(සිරංගකා ලොකුකරවිට)
නීතිය හා සාමය පවත්වාගෙන යාම පිණිස ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවන ලද බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතා පැවසීය. අද පස්වරු 4.00 සිට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය හෙට උදෑසන 9.00 දක්වා බලපැවැත්වේ.
ගාල්ලේ ගිංතොට, කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.
සිකුරාදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් 19 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර පස් දෙනෙකු රෝහල්ගත කරන ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 19 දෙනාම මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල දිස්ත්‍රික් මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගාල්ලට යළිත් පොලිස් ඇඳිරිනීතිය
chamal Saturday, 18 November 2017 01:23 PM
19 දෙනාම සිංහල කියලයි ආරංචිය. සහජීවනේ නිසා කියන්නත් බැහැ. පුළුවන්ද හොයලා බලන්න.
nuwan Saturday, 18 November 2017 02:26 PM
සුළුතරය වෙලා මෙහම නම් තව පොඩ්ඩක් වැඩි වුණාම කොහොම තියේද? අර විල්පත්තු කෙනා මොකටද ගාල්ලේ හෝටලයක නැවතිලා ඉන්නේ? මෙතැන වැඩියෙන් අත්අඩංගුවට අරන් ඉන්නේ සිංහලයෝ. මගේ රටට දළදා හිමි සරණයි!!!
sahanSunday, 19 November 2017 02:19 AM
අත්අඩංගුවට ගන්නකොට සිංහල, මුස්ලිම් කියලා බලලා වැඩක් නෑ...මංකොල්ලාකන, කඩ ගිනිතියන අය තමා අත්අඩංගුවට ගන්න ඕනා............
RanmuthugalaSunday, 19 November 2017 10:25 AM
වෙන්න නම් ඕනේ එහෙම තමයි. එ්ත් වෙන්නෙත් නැත්තේ එ්කමනේ....
ධනුෂ්ක Saturday, 18 November 2017 03:22 PM
පහුගිය කාලේ විවිධ ජන කොටස් අතර විවිධ හේතුන් නිසා අර්බුද හට ගත්තා. දැන් එ්ක ජතීන් අතර වෛරයක් බවට පත් වීගෙන යන්නේ. පොඩි දේටත් කාකොටා ගන්නවා. මේකට වග කියන්න ඕනේ සුළුජාතික නායකයින් යැයි කියාගන්නා අමනයින්. මේ රටේ සුළු ජාතිය හෝ මහ ජාතිය කියලා වෙනසක් නැතුව හැමෝටම එකම විදියේ නිදහසක් තිබුණා. ව්‍යවස්ථාවේ බුද්ධාමට මූලිකත්වය දෙනවා කියලා ලියවිල්ලක් තිබූ පමණින් අනිත් අාගම් වලට බාධා කරලා තියනවා ද?. අැයි මේ විශේෂ දේවල් ඉල්ලන්නේ. සමාජයේ මේ ජනතාව ඉතා හොඳින් ජීවත් වුනා. ඔවුන් මේ කියන ව්‍යවස්ථාමය ගැටළු දන්නෙවත් නෑ. ඔවුන්ට තිබෙන්නෙ කන බොන එකේ ගැටලුවක්. හැබැයි දැන් මේ කොහේවත් නැති දේවල් එ් අතරේ ගෙනැල්ලා ජාතීන් අතර වෛරය වපුරනවා. මේ රටේ ජනතාව හරියට හිටියා නම් මේවා අවුලන අයටයි මෙහෙම ගහලා පන්නන්න ඕනේ. දැන් පාලකයන්ට මාරම සතුටු අැති. කට්ටිය මේකන් ගොඩ යන විදිය ගැන පිඹුරුපත් හදනවා අැති. කොටසක් තම නොහැකියාව නිසා දුක් විඳින ජනතාවගෙන් වහන් වෙන්නයි. අනික් අය තමන්ගෙ ගොඩ වැඩි කරගන්න විදිය හොයනවා අැති. ඔවුන්ට මේක වෙලාවේ හැටියට දෙයියෝ දුන්න දෙයක්....
sahanSunday, 19 November 2017 02:17 AM
පාලකයන්ට නොවෙයි හාමුදුරුවන්ට තමා ගොඩක් සතුටු.....හැම තිස්සෙම බණකට ගියත් කියන්නේ මුස්ලිම් මිනිස්සු ළමයි හදනවා ....සිංහල අය දරුවෝ හදන්නෑ කියලා.....
