IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්

 

(අංජුල මහික වීරරත්න)

ග්ලයිෆොසේට් වල්නාශක තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බව කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තිරසාර බව සමග ආහාර අර්බුදය ජයගැනීම සඳහා ඉදිරි මාවත හා යෝජනා යන මැයෙන් ශ්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය සමග පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙි බව කීය.

 ග්ලයිෆොසේට් නීතියෙන් තහනම් කර ඇතත් දැනටත් රටපුරා තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් කුඩු හා දියර වශයෙන් නීතිවිරෝධීව අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, දළ වශයෙන් වසරකට රුපියල් බිලියන 1.5ක ග්ලයිෆොසේට් නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන බවත් කෘෂි ව්‍යවසායකයින් ප්‍රකාශ කළේය.

මේ නිසා රජයට ලැබිය යුතු විශාල ආදායමක් වාර්ෂිකව අහිමි වන අතර තත්ත්වයෙන් බාල ග්ලයිෆොසේට් භාවිතා කිරීම නිසා සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය හානිය ගණනය කළ නොහැකි බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී ග්ලයිෆොසේට් වල් නාශකය සම්බන්ධව අදහස් පළ කළ ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කීවෙි ග්ලයිෆොසේට් යනු බහුවාර්ෂික භෝග සදහා අත්‍යවශ්‍යම සාමාන්‍ය වල් නාශකයක් බවත්, විශේෂයෙන් බඩඉරිඟු වගාව පුළුල් වශයෙන් වගා කිරීමට සූදානම් වන අවස්ථාවක ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරමින් බඩඉරිඟු වගාව සාර්ථක කර ගත නොහැකි බවද අවධාරණය කළේය. 

එමෙන්ම ග්ලයිෆොසේට් තහනම කඩිනමින් ඉවත් කිරීම  කළ යුතු යැයිද අජන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.

ග්ලයිෆොසේට් තහනම කෘෂිකර්ම  දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරන්නේ නම් ඒවා ආනයනය කිරීම සඳහා තමන් සූදානම් බව ද ව්‍යවසායකයෝ ප්‍රකාශ කළහ. 

 වී, බඩ ඉරිඟු ඇතුළු ආහාර බෝග වගාවන් හි අස්වැන්න අවම වීම කෙරෙහි බලපා තිබෙන  ප්‍රබල වල් මර්දන නාශයකයක් වන ග්ලයිෆොසේට් තහනම තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් මෙම මහ කන්නයේ දීම නැවතත් ග්ලයිෆොසේට් ආනයනයට ඉඩ සළසමින් එම තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.



අදහස් (4)

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම්

ganegoda Wednesday, 07 September 2022 11:13 AM

දැනටමත් අපෙ රටෙ ජලය පානයට නුසුදුසුවෙලා තියෙන්නෙ ග්ලයිෆොසෙට් නිසා .. වකුගඩු රෝග ඉහ වහ ගිහින් තියෙන්නෙත් ග්ලයිෆොසෙට් නිසා ... එත් ග්ලයිෆොසෙට් නිපදවන රටවල්වලින් අල්ලස් ලබාගන්න පාලකයො කියන්නෙම ග්ලයිෆොසෙට් නැතුවම බැහැ කියල . අපි රටක නිරූගී ජීවිත්යක් බලාපොරොත්තුවෙන ජනතාවක් වශ්යෙන් ගත යුතු තීරණය කුමක්ද ??

:       3       8

Amila Wednesday, 07 September 2022 01:12 PM

ග්ලයිෆොසෙට් වෙනුවෙන් කඩේ ගිය මහාචාර්ය කෘෂිරසායන ජාවාරම්කරුවන් ජයග්‍රහණය කර ඇත. බොහෝ නිලධාරින්ද, දේශපාලකයින්ද එම ජාවාරමේ ගොදුරු වේ.

:       2       5

JAYATH Wednesday, 07 September 2022 03:21 PM

ගනේගොඩලා වගේ මොනවත්ම නොදැන මේකේ කොටන කට්ටියක් ඉන්නවා. රජරට වකුගඩු රෝගයත් එක්ක ග්ලයිෆොසේට් වල සම්බන්ධයක් ලෝකේ කොහෙවත් විද්‍යාත්මකව ඔප්පු කරලා නැහැ. ඒ හින්දා දන්නේ නැත්නම් දැනගන්න.. ලෝක සෞඛ්‍යංවිධානේ තාමත් ඒක හඳුන්වන්නේ "මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය " කියලා (CKDU) මෙතන U වලින් කියන්නේ මූලය හඳුනා නොගැනීම තමයි.. ඔය මිථ්‍යාව ඊනියා මහාචාර්ය කෙනෙකුත් එක්තරා ගණිත මහාචාර්ය කෙනෙක් සහ අතන මෙතන බලන කෙනෙක් එක්කහු වෙලා වපුරපු එකක්.. මම අභියෝග කරනවා පුළුවන් නම් අර කියපු කතාව විද්‍යාත්මකව ඔප්පු කරන්න කියලා...

:       2       1

fairoos Wednesday, 07 September 2022 06:04 PM

නන්දසේන සහ වියත්මගේ නඩය එකතුවෙලා කෘෂිකර්මාන්තය විනාශ කරපු එකට නම් සොබාදහමින් පඩිසන් ලැබේවි...!

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 362 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 25 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 541 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1496 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 835 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 654 1

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site