IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ග්ලයිෆොසේට් තහනම ඉවතට


                       
 
(නිමල කොඩිතුවක්කු)
    
රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර තිබේ.


පසුගිය 11 වැනි දා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති  අතර ඒ අනුව සියලූම බෝග සඳහා මෙතෙක් පැවති ග්ලයිෆොසේට් තහනම ඉවත්ව යනු ඇත.


2015 වසරේ ඔක්තෝබර් 23 වැනි දා ග්ලයිෆොසේට්  සම්පූර්ණයෙන්ම තහනම් කරමින් රජය විසින් ගැසට් පත‍්‍රයක් නිකුත් කරනු ලැබිය.


පසුව එල්ලවූ විරෝධතා සහ ඉල්ලීම් සළකා බලමින් තේ සහ රබර්  වගාව සඳහා පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය විසින් පියවර ගනු ලැබීය.



අදහස් (9)

ග්ලයිෆොසේට් තහනම ඉවතට

V.warnakulasuriya Sunday, 15 July 2018 12:13 PM

අපි එකට විනාශ වෙමු. විනාශ වෙන ලෝකයට අපිත් එක් වෙමු. බොහෝ කල් ජිවිකාවට වඩා දවසේ ජීවිකාව ගැන සිතන්නට අපේ පාලකයන්ට සිදුවී ඇත. ඒ වගේම සිදු කර ගෙනද ඇත. අපේ ඇලදොළ වස විසෙන් ප්‍රාණවත් කරන, ජිවිතයට වඩා ශ්‍රීලංකාවේ මහපොළවට ආදරය කරන අපේ පාලක උතුමන්ලාට ජයවේවා! වල් නෙලන්න මිනිස්සුද නැත. ඔක්කොම පිටරටය. වල් නෙලන වැටුපෙන් වේලක් කන්නත් බැරිය. ඒ වගේම අපේ පාලකයන්ට සැප ලබා දෙන්නට බැල මෙහෙවරකම් කරලා හරි විදේශ විනිමයද සොයා දිය යුතුව ඇත.

:       25       120

පාල ගාල්ලගේ Sunday, 15 July 2018 12:15 PM

ග්ලයිෆසෙට් තේ ඉඩමෙ ඉසින අය තේ පේලියකින් අනිත්පේලියට මාරුවෙන්නෙ නිපල් එක නොවසා තේ ගස්මතටත් වැවෙන විදියටයි.නමුත් තේ දළු මැරෙන්නෙ නැහැ කොළයෙ හැඩය වෙනස්වෙනව විතරයි..නමුත් මේදළු කම්හලට ආවම වල්නාශක සියළු තේ එක්ක එකතුවෙනවා.ඒවගේම වස ඉහල ඉවරවුනාම ජලමාර්ගවලට දමා සේදීම සිදුකරන්නෙ කම්කරුවන්.ඒ එයාලගෙ පහසුවට නමුත් වස යෙදීමෙදි පාලකයන් මේපිළිබඳ කම්කරුවන් දැණුවත් කළ යුතුයි.තේවගාවෙ වල් මර්දනයට පරිස්සමෙන් යෙදුවොත් හානිය අවමයි. මේව (වල්නාශක) තහනමට වඩා පලිබෝධ නාශක තහනම් කළයුතුයි.මොකද ඒවා කෙලින්ම කරලට ගෙඩියටම ඉහිනව නෙ...

:       5       49

Gajaba Sunday, 15 July 2018 01:05 PM

අපරාදේ, අපේ ලංකාවේ මහා පොළව කොච්චර වටිනවාද? නිකන් දාන බීජ පැලවෙන රටක් මේක. මේ ගාමිණී දිසානායකගේ පුතා මට නම් ද්‍රෝහියෙක්. ජාතිය විනාශ කරන්න උපන් මිනිහෙක්. මේ මනුස්සයගේ දරුවන්ටත් මේ විස ලැබෙනවා අනිවාර්යයි. මේවා දරුණු විස. උඩරටට ගහපුවම ගංගා දිගේ මුළු රටටම ගලා බහිනවා. එතකොට මුළු රටම ලෙඩ්ඩු වෙනවා. මේවට විරුද්ධව මුළු රටම වීදි බහින්න ඕනෑ.