aseSunday, 19 November 2017 08:09 AM
කාටවත් බනින්න එපා සිංහල කඩවල් වලින් බඩු ගන්න කිව්වම... තියන උද්දච්චකමට ගන්නෙම නෑ. ඉඩම් අන් අයට විකුණන්න කිව්වම දත නියවනවා. රට වුණාට ඒ අයට සල්ලි දීලා යන්නේ.. තවතවත් ලියන්න ලැජ්ජයි. ඉතින් මෙහෙම ජාතියකට මෙහෙම වෙන එක පුදුමයක් නොවේ. අපේ මිනිහෙක් තව එකෙකුට උගුල් අටවනවා විනා හදවතින්ම නැගිටින්න අත දෙනවද? අපි බොරුවට ආගම ඉස්සරහට ගෙන පින් කටටත් අනින්න බලන්නේ.. අනේ කාට කියන්නද ඊට පස්සේ අඳෝනාව අපිට අසාධාරණය වෙලා කියලා නිවටයන්ට මෙහෙම වෙලා මදි....
ධනුෂ්ක Saturday, 18 November 2017 04:05 PM
මේ ජාතිවාදී ගැටළු ප්‍රබල ලෙසම පැන නගින්නේ... එක්සත් ජාතික පක්ෂයේ අත්තිවාරම හෙවත් ලංකා ජාතික සංගමයේ අාරම්භ වීමෙන් පසුව අපේ ජාතික වීරයෝ. මේ රට හා බලය ඔවුනොවුන් අතර බෙදා ගැනීමේ බල අරගලය තුල තමයි මේ ජාතිවාදී මතවාද පැන නැග්ගේ. එ්කේ උරුමය අපි ඔක්කොම වින්ඳා. ලෙයින් කඳුලින් වන්දි ගෙව්වා. සහජීවනය ගැන බණ කිව්වට වැඩක් නෑ. එතකොට මේ ගැටළු තියනවා කියලා දන්නැති අයත් දැනගෙන ඔවුනුත් මේ අරගලවලට එකතු වෙනවා. මේකට තිත තියන්නනම් හොඳින් බැරිනම් නරකින් හෝ අාගම්වාදී වර්ගවාදී දේශපාන පක්ෂ නැති කළ යුතුයි. සියළු ජන කොටස් රටපුරා විසුරුවා හැරිය යුතුයි. ජන කොටස් අතර අාවහ විවාහ වලට පවතින බැමි බිඳ දැමිය යුතුයි. දේවවරම්වාදී මිථ්‍යා මතවාද ප්‍රතික්ෂේප කරන, බුද්ධිමත් තරුණ පරපුරක් අධ්‍යාපනය හා විද්‍යාව තුලින් හැදිය යුතුයි. මේක හොඳින් නම් කරන්න වෙන එකක් නෑ. මේකට ලොකු කැප කිරීමක් හා ධෛර්යක් අවශ්‍යයි. නැත්තම් මේ ගැටලු මෙලෙසමයි. අනාගතයේත් ලේ කඳුළු ගලා යාවී. අපි රටක් විදියට වලපල්ලටම යාවි.
gamage Sunday, 19 November 2017 12:25 AM
මුස්ලිම් ගමක් මැදින් පාරක් තිබුනොත් අනික් යට යන්න ඉඩ නැහැ මුළු පාරම අයිති කරගෙන. දෙපස වාහන නවත්තල වැඩිදෙනෙක් ඉන්නේ පාරේ. අනතුරක් වුනොත් මැරුම් කන්න තම වෙන්නේ. රජයක් විදියට මේවා අවම කරන්න කටුතු කල යුතුයි. සිංහල මිනිසුන්ට පුදුම අසාධාරණයක් වෙලා තියෙන්නේ.
roshan Sunday, 19 November 2017 03:18 AM
ජනතා බලයක් නැති ආණ්ඩුව බලයේ රැදීමට ජාතිවාදය අවුලුවයි. සියලු ජාතින් සමගිව මේ ආණ්ඩුව ගෙදර යවමු.
nimallalitha Sunday, 19 November 2017 04:08 AM
සිංහලය ගැන නොසිතන, අනාගත සිංහල ගේ අයිතිය ගැන නොසිතන සිංහල දේශපාලන බල එරෙතයන්ට මෙන්ම තනතුර උසස් කර ගැනීමට හැම විටම සිංහලයා මත වරද පටවන එවුන්ට සාපම වේවා.
කුමාර් (ගල්ෆ්) Sunday, 19 November 2017 06:28 AM
මේ ඔක්කොටම හේතුව ජාති ආගම් භේදයකින් තොරව රටේ නීතිය අකුරට ක්‍රියාත්මක නොවීමයි, මේකට ජනාධිපතිතුමා සම්පුර්ණයෙන් වගකියන්න ඕනා.