IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘ගාල්ලේ ගුරුවරියක් සිසුවියකට අමානුෂික දඬුවමක් දීලා‘

ගාල්ලේ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක සිව්වැනි වසරේ සිසුවියක් කළ බැව් කියන වරදකට එම පන්තියේ සෙසු සිසුවියන් 44 දෙනකු ලවා ටොකු ඇන්නවූ ගුරුවරියක් පිළිබඳව අද (24) ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටුවේදී පරිවාස නිලධාරීනී කේ.නානායක්කාර මහත්මිය අනාවරණය කළාය.

එම පාසලේ පුහුණුවට පැමිණි විද්‍යා පීඨ ගුරුවරියක මෙය සිදුකර ඇති බවත් මෙවැනි සිදුවීම් තුළින් දරුවන් මානසික පීඩනයට ලක්වන බවත් එම තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඇය පැවසුවාය.

 



අදහස් (0)

‘ගාල්ලේ ගුරුවරියක් සිසුවියකට අමානුෂික දඬුවමක් දීලා‘

මධුසංඛ Wednesday, 25 May 2016 03:25 AM

මේ වගේ ගැහැණු යවන්න ගෙදරම මල් වගේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්නේ නැතුව. (නි)

:       0       0

අනුර Wednesday, 25 May 2016 03:33 AM

වාරියපොළට යැවුවා නම් හරි (නි)

:       0       0

පීරිස් Wednesday, 25 May 2016 03:33 AM

අනේ මන්දා කවුරු හරිද කියලා (නි)

:       0       0

සුදේශ් Wednesday, 25 May 2016 03:36 AM

වරදක් කළොත් දඩුවමක් දෙන්න ගුරුවරයෙකුට අයිතියක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

විමලරත්න Wednesday, 25 May 2016 03:46 AM

පවු අහිංසක දරුවන්! (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 May 2016 03:46 AM

මෙය දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුකිරීමක් (නි)

:       0       0

ජයන්ත Wednesday, 25 May 2016 03:55 AM

උදේ පාන්දර ගෙදර වලියක් දාගත්තද දන්නේ නැහැ (නි)

:       0       0

ශාන්ත Wednesday, 25 May 2016 04:27 AM

ගුරුවරයෙකු පාසලේදී ළමයෙකුගේ වරදකට සුදුසු දඬුවමක් දීම වරදක් නොවෙයි. නමුත් එය ඒ දරුවාගේ පෞරුෂයට බලපාන අන්දම ගැන සැළකිලිමත් විය යුතුයි. ඉස්සර නම් ගුරු අභ්‍යාස විද්‍යාල වලින් පුහුණුව ලබපු ගුරුවරු මෙවැනි දඬුවම් දුන්නේ නැහැ. (නි)

:       0       0

සිර්ජි Wednesday, 25 May 2016 04:40 AM

ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලකත් ඔවැන්නක් පසුගිය කලක සිද්ධවුණා. නමුත් ඔහු පෙර පරිදිම පාසලේ රැකියාවේ නිරත වෙයි (නි)

:       0       0

රොමේෂ් Tuesday, 24 May 2016 01:37 PM

අපි ඉස්කෝලේ යනකාලේ ගුටිකාපු හැටියට අද මෙහෙම ඉන්න එක එහෙනම් ලොකු දෙයක් අංගොඩ යන්නේ නැතිව. කොහොම නමුත් හත වසරට පහල සියලුම දරුවන්ට මානසිකව වේදනාවෙන මෙවැනි දඬුවම් දීම් නතරකල යුතුයි. අට වසර වගේ වෙනකොට කරදඬු උසමහත් වෙලා එද්දී ගහලා හදන්න ඕන අනිවාර්යෙන්ම. මොකද එතකොට දරුවාගේ මානසික දරාගැනීමේ ශක්තිය වැඩියි. හැදීනොගා හදන කිරි හොද්දේ රසය අඩුයිනේ. කිරි හොද්ද හැඳිගාන්න ඕනත් හොඳට නටන වෙලාවට.(හේ)

