       0

දර්ශන Friday, 13 January 2017 08:48 AM

විවිධ සැකකරුවන් සහ අපරාධ කරුවන් විසින් උසාවිය නොමග යැවීම සදහා ගිලන් රථ භාවිතා කිරීම වහාම නතර කිරීමට පියවර ගත යුතුයි. (හේ)

:       0       0

බන්දුල Saturday, 14 January 2017 05:06 AM

මේ අයට එහෙම දොස් කියන්න එපා. මේ අයත් රෝගී උදවිය තමා. තිබෙන අසනීපය තමයි හොරා කන එක එක. ඉතින් ගමන් යන්න ගිලන් රථයක් එපැයි (නි)

:       0       0

සරත් Friday, 13 January 2017 09:17 AM

වැරැදි කරුවන්ට දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

සෙල්වහේවා Friday, 13 January 2017 09:35 AM

දැන් අසනීපේ වැඩි වෙලා වගේ.(හේ)

:       0       0

නිමල්රජපක්ෂ Friday, 13 January 2017 09:47 AM

නැති බැරි එකාව බෙල්ලෙන් අල්ලන් ගිහින් හිරේට දාන රටේ ඇති එකා සුපිරි වාහන වල ,මේකද වෙනස , (අ)

:       0       0

රිචි බාලසුරිය Friday, 13 January 2017 10:07 AM

පවුල් බලයත් යහළු කමත් මිස , සුදුසු කමට ලබපු තානාපති කමක් නෙමේ මෙයාට තිබ්බේ , හිටපු කාලෙත් කලේ වෙළඳ ව්‍යාපාර තානාපති වරප්‍රසාද වලට මුවාවී , අද ලාංකික බහුතර තනාපති වරුන් සහ තානාපති සේවක මණඩල , දේශපාලන යහළු කම හෝ නෑදෑ කම මත පත්වන අය නිසා රටට සේවයක් සිදුවන්නේ නැහැ(අ)

:       0       0

එන්සිනා Friday, 13 January 2017 10:08 AM

ඕක බෝවෙන ලෙඩක් .ඒකාබද්ධයේ මංත්‍රීලට හැදෙන ලෙඩක් . ඒ අයට නෑදෑ කමක් තියෙනවනම් අනිවාර්යයෙන්ම ඕක හැදෙනවමයි ! (අ)

:       0       0

අනුර ඉලන්කොන් Friday, 13 January 2017 10:29 AM

මෙයාට කිසි ලෙඩක් තිබුනේ නෑ නේද මට නම් මතක නෑ (අ)

:       0       0

චන්ද්‍රා Friday, 13 January 2017 05:50 PM

නිකමට හරි ඇප දුන්නා නම් බලන්න තිබුනා රෝගියා ගෙදර යන අපුරුව. (නි)

:       0       0

චන්න Friday, 13 January 2017 06:01 PM

රිචි බාලසුරිය හරියට හරි. මීටවඩා ලොකු හොරකම් කරලා අද හොඳට ඉන්න අය ඉන්නවා. (නි)

:       0       0

සුලෝචන Friday, 13 January 2017 10:00 PM

සමහරු නම් ඔස්කාර් සම්මාන දිනන්න පුළුවන් හැටියටයි රඟපෑම් දාන්නේ. (නි)

:       0       0

සමන් Friday, 13 January 2017 10:06 PM

මේ විහිළුව වහාම නැවැත්විය යුතුයි. මන්ද හැම හොරාම අසනීපවෙන එක තම පුදුමය. විශේෂ දොස්තර කෙනෙක් ලවා මේ හොරුන්ව පරීක්ෂා කළයුතුයි (නි)

:       0       0

ප්‍රියාන් Friday, 13 January 2017 06:38 AM

කරන කලට පවු මිහිරිය මී සේ.... (නි)

:       0       0

රුවන් Friday, 13 January 2017 06:53 AM

දැන් මේ ආණ්ඩුවේ කවුරුත්ම රාජ්‍ය මුදල් අවභාවිතා කරලම නැද්ද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 13 January 2017 06:58 AM

හිටපු පාලකයාගේ නෑයන්ටයි ගජයන්ටයි විතරක් ප්‍රහාරය එල්ල කරන වෛරසයක් වැලිකඩ පැත්තේ තියනවා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 849 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 128 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 314 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 460 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2147 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 4184 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1381 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site