ගාල්ල දිස්ත්‍රික්කයේ විවාහ නොවුනු පවුල් 49 ක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිල මෙහෙවර ජනපති ජංගම සේවයේදී ලියාපදිංචි කර තිබේ. ජනපති ජංගම සේවයේ ගාල්ල දිස්ත්‍රික්කයේ සමාප්ති වැඩසටහන ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පැවති අවස්ථාවේදී උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ ඇතැම් මංගල උත්සව සඳහා වියදම් කරන මුදල දුටුවිට පුදුම සිතෙන බවයි.
“වියදම් කරලා උත්සව ගත්තට සමහර විවාහ වැඩිකල් පවතින්නේ නැහැ. දැන් මේ විවාහ සංස්කෘතිය දැන් ගොඩක් දුරදිග ගිහිල්ලා“
“අපේ රටේ ඉස්සර ඉඳලා පැවතගෙන ආපු සම්ප්‍රදායයන් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතිය හා සිරිත් විරිත් අමතක කර අපට නොගැලපෙන දේවල් කරා වේගයෙන් ගමන් කිරීමේ ප්‍රවණතාවයක් රට තුළ ඇතිවී තිබෙනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14 වැනිදා) ගාල්ලේදී පැවසීය.
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයෙ පදිංචි දෙදරු පියකු බදින කදකට හසුවි අද ( 14 ) මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.
ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසි
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගාල්ලේ අවිවාහක පවුල් 49 ක් ලියාපදිංචි කෙරේ
කරුණාපාල Sunday, 15 January 2017 02:33 PM
සංස්කෘතියට පින්සිද්ධ වෙන්න දත්මිටි කමින් පවුල් කාපු යුගය පහුවෙලා ගොඩක් කල් ජනාධිපති තුමෝ. සංස්කෘතියට අනුව විවාහ වෙලා, අහල පහල එවුන්ට ඕන පලියට ළමයි හදලා, ළමයාව පලවෙනි පන්තියට දාගන්න රුපියල් ලක්ෂ විස්සක් ප්‍රින්සිපල්ට දෙන්න කියලද ඔබතුමා කියන්නේ. (බ)
ලාල් Sunday, 15 January 2017 02:42 PM
අපේ ලොකුම ප්‍රශ්නයක් විසඳුවාට ගොඩක් ස්තූතියි (බ)
පෙරේරා Sunday, 15 January 2017 02:36 AM
විවාහ වැඩිකල් නොතිබෙන එකට හේතු හොයලා ඒකටත් පිළියම් යොදනවා නම් හොඳ වැඩක්. (නි)
දිලන්ක Sunday, 15 January 2017 03:09 AM
විවාහ කරවීම වගේම විවාහය පවත්වාගෙන යෑම පිළිබඳ දැනුවත් කිරීමකුත් අවශ්‍යයි (නි)
කසුන් Sunday, 15 January 2017 05:54 AM
සුරාජ් ගේ දැනුම මොනවට පැහැදිලිවේ (බ)
මිස්සක Sunday, 15 January 2017 05:54 AM
දැන් ඉතින් ජනාධිපති තුමාට මේ වගේ වැඩ තමා කර කර ඉන්ට වෙලා තියෙන්නේ. (බ)
ප්‍රනාන්දු Sunday, 15 January 2017 07:49 AM
මේ වගේ දේවල් බෙර ගහල කතා පවා පවත්වල පීත්ත පටි කපල සමාරම්බක උළෙලවල් පවත්වල කරන වැඩ නොවේ .අංශ භාර නිලධාරියෙක් විතරක් ගිහින් කළහැකි ඉතාම සුළු වැඩක්බො රු මර්සිය දාලා ඡන්දෙ ගන්න ලොකුවට මවා පාලා (බ)
මේනු Sunday, 15 January 2017 08:34 AM
ලංකාවේ තිබිල තියෙන්නේ, දීග කෑම, බින්න බැහීම, එකගෙයි කෑමයි, ඒවාට හරියන්න රාජ්‍ය පරිපාලනය සකස් නොකර විදේශවල රාජ්‍ය පරිපලනයන්ට අවශ්‍ය විදියට මානුෂික ක්‍රියාකාරකම කරන්න ගියාට, ආර්ය සිංහල ඇඳුම ඇන්ද කියල සම්ප්‍රදායයන්, සංස්කෘතියන් රැකෙන්නේ නැහැ. (බ)
කුමාර Sunday, 15 January 2017 09:41 AM
මේවා නම් ඉතාමත්ම හොඳ අගය කළයුතු වැඩ (නි)
වික්‍රම Sunday, 15 January 2017 09:55 AM
ෂාහ් තවත් දැවෙන ප්‍රශ්නයක් විසඳුවා අපේ ජනාධිපතිතුමා! ජයෙන් ජයම වේවා! (බ)
පුෂ්පකුමාර Saturday, 14 January 2017 03:43 PM
මගේ උණුසුම් සුබ පැතුම්! (නි)
යොහාන් Saturday, 14 January 2017 05:55 PM
මේවා කෙරෙන්න ඕනෑ වැඩ. ඉතාම හොඳයි (නි)
රණතුංග Sunday, 15 January 2017 12:04 PM
නියම ධාර්මික වැඩක්. ඔන්න නියඟය හමාරයි. වැසි ලැබෙයි. (බ)
ඉමේශ් Saturday, 14 January 2017 06:43 PM
ඉතාම හොඳ කටයුත්තක් (නි)
සුරාජ් Saturday, 14 January 2017 06:40 PM
මිනිසුන්ගේ කැමැත්ත එ්ක නම් මොකටද බලෙන් බන්ඳන්නේ? (නි)
සෑම් Saturday, 14 January 2017 08:08 PM
අපේ රටේ ඉස්සර තිබුන සම්ප්‍රදාය නම් සහේට ගැනීම, බින්න බැසීම සහ එකගෙයි කෑම මිස රෙජිස්ට්‍රාර් ගෙන්නලා විවාහවීම නොවෙයි. ඉතිහාසය කියන්නේ කාටවත් වෙනස් කළ හැකි දෙයකුත් නොවෙයි (නි)