:       0       0

සුරන් Wednesday, 25 May 2016 06:48 AM

රෝමේෂ්ම කියලා තියෙන විදියට එයා ඉන්න ඕනෑ මානසික රෝහලකනේ. ගණන් ගන්න එපා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 24 May 2016 02:21 PM

ගුරුවරියක්ද.......යක්ෂනියක්ද...............වෙන මොනවා කියන්නද......(හේ)

:       0       0

ගල්ලගේ Tuesday, 24 May 2016 02:34 PM

ගුරුවරුන් අතරේ මෙවන් ගුරුවරුත් ඉන්නවා.(හේ)

:       0       0

විද්‍යා Tuesday, 24 May 2016 02:38 PM

මෙයාව අරින්න ගම් වතුර ගලපු දිහා සුද්ද කරන්න. සෙල් ෆෝන් යුගයෙන් බිහි උණු කුරිරු මිනිසුන්.(හේ)

:       0       0

සේනක Tuesday, 24 May 2016 02:47 PM

මේ ගුරුවරිය සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් ආරම්භ කර දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

දිලාන් Tuesday, 24 May 2016 02:56 PM

පරීක්ෂණ එපා. සේවයෙන් පහ කරන්න. (හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 May 2016 07:38 AM

ලොකු එකෙකුට මෙහෙම කලානම් තව කමක් නැහැ කියන්න පුළුවන්.මේවා නරක ආදර්ශ දරුවෙකුගේ කුඩා මනසට.(ම)

:       0       0

රංග Tuesday, 24 May 2016 03:15 PM

හොදි හදන එකයි ළමයි හදන එකයි දෙකක්. මේ වගේ කියමන් අපේ සාහිත්‍යයෙන් අයින් කරන්න ඕනි. මොනම වයසක වත් ළමයින්ට කායික හෝ මානසික දඩුවම් දීම කිසිසේත් අනුමත කළ නොහැක. (බ)

:       0       0

ඉන්දික Tuesday, 24 May 2016 03:17 PM

මැය ගුරුවරියකට සුදුසු නැහැ කරුණාකරලා මෙයාව මානසික රෝහලකට යවන්න. මේ වගේ පිස්සියෝ නිසා ළමුන්ගේ අනාගතයම අවුල් වෙනවා. (බ)

:       0       0

වසන්ති පෙරේරා Tuesday, 24 May 2016 03:33 PM

අපෝ හත වසරෙන් උඩ ළමයිට ඉස්කෝලෙදි ගුටි දෙන්න පටන් ගන්න කියලද මේ රොමේෂ් කියන්නේ? මෙයා හොද සිහියෙන්ද? (බ)

:       0       0

තුසිත Wednesday, 25 May 2016 08:10 AM

මේ වගේ ගුරුවරියන්ව ගුරුකමෙන් සදහටම ඉවත් කරන්න ඕනෑ (නි)

:       0       0

ගුණසිංහ Tuesday, 24 May 2016 03:35 PM

වැඩ තහනම් කරලා මාස දෙක තුනක් ගෙදර තියන්න , බඩ පනුවෝ ටොකු අනියි (බ)

:       0       0

සාලිය Tuesday, 24 May 2016 03:48 PM

රොමේෂ් ඔය කියමන් පරණ කාලෙට වලංගු දේවල් අද කාලේ ළමයි එහෙම හදන්න ඕනේ නෑ (බ)

:       0       0

ටෙරන්ස් Tuesday, 24 May 2016 03:47 PM

මෙයාව ගුරු සේවයට සුදුසු නැත. අංගොඩ මානසික රෝහලට යැවිම කඵ යුතුය. (බ)

:       0       0

ජගත් Tuesday, 24 May 2016 04:01 PM

හරි ඉතින් මේක කවදා දෝ වෙච්චි දෙයක් හෙළි කිරීමක් නේ. මේවා උදාහරණ වලට ගත්තාම ඇතිද? ඉතින් මේ කෙනා තාම යහතින් ඉස්කෝලේ යනවද. (බ)

