(නිමල් ජයරත්න)
දින හතකට ආසන්න කාලයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ගංවතුරෙන් යටව පැවතීමත් එම මාර්ගයේ ගමන් ගන්නා මගී ජනතාව, රෝගීන් ඇතුළු රාජ නිලධාරීන් ප්‍රවාහන පහසුකම්වලින් ඇති දුෂ්කරතා හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටිති.
මනම්පිටිය මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකලව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය දින කිහිපයක සිට වසා තැබූ අතර පළවෙනිදා ගංවතුර තත්ත්වයන් බැස යාමත් සමග බර වාහන ගමනාගමනයට ආරක්ෂක අංශ විසින් ගමන් කිරීමට අවසර දුන්නද දෙවැනිදා උදෑසන වන විට නැවතත් එම මාර්ගයේ ගංවතුර තත්ත්වය වැඩිවීමත් සමග මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
කදුරුවෙල, මනම්පිටිය අතර ගංවතුර තත්ත්වය බැසයාමත් සමඟ කදුරුවල මනම්පිටිය අතර මගී ජනතාව ප්‍රවාහනයට යොදවා තිබූ දුම්රියද මඩකලපුවට යැවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරින් පියවර ගත්හ.
දෙවැනිදා උදෑසන වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය නැවත වරක් ජලයෙන් සම්පූර්ණ යටවීමත් සමග කදුරුවල නගරයට දුම්රියෙන් යෑම සඳහා ප්‍රවේශපත්‍ර ලබාගැනීමට මනම්පිටිය දුම්රිය ස්ථානයේ දැඩි තදබදයක් හටගෙන තිබූ අතර ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා කිලෝමීටර් දෙකක් පමණ දුරට දිගු පෝලිම්ද දක්නට ලැබිණි.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගල්ලෑල්ලේ පාර යටවී මගීන් අපහසුතාවයට