:       0       0

erdi Sunday, 15 July 2018 01:26 PM

ග්ලයිෆොසේට් තහනම ඉවතට කෙලින්ම ජනපතිවරයාගේ නොහැකියාව පෙන්නුම් කරයි. ග්ලයිෆොසේට් රසායනයේ අතුරු අාබාධ ගැන සාමාන්‍ය ගොවියන් සහ වෙනත් පරිහරණය කරන්නන් දැනුවත් නැති නිසා වකුගඩු ආශ්‍රිත ලෙඩ රෝග මරණය දක්වාම සිදුවිය හැක්කක්. මේ ග්ලයිෆොසේට් රසායනිකයේ මාරාන්තිකකම නිසාම විද්වතුන්ගේ අනතුරු හැඟවීම නොතකා නැවතත් රටතුල ව්‍යාප්තවීම අහිංසකයන් බිලි ගනිමින් මිනීමරු ව්‍යාපාරිකයන්ට ජනපතිවරයාගේ සහයෝගය දීමයි.

:       0       0

achila Sunday, 15 July 2018 01:28 PM

කෝරම් බාන රටනේ...

:       0       0

kalpa Sunday, 15 July 2018 01:32 PM

කියනකොට කොහොමට වුවත් මහරජාණනි, මට වෙනුසමා කරනකොට මෙහෙමමයි, එය වළකන්න බැහැ මැරුවත් මෙමා කියලා, රජුට සුදු හකුරු හැදූ මිනිහා කිව්වලු....

:       0       0

සඳුන් Sunday, 15 July 2018 01:40 PM

දකුණතින් කරණා දෙය වම් අත නොදන්නා ආණ්ඩුවක්. කියනදේ නොකරණ නොකියන දේ කරන ආණ්ඩුවක්. පරිසරය, වන සම්පත සතා සිව්පාවා ගැන කටින් බතල කොළ සිටුවමින් එය ආරක්ෂා කර ගැනීමට අපොහොසත් ආණ්ඩුවක්. උගත්, විනයගරුක කාර්යක්ෂම පිරිසක් පාලකයන් බවට පත්කර ගැනීම අත්‍යාවශ්‍යයි. එය කවදා පැමිණෙන යථාර්තයක් දැයි නොදැනේ. එවන් බලාපොරොත්තුවක් පෙනෙන තෙක් මානයක නැත. මේ රටේ ජනතාවට, දරුවන්ට අනාගතය තවතවත් අවිනිශ්චිත කරමින් තිබේ.

:       0       0

jayatissa Sunday, 15 July 2018 02:17 PM

මම රජයේ වත්තක හිටපු ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්. තේ වගා කරන අය පාලු නැතුව වගාව නඩත්තු කරනවා නම් වල් පැලවීමේ ප්‍රවණතාවය අඩුවෙනවා. මමත් අනුමත කරන්නේ නැහැ රසායන තේ වලට. අපි බොන දෙයක්නේ. අනිත් කරුණ ග්ලයිෆොසේට් එක ඉඩමකට අවුරුද්දකට දෙපාරයි පාවිච්චි කළ යුත්තේ. මම දැකලා තියනවා යන්තම් වල් එනකොටම ගහනවා. පාලනයක් නැහැ. තව දෙයක් සඳහන් කරන්න තියනවා කාගේත් අවධානයට. පොල් ගස් වලට රතු කුරුමිණි උවදුර ඇති වෙනවා. ඒකට කෘමි නාශක යොදන්න ඉස්සෙල්ලා ගහේ ගෙඩි කපල දාන්න ඕනෑ. ඒ තරම් විසයි.. එ්ත් ඉඩම් හිමියෝ ඒවා කරන්නේ නැහැ. ඒ ගස්වල පොල් විකුණනවා. අනුන්නේ කන්නේ... පව් වැඩ.

:       0       0

H. M. J. Bandara Sunday, 15 July 2018 02:19 PM

ග්ලයිෆොසේට් නැවැත්විය යුතුයි. ඒවා වස. ඒවා ජීවිත වලට සහ පරිසරයට හොඳ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 108 0

පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා


මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 215 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 485 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 253 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 348 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 400 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 583 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site