:       0       0

රසාර Wednesday, 25 May 2016 08:43 AM

සමහර පෙර පාසල් වල තත්වය මීට වඩා බරපතලයි. මාස හයෙන් ඩිප්ලෝමා ගන්නවා. ඊටපස්සේ ගුරුවරියක් කියලා කියනවා. (නි)

:       0       0

සුමිත් Wednesday, 25 May 2016 08:53 AM

අපේ තලවත්තේ ඉස්කොලේ හාමිනේ මම අැත්කඳුරේ සීවලී මහා විද්‍යාලේ ඉන්න කාලේ මට ගෙදර හදන කේක්‌ වගේ කෑම ගෙනල්ලා දෙනවා. අපට හරිම ආදරේ කළ ගුරුවරියක්. බටපොල ඉස්කෝලේ හේමානන්ද උඩුවිලාරච්චි ගුරුතුමාත් එහෙමයි. ඒ අපේ ගුරු දෙවිවරු (නි)

:       0       0

විමලරත්න Wednesday, 25 May 2016 09:10 AM

දැන් දැන් මෙහෙම සිද්ධි බහුලව අසන්න ලැබෙනවා (නි)

:       0       0

ක්‍රිස් Tuesday, 24 May 2016 06:30 PM

පිස්සු ගැහැනියක් . මෙයාට විරුද්ධව පරීක්ෂණයක් කරන්න (බ)

:       0       0

නිශාන්ත Wednesday, 25 May 2016 09:25 AM

ගාල්ලෙන් ඇහුවොත් ඔය වගේ පහත් වැඩක් තමයි අහන්න වෙන්නේ (බ)

:       0       0

භද්‍රානි Wednesday, 25 May 2016 09:41 AM

රොමේෂ් ගව පට්ටි පාලනය ගැන කදිමට විග්‍රහ කොට තිබෙනවා. සමහරවිට අර ටීචරුත් ඔබ ගිය ටියුෂන් පන්තියටම ගිය කෙනෙක් වෙන්න ඇති. (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Tuesday, 24 May 2016 07:17 PM

ළමයි ලවා මේ ගුරුතුමියට හොඳ සැර ටොකු අන්නවන්න ඕන. (ම)

:       0       0

සිසිර Wednesday, 25 May 2016 10:07 AM

මෙවැනි ගුරුවරුන් ගැන සංගමය මොකද කියන්නේ (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 24 May 2016 08:09 PM

රංග... සාලිය... මේක ඩිජිටල් යුගය නිසාද ?කොම්පියුටර් යුගය නිසාද?එහෙම නොවෙන නිසා තමා දෙමාපියන් බලු කුඩුවල ඉන්නේ...පාසල් තුලට පිහි දැලිපිහි ඇතුළු ආයුද ගෙන එන්නේ ....මානුෂික දඬුවමක් තුලින් දරුවා යහමගට ගත යුතු වගේම .අමානුෂික ගුරුවරුන්ටත් උපරිම දඬුවම් දිය යුතුවෙනවා... (බ)

:       0       0

රෆීස් Tuesday, 24 May 2016 08:37 PM

දැන් ඒ ළමයින්ට කියල ඇයට ටොකු අන්නවමු. (බ)

:       0       0

අබේරත්න Tuesday, 24 May 2016 08:43 PM

මට වයස එකොළහේදී ලංකාවේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති මගේ කම්මුල්වලට ගැහුවා .මට මගේ කලිසමේ මුත්‍රා ගියා ලැජ්ජාවට සහ වේදනාවට එදා ඉඳල මම ඒ පාසලට ගියේ නැහැ.මම පන්තියේ ඉගෙනීම් වලින් ඉහලම තැනක හිටියේ . මගේ පන්තියේ හිටපු අය අද ලංකාවේ ඉහල තැන් වල. මට ඒ වාසනාව අහිමි කරපු යක්ෂයා දැන් මැරිලා. ඒත් මගේ වේදනාව තවම ඉතිරි වෙලා....(බ)

:       0       0

මහගෙදර Tuesday, 24 May 2016 09:22 PM

පුහුණුවට ආපු ගුරුවරියක් නම් අනිවාර්යයෙන්ම පාසලේ වෙනත් ගුරුවරියෙකුගේ අධීක්ෂණය යටතේ සිටිය යුතුයි නේද? (ම)

:       0       0

ජානකී Tuesday, 24 May 2016 11:15 PM

අංගොඩ අනිවාර්යයෙන්ම යැවිය යුතු පෙර පාසැල් ගුරුවරියන්ද සිටි. (බ)

:       0       0

යසිරු Tuesday, 24 May 2016 11:20 PM

මෙයාගේ දරුවකුට ටොකු 44 ක් කවුරු හරි ඇන්නෙව්වනම් බලන්න තිබුනා. (බ)

:       0       0

නෙලුම්කා Tuesday, 24 May 2016 11:23 PM

ගුරුවරියන් ලෙස සමාජයට යැවිමට පෙර මානසික සෞඛ්‍ය පරීක්ෂාවක් අනිවාර්යය කළ යුතුයි. මොකද අද ගුරුවරියො කිව්වට මාසයෙ දෙකේ ඩිප්ලෝමා කරලා ලොකුවට‍ බෝඩ් එක්ක දාලා ගුරුවරියො වෙනවා හුඟක් අය. විශේෂයෙන් පෙර පාසැල් වල තත්ත්වය නම් හොඳම නැහැ (බ)

:       0       0

රන්මුතුගල Wednesday, 25 May 2016 01:12 AM

කරුණාකරලා දරුවන්ට පහරදීම නවත්වන්න. මේක දහඅටවන සියවස (නි)

:       0       0

රාජ්කුමාර් Wednesday, 25 May 2016 01:35 AM

රොමේෂ් මහත්තයෝ, ගුරුවරියගේ මානසික තත්ත්වය යහපත් මට්ටමක තිබුනාදැයි සොයා බැලීමයි වඩාත් හොඳ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 25 May 2016 01:42 AM

රංග, ඔබ හරි. (නි)

:       0       0

රණතුංග Wednesday, 25 May 2016 01:43 AM

කරුණාකරලා දරුවන්ට පහරදීම වහාම නවත්වන්න. මේ ක්‍රියාව ශ්‍රි ලංකාවේ පමණි සිදුවෙන්නේ (නි)

:       0       0

නිශාන්ත Wednesday, 25 May 2016 02:17 AM

මේ පැත්තෙන් ඇහුවොත් අහන්න වෙන්නේ මේ වගේ වැඩමයි (නි)

:       0       0

හර්ෂ Wednesday, 25 May 2016 02:28 AM

යම්කිසි මානසික රෝගයක් ඇති. දඬුවම් දීමට වඩා අවවාද කර දුෂ්කර පාසලකට මාරු කිරීම හොඳම දඬුවම. (නි)

:       0       0

ඇන්තනි Wednesday, 25 May 2016 02:56 AM

ගුරුවරුන් තමයි ළමයින්ව මානසික අතින් ශක්තිමත් කරන්නෙත් බෙලහීන කරන්නෙත්. මෙය මම අත්දැකීමෙන් දන්නවා (නි)

:       0       0

ගුණසේකර Wednesday, 25 May 2016 03:02 AM

සාමාන්‍යයෙන් ලංකාවේ රජයේ පාසැල් වල ප්‍රාථමික අංශයේ ගුරුවරියන් වැඩි දෙනෙක් ළමුන්ට නරක විදියට සළකනවා. නමුත් හැමෝම නොවේ. ඉතා හොඳ ගුරුවරියන් ස්වල්ප දෙනෙක් ඉන්නවා. ප්‍රථමික අංශයේ ළමුන්ට ගුරුවරියන් විසින් දෙන දඬුවම් හා පහරදීම් තහනම් කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 101 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 590 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 649 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 259 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 718 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2003 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site